රෙද්දේ විශ්වාස භංගය



බදුර්දින්ට විශ්වාස භංගයක් ගෙනල්ලාය. ආයෙමත් ලාංකිකයාව රවට්ටන්න හදන්නේය. දේශප්‍රේමී සළුව වසා ගැනීමට ඔවුන් සැරසෙන්නේය. බුකියේ සමහර පඩත්තල පේජ් ඇඩ්මින්ලා උන්ව උස්සලා තියන්නේය. එකට කියන්නේ උපන් ගෙයි මෝඩ කම කියාය.

මාධවගේ අදහස වෙනස් ය! බදුර්දින්ට විශ්වාස භංගය ගෙනාවත් නාවත් තව මාස 6කින් මැතිවරණය තියන්න ඕනෑය. එහෙව් එකේ ඕකා මේ මාස 6ට එළවලා ඇති වැඩක් නැත. කල යුත්තේ බදුර්දින්ලාට නාම යෝජනා නොදෙන තැනට හෝ ඔවුන්ව හේත්තු කර නොගන්නා තැනට ඔවුන්ව පත් කිරීමය.

විශ්වාස බංගයෙන් බදුර්දින්ට සිදු වන දෙයක් නැත. මිනිහා පාර්ලිමේන්තුවෙන් ඉවත් උවත් බිස්නස් කර කර තවදුරටත් අන්තවාදය පතුරනු ඇත. හිරේ යවන්න බැරිය. රටින් පිටුවහල් කරන්නට බැරිය. එසේ නම් උව පාර්ලිමේන්තුවේන් ඉවත් කිරීමේ අරමුණ පැහැදිලි නැත. පාර්ලිමේන්තුවෙන් ඔහුව එලවා ඔහුට අහිමි වන දෙයක් නැත. තෙරුන් ගත යුත්තේ එයය!

හැබැයි මාධව සිතන දෙයක් ඇත. සමහර විට මු පාර්ලිමේන්තුවෙන් එලෙව්ව හොත්, මේකා වල් ඌරා වනගත වන්නා සේම රටින් අතුරුදන් විය හැකිය. අතුරුදන් වී පිට රටක සිට ඔහුගේ කටයුතු මෙහෙයවන්නට ඉඩ ඇත. ඔහුව විශ්වාස කල හැක්කෙක් නොවේය. එම නිසා ඒ ගැනද සිතිය යුතුය.

ඒවා කෙසේ නමුත් විශාල ගැටළුවක් තිබේ,

රනිල්, මහින්ද මයිත්‍රී මොකෙක් උනත් ජන්දය දිනු එකා ගාවට මුන් හේත්තු වෙන ඒක වලක්වන්න අපට බැරිය! එහෙම හේත්තු උනාම ආපහු තව වසර 5ක් යන තෙක් උඩ බලාන බුකියේ පොස්ට් දම දම බනින ඒක විතරක් කල හැකිය. උන් සැමට මගුල්ය. අපට අවමගුල්ය.

එසේ හෙයින් විය යුත්තේ මේ මජර දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමය.  ජනාධිපති, අගමැති, විපක්ෂනායක, ඇතුළු පාලන පන්තියේ  සිටින ගොන්නුනට  දැනෙන්න දෙන්න ඕනෑය. අපි උන්ගෙන් නොව උන් අපගෙන් කාලා ඉන්න බව දැනෙන්න දෙන්න ඕනෙය. උන්ගේ වාචාල කතාන්දර, සුරංගනා කතාන්දර, උන්ගේ ආඩපාලි, උන්ගේ ප්‍රදර්ශන තවදුරටත් පිලි නොගන්නා නිර්භීත ලාංකිකයෙක් විය යුතුය. ලංකාවේ පුරවැසියා තෙරුන් ගත යුත්තේ එකය. කල යුත්තේ එකය. නැතුව කොහෙවත් යන  මගුලේ බොරු නාට්ටියකට හුරේ දදා උන්ව ඔසවා තබන ඒක නොවේය. පාර්ලිමේන්තුවේ වෙන නරි නාටක ගැන අමුතුවෙන් ජනතාවට කිව යුතු නැත. උන් උන්ව සනසා ගන්නේය. ලොබියේ එකට සොසේජස් බනිස ගිලමින් සතුටු සාමිචියේ යෙදෙන උන් බොරුවට පාර්ලිමේන්තුව තුල දෙකට බෙදී වාද කරගෙන අවසානයේ එකට තේ බී සතොසින් විසිර යන්නේය.

එකෙක්ටවත් රට ගැන හැඟීමක් නැත්තේය. උන්ගේ වැඩ නිසා දුක් විදින්නේ අහිංසක මිනිසුන්ය. සිරගත වන්නේද බහුතරයක් අහිංසකයෝය. (මේ කියන්නේ ත්‍රස්තවාදීන් ගැන නොවේ.) උන් පාරවල් පුරා ආරක්ෂාව තහවුරු කරගෙන ඇවිදින්නේය. ආනාගතය වන පාසල් ළමුන්ට නැති ආරක්ෂාව උන්ට අහවල් රෙද්දකටදැයි මාධව කල්පනා කරන්නේය. මාධවට මින් ඉදිරියට උන් එකෙක් දෙන්නෙක් හම්බුනොත් අතේ තියන කියක් හරි හිඟමනට දෙන්නේය. උන් එතරම් හිගන හැතිකරයක්ය.  මාධ්‍යද උන්වම පුම්බන්නේය. උන්ගේ නැති වැදගත් කම් මවා පාන්නේ මාධ්‍යය! මේ මාධ්‍යද වර්ජනය කල යුතුය. දේශපාලනය සහ මාධ්‍ය යනු ලංකාවේ එකෙක් මිස දෙන්නෙක් නොවන්නේය.

නිදහස ලබා දුන් දින සිටම ලංකාවේ පාලනය සිදුවන්නේ මෙසේය. අතීතයේ සිටම පැවති සියලුම පාලකයෝ ඇති පදමට  ලේ තවරාගෙන ඇත. උන්ට අවශ්‍ය බලය මිස මනුෂ්‍යත්වය නොවේ. එහෙව් එකේ දැන් කාලය එළඹී ඇති බැවින් ලාංකිකයා තෙරුන් ගත යුත්තේ කුමක්ද?

ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන්ව පිටු දැකිය යුතුය. ඔවුන්ට ලාංකිකයා භේද කිරීමට ඉඩ නොතැබිය යුතුය. ඉතිහාසය නිවැරදිව කියවා තෙරුන් ගත යුතුය. අනාගතය දෙස පැහැදිලිව බැලිය යුතුය. නිවැරදි දැක්මක් ඇතිව ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එකට එක්ව කටයුතු කල යුතුය. ඒක නීතියක් යටතේ සියලු ජාතින් එකම රටක ජිවත් වීමට පටන් ගත යුතුය. අනාගත පරපුර වෙනුවෙන් කටයුතු කල යුතුය. රට ආපස්සට අදිනා දේශපාලකයින් පන්නා දැමිය යුතුය. ඔවුන්ට වඳ වැටි බියසුලුව ජිවත් නොවිය යුතුය. ලාංකිකයෙක් ලෙස කශේරුකා කෙලින් තබා වැඩ කල යුතුය.

ඔය ටික ලංකාවේ එවුන් තෙරුන් ගත යුතුය. මේවා සරල දේශපාලන තියරි මිසක් මහා දේශපාලන විද්‍යාවන් නොවන්නේය.


2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මේක තමයි මගේ අදහසත් .
    https://lankasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! ගිහින් බලනවා! ස්තූතියි ලිංකුවට

      Delete
Previous Post Next Post

Contact Form