උත්තේජනය වෙමු.

 
pic from google images


පංච ඉන්ද්‍රියන් දනවනා 

සංවේදනා අනුසාරයෙන් 

අවුලවා නිමේෂයක හැඟුම්

නොනිවෙන ආශා ලුහුබඳිමින්

උත්තේජනය වෙමින්



දිවිය පුරා කැලඹෙනා

සිසිලස උණුහුම් කරනා

හැඟුම් ගංගා පිටාර යාවි.

එක නිමේශයකට

සැනසුම දෙමින්.



තෙරක් නොමැති ලෝකයේ

සසර පුරා සොයනා

ඉමිහිරි සුවයක සුව විදිමු

නව ජිවය ඇති වන තුරා



නිවනක් නැති ජිවිතයේ

නව ජිවය සොයනා

පන ගැහෙනා නිමේෂයක්  

වැගිරේ ආත්මය පුරා.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form