##ෂිකා, ##රිකා සහ ###තිකා.




කතාවට නම දාන්නෙ පස්සෙ. මුලින් කතාව. මාධව බ්ලොග් ලිවිල්ල අතෑරල කියල හැමෝම හිතුවට ඒක අතාරින්න පටන් ගත්තු දෙයක් නෙමෙයිග සිද්දවෙන දේවල් එක්ක බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම ගැටලුවක් වෙනවා මිසක අවුරුදු හතක් තිස්සේ බ්ලොගක් නඩත්තු කරන්නෙ හුගක් කැමැත්තෙන්.

කතාව මේකයි. චරිත ත්‍රිත්වයක් ගැන කියන්නට කොටමි. මාධව ආදරේ කරපු චරිත, මාධවගෙන් ඈත් වෙද්දි, මාධව හිත හදා ගත්තෙ ඇයි...? ඒ ගැන කියන්නම විතරක් නෙමෙයි. කොහොම උනත්. කතාවෙ නම අනුෂිකා, චතුරිකා සහ නිමන්තිකා.

මාධව ගැන කියනවනං, මාධවත් කොල්ලෙක්! ඌත් කැමතියි ආදරය ලබන්න, ආදරය විදින්න, ආදරයේ උණුසුම තැන් සොයා යන්න! කෙටියෙං කිව්වොත් අනික් උං වගේම පවුලක් වෙලා ළමයෙක් හදලා ජීවිතයක් ගත කරන්න!

ඒත් කටයුතු වෙන්නේ එහෙම නෙමෙයි..

මාධව අනුෂිකා එක්ක පැටලුනේ 2008දි. එච්චර ලොකු ආදර කතාවක් උං දෙන්නගෙ අතරේ තිබ්බෙ නැතත්, ඒක සුන්දර මතකයක් වෙලා ඉවරයි. නුවර වැව රවුමේදී කතා කරපු ප්‍රාර්ථනා, අත් අල්ලං ඉදපු පුංචි කාලේ, පොලිසියෙන් පනී කියලා බයෙන්, එකම උම්මා එකක්වත් නැති ආදරයක්. ලස්සන ප්‍රංචි කාලයක් ගෙවුනත් කාලය විසින්ම ඒ ආදරය නතර කරලා දැම්මෙ මාධවලත් දන්නෙම නැතුව. ඒ ගැන මහ දුකක් ඒ කාලේ දැනුනේ නැද්ද කියලා මාධවට දැන් හිතෙනවා. කොහොම උනත් ඒක ඉවරයි.

ඉතිං ඔහොම ගිහිං ටෙක් ජීවිතේදි මාධව පැටලුනේ චතුරිකා එක්ක. ඒක නං ප්‍රබල ආදරයක් උනා. සිප ගැන්මේ සිට තරමක් දුරට. කෙසේ වුවත් අවුරුදු දෙකක් ගලාගෙන ගියා ඒ ආදරේ. මාධවලගේ ගෙදරිං පවා දැනන් උන්නා. ආදරය ආරම්භයේදීම මාධවගෙන් ඇගේ සිත හුගක් රිදවෙන “කතාවක්” නිසා ඇය මාධවගෙන් ලස්සනට පලිය ගත්තේ මාධවගෙන් ඈත් වෙලා ගිහිං, ආපු පලවෙනි විවාහ යෝජනාවටම කැමති වෙලා! කොහොමද යකෝ කැමති උනේ අවුරුදු දෙකක් ලව් කොරා නං! මාධව පස්සෙ කාලෙක ඇහුවම උත්තර දුන්නා! “ඔයා මගේ හිත කැඩුවා! මං පළි ගත්තා!” සාර්ථක උත්තරයක්! ඇගේ මව පියා අකමැති උනත්, පස්සෙ කාලෙක ඒ ගැන ඔවුන් පසු තැවුනු බව දැනගන්නට ලැබුනත්, මාධව සතුටු උනේ ඈ ගිය එක ගැන මිසක් වෙන දෙයක් ගැන නොවේ ඒත් පලි ගන්න ගිහිං විදෙව්වේ ඈමයි. මාධව ඇයට හුගක් ආදරේ කලා. ඒත් ඇයට උවමනා උනේ පළිගැන්ම වෙන්නැති. ඉතිං චතුරිකාත් ගියා! ඒකත් ඉවරයි.

මෝඩකමට බේත් නෑ කියන්නා වගේ මාධව වැඩි කල් ගියේ නෑ තව එකක් එල්ල ගත්තා! ඒ තමයි නිමන්තිකා. ඉතිං, මාධව ඒතකොට ලොකු ළමයෙක්. මේ ආදරය අවුරුදු හතරක්! ලේසි නෑ! හදවත පුරාවටම ආදරය කලා. ඒ වගේ ආදරයක් ඇයට කිසිවෙකුගෙන් ලැබෙන්න නෑ! ඇගේ “සිතුම”ගෙන්වත්! “සිතුම” මොකෙක්ද? ඌ දන්නවද ආදරේ කරන්න! ඌ දන්නෙ රවට්ටන්න! ඉතිං, උපරිම ආදරය සහ ආදරයේ උණුසුම දෙන්නම විදගත්තා. අපූරුවට. සියගණනත් සෙල්ෆි රූප තමා එක්සාම්පල්ස්! පවුල් දෙකේම කැමත්ත තිබුනා. මාධවගෙත් ඇයගෙත් පවුල් වල! ඒත් පසුව ඔවුන් මාධව ප්‍රතික්ෂේප කරන්න වුනා! ඉන්ෂූරන්ස් කාරයෙක්ලු මාධව. ඔව් ඉන්ෂුරන්ස් කාරයෙක් තමා! ඇයි අවුල්ද? කොහොම උනත් අවුරුදු හතරක් හොරෙන් ඇදගෙන ගියා මාධවයි එයයි ඒ ආදරය. ලේසි උනේ නෑ! ගොට්ටො හැමතැනම. මාධවට තර්ජනත් ආවා! එක එක බූරු පුතාලගෙන්! ඒවා ගණන් ගත්තොත් මේ ලෝකේ පය ගහල ඉන්න වෙන්නෑ!

ඒත් මාධවගෙත් හොද කාලේ ගෙවිලා ඉවර උනා. එක දිගට ආපු කරදර එක්ක ඇගේ හීන සන්තර්පණය කරන එක කරන්න බැරි උනා. ඇගේ සාධාරණ හීන.මොනා උනත් අන්තිමට රස්සාව අතෑරලා දැම්මා! ඒ කෙල්ල නිසා නෙවෙයි. ඈ එපා කීවා එය කරන්න! ඒත් කලා! වඩා හොද අවස්ථාවන් හොයා යන්නට. ඒත් ක්ෂණික සියල්ල කණපිට හැරුනා. අන්තිමට ඇයටත් යන්න උවමනා උනා. සමුගැනීමේ තෑග්ග “සැම්සුන්ග් ගැලැක්සි” ෆෝන් එකක්. රෙද්ද! එයාත් ගියා. අවුරුදු හතරක් එකට ඉදලා මාධවට ඕනිම වෙලාවේ එයත් ගියා.

දැන්, ආයෙමත් ලං වෙන්න දෙන්නෑ කාටවත්! පිස්සුද, ආයෙමත් දුක් විදින්න.  ආදරය නිසා මාධව වින්ද දුක් කරදර එමටයි. එහෙව් එකේ යකෝ තව ලවක්! ලොවෙත් එපා! ඉතිං මාධව දැන් ප්‍රාර්ථනා කරන්නෙ එක එක්කෙනා විවාපත් වීම ගැන. අනුෂිකා, චතුරිකා, නිමන්තිකා, එයාල වෙන අය සමග විවාහ වීම.......... ඕං මාධවගෙ ප්‍රාර්ථනාව. හිත හදාගත්තැකි උං දැන් බැදලනේ කියලාවත්.

දැන් මාධව තේරුං අරන් ඉන්න දෙයක් තියනවා! “වටිනාකම” නැත්තං කව්රුත් රැදෙන්නෙ නෑ! යාලුවෙක් උනත් එහෙමයි. “වටිනාකම” මත තීරණය වෙන ජීවිතයක් තමයි මාධවගෙත් ජීවිතය. මේ කියන හැම චරිතයක්ම මාධවගේ  වටිනාකම ගැන එක එක විදියට තක්සේරු කලා. මාධවගේ මූණටම කියලත් දැම්මා. ඉතිං, වටිනාකමක් නැත්තං ආදරෙත් නෑ! ඕං සරල තියරිය. යාලුවෙද්දි නොතිබුන වටිනාකමක් අවශ්‍ය උනා ඔවුන්ට ආදරය කරමින් රැදෙන්න. කමක් නෑ! නොවටිනා තැන නොරැදීම යහපත්. හැමෝම තම තමංගෙ අනාගතේ ගැන හිතද්දි, හිගන්නෙක් තරම්වත් වටිනාකමක් නැති මාධව ගැන අනාගතයක් නෑ! බයික් කට්ටක් විතරක් තියන, කොළඹින් ගෙවල් ගන්න සල්ලි නැති, කාර් එකක් ගන්න සල්ලි නැති, එයාලගෙ යාලුවොන්ගෙ හබීලට තියන අරවා මේවා නැති මාධව ගාව කොයි අනාගතේ?  ඉතිං හැම “කා” කෙනෙක්ම යන්න ගියාවේ ඔවුන්ගේ අනාගතේ හොයාන.

ඔවුන්ගේ ආකල්ප වලට අනුව වටිනාකමක් නොමැති ආදරයක් ළග නොරැදී!



ඉතිං මාධව තේරුන් ගත්තා, ඔහුගේ, මාධවගේ වටිනාකම අවශ්‍ය තැන. මිල මුදල් යාන වාහන නොව “ඔහුගේ” වටිනාකම අවැසි තැන.

දැන් මාධව හිතන්නේ ආන්න ඒ ගැන විතරයි. මාධව හිත හදා ගත්තෙ එහෙමයි....

තමාගේ වටිනාකම දැනෙන අය ළග ඉන්න! එවිට ඔබට දුකක් නොදැනේවි......

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඇයට එපානම් එක වාරයක් මෙමා, මටත් ඇයව දහස් වාරයක් එපා කියන සිංදුවක් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දැන් වටිනාකමක් අවශ්‍යයයි!

      Delete
  2. හොදම කෙනා හම්බවෙයි මචං

    ReplyDelete
Previous Post Next Post

Contact Form