සිහිනයක්ම වෙන සිහිනයකින් වත්!







සිත පුරා සතුට ඇති කරමින්
සිහිනයේ සිහිනයක් මවමින්

හිත කීරී ගැහෙන ලස්සන අරන්
ඉස්සර හැම රැයකම මගේ තුරුලේ
සිහිනයක්ම වූ සිහිනයකදී
මගෙ ළග දැවටුනු පුංචි ගංගාවී........

ඒ සතුට ආයෙමත් අරන්
සිහිනයේ සිහිනයක් මවමින්
පෙර සේම හිත කීරී ගැහෙන ලස්සන අරන්
පෙර හැම රැයකම ආවා වගේ මගේ තුරුලට
සිහිනයක්ම වෙන සිහිනයකින් වත්!
නොඑන්නේ මන්ද?...........!

 - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

මෙය මාධව විසින් රචනා කර ඇත්තේ වර්ෂ 2012ක් වූ මාර්තු මස දෙවැනි දිනය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form