පුරුෂයාගේ විවාහය සහ එහි ප්‍රතිලාභ.................!!




පළමුව මෙය ඒක පාර්ශවික කතාන්දරයක් බව කරුණාවෙන් සලකන්න!


පුරුෂයා නියම පුරුෂයෙක් නම් තෙමේ විවාහ වීමට කැමැත්තේය. එසේ නොමැති පුරුෂයා ගැන කතා කීමෙන් වැඩක් නැත. නමුත් විවාහ නොවන සෑම දෙනම අර වැඩක් නැති ගොඩට නොදැමිය යුතුය! ඇතැමුන් විවාහ නොවන්නේ විවිධ හේතු නිසාය. සමහරු ප්‍රේමයෙන් පරාජිතව එම නිසා ගැහැනුන් එපා වී ගොසින් විවාහය ගැන නොසිතා තනිකඩ ජීවත ගෙවීමට පෙළඹේ! සමහරු "ගේ කුරුල්ලෝ" නිසා කාන්තාවක් හා විවාහ වීමට අකමැත්තේය. තවත් සමහරු තනිකඩ ජීවිතයේ නිදහස ගැන සිතාද විවාහ නොවේ! ඇතැම්හුන්ට කාත්නාවන්ගේ බැල්ම නොවැටී යාම නිසා ඔවුන් තනිකඩ වේ! සමහරු දුප්පත්කම නිසාද විවාහයක් ගැන නොසිතයි! දෙමාපියන් ගැන සිතා විවාහයක් ගැන නොසිතන තරුණයන්ද අද කාලයේ සිටීම ඇත්තෙන්ම ආඩම්බරයක්ය! උං එල කොල්ලන් කියා මාධව කියන්නේය!
සමහරු තමන්ට ඇති ලෙඩ රෝගයක් නිසා එසේ විවාහ නොවේ! නිදසුන් ලෙස පිළිකාවක් තිබෙන ගුරු මහතෙක් ගැන මාධව දැන සිටියේ කලකට ඉහතය! හෙතෙම විවාහයක් ගැන නොසිතුවේ තමාගේ ගෙවී යන කෙටි ජීවිත කාලයේදී කාන්තාවක් සරණ පාවාගෙන ඇය තනි කර දැමීමට නොහැකි නිසා යැයි මාධව විශ්වාස කරන්නේය! ඒ ආකාරයේ කරුණු නිසාද විවාහ නොවන අය සිටින්නේය! එමෙන්ම අතීතයේ ඇතැම් රටවල් වල විවිධ රෝගී ලක්ෂණ ඇති පුද්ගලයින්ට විවාහය තහනම් කර තිබුනු බවටද මාධව අසා ඇත! ලාදුරු රෝගය එකල එලෙස පුරුෂයාට විවාහය අහිමි කල රෝගයකි!


පුරුෂයා ස්ත්‍රියක සමඟ විවාහ වීමට කැමැත්තේ අන් කිසි හේතුවක් නිසා නොව ලිංගික ආශ්වාදය ලැබීමට ඇති ආශාව නිසා බව මනෝ විද්‍යාත්මක පොත්වල සඳහන් වී ඇත. මාධවද එය පිළිගන්නේය. ඕනෑ
 පුරුෂයෙක් ඕනෑ එකක් කිව්වත් ඇත්ත ඒකය. පරම්පරාව ගෙනියන්න පුතෙක් ඕනි, දේපල විනාශ නොවී ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඕනි, තනිකම මකාගන්න, එයාට තියනා ආදරේට, ආදී ලෙස මොන අණ්ඩර දෙමලය කියෙව්වත් ඇත්ත කතාව නං ලිංගික ආශ්වාදය ලැබීම ඇති කැමැත්තයි. එය ස්වාභාවික ආශාවකි! ඒ ආසාව නැත්තං අද ලෝකයක් පිරෙන්න මිනිස්සු නෑනේ හැබෑට! ඕං ආශාවක මහත!
විවාහය මත්තේ නැසී කෙසේ හෝ විවාහයක් කර ගන්නා පුද්ගලයාට දික්කසාදය උරුම වීම මහත් අභාග්‍යක් යැයි සිතුනද එය ඇතැම් විට දෙදෙනාගේම ජීවිත සුවපත් කරන එකම විසදුම විය හැකිය! ලිංගික බෙලහීනතාවය (බදින්න කලිං, හැබැයි පරිස්සමින්, අර වැඩේ  පොඩ්ඩක් කරා නං  ඕක හොයාගන්න තිබ්බා, එහෙමනං වෙන එකෙක්ව බදින්නත් තිබ්බා! නඩු සල්ලිත් ඉතුරුයි! ), ද්වේශ සහගත අතහැර යාම සහ “අනික් හේතුව“ දික්කසාදයක් ගැනීමට අවශ්‍ය කාරණා වන්නේය! “අනික් හේතුව“ කියා කිව්වේ මාධවට ඒ “අනික් හේතුව“ යනු කුමක්ද කියා මතක නැති හෙයින්ය!
ඒවා කෙසේ වූවත් මේ කියන්නා වූ ආශාවේ තරම හේතු කොටගෙන අපේ පුරුෂයා විවාහ වීම නිසා තෙමේට මාර ප්‍රතිලාභ ලැබෙන්නේය! උතුම්ය! ( දෑවැද්ද නෙමෙයි බොලව්! උඹලට දෑවැද්දමයි නේ යකෝ! ) මේ කියන්න යන්නේ ඒ ගැනය! ඒ ප්‍රතිලාභ ගැන පහතින් සටහන් කර දමන්නේය!

අංක එක - වොෂින් මැෂින් එකක් ලැබීම!

මෙය ප්‍රධාන ප්‍රතිලාභයකි! මේ වොෂින් මැසිම භාවිතා කිරීමට නං පුරුෂයා සැබෑ
 පුරුෂයෙක් විය යුතුය! නැත්නම් වොෂින් මැසිම ක්‍රියා විරහිත වීම හෝ පුරුෂයා සදා කාලික වොෂින් මැසිමක් බවට පත් වීමේ අවදානමක් පවතී! මෙහිදී සබන් කෑල්ලක් සහ සතිය පුරාවටම ඇන්දා වූ ඇඳුම් ටික ගෙන ගොස් වතුර බේසමට දමා බිරිඳට අණ දීමෙන් පමණක් ක්‍රියාත්මක වොෂීන් මැෂින් ඇති අතර ඇතැම් ඒවා ක්‍රියාත්මක වීමට තදින් පහර දීමක් අවැසි ‍වන්නේය! එය බොහෝ විට මැසිම කල් යන විට ඇති වන දෝශයක් නිසා මුල සිටම මැසිම ආදරෙන් බලා ගන්න! නිසි පරිදි පාලනය කර ගන්න! හැබැයි කිසි අණක් නැතුව වැඩ කරන වොෂින් මැසිම්ද ඇත! ඒ ආදරණීය වොෂින් මැසිම්ය!

අංක දෙක - ආහාර පිසින කෙනෙක් ලැබීම!
එය නම් ඉබේ ලැබෙන ප්‍රතිලාභයක්ය! එහෙත් අම්මාගේ කෑම තරං රසට නැති වන අවස්ථා එමටය! කුක් මැතිනිය ආදරෙන් බලා ගැනීමෙන් කෑම වල රස වැඩි විය හැකිය! මැතිණිය සමග වලි නං කෑම වල ලුණු ඇජස්ට් වීම නිසා එහෙ මෙහ වී එක්කෝ ලුණු වැඩි වේ! නැත්තං ලුණු නැත! කෙසේ හෝ මේ කුක් තැනැත්තිය හැසිරවීම නං වොෂිං මැසිම තරං අමාරු නැත! මොකද උයන්න බැරි නං ඇයට බිරිඳක් වන්න බැරි නිසාය!

අංක තුන - පත්තර කන්තෝරුවක් නොමිලේ ලැබීම!
බොහෝ විට මෙය රාත්‍රී වේලාවේදී (අර වැඩේ කරන්න කලිං) මුදුණය වන පත්තරයකි! අහල පහල ගෑනු හැත්ත බුරුත පිටිං දවල් කාලය පුරාවට අලුත ගෙනා මනමාලි සමග කියවන ඕපා දූප කන්දරාවෙන් පත්තර පිටු දහස් ගණනක් පිරවිය හැකිය! මේ සියල්ල ඔබට ඇසෙන්නේ රාත්‍රී සිරි යහනේ අදුර තුලින් මුනු මුනුවක් ලෙසින් වන අතර ලෝකයා අදුරේ අත පත ගාමින් කියවන්නා වූ එකම පුවත් පත මේක විය හැකිය! (අන්තිමට වැඩේ කරන්න බලද්දි පත්තර ඔෆිස් එක නිදි! ගර් ගර්!). මෙහිදී අල්ලපු ගෙවල් වල උං කසාද බැන්දා වූ කොලුවා ගැන තෙමේද නොදන්නා දේවල් බිරිඳ දැනගෙන තිබෙන්නා වූ ආකාරයද අපූරුය! කොල්ලා යම් කොටුවක් පැනිල්ලක් වැනි යමකට හවුල් නං අපොයි මාලුය! ඒවා මාලු ඇඹුල් තියල් දමා අල්ලපු ගෙවල් වල පත්තර ටික අලුත් පත්තරේට ඒවා යාවත්කාලීන කරනු ඇත!

අංක හතර - රේඩියෝ එකක් ලැබීම!
මේක නියම එෆ් එම් එකක්ය! උදේ සිට එකම දේ ගිරවී වගේ කියවා ඔලුව පුරවන්නේය! වැඩට යාමට සැරසෙද්දී සුදූ මේවා ගේන්න කියා හද්ද ලිස්ට් එකක් කියවන්නේය! වැඩට ගිය පසු දුරකථනයෙන් යලි යලි ඒ ටිකම ප්‍රතිරාවය කරන්නේය! ඒ අතරින් පතර දුරකථනයෙනුත් අංක තුන ප්‍රතිලාභයද ලැබෙන වෙලාවල් තිබෙන්නේය! සමහර විට අරක කරන්න අරක කරන්න ( රෑට කරන අරක නෙමෙයි!) කිය කියා එකම දේ කරවා ගන්නේය! පොඩි වැරැද්දක් දුටු තැන රතු මිනිත්තුව මෙන් ඒකම ආයේ ආයේ ආයේ ආයේ කියවන්නේය! ඇතැම් විට එහි විවාද වැඩසටහන් පවා විකාශය වන අතර ඒවා කෙලවර වෙන්නේ රෙස්ලින් විකාශයෙන් අනතුරුවය!

අංක පහ - මල් වත්තක් ලැබීම!
ඒක නං හරි අඩුවක් නැතිව කෙරෙන්නේය! ඇතැම් විට හතර මායිමේ නොතිබුනු කහඹිලියා පවා පෝච්චියේ දිලිසි දිලිසි තියෙන්නේය. අතට අහුවන හැම තැනින්ම මල් පැල උස්සාගෙන විත් සිටවන්නේය! අවසානයේ කොල්ලා කාලේ බෝල ගැහුව ඛෙත්තාරාමේ වගේ මිදුලේ ජිල් බෝල ගහන්නවත් ඉඩක් නැත! වැරදිලාවත් කුක්කු මල් විල පැත්තේ ගිහිං ආවොත් ටික කාලෙකට පසුව ඒ මලුත් විවාහක පුරුෂයාගේ මිදුලේ වැවී තිබීමට ඉඩ ඇත!

අංක හය - කොස්සක් ලැබීම!
උදේ ඉඳන් රෑ වෙනකන් වැඩේ අතුගාන එකය! හදිසියේ හරි කොලයක් බිම වැටුනොත්, හදිසියේ හරි බත් ඇටයක් බිමට වැටුනොත් කොස්සට පණ ඇවිත් අංක හතර ප්‍රතිළාභය ලැබෙන්නේය! එවිට කොස්සෙන් තිබෙන ප්‍රතිළාභය නැති වන්නේය! එයට ප්‍රතිකර්මයක් ලෙස වොෂින් මැසිම ක්‍රියාත්මක කරන ටිකක් සැර තට්ටුව දමා කොස්සට ආවේශ වූ දිෂ්ටිය පලවා හැර කොස්සෙන් යථා පරිදි වැඩ ගත හැකිය. ඒ ඇරෙන්නට කොස්සෙන් වෙන ආබාධ නැත!


අංක හත -  කණ්නාඩියක් ලැබීම!

මේ කණ්නාඩියට ඇදුමේ කොන්ඩේ සපත්තුවේ වැරදි හරියට පේන්නේය! වෙලාවකට මල ඇනයක්ය! ඒත් හොර වොශින් මැෂින් බලන්න යද්දි නං මේ කණ්නාඩියගේ උදව්ව මාර වැදගත්ය! හැබැයි හොර වොෂින් මැසිම බලා පැමිණි විටකදී
 ප්‍රෙව්සම් නොවුනහොත් බඩු බනිස්ය! ඒවා අතේ මාට්ටුය! වැරදිලාවත් දිග කෙස් වැලක දිග නැනෝ මීටරයට කිව හැකි අන්දමේ කන්නාඩියක්ද වන්නේය! කමිස කොලර් එකේ නැති කුණු මේ කණ්නාඩියෙන් පේන්නේය! රෑ පුරා දහ දුක් විඳ අයන් කරල ලද ෂර්ට් එකේ පොඩිවුන රැලි දැකිය හැක්කේ මේ කණ්නාඩියෙන් පමණක්ය! එය වෙලාවකට නම් මහා හිසරදයක්ය!

අංක හත -  රාත්‍රී යාමයේදී නින්දට පෙර විදුලි බලයක් වගේ එකක් දැනී දැනී යාම!!


හරි ෂෝයි නේ! මරු නේ ඕයි!
ඒ ගැන විස්තර අනවශ්‍යයි!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form