මාධවගේ කතාන්දර..................




ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ! පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක.
කතාවක් තිව්වට ඇත්තටම මේක අඳෝනාවක්. හැමදාම වගේ කොල්ලෙක්ගෙ හැම කතාවක් පිටුපසම තියන චීත්ත රෙදි කෑල්ලකුත් මාධවගේ කතාවටත් සම්බන්ධයි! කොහොම වෙතත් මේකයි කතාන්දර ටික......

පළවෙනි කතාව ගත්තොත්, මේක ණය ගැන කතාවක්! ගොවිපලක ඉන්න එළදෙන්නු රංචුවකින් ගන්න කිරි ලීටර 1000කට එකම එක ගොම බිංදුවක් වැටුනොත් කිරි ලීටර දාහම විනාශයි. කිසි සමාවක් නෑ! ඒ වගේම තමයි අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ ආපු පවුලක් විනාශ මුඛයට ඇද වැටෙන්න ඒ පවුලේ එකම එක සාමාජිකයෙක්ගේ එකම එක ගොන් වැඩක් හොදටම ප්‍රමාණවත්.

මාධවලගෙ නෑදෑ පවුල් කීපයක්ම අද අන්ත අසරණ වෙලා ණය කාරයෝ වෙලා ඉන්නේ (මාධවලත් ඇතුලුව) එකෙක්ගේ මැටි කමක් හින්දා! නැතිවෙන්න යන දේවල් බේරගන්න නං හැමෝම එකට එකතු වෙන්න ඕනි කියලා කවුරු කවුරුත් පාරම් බෑවට ඒවා නැති නාස්ති කලේ තනියම කියලා කියන්න කවුරුත් නෑ! ඒවා විනාශ කරන්න මුල් උනේ එක පුද්ගලයෙක් -  අහවල් එකෙක් කියලා කියන්න කවුරුත් නෑ.  අන්තිමට එකෙක්ගේ පව්කාරකම් මුලු පරම්පරාවක් පිටින් යන එක දැන් මාධවට ඇති වෙලා.

හැමදාමත් වගේ ආදරෙන් ඉන්න ගියහම ගොඩක් ප්‍රශ්න හැමෝටම ලැබෙනවා! මදි නොකියන්න! කාර්යබහුල බව එක්ක මේ ජීවිතේ ගෙවාගෙන යද්දි අපිට හැමදාම ඉන්න සහකාරියගෙන් අපි බලාපොරොත්තු වෙන ආදරේ අපි කොයි තරම් බලාපොරොත්තු වෙනවද? ඒ වෙනුවට අපිට ආදරවන්තියක් ඉන්නකොටත් අපිට ඉන්න වෙන්නේ තනියම නම්? අපිට ඉන්න වෙන්නේ දුකෙන් නම්, ඒ ඇයි කියලා අපි අපිම හිතලා බලන්න ඕනි කියලයි මාධව විශ්වාස කරන්නේ. මාධවගේ ආදරේ ආත්මාර්ථකාමී එකක් කියලා කිව්වට ඇත්තටම ඒක එයාට එහෙම දැනුනට ඒක එහෙම නෑ කියලා එයා කවදා තේරුම් ගනීවිද කියලා මාධව දන්නෙ නෑ! මාධව ඇත්තටම එයාගෙ සහකාරී කරගන්න හිතන් ඉන්න ඇත්තට හුඟක් ආදරෙයි! ඒක ආත්මාර්ථකාමී වගෙ දැනුනට එහෙම නෑ!

හිතේ තනිකම පාලුව මකාගන්න කරන්න දෙයක් නෑ! නිදාගන්න එක විසඳුමකුත් නෙමෙයි! මාධව දන්නවා එන දේකට මූන දෙන්න එයාගෙ හිත හයිය ඇති කියලා! ජීවිතේ හැමදෙයක්ම වෙන්නේ මිනිස්සුන්ට නිසා මාධව එන විදියකට මුහුන දෙන්න ලෑස්තියි. ඒක ස්ථිරයි!

සරල වෙන්න හිතුවට යන රටාව එක්ක ඒක කරන්න බෑ කියලා කෙනෙක් තර්ක කලාට, ඇත්තටම මාධවට ගොඩක් සරල ජීවිතයක් ගෙවන්න පුලුවන්! ටැබ් උපාංග, ටච් දුරකථන, අයි පොඩ් නැති මාධවට ඒවගේ ඇතුලත තියන සයිබර් ලෝකයට වඩා පොලවේ පය ගහලා ඉන්න මේ රලු වැලි පොලව තියන ලස්සන කොල පාට ලෝකය හරි ලස්සනයි! අයි පොඩ් උපාංගයෙන් නික්මෙන  ගොරහැඩි සංගීත තනු වලට වඩා උදැහැනැක්කේ කිචි බිචි හඩ නගන කුරුලු නාදය කන්කළුයි.  සිය ගනන් ඇඳුම් නැති මාධවට සරල ඇඳුමකින් තෘප්තිමත් වෙන්න පුලුවන් ඒ නිසාමයි! හිතන්න. රැල්ලට නොයා සරල වෙන්න! අවශ්‍යතා හඳුනා ගන්න! ඒවාට පමණක් ඔබ විය පැහැදම් කරන්න! ඔබේ වටිනාකම රැදෙන්නේ ඔබ හම්බුකරගත්තා වූ මහා වූ ධන සම්භාරය නිසා නොවේ! ඔබ විසින් ඉතුරු කරන ලද්දා වූ තුට්ටු දෙක නිසා බව මාධවගේ අදහසයි! කෙසේ වුවත් ජීවිතය සිම්පල් පොරක් වෙන්න! එතකොට ජීවිතය ලේසි වේවි! මාධව හිතන්නෙ එහෙමයි! ඒක හරිද වැරදිද කියන්න මාධව දන්නෙ නැති උනත් මාධව ඒ තියරියට දැන් යොමු වෙලා! කොහොම නමුත් මාධව හැමදාම සරල කෙනෙක් වේවි! සිම්පල් මාධව!

කියන්න තියන දේවල් ගොඩයි! මාධවට දැන් ගොඩක් දේවල් වල සත්‍යය දැනෙනවා! පේනවා! ඇහෙනවා! උදේ හවස බුදුන් වඳින ටයිකූන්(Tycoon) නෝනලා මහත්තුරුගේ බණ මැද්දෙන් මාධව එයාගෙ ගමන යන්න උත්සහ කරනවා! ඒක කඩාගෙන බිඳගෙන යන ගමනක් නෙමෙයි! සරල පහසු සාමාන්‍ය ගමනක්! වේගයෙන් යන්න ගිහින් කවදා හෝ ඇනගෙන දුක් විඳිනවට වඩා මාධවට ඕනි සෙමින්, එහෙත් ස්ථාවර ගමනක් යන්න! ඒකෙන් ජීවිතය ස්ථාවර කරගන්නවා මිසක ලොකු හීන පස්සේ ගිහින් ජීවිතය විනාශ කරගන්න මාධවට ඕනි නෑ! රටකට ණය වෙලා ඉන්න මාධවට ඕනි නෑ! රට්ටුන්ට පේන්න යාන වාහන ගන්න, ලොකු ගෙවල් හදන්න, උදේ හවස පාටි වලට ගිහින් මත් වෙලා ගෙදර එන්න මාධවට ඕනි නෑ! මාධවට ඕනි එකම එක දෙයයි! සරල මිනිසෙක් ලෙස මනුශ්‍යත්වය රැකගෙන ආදරණීය ජීවිතයක් ගෙවන්න විතරයි!

එහෙනම් ආයෙමත් මාධවගේ අදෝනාවකින් හමුවෙමු!

කතාව අවසානයේ මාධවගේ සිතුවිල්ල...... “ ඔබ සැමට සුභ අනාගතයක්! “


10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාධව සහෝ මොකද උනේ, ගණන් ගන්න එපා පාර කපල දුන්නට ඒ පාරේම යන්න ඕන නෑනේ, ඔයාගේ පාර ඔයාම කපන් යමු ඉතින්, මොක උනත් හිතින් වැටුනොත් නම් වැටුනම තමා, එත් ඉතින් කලින් කිව්වා වගේ ගණන් ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ, කොහොම හරි ආයි බ්ලොගේ පැත්තේ අපු එක නම් හොඳයි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හම්! කාලෙකින් ආවේ සහෝදරයා! නොවැටී ඉන්න තමයි උත්සහය! ඒත් ළං කරගන්න උංම අපිට පහලට අදින්න හදද්දි ඒක ටිකක් අමාරුයි! කොහොම උනත් නොවැටී සිටීමට උත්සහ කරමි!

      Delete
  2. අදෝනාවක් උණත් හිත හෑල්ලු උනා නං හොදයි. ඕවට මූන නොදී කෝමද බං ජීවත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං! අඳෝනා අහන්න උඹලා ඉන්න එකත් ලොකු දෙයක්!

      Delete
  3. ජීවිතය විදවන්න එපා බං විඳපන් හොඳට. ඒත් සැලසුමක් ඇතිව.

    ReplyDelete
    Replies
    1. හම්! උත්සහ කරමි! පුලුවන් නං කරමි!

      Delete
  4. සාල මනුෂ්‍යයෙක් වෙන එක තරන් තවත් දෙයක් නැහැ :D

    ReplyDelete
    Replies
    1. අනිවා! සරල වෙන්න වෙන්න ජීවිතය පියාපතක් වගේ සැහැල්ලුයි!

      Delete
  5. ඔය ණය කතා නම් ලොකේ එමටයි. වැඩිහරියක් අමු මෝඩකම් නිසා වෙන දේවල් තමයි.
    ප්‍රශ්ණවලින් ගොඩ ඒමට හැකියාව ලැබේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. තාම ගොඩ ඒමක් නෑ! ප්‍රශ්න පිට ප්‍රශ්න! ඒ අස්සේ අර කිව්ව ටයිකූන් නෝනෙක් කතා කරලා මාධවට මරණ තර්ජන කලා! මාධව ඒවා රෙකෝඩ් කලා! වෙලාවක ඒ තර්ජන ගර්ජනත් රෙකෝඩ් ටික දාන්න ඕනි!

      ස්තූතියි කතන්දර අයියා!

      Delete
Previous Post Next Post

Contact Form