Posts

Showing posts from May, 2014

මාධවගේ කතාන්දර..................

Image
ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ! පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක. කතාවක් තිව්වට ඇත්තටම මේක අඳෝනාවක්. හැමදාම වගේ කොල්ලෙක්ගෙ හැම කතාවක් පිටුපසම තියන චීත්ත රෙදි කෑල්ලකුත් මාධවගේ කතාවටත් සම්බන්ධයි! කොහොම වෙතත් මේකයි කතාන්දර ටික......

පළවෙනි කතාව ගත්තොත්, මේක ණය ගැන කතාවක්! ගොවිපලක ඉන්න එළදෙන්නු රංචුවකින් ගන්න කිරි ලීටර 1000කට එකම එක ගොම බිංදුවක් වැටුනොත් කිරි ලීටර දාහම විනාශයි. කිසි සමාවක් නෑ! ඒ වගේම තමයි අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ ආපු පවුලක් විනාශ මුඛයට ඇද වැටෙන්න ඒ පවුලේ එකම එක සාමාජිකයෙක්ගේ එකම එක ගොන් වැඩක් හොදටම ප්‍රමාණවත්.

මාධවලගෙ නෑදෑ පවුල් කීපයක්ම අද අන්ත අසරණ වෙලා ණය කාරයෝ වෙලා ඉන්නේ (මාධවලත් ඇතුලුව) එකෙක්ගේ මැටි කමක් හින්දා! නැතිවෙන්න යන දේවල් බේරගන්න නං හැමෝම එකට එකතු වෙන්න ඕනි කියලා කවුරු කවුරුත් පාරම් බෑවට ඒවා නැති නාස්ති කලේ තනියම කියලා කියන්න කවුරුත් නෑ! ඒවා විනාශ කරන්න මුල් උනේ එක පුද්ගලයෙක් -  අහවල් එකෙක් කියලා කියන්න කවුරුත් නෑ. …