Virus Guard - පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීම සඳහා


පරිඝණක වෛරස් වැඩසටහන් අද මහා හිසරදයක් වී අවසන්ය! විශේෂයෙන් windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් මේ සඳහා වැඩිමනින්ම ගොදුරු වන අතර විවෘත කේත සහිත ලිනක්ස් වැනි මෙහෙහුම් පද්ධති භාවිතා කරන්නවුන්ටද වෛරස් කරදර නැත්තේ නොවේ!



බහුතරයක් දෙනා අද ලෝකයේ භාවිතා කරනුයේ windows මෙහෙයුම් පද්ධති වන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නේ අල්ප පිරිසකි! එසේ හෙයින් අද පරිඝණක වෛරස් මෙසේ බෝවීමට හේතුවක් ලෙසද windows මෙහෙයුම් පද්ධති භාවිතයේ අධික බවද දැක්විය හැකිය! කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ පරිඝණක වෛරස් ගැන, ඒවායින් ආරක්ෂා වීමට කල යුතු දේවල් සහ පරිඝණක වෛරස් වලින් ආරක්ශා කරගන්නා මෘදුකාංග කීපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමය.

පරිඝණක වෛරසයක් යනු බොහෝ විට පරිඝණකය පරිශීලකයාගේ අත්වැරදීමක් හෝ නොසැලකිලිමත් කමකින් හෝ නොදැනුවත්ව හෝ පරිඝණකයට ඇතුලු වී එහි ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන පරිඝණක වැඩසටහනකි! බොහෝ විට පරිඝණක වෛරසයක් ඇතුලු කිරීමේ අරමුණ වන්නේ පරිඝණකයේ දත්ත වලට හානි කිරීම ආදී අයහපත් අරමුණු මිස යහපත් අරමුණු වලින් සාදන ලද වෛරස් වැඩසටහන් ගැන මාධව නං අසා නැත! (CRACK වැඩසටහන් නම් එවැන්නක් යැයි කිව හැකිය!)

ලෝකයේ පළමු පරිඝණක වෛරස් වැඩසටහන වන  Elk Cloner නැමති වැඩසටහන නිර්මාණය කර ඇත්තේ Rich Skrenta නැමති පරිඝණක වැඩසටහන් කරු විසින් යැයි විකීපිඩියා කෝෂයේ දැක්වේ! එදා 1982 වසරේදී ඒ විදියට ආරම්භ උනු ඒ වෛරස් වැඩසටහන් අද ඉතාම දියුණු තලයක ඇතැයි කීමට බැරි නැත!

වර්ථමානයේ පරිඝණකයට වෛරස් ඇතුලු වීමට හැකි ආකාර කීපයකි! විශේෂයෙන්ම සිදු වනුයේ පෙන් ඩ්‍රයිව් - Pen Drive මගින් ඇතුලු වීමය! මොකද දැනට බොහෝ දෙනා අතරේ පහසුවෙන් ගැවසෙන පරිඝණක උපාංගය වනුයේ Pen Drive එකය! ඔට අමතරව අන්තර්ජාලය - Internet හරහාද වෛරස් පාත් වීමට ඕනෑ තරම් ඉඩ ඇත! තවද Memory card මගින්ද වෛරස් ඇතුලු විය හැකිය! රැහැන් ඇතිව හෝ නැතිව නිර්මාණය කර ඇති පරිඝණක ජාලයක එක් පරිඝණකයට වෛරසයක් ඇතුලු වුවහොත් එය මුලු ජාලය පුරාම පැතිරී යන්නට පුලුවන! වෛරසයක ප්‍රධානම ලක්ෂණයක් වන්නේ මෙම පැතිරී යාමේ ගුණාංගයයි!



වෛරස් වැඩසටහනක් ඇතුල් වූ පසු පරිඝණකය විවිධාකාරයේ දෝශ මතු වේ! ඇතැම් විට වෛරසය ඇතුල් වූ පසු ටික කලක් යන තෙක් පරිඝණකය කිසිදු දෝෂයක් නොදක්වා ක්‍රියාත්මක වේ! බොහෝ විට පරිඝණක වෛරස විසින් හානි ඇති කරනුයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හෝ යම් කිසි මෘදුකාංගයක ක්‍රියාකාරීත්වයටය. විශේශයෙන් පරිඝණකයේ වේගය පෙරට වඩා අඩු වීම, Task manager ක්‍රියාත්මක නොවීම, ස්ථාපනය කරන(Install) කිසිදු නව මෘදුකාංගය හා ස්ථාපනය කර ඇති(Installed) මෘදුකාංගද ක්‍රියාත්මක නොවීම, හේතුවක් නොමැතිව දෘඩ තැටියේ (Hard Disk) නිදහස් ඉඩ ඇහැරීම (Low Free Space), තැන් තැන් වල විවිධ නම් වලින් ෆෝල්ඩර්ස් සෑදී තිබීම ආදී ලක්ෂණ මතුවන්නේ වෛරස් ඇතුල් වූ විටය!

පරිඝණක වෛරස වල වර්ග කීපයක් ඇත. Trojan Horse, Worms, Bootsector Virus, Macro Virus, Malware ආදී ලෙස වෛරස් වර්ග කර ඇත. බහුලව අපට Trojan Horse, Worms ආකාරයේ වෛරස හමුවේ!

මෙසේ බහුලව පවතින්නා වූ පරිඝණක වෛරස් වලින් ගැලවීමට දැන් විකල්ප බොහෝ ඇත. එහෙත් 100%ක් පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීමට අපහසු තත්වයක් වර්තමානයේ උදා වී ඇතැයි කිවහොත් එය බොරුවක් නොවේ! වෛරස් වලින් බේරී සිටීඹට ඔබට කල හැකි දේවල් කීපයකි!

පළමු සහ ප්‍රධානම දෙය Antivirus Program එකක් පරිඝණකයේ ස්ථාපනය (Install) කිරීමය! දෙවනුව එය නිසිපදිරි යාවත්කාල (Update) කිරීමය! එසේම Open Source මෙහෙයුම් පද්ධති වන ලිනක්ස්, උබන්ටු වැනි මෙහෙයුම් පද්ධති වලට යොමු වී windows මෙහෙයුම් පද්ධති වලින් ඈත් වීමට විසඳුමක් ලෙස දකින අය සිටී! එහෙත් Open Source මෙහෙයුම් පද්ධති වලටද ඇතැම් විට වෛරස් වැඩසටහන් පැතිරෙන අවස්ථා ඇත. එසේම Pen Drive,  Memory card වැනි පරිඝණක උපාංග පරිඝණකයට සම්බන්ධ කිරීමට පෙර ඒවා වෛරස් ඇත්දැයි නිසි පරිදි ක්‍රියා කරන Antivirus Program එකක් මගින් පරීක්ෂා කිරීමද පරිඝණකයේ සෞඛ්‍යයට හිතකර වේ! තවද අන්තර්ජාලයෙන් බාගත (Download) කරන්නා වූ මෘදුකාංග සහ අනිකුත් ගොනු විශ්වාස කල හැති මූලාශයකින් ලබා ගැනීඹද හිතකර වේ! ටොරන්ට් වලින් අපි කොතරම් භාගත කලද ඇතැම් ටොරන්ට් ගොනු වලද වෛරස් අඩංගු වන බව රහසක් නොවේ!

පහත ඇත්තේ දැනට භාවිතා කල හැකි ජනප්‍රිය Antivirus Program  කීපයකි!

Bit defender - මෙය Softwin සමාගම විසින් නිපදවූ වැඩසටහනකි! වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා උපරිම ආරක්ෂාවක් ලැබෙන බව සහතික කර ඇත. මුදල් ගෙවා මිලදී ගත යුතුය! එමෙන්ම නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක්ද බාගත කර ගත හැකිය


බාගත කිරීමට ක්ලික් කරන්න

මෙය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවූ වැඩසටහනකි යන්න සඳහන් වූයේ මාධවගේ දෝශයකිනි! එය නිවැරදි කර ඇත! සිදුවූ වැරැද්ද පිළිබඳ මාධවගේ කණගාටුව ප්‍රකාශ කරමි! එමෙන්ම වරද පෙන්වා දුන් ඇනෝ සහෝදරයාට ස්තූතිවන්ත වෙමි!

Kaspersky - මෙයද සෑහෙන්න ජනප්‍රිය වැඩසටහනක් වන අතර මුදල් ගෙවා මිලදී ගත යුතුය! මෙය භාවිතයේදී ඇතැම් විට පරිඝණකය මඳක් වේගය අඩු විය හැකිය.


බාගත කිරීමට ක්ලික් කරන්න


AVG Anti Virus -  මෙයද යහපත් ගති ඇති භාවිතයට හොඳ ආරක්ශක මෘදුකාංගයකි! පරිඝණකයේ වේගය අඩු වීමකින් තොරව භාවිතා කල හැකිය! අන්තර්ජාල පහසුකම් මගින් යාවත් කාල කල යුතුය! එසේම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහාද මෙම වැඩසටහනේ සේවය ලබා ගත හැකිය!


බාගත කිරීමට ක්ලික් කරන්න


Avast -  මෙය දැන් ශ්‍රී ලංකාවේ සෑහෙන්න ජනප්‍රිය ආරක්ෂක වැඩසටහනකි! මෙහි නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක් සහ මුදල් ගෙවා ලබා ගත හැකි ඉහල ආරක්ෂක වැඩසටහනක්ද ඇත! දින තුනකට වරක් අන්තර්ජාලය ඔස්සේ යාවත්කාල කල හැකිය! ඇන්ඩ්‍රොයිඩ දුරකථන භාවිතා කරන්නන් අතර මෙය ජනප්‍රිය ආරක්ෂක වැඩසටහනකි!


බාගත කිරීමට ක්ලික් කරන්න


Norton Anti Virus -  සීමන්ටෙක් ආයතනයේ නිර්මාණයක් වන මෙයද යහපත් වැඩසටහනක්ය! මෙහිද මුදල් ගෙවා මිලදී ගැනීඹට මෙන්ම නොමිලේ දෙන වැඩසටහන්ද ඇත!


බාගත කිරීමට ක්ලික් කරන්න


Avira - මෙහිද මුදල් ගෙවා ලබා ගැනීමට Avira Premium නම් වැඩසටහන ඇති අතර Avira Free Antivirus නමින් නොමිලේ වැඩසටහනක්ද ඇත. සාමාන්‍යෙයන් යාවත් කාල කිරීම දින තුනකට වරක් කිරීම යහපත්ය! එසේත් නැත්නම් යාවත්කාල කිරීම සඳහා ලැබෙන ගොනුව බාගත කරගෙන පරිඝණකයට කොපි කර ඔබ විසින් යාවත්කාල (Manual Update) කර ගත යුතුය!


බාගත කිරීමට ක්ලික් කරන්න


තවද Mcafee, ESET NOD32 Antivirus වැනි වැඩසටහන්ද ඇත! මේවා බොහොමයක් දැන් අන්තර්ජාලය හරහා ඔබේ පරිඝණකයට භාගත කල හැකිය!


වෛරස් වැඩසටහන් Install කිරීමේදී CRACK වැඩසටහන් යොදා භාවිතා කිරීමෙන් කිසිදු ප්‍රතිථලයක් නැත! ඇතැමුන් එසේ මුදල් ගෙවා මිලදී ගත යුතු Kaspersky වැනි වැඩසටහන් CRACK වැඩසටහන් යොදා  Install කලත් එම වෛරස් වැඩසටහන යාවත්කාල කිරීමේදී එය ව්‍යාජ එකක් බව අඳුනා ගන්නා නිසා එයින් අපේක්ෂිත ආරක්ශාව නොලැබේ! එම නිසා එසේ CRACK කිරීමෙන් වැලකී නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක් ස්ථාපනය කිරීම මගින් ඔබේ පරිඝණකයට යම් තරමක හෝ ආරක්ෂාවක් ලබා ගත හැකි වනු ඇත!

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ජනේලෙන් පොඩ්ඩක් එලියට ඇවිත් මං දැන් ලිනක්ස් පැත්තට නැඹුරුවයි ඉන්නේ. මොනව උනත් ඉතිහාසෙත් එක්කම කියලා තියෙනවා. මම නම් කැස්පරස්කයි ලයිෂන් වර්ෂන් එක ඉවර උනාට පස්සේ අවාස්ට් දාගත්තා. පට්ට පට පට..

    ReplyDelete
    Replies
    1. අවාස්ට් ගොඩක් ජනප්‍රියයි! ඒ වගේම පරිශීලකයාට ගොඩක් සුව පහසු වැඩසටහනක්! ඒ වගේම අවාස්ට් නිසා පරිගණකය ස්ලෝ වීමක් වෙන්නෙම නැති තරම්! අවාස්ට් ඇත්තටම හොඳයි!

      Delete
  2. microsoft security essentials අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. හම්! ඔව්! මට ඒක දාන්න හිතුනෙම නෑ! ඇයි මංදා! හිකිස්! ඒ ගැනත් ලියන්නම්! ඇත්තටම ස්තූතියි ඒක ගැන සඳහන් කලාට!

      Delete
  3. ස්තුතියි මාධව

    ReplyDelete
  4. Bitdefender is a product by Softwin, not Microsoft!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ! මං ඒක නිවැරදි කරා!! ගොඩක් ස්තූතියි!

      Delete
  5. අවුරුදු 8 තිස්සේ කිසි ඇන්ටි වයිරස් එකක් භාවිතා කරන්නේ නැහැ.
    කිසි ප්‍රශ්නයක් වෙලත් නැහැ.
    50% Mac , 40% windows , 10% linux
    ජෙනුයින් මෘදුකාංග භාවිතා කරන්න
    සියලු මෙහෙයුම් පද්ධති user mode එකේ භාවිතා කරන්න
    අතනින් මෙතනින් බාගත්ත එක එක ගැජට් කෑලි නොදා ඉන්න

    ReplyDelete
Previous Post Next Post

Contact Form