තුන්වැනි වසරටද ආවේය!


 
ඔන්න කාලෙ ගෙවිලා ගිහිං මාධවගේ කතන්දර 3 වෙනි ඇනිවසරි එකත් සමරන්නයි යන්නේ!

කා‍ලෙ ගෙවුන ඉක්මණ හිතාගන්නත් බෑ! අවුරුදු 3ක් කියන්නෙ ලොකු කාලයක් උනාට ඒක ගෙවෙන්න ගිහින් තියෙන්නෙ සුලු කාලයක් වෙන්නැති!! එහෙම හිතෙන තරම් ඉක්මණට කාලෙ ගෙවෙනවා! කාලය ගෙවෙන්න ගතවෙන කාලය ඉතාම තූනී එකක්. එහෙව් කාලය හරහා ගෙවාගෙන අවුරුදු 3ක් පුරාවට බ්ලොග් අවකාශයේ නොදැවී සිටින්නට මාධවට පුලුවන් උන එක ගැන අවංකෙන්ම මාධවට සතුටුයි!

මාධව බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලා හැමදාම කිව්ව වගේ අනුරාධ මල්ලිගෙ උදව්වෙන් පටන් ගත්ත මාධවගේ කතා අඩවිය හිතුවට වඩා දැන් ටිකක් ජනප්‍රිය වෙලා තියනවා!

මාධවගෙ ඉස්කෝලෙ යාලුවෝ, ටෙක් යාලුවෝ ( විශේෂයෙන් ටෙක් එකේ නං චතූ අනිවා බලනවා කියලා දන්නවා ) , මූනු පොතේ කණ්ඩායමේ මාධවගෙ ගෝල බාලයෝ ටික, සින්ඩිකේටර වලට එන යන අය, එකී මෙකී නොකී හැමෝම ඕක බලනවා ඇති! මාධවටත් පට්ට සතුටුයි තමන්ගේ අදහස් වෙන අයත් එක්ක බෙදා ගන්න මේ වගේ මාධ්‍යක් හරහා  පුලුවන් වීම ගැන!

මීට අවුරුදු 3කට කලින් මේ බ්ලොග් එක හදලා ඉවර කරලා පළවෙනි පෝස්ට් එක දැම්මම කියාගන්න බැරි අමුතු ආතල් එකක් දැනුනා! ඊට පස්සෙ ටික ටික බ්ලොග් එක කතා වලින් පුරවන්න පුරවන්න, අනික් අය ඒවා කියෝලා බලනවා කියලා දැනෙනකොට ඒ ආතල් එක හිත පුරාම අරක් ගත්තා. ඉතිං දැන්  මාධවයා මේ බ්ලොග් ලිවිල්ලට ඇබ්බැහි වෙලා ඉවරයි. අබිං කාලා වගේ මූව මේකෙං ගලවගන්න කාටවත් බෑ! මාධවටත් ගැලවෙන්න ඕනි නෑ මේකෙන්! ඒ තරම්ම මාධව දැන් මේකට ආදරෙයි.

බ්ලොග් ලිව්වා කියලා මාධවලාට ඇති ලාභයක් වාසියක් නෑ! ලිව්වා කියලා ඕවගෙ දෙසන බණ කියෝලා රට්ටු හැදෙන්නෙත් නෑ! හදන්න තරං මාධවට උණකුත් නෑ! මාධවට හැමදාම ඕනි උනේ තමංගෙ හිතේ තියන අදහස් විවෘතව තමන්ගෙම විදියකට පළ කරගන්න විතරයි! අදහස් කිව්වම ඒවා විචාරම නෙමෙයි! අහලා තියන, දැකලා තියන සිද්ධි වෙන්නත් පුලුවන්! කතා වෙන්නත් පුලුවන්! කොහොම වෙතත් මාධවට ඕක පත්තරේක දාගන්න ගියොත් එක්කො ලියුම් 10ක් ලිව්වොත් එක ලියුමක් පළවෙයි.. ආයේ ආත්ම ගානකට එකක් පලවෙන එකක් නෑ! ඊට වඩා ලේසියි තමංගෙම බ්ලොග් අඩවියක් අටෝගෙන තමංම ඕක පුරවගෙන තමංම ආතල් එකක් ගන්න එක! කතාවට කියන්නේ තමංගෙ මට්ටං තංමැට්ටං කියලනේ!

ඒ වගේම මාධවගේ තවත් අහිංසක ආශාවක් තමයි කවදා හරි තමංගෙ අත මිට සරු කාලෙක තමංටම කියලා ඩොමේන් එකක් අරං කාරිය මේ බ්ලොග් අඩවිය මාධවගේ පුද්ගලික වෙබ් අඩවියත් සමග එකතු කරලා මාධවගේම තනි වෙබ් අඩවියක් පටන් ගන්න එක. බලමුකෝ! ඒක සැබෑ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්! කොහොම උනත් මාධව තමන්ට පුලුවන් කාලයක් මේ බ්ලොග් කෙරුවාව නං කරනවා!

ඉතිං මේ විදියට ගෙවෙන බ්ලොග් ජීවිතයේ ඇත්තටම මාධවගේ කතා ආසාවෙන් කියවපු අය ඕන තරම් ඉන්නවා ඇති. නීරස අයත් ඇති! ඒවා මාධවට අදාල උනේ නෑ!  මාධව හැමදාමත් ලිව්වේ තමන්ගේ සිතුවිලි විතරයි! ඒවා අවංක සිතුවිලි! මොකාට මඩක් ගැහුවත් ඒවත් අවංකවම මිත්‍රත්වයට ගහපු මඩක් මිසක් කිසි දිනෙක ද්වේශයෙන් පහර දීමක් ගැන හිතලා එහෙම කරලා නෑ! එහෙම මඩ නාපු එවුන්ට කියන්නෙ උඹලට මඩ ගහන්නෙත් තියන ෆිට් එකටමයි කියලා! මං ගැහැව්වයි කියලා අද වෙනකල් අමිලයා, ප්‍රදීප් නොහොත් ගලා, උපාසක සුපුනා, ලේනා, කවුරුත් තරහ වෙලා නෑ!

මේවා මෙහෙම වෙද්දි ඇතැමුන්ගෙන් කුණුහරුප කමෙන්ට් ආව නිසා කමෙන්ට් වාරණයකට ලක් කිරීම කරන්න වෙලා තියනවා! එහෙම තියෙද්දිත් සමහරුන්ගෙ නිර්දය විවේචනයට ලක් වෙන්නත් වෙලා තියනවා!

උදාහරණයක් විදියට

“තැවරුනු වත්සුනු
ඉහිරුණු ඇඟලුම්
විසිරුණු සුමුදු ඇතිරිළි
අතර දැවටී“

කියල “තෘප්තිමත් නොවූ සුසුම් සමඟින්...........................!“ යන මාතෘකාවෙන් දාපු කවිය කියෝලා ලේනා (තිලිණයා) කුණුහරුප ලියන්න එපා *** කියලා මාධවට අමුවෙන්ම සිංහලෙන් බැන්නා! ඒව තරහට බැන්න නොවුනත් එහෙම එව්වත් තියනවා! ශරීයා නීතිය ගැන ලිව්ව එකේ පොරක් “බල්ලා“ කියලා කමෙන්ට් කරලා තිබ්බා! ඒ අස්සෙ හොඳ කමෙන්ටුත් ලැබිලා තියනවා! විට්ටගෙ බස් එකේ කතාව ගැන සුපුනා ආසාවෙන් පන්තියේදි ආසාවෙන් කියෝපු හැටි, එතකොට “තවත් එක ටීම් වීවර් (Team Viewer) කතාවක්!“ එකේ සිදුවීම ගැන පන්තියේ හැමෝම ඉස්සරහ පන්තියේ සර් මාධවගෙන් ප්‍රසිද්ධියේ අහපු එක වගේ ආතල් කේසුත් වෙලා තියනවා! ඒ හැම දෙයක්ම මේ බ්ලොග් ජීවිතයේ අපිට රසවත් දේවල් මිසත් අමිහිරි මතක නෙමෙයි!

ඉතිං කොහොම වෙතත් පුංචි පෝස්ට් එකක් දාන්න හිතුවේ හැමෝටම ස්තූති කරලා මේක සමරන්න ඕනි නිසයි! ඉතිං අවුරුදු තුනක් පුරාවට මාධව එක්ක කතා රස විඳපු (එහෙම කියමුකෝ), කමෙන්ට් කරපු, පන්නපු, බැනපු, කුණුහරුප කියලා කමෙන්ට් කරපු, මූනු පොතේ කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, එක පාරකට හරි මේ පැත්තේ ඇවිල්ලා ගිය මාධවගේ කතා මිතුරු මිතුරියන් හැමෝටම ස්තූතියක් අනිවාර්ය‍්‍යෙන්ම දෙන්න ඕනි! ඒ වගේම මේ බ්ලොග පවතින තාක්කල් දිගටම මේ පැත්තේ එන්න කියලත් ආදරයෙන් ආරාධනා කරන්නත් ඕනි.....

එහෙනං ආයමත් කතාවකින් හමුවෙන තුරු සැමට ජය!

මාධවගේ කතා ලියන මාධව...................

18 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔබට සුභ පැතුම්.දිගටම යන්න.

    ReplyDelete
  2. සුභ පැතුම්...!!!

    අපිට කියන ඒවා ඇහුවනම් බ්ලොග් එක වහලා ගොඩක් කල්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා! ඒක නං ඇත්ත! තාම එහෙම හිතිලා නං නෑ!

      Delete
  3. නොනැවතී ඉදිරියටම ලියන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා.ඔබේ සිතුම් පැතුම් සපල වේවා.එහෙත් විනෝදයට වත් බුදු දහමට අනිවාරතේ ගරහමින් ලිපි නොලියන්න.(ඔබ එසේ කරනවාට නොවේ)

    ReplyDelete
  4. එල අයියා....! අවන්කවම සුපිරි....! එකෙන්ම....
    GOOD LUCK....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපුල් මල්ලි!

      Delete
  5. හැපි බර්ත්ඩේ එකක් වේවා බ්ලොගියට....

    මං ඩොමේන් එක ගත්තෙ ගෙදරින් දෙන පොකට් මනි මාසයක් එකතු කරලා.... හිහී.. දවසට 50 ගානෙ දවස් 20ක් තේ බොන සල්ලි :P

    ReplyDelete
    Replies
    1. අදහස නරක නෑ! මාත් තේ නොබී ඉන්නං! නියමයි! ස්තූතියි මචං!

      Delete
  6. තෙවසරක් යනු දිගු කලෙකි. තවත් අගනා සටහන් සමගින් ඉදිරියටම යන්නටත් වෙබ් එකක් පටන් ගන්නටත් ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් සහෝදරයා!

      Delete
  7. මේ ඉතින් අපිත් හැමදම බලන්නේ. තුනයි නේද දැන්. තුනේ ඒවා රාශියක් ගහන්න වාසනාව ශක්තිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. එල එල! ස්තූතියි සහෝදරයා!

      Delete
  8. සුබ පතනවා තවත් දිගු ගමනකට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු ජෝන් සහෝදරයා!

      Delete
Previous Post Next Post

Contact Form