බීමත් උං සමඟ ගෙවූ ජනතාවාදී අවස්ථාවන්..............



මේවා මාධවගේ අත්දැකීම්ය. මාධව රහ මෙර (මත් ද්‍රව්‍ය) කටේ තියන්නෙ නැත.
එහෙත් බීමත් උං සමඟ ගැවසී ඇත. රහමෙරට අමතරව මාධව මල් පහස විඳින උං සමඟද කාලය ගත කර ඇත. එක් එක් ආකාරයේ මත් ද්‍රව්‍යයන් වල පිහිට සොයන්නා වූ කොල්ලන් සමඟ කල් ගෙවා ඇත. පාසල තුලදීද එවැනි අත්දැකීම් කීපයක් මාධවට ඇත. එහෙත් මාධව එවැනි දේ අත්හදා බැලීම් වලට ගොස් නැත! අන් අය අත්හදා බලනු දැක ඇත.

මොනා උනත් ආතක් පාතක් නැති එකා බීගත් සැනින් පී එච් ඩී, එම් එස් සී, සියල්ල දත් උපාධිකාරයින්ටත් වඩා දැනුමින් සපිරි සමාජ දැනුමින් යුතු උත්මන් බවට පත්වෙන්නෝය. ඒ විපරිත පරිවර්තනය ඉතා පුදුමාකාරය. එහෙම කරන්න පුලුවන්නං ඉස්කෝලෙ බච්චන්ට පුංචි කල සිටම ගල් කාල කාල දිය යුතු යැයි මාධව යෝජනා කරන්නේය. ඇතැමුන්ට බී ගත් සැනින් සියලු සමාජ වැරදි පෙනෙන්නේය. කොටින්ම කියතොත් බීමත් වීමේ ආදීනව තෙමේම පහදා දෙන්නේ ඉතා අපූරුවටය. අහන් ඉන්න ආසයිය. ඇතැමුන් පට්ට චන්ඩි වෙන්නේ මේ වෙලාවටය! අඩෝ අ**ට හු** තොපි මොක්කුද යකෝ මේ මට හු** කැ* ######## ආදී ලෙසට අපූරු වාග් මාලාවකින්ද සමන්විත වන බීමත්තු ඇතැම්විට චන්ඩිකම් රෙද්ද පල්ලෙන් බේරෙන්නම ගුටි කන්නේද මේ බීමත් කම නිසාය! ඇතැම්හු බිව්වායින් පසුව පට්ට ගායකයින් වන්නේය! එකී මෙකී නොකී ආකාරයට බීමත්ව සැරැසරන ජීවිත එක්ක බැඳී ඇති කතා බොහෝය! ඉතිං මාධව අද මේ කියන්නට යන්නේ එවැනි මතින් යහපත් වූ කතන්දර කීපයක්ය!. කියවා රස විඳ බලන්න!

පළමු කතාව මාධවලාගෙ මිතුරු බෑග් දිගා අයියාගේ (කලින් පවසා ඇත.) ගෙදර ගිය අවස්ථාවකය. එදා මහ රෑ "කොකා සමඟ චානකයාගෙ සයිකලේ අරං ගිය පැත්තේ අමු කැලේ ඉඳං" කට්ටිය බඩු දැම්මෝය. මේ කල්ලියේ සිටි උංගේ නං ගං දැමීමට මාධව බය නැත. කුමක් නිසාද යත් එදා රෑ බිව්වා දැයි දන්නේ නැති තරමටම උං බඩු දැමූ නිසාවෙනි. මේ කල්ලියේ සිටි නොබොන එකා මාධව පමණක්ය. බොන උං අතර බණ්ඩා සිටියේය. හෙතෙම නුවර අ*යා හොටෙල් එකේ වැඩ කරන කොල්ලෙකි. මාලක සිටියේය. දසකැලුමා සිටියේය. තැපැල් බුද්ධික සිටියේය. දැන් ඉස්කෝලෙ මහතෙක් වන අමිල (ටොමියා නොවේ!) මහතා සිටියේය. ඒ ළග පාත උනත් කුකුළා ආවේ නැත. මෙහි අඩුවට තිබුනේ තවත් මිතුරෙක් වන කිත්සිරි ඉස්කෝලෙ මහතා පමණක්ය. උං ඔක්කොම අපේ දසකැලුමාගේ මිතුරන්ය!

දිගා අයියා ගෙන ආ ගල් බෝතල් දෙක, කොක කෝලා මෙගා දෙකෙන් සහ බුද්ධිකට වෙනම ගෙන ආ සැර වැඩි බියර් බෝතල් දෙකකින් මෙම මහපාරේ මධු සාදය වර්ණවත් විය. දැන් බැලූ විට එහි වර්ණයක් කියා තිබුනේ කලුවරේ පෙනුනු දත් කුට්ටං වල සුදු පාට සහ අමුමු අමු කලු පාට වටපිටාවය. මාධව අතේ ටෝච් එකක් තිබුනත් එය දැල්වීම සියලු බේබද්දන්ගේ අනුමැතිය මත මුලින්ම තහනම් විය. දැන් බඩු දැමීමට සියල්ල සූදානංය. පැන්න ගමන් මාධව මෙගා කොක කෝලාවක් අරන් තුරුල් කරගත්තේ අනික් උංට එක බෝතලයක් ඇති යැයි සිතුන නිසාය. උං එක එකා වීදුරු වලට වක්කර ගන්නේය. බොන්නේය. රරරරර්ආහ් කියලා ගොරවා කාරා කෙල පාරක් ගහන්නේය. මහ රෑ ගහන කෙල පාරවල් උංගේම ඇගවල්වලය. මාධව නිවි හැනහිල්ලේ අර කොකා බෝතලෙං ජුන්ඩ ජුන්ඩ බොන්නේය. අනික් උං ඉල්ලුවොත් උංට කොකා වක්කර දෙන්නේය. ඒ ගමං අමිල අයියා එක්ක කුණුහරුප කතා කියන්නේය. මොනා උනත් මාධව කෝක් බෝතලය උංගේ අතට නොදෙන්නේය. බැරි වෙලාවත් උං ඒකට ගලක් දෙකක් මික්ස් කලහොත් මාධව ගෙදර ගිහිං අහවරය. සේෆ්ටි ෆර්ස්ට් යැයි සිතමින් මාධව කොකා බෝතලය තුරුලු කරං ඉන් ටික ටික තොල ගාන්නේය.

කරුමේ පටන් ගත්තේ ටිකකින්ය. බයිට් නැත. බයිට් ගැන වාදය යද්දී කව්දෝ වලත්තයෙක් (ඉදපු උංගෙං එකෙක්ම තමා ඕං, මාධව නං නොවේ) බුද්ධිකයාගේ බියර් එකට ගල් මිශ්‍ර කර ඇත. කෙලවුනි. එතැන් පටන් එක එකාට බඩු මතට පිස්සු හැදෙන්න පටන් ගත්තේය. බුද්ධිකයා කුණු හරුපෙන් කෑ ගසන්නේය. මාලකයා තුන් රිය සක ගෙන මහ රෑ රිවර්ස් කරන්න බං කියමින් ප්‍රපාතයට යෑමට සූදානම් විය. කට්ටිය එකතු වී ඌව ඇදලා අරං කනට දෙකක් ගසා තව උගුරක් පෙව්වෝය. ඈත පඳුරකට චූ පාරක් දමමින් නිසලව සිටි බුද්ධිකයා දෙසට බණ්ඩා යැවූ හිස් බියර් බෝතලය වැදුනේ නං එතන මළගං දෙකක්ය. වෙලාවට බණ්ඩාද වෙරි වී සිටිය නිසා බුද්ධිකයාගේ පණ රැකුණි. ඒ අස්සේ බයිට් ගේන්ට කියා පිටත් කල මාලකයා කකුල් මස් බයිට් කියා මල ගෙදර කෑමට තිබූ දෙල් මාලුවක් ඔතාන ආවේය. එය දුටු බීමත් උතුමානන් ටික එකතු වී මාලකයාගේ ඇට මස් බයිට් එකට ගත්තේ නැතුවා විතරය. සියල්ල අහවර වූ විට සැවොම බිමය. මාධව ළගින් හිඳ ඔහේ නල්ල මලේ අමු තිත්ත කුණු හරුප කතා කියව කියව සිටි අමිල අයියාගේ සද්දය කෝ බැලූ මාධව දැක්කේ හෙතෙම ගං කබරයා තුරුල් කරන් බිම වැද හොත්තේ බවය. වෙලාවට දසකැලුමාටද බඩු නැත. ඉතිං දෙන්නා එකතු වී එක එකා උඩහට අදින්න පටන් ගත්තෝය. දෙන්නා යනු මාධව සහ දසකැලුමාය.

එදා තරං හොඳට මාධව කිසි දිනක බඩු දැමූ අයියලාගේ කෙරුවාවල් දුටු දිනක් මතකම නැත.

දෙවැනි එක මාධව එක්තරා දුරකතන සමාගමේ රාජකාලි කල කාලයේ කතාන්දරයක්ය. ඒ සමාගටම නාස්ති කිරීමට අමුවෙන්ම මුදල් ඇත. බොන්නම ඕනෑ නිසා අටවා ගත් උලව් ෆේවල් පාටියක් අවුරුද්දකට වරක් දමන්නෝය. මාධවගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට දිනක් තිබියදී මේ පාටිය පැවැත්වීය. එසේ හෙයින් මාධවටද සහභාගී වීමේ වරමක් ලැබුනේය. එහෙත් මාධව එය තරයේ ප්‍රතික්ෂේප කලේ මාධවට පාටි අරහං නිසාය. ඒත් කස්ටිය මාධව කුදලාගෙන මයික්‍රෝ එකේ ඔබාගෙන පාටියට කුදලං ගියේය. එදාද වූයේ හරි හරි වැඩය!

පාටිය පුරාවටම හුවමාරු වූයේ සැර බීම ජාතිය! මාධව විසින් අත් වැරදීමකින් සමාගම් ලොක්කාගේ කොකා කෝලා බෝතලෙන් බිඳක් පානය කිරීම හැරෙන්න මාධවට වෙන අකරතැබ්බයක් වුනේ නැති අතර, කුකුලාට රංගනයා සහ සමීර අයියා විසින් හොරෙන් පෙවීමේ ප්‍රතිඵලය වූයේ අන්තිමට කුකුළා නිදිබර වීමය. බයිට් ප්ලේට් එකක් ඔඩොක්කුවේ තියාගත් මාධව (එකල වෙජිටේරියන් වීමට හීනෙන් වත් සිතා නැත) ඇති පදං කුකුල් කකුල් රස බලමින් අවට සිරි නරඹමින් සිටියේය. පිස්සු ආතල්ය! එක් වරම නැගිට ගත් සමාගම් ලොක්කා සිය බීමත් ස්වරයෙන් හැබැයි එකෙන්ම අලංකාරෙය සාජ්ජේ පටන් ගත්තේය! එතැන් සිටම නං ආතල්ය! සිරාවට ලොක්කා සිංදු ගායනාව නං සුපිරියට කලේ බාගෙට නිවි දැල්වෙන ගෝල්ඩ් ලීෆ් බාගෙද මුවග රඳවාගේනය.

මාධව සමඟ කොන්ත්‍රාත් කාලය පුරාවටම ආදරෙන් සේවය කල සහකාර ලොක්කා නං මාධවට බ්‍රැන්ඩි පෙවීමට අති අසාර්ථක ප්‍රයත්නයක් දැරූ අතර එය සාර්ථක නොවූ තැන මාධව සමඟ කඩුවෙන් කතා කරන්නට විය! මාධවද අමාරුවෙන් වනා ගත් අතර පසුව මතක් වූයේ හෙතෙම බීමත් ලොක්කා නිසා ග්‍රැමර් වැදගත් නැති බවය! එදා බීමත් කමේ පහස නිසා සියල්ලෝම සම මට්ටමට වැටුනේය! එදා කොම්පැණියේ සභාපති හිටියේ නං මාධවට රස්සාව ඉස්තිර කර ගැනීමටද ඉඩ තිබුනු බව මාධවට දැන් සිතෙන්නේය!

කෙසේ වෙතත් මාධව රෑ 12ට වීරෙ අයියාගේ වෑන් එකෙන් ටවුමට ඇරලවා වීරෙ අයියා නුවර ගියේ අනික් ඇන්ටිලා ටික ඇරලවා ඒන්නටය! පසුවදා දැන ගත් පුවත් වලට අනුව සාදය අතිශය සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස මයික්‍රෝ එක තුල වමනේ දැමීමට බණ්ඩාරවෙල ලොක්කා සමත් වීම සහ කුකුළා පසුදින උදේ අදාල ආයතනයේ ඇඳක් මතින් හමු වූ පුවතද විය!!

කෙසේ වුවත් පසු දින බීමත් නොවූ මාධව සේවයට වාර්ථා කිරීමට පමා වූ අතර අන් සියලු සේවකයෝ නිසි වේලාවට සේවයට වාර්තා කර ඇති බව සතුටින් කියන්නට මාධව කැමැත්තේය! උන් බිව්වත් ගින්දර වගේ උදේ වැඩට ඇවිත්ය!

ඉතිං බීමත් කතා මෙපමණය!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ලිව්වේ අර රටක් වටිනා සුනිල් මාධව ප්‍රේමතිලක ගැන නෙමෙයිනෙ. මුලදී එහෙම හිතුනත් කතාව කියවාගෙන යන කොට එහෙම නෙමෙයි කියල දැනුන.කොහොම උනත් බේබද්දෝ සහ බීමත්කම වර්ණනා කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි.එකෙන් වෙන්නේ බොන එවුන් තම බේබදුකම සාධාරණය කරන අතරම,නොබොන එවුන් බිමත් වීමට නැඹුරු වීමයි.
    "දුකට දුකක් ඇත.මෙහෙම දුකක් නැත බේබද්දන් දෙන දුක වාගේ" කියල මමත් ලිපියක් මගේ blog එකේ දමල තියෙනවා.wmks98blog post.com එකත් බලල උත්තරයක් ලියන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  2. පිස්සු කතා ටිකක්නේ! බොන  උං ඔහොම්මයි!

    ReplyDelete
  3. කාළකණ්නි. උං හිතන්නෙ වීරකමක් කියලා. බූරු හැත්ත.

    වීර පුතා!

    ReplyDelete
Previous Post Next Post

Contact Form