ආදරණීය ලප කතා..........




ලපයක් වූ කලි සාමාන්‍ය දෙයක්ය!


 ඒත් අපේ බොහෝ අය එයට අසාමාන්‍ය තැනක් දී ඇත්තේ අහවල් ඒවා අසාමාන්‍ය යැයි කියලා අයුරින්මය!ලප ගැන කියන්නේ නම්, ඇතැමුන් ලප දෙස බලා අනාගතේ කියා පාන්නෝය. සුළැගිලි වල උපන් ලප ඇත්තා ඉගැනුමට හපනාය යන්න මාධව එකල අසා තිබුනු ප්‍රකට අනාවැකියක් විය! මාධව නං කියන්නෙ උපං ලපේට කරන්න පුලුවන් දෙයක් නැති බවය! ඉගෙනුම තියෙන්නේ ලපේ නොව ඉගෙනගන්නාගේ හැකියාවේය!ඇතැම් ලප වලින් කියවෙන්නේ ලෙඩ රෝග පිළිබඳවය! ඇතැම් ලප පිළිකා දක්වාම විහිදෙන අවස්තා නැත්තේම නැත! ඒ ආකාරයට කට්ටිය ලප ගැන කියන කතා එමටය! ලප නිසා කෙලවගන්නෝද එමටය! ඉතිහාසයේ දස්කොන් නිළමේ තුමාද තම ජීවිතය නරකම විදියට බෙල්ලෙන්ම කෙලවගත්තේ ප්‍රමිලා දේවියගේ නරකම (අයිශ් අම්මා ගුණ්ඩු!) තැන තිබුනු ලපයක් නිසාය! එහෙව් එකේ ලප නං අම්මෝය! බොහෝ සේ පරිස්සමින් කටයුතු කල යුතු විශයකි! ඒ අතර බොහෝ විට කෙල්ලෝ තරම් වෙන මොකුන් වත් ලප වලින් දුක් විඳින්නේද නැත! කොහොම උනත් ඒවා වෙනමම කතා කල යුතු මාතෘකාවකි!

ඉතිං මේ කියන්නට යන්නේ හරි අමුතු දෙයක් ගැනය. එක එක බඩු එක එක හැඩ ගන්නාක් මෙන්, එක එක ගෙඩි වර්ග එක එක හැඩ ගන්නාක් මෙන්, එක එක ජූස් වර්ග එක එක රස දැනෙන්නාත් මෙන්,  එක එක මිනිසාගේ ආදර කතා හරිම අමුතුය. ගොඩක් කතා සංවේගදායකය. ගොඩක් කතාන්දර ආදරය පිරී ඉතිරී ගලන්නේය. තවත් කතා පස්ට ආතල්ය! අනෙක්වා ගැන කිසි දෙයක් කියන්නට නැත! ඔහේ කරන්නාවට කරන්නේය! එහෙත් ඇතැම් ආදර කතාන්දර පස්ට අමුතුය. ඉතිං ඒවා එසේ අමුතු වෙද්දී ලප වලට ආදරය කල කොල්ලන් සහ කෙල්ලන්ගේ කතා කීපයක් මෙහි කීමට මාධවලා අද සිතුවේ නිකම්ම නොවේය. ඉතිං අද කියවන්නන්ට මාධවගේ කතා තුලින් ආදරණීය ලප කතා කියවිය හැක.මෙහි ලියවෙන කතා අතර පාසල් සමයේ කතා දෙකක් සහ මාධවගේ සිරා කතාවක් ඇත. මාධවගේ සිරා කතාව මෙන්ම පාසල් සමයේ කතාන්දර දෙක පළ කිරීම ඇතැමුන්ට බොහෝ සේ දුක ඇති වන නමුත් හුදෙක් පාඨකයාගේ කියවීමට ඒවා මෙහි පලවනු ඇත. කියවන්නෝ කියවා රස විඳිනු ඇත.

පළමු කතාව එකෙක්ට එකෙන්ම දුක උපදවනු ඇත. එම නිසා මේ කතාව මෙහි ලිවීම ගැන මාධව සිය කණගාටුව ඔහුට ප්‍රකාශ කරන බව කිව යුතුය. මේ කියන කතාව සිදු වන්නේ මාධවලාගේ අමරණීය පාසල් කාලයේය. මේ කියන මොහොත එක්තරා දිනයක මාධවලා චිත්‍ර කර්මය උගෙන ගන්නා අවස්ථාවක්ය. ක්ෂණිකව පන්තියේ දොර පියන හැරී යන්නේය. ඒ සමඟ පැමිණි සුළං දහරාව සමඟ සුන්දර කෙල්ලක් පන්තියට ඇතුලු වන්නේ සිය (ගුරු) පියාද සමගය. එය හරියට චිත්‍රපටියක් වගේය. ප්‍රසන්න, ගලා, සුධීර සහ මාධව ඇතුලු චිත්‍ර කොල්ලන්ගේ කටවල් ඇරී ඈ දෙස කෙල පෙරමින් බලා සිටින මොහොතක සැබැවින්ම කොළඹ රටේ ලස්සන කෙල්ලෙක් ඇවිල්ලාය. කොළඹ රටේ සිට ගම්බද මාධවලාගේ පාසලට ඇය ඇතුලු වන්නේ ඇයි දැයි මාධව දන්නා නමුදු එය මෙහි සඳහන් නොකරන්නේය.

ඇය කොළඹ කෙල්ලක්ය. එකෙන්ම ලස්සනය. නම දමන්නේ නැති උවද ඇයට නංගියෙක් සහ මල්ලියෙක් සිටින බව මාධවලා පසු කලෙක දැන ගත්තේය. පියා විද්‍යා ගුරුවරයෙක්ය. මව වෛද්‍යවරියක්ය. ඇය ගැන මෙපමණය. කොළඹ රටේ ලස්සන කෙල්ලක් මාධවලාගේ පංතියේ විසීම මාධවලාටද අමුතු ෆ්‍රෙෂ් එකක් දැනී ඇත. කෙසේ වෙතත් ඇයටද ගමේ කොල්ලෙක්ට හිත ගියේය. ඒ ලව් කතාව වැඩිදුර ගෙන යෑම තේරුමත් නැත. බොහෝ හැල හැප්පීම් මධ්‍ය යේ ඒ ආදරය ගලාගෙන ගොස් සිඳී ගියේය. ඒහෙත් කතාව එය නොවන්නේය. මේ කියන ලමිස්සීගේ නිකටේ කලු ලපයක් විය. මාධවලාගේ මිතුරාගේ සිත ඇයගේ ලස්සන වෙත ඇදී යාමට ඒ ලපයද උපකාරී විය. ඒ බව ඔහු මාධවට පසුව කීයේය. පසුව හැල හැප්පීම් මත ඒ ආදරය ශුන්‍ය වී ගියේය!

ඇය දැන් විවාහක යුවතියක්ය. ඇගේ නව ජීවිතයට මාධවලාද සුභ පතන්නේය. ඇගේ විවාහයේ පින්තූර අන්තර්ජංජාලයේ තිබී මාධවලාට හමු විය. එහි සිටි ඇගේ නිකටේ පෙර කී ලපය නැත. එය දුටු ඇගේ පළමු පෙම්වතා (ගමට ඒමට පෙර ඇගේ කොළඹ තත්වය නං මාධවලා දන්නේ නැත) මාධවට කණගාටුවෙන් කීවේ “ලපේ නෑ බං“ කියා පමණය.

දෙවැන්නද පාසල් කතාවක්ය. මෙහි කතා නායකයා මාධවගේ බොක්ක මිතුරෙක්ය. දැන් කොළඹ රැකියාවක් කරන්නේය. මෙය පොර සහ මාධව ඇතුලු කණ්ඩායම දහයේ සිටින කල්හි ඇති වූයේය. අමිල ටොමියා රැවුල කපා මාට්ටු වූයේ ඒ කාලයේය. ඉතිං මේ කාලයේ අපේ ලේනා මහතා සිටියේ නමය පන්තියේය. ඒ ඒකා පන්තියක් ෆේල් වූ නිසා නොවේය. පොර මාධවලාට වඩා අවුරුද්දක් බාල එකෙක් නිසාය. ඉතිං උංගේ(ලේනාගේ) ක්ලාස් වල සිටි එක කෙල්ලෙක්ට අපේ කොල්ලාගෙ සිත ඇදී ගියේය. ඈ මිටි කෙල්ලෙක්ය. ලස්සනය. සුදුය. චූටි කෙල්ලෙක්ය. ඒ කෙල්ලගේද මුහුනේ තරමක් කැපී පෙනෙන ලපයක් විය. ඔහු ඒ ලපේට ආදරය කලේය. මාධවලා ඇතුලු කණ්ඩායම ඒ කෙල්ලට කීවේ “ලප නංගි“ කියාය. ඒ කෙල්ලගෙන් ආදරේ ඉල්ලීමට ඌ පරක්කු විය. එක්තරා ශෝක ජනක දිනයක ඉස්කෝලේදී අයියා කෙනෙක්ට ඈ තුරුලු වී සිටිනු මාධව සහ ඔහු එකවරට දැක්කේය. මිතුරාගේ මුහුණ කලු වී ගියේය.  “ මං ආයමත් ලපේ ගැන හිතන්නෙ නෑ බං “ යනුවෙන් වදන් වැලක් ශෝකාකාරී හඩින් ඔහුගේ මුවගින් ක්ෂණිකව පිට වූයේය. එය එතෙකින් නිම වූයේය.

මේ කතාන්දරය මාධව ගැනය. මාධවගේද ආදර කතාවක් තිබුනේය. එය “තිබුනේය“ කියා ලියවෙන්නේ එය දැන් ඉතිහාසයේ කතාවක් නිසාය. කෙසේ හෝ මෙම කතාන්දරය සෑහෙන කලක් ගලාගෙන ගියේය. ආදරය කලේය. එතරම්ම රණ්ඩුද වූවේය. අනෙක් අයගේ ආදරය මෙන් එයද ගලාගෙන ගියේය. හදිසියේම බැම්මක් ඇතිවිය. එය පැනීමට අපහසු විය. මාධවගේ නැන්දම්මා සහ නැන්දම්මාගේ මව් පාර්ශවය විසින් දැමූ සියලු බාල්දි හමුවේ එය නිමා වී ගියේය. නොබෝ දිනකින්ම ඈ වෙනත් තරුණයෙකුගේ ආදරණීය බිරිඳ බවට පත් වීමට (කිරීමට) නියමිතව ඇත! කෙසේ වුවත් මාධවගේද නහය මත ලපයක් ඇත්තේය. ඇය දිනක් එය අත ගගා ඉන්න ගමන් පැවසුයේ ඒ ලපය හරි සුන්දර බවය. ඇය ඒ ලපයටද ආදරය කරන බවය. ඉතිං මාධවගේ ආදර කතාවේද ලපයක් ගෑවුනේ එසේය.
මේ ආකාරයට ලප කතා අහවර වන්නේය..

පලි -  මේ කතා තුනෙන් දෙකක් නිසා පුද්ගලයින් තිදෙනෙකුට අනිවාම සිතු තැවුල් ඇති විය හැක. ඒ පිළිබදව මාධවගේ කතා සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන්නේය. මේ කතාව ලියනුයේ ලප වල අරුමයක් කියා පෑමට පමණක් වන අතර පැරණී මතකයන් අවුස්සා ඇතැමුන්ගේ සිත් රිදවීමට නොවන්නේය.

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. theme eka nisa kiyawanna amaruy. amaruwen unath asa nisa kiyewwa. godak hodai jaya wewa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අනිවා මං තේම් එක වෙනස් කරන්නං! මොකද මටත් හිතුනා මේක බර වැඩියි කියලා! ස්තූතියි!!

      Delete
  2. ඔය කියල තියෙන ලප නංගිලා දෙන්න මමත් දැකල තියෙනනෝ..
    මම දන්න විදිහට නම් ඔය දෙවෙනි නංගි දැන් සෙපරේට් යාලුවට කියපන් ට්‍රයි කරල බලන්න කියල.
    (මේ ඇනෝ කව්ද කියලත් පුළුවන් නම් කියපන්)

    ReplyDelete
    Replies
    1. පොලා වෙන්න ඕනි! මට හිතෙන විදියට! හිකිස්! වැරදිනං කියපං!

      Delete
    2. නැතෝ.. වෙන කෙනෙක් :P

      Delete
Previous Post Next Post

Contact Form