Posts

Showing posts from 2013

ධනපති පංතියේ දුයිෂේන්.............!

Image
නිර්ධන පංතියේ

සමාජවාදී දුයිෂේන්

ධනපති පංතියේ

එලකිරි පොරක් උනා නං

නිර්ධන පංතියේ

දුප්පත් අල්තීනායි

තාමත් දන්නේ නෑ

කවදාහෝ වසන්තය

ඈ සොයා එන බව..........!

කාලයට ඉඩ දෙන්න..............

Image
මොන බොරුද?
ඉඩ දී බලා සිටීම?
කාලයට

කල හැකි දෙයක් නොමැත
කාලයාට
වැය වී යාම මිස
වෙන දෙයක්

අප විසින් සොයා ගත යුතුය
විසඳුම් අපේ පැනයන්ට
කාලයාගේ විසඳුම්
පැමිණෙන තෙක් බලා නොසිට!

Virus Guard - පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීම සඳහා

Image
පරිඝණක වෛරස් වැඩසටහන් අද මහා හිසරදයක් වී අවසන්ය! විශේෂයෙන් windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් මේ සඳහා වැඩිමනින්ම ගොදුරු වන අතර විවෘත කේත සහිත ලිනක්ස් වැනි මෙහෙහුම් පද්ධති භාවිතා කරන්නවුන්ටද වෛරස් කරදර නැත්තේ නොවේ!

බහුතරයක් දෙනා අද ලෝකයේ භාවිතා කරනුයේ windows මෙහෙයුම් පද්ධති වන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නේ අල්ප පිරිසකි! එසේ හෙයින් අද පරිඝණක වෛරස් මෙසේ බෝවීමට හේතුවක් ලෙසද windows මෙහෙයුම් පද්ධති භාවිතයේ අධික බවද දැක්විය හැකිය! කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ පරිඝණක වෛරස් ගැන, ඒවායින් ආරක්ෂා වීමට කල යුතු දේවල් සහ පරිඝණක වෛරස් වලින් ආරක්ශා කරගන්නා මෘදුකාංග කීපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමය.

පරිඝණක වෛරසයක් යනු බොහෝ විට පරිඝණකය පරිශීලකයාගේ අත්වැරදීමක් හෝ නොසැලකිලිමත් කමකින් හෝ නොදැනුවත්ව හෝ පරිඝණකයට ඇතුලු වී එහි ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන පරිඝණක වැඩසටහනකි! බොහෝ විට පරිඝණක වෛරසයක් ඇතුලු කිරීමේ අරමුණ වන්නේ පරිඝණකයේ දත්ත වලට හානි කිරීම ආදී අයහපත් අරමුණු මිස යහපත් අරමුණු වලින් සාදන ලද වෛරස් වැඩසටහන් ගැන මාධව නං අසා නැත! (CRACK වැඩසටහන් නම් එවැන්නක් යැයි කිව හැකිය!)

ලෝකයේ…

තුන්වැනි වසරටද ආවේය!

Image
ඔන්න කාලෙ ගෙවිලා ගිහිං මාධවගේ කතන්දර 3 වෙනි ඇනිවසරි එකත් සමරන්නයි යන්නේ! කා‍ලෙ ගෙවුන ඉක්මණ හිතාගන්නත් බෑ! අවුරුදු 3ක් කියන්නෙ ලොකු කාලයක් උනාට ඒක ගෙවෙන්න ගිහින් තියෙන්නෙ සුලු කාලයක් වෙන්නැති!! එහෙම හිතෙන තරම් ඉක්මණට කාලෙ ගෙවෙනවා! කාලය ගෙවෙන්න ගතවෙන කාලය ඉතාම තූනී එකක්. එහෙව් කාලය හරහා ගෙවාගෙන අවුරුදු 3ක් පුරාවට බ්ලොග් අවකාශයේ නොදැවී සිටින්නට මාධවට පුලුවන් උන එක ගැන අවංකෙන්ම මාධවට සතුටුයි!

මාධව බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලා හැමදාම කිව්ව වගේ අනුරාධ මල්ලිගෙ උදව්වෙන් පටන් ගත්ත මාධවගේ කතා අඩවිය හිතුවට වඩා දැන් ටිකක් ජනප්‍රිය වෙලා තියනවා!

මාධවගෙ ඉස්කෝලෙ යාලුවෝ, ටෙක් යාලුවෝ ( විශේෂයෙන් ටෙක් එකේ නං චතූ අනිවා බලනවා කියලා දන්නවා ) , මූනු පොතේ කණ්ඩායමේ මාධවගෙ ගෝල බාලයෝ ටික, සින්ඩිකේටර වලට එන යන අය, එකී මෙකී නොකී හැමෝම ඕක බලනවා ඇති! මාධවටත් පට්ට සතුටුයි තමන්ගේ අදහස් වෙන අයත් එක්ක බෙදා ගන්න මේ වගේ මාධ්‍යක් හරහා  පුලුවන් වීම ගැන!

මීට අවුරුදු 3කට කලින් මේ බ්ලොග් එක හදලා ඉවර කරලා පළවෙනි පෝස්ට් එක දැම්මම කියාගන්න බැරි අමුතු ආතල් එකක් දැනුනා! ඊට පස්සෙ ටික ටික බ්ලොග් එක කතා වලින් පුරවන්න පුරවන්න,…

බීමත් උං සමඟ ගෙවූ ජනතාවාදී අවස්ථාවන්..............

Image
මේවා මාධවගේ අත්දැකීම්ය. මාධව රහ මෙර (මත් ද්‍රව්‍ය) කටේ තියන්නෙ නැත. එහෙත් බීමත් උං සමඟ ගැවසී ඇත. රහමෙරට අමතරව මාධව මල් පහස විඳින උං සමඟද කාලය ගත කර ඇත. එක් එක් ආකාරයේ මත් ද්‍රව්‍යයන් වල පිහිට සොයන්නා වූ කොල්ලන් සමඟ කල් ගෙවා ඇත. පාසල තුලදීද එවැනි අත්දැකීම් කීපයක් මාධවට ඇත. එහෙත් මාධව එවැනි දේ අත්හදා බැලීම් වලට ගොස් නැත! අන් අය අත්හදා බලනු දැක ඇත.

මොනා උනත් ආතක් පාතක් නැති එකා බීගත් සැනින් පී එච් ඩී, එම් එස් සී, සියල්ල දත් උපාධිකාරයින්ටත් වඩා දැනුමින් සපිරි සමාජ දැනුමින් යුතු උත්මන් බවට පත්වෙන්නෝය. ඒ විපරිත පරිවර්තනය ඉතා පුදුමාකාරය. එහෙම කරන්න පුලුවන්නං ඉස්කෝලෙ බච්චන්ට පුංචි කල සිටම ගල් කාල කාල දිය යුතු යැයි මාධව යෝජනා කරන්නේය. ඇතැමුන්ට බී ගත් සැනින් සියලු සමාජ වැරදි පෙනෙන්නේය. කොටින්ම කියතොත් බීමත් වීමේ ආදීනව තෙමේම පහදා දෙන්නේ ඉතා අපූරුවටය. අහන් ඉන්න ආසයිය. ඇතැමුන් පට්ට චන්ඩි වෙන්නේ මේ වෙලාවටය! අඩෝ අ**ට හු** තොපි මොක්කුද යකෝ මේ මට හු** කැ* ######## ආදී ලෙසට අපූරු වාග් මාලාවකින්ද සමන්විත වන බීමත්තු ඇතැම්විට චන්ඩිකම් රෙද්ද පල්ලෙන් බේරෙන්නම ගුටි කන්නේද මේ බීමත් කම නිසාය! ඇතැම්හු බිව්වායි…

තෘප්තිමත් නොවූ සුසුම්........................!!

Image
තැවරුනු වත්සුනු
ඉහිරුණු ඇඟලුම්
විසිරුණු සුමුදු ඇතිරිළි
අතර දැවටී

ගතින් වෙලී සිටින්නෙමු
රණ හංසයින් අවදි වූ රාත්‍රියේ
විදිනු පිණිස
යොවුන් බව ඉතිරී ගලන
හැඟුමක පහස

සඳ එලිය වැටී
මැවී ඇති සෙවනැළි අතර
අඩ අඳුරේ පෙනෙන චලනයන්
එක් කලා අමුතු මායාවක්
පිරී ඉතිරුණු හැඟුම් ගොන්නට

එක් කල සිත් සතන් පිබිදී
සිහින් කෙඳිරිළි හඩ සමඟ
තරුණ උණුසුම් රැඟුම් රගනා
නිමේෂය නිමවූ පසු

විඳිමු අපි වෙරළු මල් සුවඳ
තෘප්තිමත් නොවූ සුසුම් සමඟින්...........................!

---------------------------------------------------------------------------------------

all pics from google

නිර්මාංශ වීම................

Image
අද කියන්න යන්නේ ටිකක් වැදගත් කතාන්දරයක්ය!

දැන් ලංකාව යන්නේ හරි අමුතු පාරකය! අමුතුම පාරකය! ඒ හරක් මැරීමෙන් වළකින්න කියන මාවතේය. ඒක හරි අමුතුය! හරකාට පමණක් දැනෙන මරණ බිය අනෙක් මාංශ ආහාර සැකසීමට මරණ කුකුළන්ට, එළුවන්ට, මාළුන්ට, ඌරන්ට දැනෙන්නේ නැද්දෝ කියා සිතෙන්නේ මේ බහුබූත ඇසෙද්දී දකිද්දීය. ඉතිං ඒවා මේවා සියල්ල අස්සේ මාධවට මේ විකාර සහ අරවා මේවා ඇසු දුටු නිසා කියන්න හිතුන කතා ටික පහළ පිළිවෙලින් කොටා දමා මේ ආකාරයේ තවත් කතාවකින් සිය බ්ලොග පුරවන්නේ කලකට පස්සේය...
 නිර්මාංශ වීම...............

නිර්මාංශ වීම කෙටියෙන් සලකා බැලූ විට එයින් අදහස් වනුයේ මස්, මාලු, බිත්තර වැනි සියලු සත්ව ආහාර වලින් ශරීරය පෝෂණය කිරීම අතහැර සම්පූර්ණ වශයෙන් එලවලු සහ පළතුරු ආහාරයට ගෙන ජීවත් වීම යැයි කීමට හැකිය. මෙහිදී සත්ව ආහාර වශයෙන් අප ප්‍රාථමික අධ්‍යාපනයේදී ද ඉගෙන ගන්නා ආකාරයට නම් සත්ව මස්, මාලු කිරි, බිත්තර, (පිස්සු)පීකුදු ආදියද, මේ  කී සත්ව මස්, බිත්තර ආදිය යොදාගෙන සකසන සොසේජස් වැනි ආහාරද ගත හැකිය. මීට අමතරව උම්බලකඩ ද මාංශ ආහාරයක් වේ. එසේ හෙයින් මේවායින් ඉවත් වී .තනිකරම පළතුරු සහ එළවලු වලින් ශරීරය පෝෂණය කිරීම එනං වෙජි…

පිපාසය...................!!

Image
රාගය යනු පැණි බීමක්ය!
ආදරය යනු ජලය බිඳක්ය!
ඔබේ සිත නම් වූ පිපාසය සංසිඳුවාලීමට

ඔබ පැණි බීම පානය කිරීමෙන් පලක් නැත!
ඒ මක් නිසාද යත් පැණි බීම ඔබගේ පිපාසය වඩවයි!

ඔබ ජලය බිදක් පානය කරන්න!
ඒය ඔබේ පිපාසය නිවාලනු ඇත!

ගල් කපන මැසිම, තවත් පුවත් කතන්දරයක් සහ ශරීයා බඩකඩුත්තුව!.............

Image
කරදර සහ කතන්දර අතරේ ගලාගෙන යන ජීවිතය සුලුවෙන් තකන්නට බැරිය. කවදාවත් බැරිය.හැම සිදුවීමක්ම එකිනෙක බැදී තිබෙන්නාක් මෙන් සිතෙන්නේය. ඇතැම්වා විනෝදාත්මක වුවත්, දුක් බර උවත් සිදු වූ හැම සිදුවීමක්ම යම් කිසි දෙයක් ගැබ් වී තිබේය. ඒවා තේරෙන්න කල් ගතවනු ඇත. සමහර දේවල් ජීවිතය ගෙඩි පිටින් වෙනස් කරනුයේ කුණාටුවත් ඇවිත් ගියා සේමය. කොහොම වුවත් එහෙම සුලුවෙන් ගන්න නොහැකි ජීවිතයේදී විදින්න වුන සිදුවීම් ටිකක කතාන්දර ටිකක් මේ විදියට අද මාධවගේ අකුරු වලින් ලියවෙන්නේය. ඒ මෙහෙමය.

ගොඩක් දේවල් විකාර වගේ හිතුවත් විකාරම නොවන්නේය! පුංචි සන්ධියේ මාධවලා ඇතුලු දැන් ඉන්න නාකි රැල කරපුවා ගැන ඒ කාලේ කිසි ගාණක් නැතුව උනත් දැන් එහෙම නැත්තේය! දැන් පුංචි එවුන් කරන කියන දේවල් ඇහෙද්දි මාධවලා ඒ කාලේ කරපුවා නිසා තමන්ගේ සමීපතයින් කොච්චර චාටර් වෙන්න ඇද්ද කියලා හිතෙද්දි සියුම් දුකක් සිත වෙලාගෙන යන්නේය. ඉතිං එහෙම කතාන්දරයකින්ම මාධවගේ කතා වලින් ගොඩ කාලෙකට පස්සේ කියන විනෝදාත්මක සහ සීරීයස් කතා ගොඩ පටන් ගන්නේය.

මේ දිනවල නුවරඑළිය හැටන් පාර කාපට් දාන්නේය. ඉස්සර පැය දෙකකට අඩු කාලයකදී නුවරඑළියට ළගා වෙන්න පුලුවන් තත්වයක් තිබුනු මාධවලට දැන්  …

ගොලු වූ සිතක මොන සිතුවිලිද?

Image
ගොලු වූ සිතක මොන සිතුවිලිද?

ඇසෙන ගීය වල මියුරු නාදයද

අමිහිරි යැයි සිතෙන සමයකි..................

තනි වූවත් නොහඩා සිටින්නට

වෙර දරන හැම විටම

දිරිය බිඳී යයි සැනෙන්.....................

එකෙනෙහිම දෑස් තුල

පිරී ඉතිරෙන කඳුළු තරළය

ගලා යයි මහ ගඟක් මෙන්....................

ඉකි ගසන්නට නොහැකි හෙයින්

කඳුලු පමණක් සලන

තනිවූ ජීවිතයක්.......................

ආදරණීය ලප කතා..........

Image
ලපයක් වූ කලි සාමාන්‍ය දෙයක්ය! ඒත් අපේ බොහෝ අය එයට අසාමාන්‍ය තැනක් දී ඇත්තේ අහවල් ඒවා අසාමාන්‍ය යැයි කියලා අයුරින්මය!ලප ගැන කියන්නේ නම්, ඇතැමුන් ලප දෙස බලා අනාගතේ කියා පාන්නෝය. සුළැගිලි වල උපන් ලප ඇත්තා ඉගැනුමට හපනාය යන්න මාධව එකල අසා තිබුනු ප්‍රකට අනාවැකියක් විය! මාධව නං කියන්නෙ උපං ලපේට කරන්න පුලුවන් දෙයක් නැති බවය! ඉගෙනුම තියෙන්නේ ලපේ නොව ඉගෙනගන්නාගේ හැකියාවේය!ඇතැම් ලප වලින් කියවෙන්නේ ලෙඩ රෝග පිළිබඳවය! ඇතැම් ලප පිළිකා දක්වාම විහිදෙන අවස්තා නැත්තේම නැත! ඒ ආකාරයට කට්ටිය ලප ගැන කියන කතා එමටය! ලප නිසා කෙලවගන්නෝද එමටය! ඉතිහාසයේ දස්කොන් නිළමේ තුමාද තම ජීවිතය නරකම විදියට බෙල්ලෙන්ම කෙලවගත්තේ ප්‍රමිලා දේවියගේ නරකම (අයිශ් අම්මා ගුණ්ඩු!) තැන තිබුනු ලපයක් නිසාය! එහෙව් එකේ ලප නං අම්මෝය! බොහෝ සේ පරිස්සමින් කටයුතු කල යුතු විශයකි! ඒ අතර බොහෝ විට කෙල්ලෝ තරම් වෙන මොකුන් වත් ලප වලින් දුක් විඳින්නේද නැත! කොහොම උනත් ඒවා වෙනමම කතා කල යුතු මාතෘකාවකි!
ඉතිං මේ කියන්නට යන්නේ හරි අමුතු දෙයක් ගැනය. එක එක බඩු එක එක හැඩ ගන්නාක් මෙන්, එක එක ගෙඩි වර්ග එක එක හැඩ ගන්නාක් මෙන්, එක එක ජූස් වර්ග එක එක රස දැනෙන්නාත් මෙ…

මෙහෙමත් ආදරයක්.................................

Image
අද දිනය  “අයියෝ සල්ලි දිනය“ හෙවත් “ආදරවන්තයින්ගේ දිනය“ ලෙස හැදින්වෙන්නේය. අද දින සියලු පෙම්වතුන්ගේ සාක්කු වලට තට්ටු වෙන දිනයක්ය. ඉතිං ඒ ආදරවන්තයින්ගේ දිනයේදී මාධව විසින් තවත් කතාන්දරයක් මේ ආකාරයට පළ කරන්නේ දිගු කාලයකට පසුවය! ඉතිං කියවන්න! කතාව මේ ලෙසින් ලියවෙනු ඇත!

අපි ආදරය ලබන්නෙමු! ලෝක වාසී සියලුම මිනිසුන් සැමදාම ආදරය ලබන්නේ නැති නමුදු ජීවිතයේදී එක් වරක් හෝ ආදරය විඳ ඇත්තෙමු. අද කතාන්දරය සරලව ආදරය ගැන කෙරෙන තවත් ලියමනක්ය. “මෙහෙමත් ආදරයක්“ යනුවෙන් මෙලෙස ලියවෙනුයේ මාධවගේද ආදර අත්දැකීම් අලලා ලියවෙන කෙටි ලිපියකි! ඉතිං කියවා රස විඳින්න  “මෙහෙමත් ආදරයක්“

 පෙර කී ලෙස අපි සැවොම ආදරය එක් වරක් හෝ විඳ ඇත්තෙමු! මේ කියන ආදරය අර කෙල්ල සහ කොල්ලා අතර සිදුවන්නා වූ අරුම පුදුම ආදරයයි! මේ ආදරය නිසා ඇතැමුන්ට සිය මව පියා පවා දෙවැනි තැනට දැමීමට සිදු වී ඇත! ඇතැම් විට උංගේ අම්මලා තාත්තලා මහලු මඩමේ නවතින වෙලාවල්ද ඇත! මහ පස්ට ආදරයක්ය ඒකනංය! මේක පට්ටාන්දර ආදරයක් ලෙස මාධව දකින්නේ මේ කොලු කෙලි යුවලවල් අතර ඇති වන පුදුමාකාර ආදරය උත්තම යැයි උංම අදහන නිසාය. ඒ ආදරයේ සිදුවන පට්ට කේස් නිසාය.....

මාධවද ආදරය ගැන එහෙම අද…

සරුංගල් යැවූ මාධව සහ තවත් කතාන්දර

Image
ඒ කලාව සැමටම බැරිය! මේ සරුංගල් යැවීම ගෝල්ෆේස් බීච් එකේ අපේ අලුත් පරම්පරාව යවන්නා වූ සරුංගල් යැවීමට එහා ගිය දෙයක්ය. ඒවා සිහිකිරීම සිතේ සැහැල්ලුව මෙන්ම දුකක්ද ඇති කෙරෙනුයේ නිරායාසයෙන්මය. කුමක් නිසාද යත් මේ ලියවෙනුයේ මාධවගේ ළමා කාලයේ කතාන්දරයක්ය. මේ කියන්නා වූ කාලය මීට වසර 15කටත් පෙර අතීතයේ ආවර්ජනයක්ය! දැන් ඉන්නා උංගේ විකාර ළමා(නොවන) කාලයන්ට වඩා මාධවලා සැබෑ ළමා කාලය රස වින්දේය! දැන් ළමුන්ට ළමාකාලය නැත! එය අම්මලාගේ කාළකණ්නිකමට යටපත් වී ඇත............

ඉතිං මිත්‍රවරුනි මේ කියන්නා වූ කාලයේ මාධවයා බච්චාය! එනම් ළමයාය! දැන් ඉන්න ළමයා යැයි කියාගන්නා ළමයින්ට වඩා මේ මාධවලාගේ ළමා වර්ශන් එක ගුණ යහපත් කමින් පිරිලාය! සිරාය! දැන් නම් මාධවලාගේ ගන්න දෙයක් නැතත් එකල මාධවලා උතුම් ළමා පරම්පරාවක්ය! අද උං හතේ කණිසමේ අමා බලද්දී එදා මාධවලා බැලුවේ හවස යන දොස්තර හොඳ හිත කාටූනය පමණක්ය. අද හය ශ්‍රේණියේ උං ගැබ් ගනිද්දී (ගැබ් ගන්නේ කොහොමද? ) මාධවලා එහෙම දේවල් ගැන අසාවත් නැත! සිරාම කතාව ඒකය! එකල මාධවලාගේ මුවේ තිබුනු “ මේ ගහේ බොහෝ “ ගීතය වෙනුවට අද අල්ලපු ගෙදර අවුරුදු 4ක් නැති පුංචි එකා කියන්නෙ සුපිරි ඉස්ටාර් ශිහාන්ගේ …

අතැඟිලි බැඳුනු අරුමයක..........

Image
අමතන නොවන දවසක
ලංවූ අපේ අතැඟිලි
එකිනෙක පැටැලුනේ නම්
විඳින්නට ඉඩ තිබුනි “ආදරය“
එහෙත් එය එසේ නොම විය

කාලය ගෙවුනු තැන
තව එක්තරා දිනෙක
අපි දෙදෙන නොසිතුමුත්
එකම එක මොහොතකදි
එය එසේ සිදුවිය

අපටම හොරෙන් අපි
අපේම සිත් කියවූ අයුරු
සිතාගත නොහැකි මොහොතක
එක්වරම අපේ අතැගිලි
එකට බැඳුනු අරුමය

එයම ඇති සැනසෙන්න
සදාකාලික මතකයේ ඉතිරිවූ
“ආදරය“ නොකී මුත්
මම නුඹට හෝ නුඹ මා හට
අපි “අපව“ හැඳිනූවා යැයි
සිතුනු ඒ නිමේෂය............................