භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ!








මරු සිද්දියක්ය! ඇත්තෙන්ම මේ බූත කතා බහුබූත ලෙස නොසලකන මෙන් මාධවලා ඉල්ලා සිටින්නේය! මෙහි සීරියස් කතාන්දර පුවතක් ඇත්තේය! මේ කතාන්දරය පුරවාලීමට මාධව සහ තව මිතුරන් දෙදෙනෙක් සම්බන්ධ වන්නේය! ඉතිං අද මාධවගේ කතාන්දර තුලින් “භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ“ තුන්දෙනාගේ කතාන්දරය කියවන්න එකතු වන්න!




මෙම ස්ථානය එතරම් ප්‍රසිද්ද නැති ඇල්ලක්ය. ඇල්ල ළගින් යන පාරේදී ඇල්ලේ සිට මීටර දෙසීයක් පමණ උඩහට හෝ පාරේ පහල පැත්තේ හෝ ගෙයක් දොරක් නොමැති පස්ට පාලු පෙදෙසක් වන මෙම ඇල්ල වැසි කලට ඉතා අලංකාරව දිස්වන්නේය. මෙම දිය ඇල්ල ඇත්තෙන්ම අප්‍රසිද්ධව සැඟවි තිබෙන සුන්දර ස්ථානයක්ය. මාධව මේ ස්ථානය පිළිබදව මීට පෙරද ලියා ඇත. සෑහෙන කලකට පෙර සිටම මේ ඇල්ල අවට හොල්මං රජ කරන බවට විවිධ කට කතා තිබුනේය. මිනිස් පුලුටක් නැති රාත්‍රී කාලයට මෙම ඇල්ල පෙදෙස අතිශය පාලු ස්භාවයක් ගැනීම එයට හේතු විය. මාධවද ඉන් කීපයක් අසා ඇත. මෙම ඇල්ල ළග පොදු සුසාන භූමියක් පිහිටා තිබීමද මෙම කතාන්දර වලට පොහොර වැටුනු තවත් කරුණක් විය. ඉතිං ඒ ඇල්ල ළග රෑට සිටින්නා කියන භුතයින් ඇල්ලීමට මාධවලා ගත් උත්සහයක් මෙහි මේ ආකාරයට ලියවෙන්නේය.


දිනය  - 2012 වසරේ අවසාන පොහොය දිනයට පෙර දින(2012 දෙසැම්බර් මස 26 රාත්‍රී 10 පසුවී)

මේ කියන දවසේ මාධවලාගේ ටවුමේ උත්සවයක් වගේය.මේ උත්සව ශ්‍රීය සෑම වසරකම වර්ෂ අවසාන පොහොය දිනට මේ ආකාරයටම ඇතිවේය! එයට හේතුව සිරිපා වන්දනා කාලය ආරම්භ වීම නිමිති කරගෙන සමන් දෙවි ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර මාධවලාගේ ටවුමටද ළගා වීමය! සාමාන්‍යෙයෙන් නම් මේ පෙරහැර මාධවලාගේ ටවුමට ළගා වී නල්ලතන්නිය බලා ටවුමෙන් පිටත් වන්නේ රාත්‍රී 8 - 11 අතර කාලයේදීය! ඉතිං මේ කියන්නා වූ දවසේද මාධව ටවුමට ගියේ සමන් දේව ප්‍රතිමාව කෙසේ වෙතත් සිය මිතුරන් ටික දැක බලා ගැනීමටය! අනිවාර්යයෙන්ම මේ කියන දිනට පාසල් මිතුරන් කිපදෙනෙක් හමුවීම නිසැකය!

ඉතිං මේ කියන දින මාධව සමග සිය පාසල් මිතුරු බක චින්තකද එක්කාසු විය! දෙදෙනා ටවුමට ළගා වී ස්ථාන ගත වූ පසු ඇපල් චතුරංගට කෝල් කොට තෙමේද කැඳවාගත්තේය. සයිවරයෙන් බිත්තර ආප්ප දෙක තුනක් ගිල දමා කුසගින්න නිවාගත් තිදෙනා ආගිය පාසල් කතා මතක් කර කර සිටියේ සමන් දෙවි පිලිරුව රැගත් පෙරහැර ළගා වන තෙක්ය. එහිදී යලි මතක් වූ පාසල් කතා පිළිබඳව යලි පෝස්ටුවක් ලිවීමට පසුව සිතා සිටින හෙයින් මෙම කතාවේදී ඒ කතාන්දරද ඉදිරිපත් කීරීමට මාධවගේ අදහසක් නැත.

කෙසේ වුවද පෙරහැර ළගා වූ පසු එයින් ලැබුනු පළතුරු පූජා වට්ටියකට වග කියා තිදෙනාම චතුරංගගේ (ඇත්තෙන්ම පොරගේ අයියාගේ) හොන්ඩා රාජයා මත නැගී ත්‍රිබල් දමා බක චින්තකයාව ගෙදරට ඇරලීමේ ගමනට පිටත් විය. මේ ගමන බක චින්තකයාට කජ්ජක් නොවන නමුත් මගදි හමුවන ඇල්ල සහ සොහොන් පිටිය මතක් වූ මාධව සහ ඇපල්ට හෙතෙම පයින් යැවීමට සිත් නොදුන්නේය. ඉතිං තිදෙනාම ත්‍රිබල් දමා හොන්ඩා මතින් බකගේ ගෙදර බලා ඇදෙන්නේය. එසේ ඇදී ගොස් බකයාව ගෙදර දමා ආපසු මාධව සහ ඇපල් සිය නිවෙස් කරා ඇදුනේය. එහිදී ඇල්ල ළගදී හොන්ඩාව නතර කල දෙදෙනා අහඹු ලෙස ඇල්ල වටේම පින්තූර ගත්තේ ඇපල්ගේ “ඇපල් අයියෝ“ එකෙන්ය! මෙවිට වෙලාව මහ රෑ දොලහා පසු වී තිබුනේය!

ඉතිං එලෙස වටපිටාව පින්තූර කරගත් පසු මාධව පාසල ලගින් බස්සවා ඇපල් සිය නිවස බලා ඇදුනේ “පින්තූර අද රෑම එවන“ පොරොන්දුව මතය.

දිනය  - 2012 වසරේ අවසාන පොහොය දින(2012 දෙසැම්බර් මස 27 උදෑසන 0030 පැය පසුවී)

මහ රෑ තනියම නිවෙසට පැමිණි මාධවට ලැබුනු කෙටි පණිවුඩයේ සටහන් වූයේ පින්තූරෙක “මොකක්ද ජරා එකක්“ තියන බවය! හැරෙන විද්‍යුත් මේලයෙන් එම ජරාව අඩංගු පින්තූරය මාධවට ලැබුනේය! පහත තියෙන්නේ ඒකය!

චතුරංග එවු පණිවිඩය!




භූත බමුණා!


එහි අබිරහසක් ඇත! මේ ඉන්න බුම්මට්ටා වගේ එකා කව්ද යන්න මාධවලාට ගැටලුවක් විය! එකා යකෙක් නං ඌව ඇල්ලීමට මාධවලා එදිනම මූනු පොතේ චැට් කුටියේදී සාකච්ජා සහ කල්පනා කලෝය. ඒ අනුව පසුදා බකගේ නිවෙසට යාමට ඇති හෙයින් ඒ ගමන්ම ඇල්ල ළග නැවතී මේ බූත පැටියා අල්ලා ගැනීමට දෙදෙනා කල්පනා කලේය!


දිනය  - 2012 වසරේ අවසාන පොහොය දින(2012 දෙසැම්බර් මස 27 උදෑසන 1000 පැය පසුවී)

ඇල්ල ළග දෙදෙනෙක් නැවතී සිටින්නේය. මාධව සහ ඇපල්ය. දෙදෙනා පොටෝ දෙක සන්සන්දනය කරමින් බූතයා සෙවීමට පටන් ගත්තේය. එහෙත් එහි ඇති දෙයක් නැත! මාන පඳුරු වලට මෙවැනි දෙයක් මතු කල නොහැකි බව දෙන්නාම සහ සුදක් සේ දන්නේය. මොකද එහෙම මතු කල හැකිනං දෙන්නා එදා රෑ ගත් හැම රූපෙකම බූතයන් සිටිය යුතුය! කෝකටත් කියා මහ දවල් පොටෝ දෙක තුනක්ද ගත්තේය. පෙර දා රෑ ගත් පින්තූර සමඟ සන්සන්දනය කලෝය! වැඩක් නැත! එහි කිසිත් නැත! ඒ අනුව තවදුරටත් බූතයා අභිරහසක් විය! එය සොයා ගැනීමට නං ආයේ රෑම ඒමක් තිබුනේය! ඒ නිසා ඇල්ල අවට එම බූත පැටියා සිටිය යුතු ස්ථානයන් පිළිබඳව මතක තබා ගත් දෙදෙනා යන්න ආපු ගමන ගියේය! එනං  කස්ටිය බකයාගේ ගෙදර ගියෝය.


දවල් ගත් පින්තූරයක්!!





දිනය - 2012 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින 1900වැනි පැය පසුවී (සවස හතෙන් පසු!)

පට්ට අඳුරුය! බයික් එකක් සහ තිදෙනෙක් එදා ඇල්ල ළග සිටියෝය. තිදෙනාටම ඇතිව තිබූ ගැටලුව මේ බූත පැටියාය. ඉන්දික අයියාගේ වන් මෑන් ෂෝ එක බැලු ඇපල්, මාධව සහ බකයා එය අහවර වූ පසු පෙර සේම ඇපල්ගේ හොන්ඩාගේ පිට නැගී බකයාව ගෙදරට ඇරලීමට ත්‍රිබල් දමා ගියේය. එහිදී දෙයියෝ දුන්න අවස්ථාව මාධවලා අතෑරියේ නැත. ඇන්ඩ්‍රොයිඩය කෙලවුනු පසු බකයා ටෙම්පරි මිලට ගත් චීන ෆෝන් කට්ටේ ටෝච් එක දල්වාගත් මාධවයා එය හතර අතේ වනමින් ඇල්ල අවට පරීක්සා කලේය. ඒ අතර බකයාද කට වසාගත නොහී තෙමේද අතන මෙතන කිය කියා මාධවලා අවුස්සමින් සිටින්නේය. ඇපල් සිය අයියෝ එකෙන් පෙර සේම පොටෝ ගන්නේය. හැබැයි එදා මෙන් අහඹු ලෙස නොවේය. පෙර පින්තූරය බලා ඒ ආකාරයටම අලුත් එකක් ගැනීම ඇපල් විසින් සිදු කලේය.

චයිනීස් එලියෙන් භූතයින් සොයන මාධව


ඉන් පසු නව පින්තූරය පරික්ෂා කර බලා චයිනීස් එලියෙන් මාධව එම පින්තූරයේ සටහන් වූ පෙදෙස පරික්ෂා කරන්නේය. එසේ කරන විට මාධවලාට එක්වරම භූතයා දර්ශනය විය.මාධවලා නැවත නැවතත් එම ස්ථානය පරීක්ෂා කර පින්තූර ගෙන බූතයා එහි සිටින බව තහවුරු කර ගත්තෝය. මාන පඳුරු තුල සැඟවී සිටි බූතයා කෙමෙන් පැහැදිලිව දැකීමට තිදෙනාටම හැකිවිය! පාලු සොහොන් පිටියේ හදකලාව වැතිරී සිටින මලවුන්ගේ සුසාන මතින් සමා එන සීතල සුළග ඇල්ලේ පින්න ද එක්කාසු කොට තිදෙනාගේම සිරුරු සීතල කලේය. බකයාගේ කටින් එලියට පැන්න අමු තිත්ත කුණු හරුප ඇල්ලේ හඩින් යටපත් විය. භූතයා, මාධව, ඇපල් සහ බකයා දෙස ඇස් නෙරවා පෙර සේම බලා සිටියේය. ඉතින් මාධවලාගේ ප්‍රයත්නයක් සාර්ථක වීම ගැන ඒ මොහොතේ මාධවලාට කිසිත් සතුටක් සිතුනේ නැත. අමු තිත්ත කලුවර සහ මූසල පාලු මණ්ඩියේ වීර කොල්ලෝ තිදෙනා භූතයා අභියස කිසිත් නොකියා බූත මුහුණ දෙසම බලා සිටියේය............!!.

අවසානයේ බූතයා දුටු බකයාට බකස් ගා හිනා ගිය අතර සියලු අභිරහස් නිමවූයේ එහෙමය. පසුව තිදෙනාම බූතයින් සොයා යෑම සමරා පින්තූර කීපයක් ගත්තේය.





ඉතිං ඒ අනුව බ්ලොගේ දැමීමට අවසාන වාර්ථාවද සැකසුනේය

අවසාන වාර්ථාව
දිනය - ‎Sunday, ‎30 ‎December, ‎2012


මේ භූතයා සෑදි ඇත්තේ ගල් දෙදකින් සහ සෙවනැලි වලින්ය. පාලමේ ඇඳි වල සෙවනැලි සහ පින්තූරයේ පෙනෙන වල් පඳුරු වල සෙවනැලි (මේ සෙවනැලි ඇතිවන්නේ ඇපල් ෆෝන් එකේ කැමරා ෆ්ලෑෂ් දැල්වීම නිසාය. පින්තූර ගන්නා සෑම විටකම හොන්ඩාගේ පහන් නිවා තිබුනු බව සහතික කරමු!) එකිනෙක මත පතිත වීමත් මාන පඳුරු .තුල තිබූ තරමක් විශාල පාෂාණ දෙකකුත් ඇතිව මේ බූතයා දිස්වෙන්නේ එක් කෝණයකට බැලූ විට පමණි! ඉතිං එදින අහම්බෙන් ගත් ජායාරූප ගොන්නේ තිබුනු පින්තූර දෙකකුත් අහඹු ලෙස මෙම කෝණයට අනුව වැදී ඇත.

බූතයෙක් ලෙස පැත්තකින් පෙනී ඇත්තේ මෙන්න මේ ගල් ගොඩය!


ඒ අනුව ඇල්ල ලග භූතයෙක් නොමැති බවද එහි ඇත්තේ ගල් පමණක් බව මාධවලා තහවුරු කරන්නේය.

ඉතිං මෙය ආරම්භයක් පමණි! භූතයින් හමුවී පාඩමක් ඉගෙන ගන්නා තුරු මාධවලා භූතයින් පසු පස හඹා යනු ඇත!

පලි - වාචික සාක්ෂි නොමැති වීඹ ගැන කණගාටුව!
සියලු පින්තූර වල අයිතිය - චතුරංග® සහ m7vidu™ crop සතුය!


නිමවූ වසර දෙස හැරී බලා නව වසර අර්ථවත් කර ගනිමු! එහෙනම් ලබන්නා වූ 2013 වසර සියලු බ්ලොග් පාඨක පිරිස ඇතුලු මුලු ලෝ වාසී සියලු දෙනාටම යහපතක්ම වේවා! මාධවගේ කතා තුලින් ප්‍රාර්ථනා කරන්නනෙමු!

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අර මුහුණ දීමට නොහැක කියලා වහලා ඉන්නෙත් භූතයෙක් වෙන්ඩැති !

    ReplyDelete
  2. අම්මෝ කියවල ඉවර වෙනකං මං හිටියේ මාර බයෙන් :D හොදටම ලියලා . . . :D

    ReplyDelete
  3. මේ පොට් එක ගෙනනම් අපටද කීමට බොහෝ දේ එතත් ,අපි එය නොකීමට වගබලා ගන්නෙමු .

    ReplyDelete
  4. @වෙනි - වෙන්නැති නේ?? හිකිස්!

    @සන්තානය - ඔව් ඉතිං! නංගිල උණත් දන්න කියන පලාතනේ!

    @උපුල් මල්ලි - උඹත් භූතයෝ අල්ලන්න ආසනං සෙට් වෙයං!

    @කසුන් - ඒවා නං කියන්න එපා මලේ!!

    ReplyDelete
  5. affata siri ela ela mma adane dakke bn!!Pixxu Porawalla ne :D :D

    ReplyDelete
    Replies
    1. උඹත් ජොයින් වෙයං! බූත පැටව් අල්ලන්න!

      Delete
  6. කාලෙකින් බන් මේක කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මචං ඒ් කාලේ මතක් වෙද්දි!!

      Delete
Previous Post Next Post

Contact Form