බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 04



මාධවගේ බයිසිකල් දිනපොතේ තියන තවත් කතා ටිකක් කියන්නයි මේ හදන්නේ! ඉතිං ආයෙත් ගොඩ කාලෙකට පස්සේ මාධවගේ බයිසිකල් දිනපොත කියවන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතිං කතා ටික පටන් ගන්නම්.

මාධවගේ බයිසිකල් දිනපොතේ තියන පරණ කතාන්දර වලට යන්න නං ඕං පහල සබැඳි ක්ලික් කරන්න!

පළමු කොටස    දෙවැනි කොටස    තෙවැනි කොටස


මේක මේ වර්තමාන(කතාව ලිවූ කාලයේදීම සිදු වුනු) සිද්ධියක්. ඇත්තටම සිද්ධියක් නෙමෙයි! විස්තරයක්. මාධවගේ බයිසිකලය ටිකක් ලෙඩ වෙලා! ඉතිං මාධව මේ කියන්න යන්නේ සයිකලේ තියන ලෙඩ ටික ගැන. ඉතිං කියවන්නකෝ! අදට සති දෙකකට කලින් මාධව තමන්ගේ සන්ධ්‍යා බයිසිකල් චාරිකාව අතරතුර පාසල ඇතුලට සයිකලේ පැදගෙන ගිහින් ඒක ඉස්කෝලේ පිට්ටනියට දාගෙන ටිකක්(පැයක් විතර) වෙලා පිට්ටනියේ හොදට ඇති වෙනකල් නිදහසේ බයිසිකල් පැද්දා! මොකද වාහන එයි කියල බය වෙන්න දෙයක්යැ! හැබැයි හිටපු ගමන් මාධවලගේ ඉස්කෝලෙ පිට්ටනියට හෙලිකොප්ටර් නම් බානවා! ඒවත් අද බාන එකක් නෑ කියලා උපකල්පනය කර කර මාධව හිතේ හැටියට පිට්ටනිය පුරා බයිසිකල් පැද්දා!

ඉතිං ඔහොම බයිසිකල් පැදලා පැදලා පැදලා දාඩිය පෙරාගෙන හඩ්ඩා වගේ ආපහු ගෙදර එන්න කියලා ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ආවම තමයි මොකක් හරි අවුලක් වගේ කියලා මාධවට තේරුනේ! මාධවලගේ ඉස්කෝලෙ ඉස්සරහින් යන්නේ අර කලින් පෝස්ට් එකක කිව්ව ඇල්ලට යන පාරම තමයි! ඉතිං ඒ කියන්නේ පල්ලමක් නේ! පල්ලමට දැම්මා විතරයි බල්ලෝ අල්ලන්නේ නෑ! මං කිව්වේ බයිසිකලේ තිරිංග වැඩ කරන්නේ නෑ වගේ! බ්රේක් අඩුයි වගේ දැනුනා! කකුල තියලා නවත්තගෙන (පාරේ ඉදගෙන සයිකලේ ලෙඩ බල බල ඉන්න බැරි නිසා) ඉස්සරහ තිරිංග වලින් යන්තම් අල්ලගෙන කොහොම කොහොම හරි මාධව තමන්ගේ මාමගේ ගෙදරට ආවා! ආබාධයකින් තොරව! ඒ ආවා විතරයි ටිකක් වැස්ස පටන් ගත්ත නිසා මාධව සයිකලේ එහේ දාලා ගෙදර ආවා! ඊට පස්සේ මාධවට ආයේ සයිකල් පදින්න යන්න පුලුවන් උනේ අද ( 2012 සැප්තැම්බර් 18 ඉරිදා) තමයි! මොකද එදා ඒ වහින්න පටන් ගත්ත පාර එක දිගටම සති දෙකක් මදි නොකියන්න වැස්ස!!




ඉතිං මාධව මේ අද ආපහු ගියා බයිසිකලේ තත්වය බලන්න! ඉතිං එදා මොකක් හරි උනාට අද නම් බලන්න තරම් වරදක් නෑ වගේ! ඊට පස්සේ හුළං ටිකක් ගහලා ආපහු පාරට දාගෙන මෙන්න මේ උඩිං තියන ෆොටෝ එකේ පේන හරියේ පැදල බැලුවා! ඒ ටිකේ ටිකක් තැන්න නිසා බයක් නෑ. මොකද බ්රේක් නැතත් අවුලක් නෑනේ! අනික වාහනත් අඩුයි!! ඉතිං ඒ බලද්දිත් බ්රේක් අඩුයි! තවත් ටිකක් තදට කම්බි ටික ආයෙත් හදලා කියලා ආයේ බැලුවත් එච්චරමයි! අනේ මංදා! මාධවට ගොඩක් අවුල්! මොකද  බයිසිකලේ ලෙඩ උනා කියන්නේ ආයේ මාස ගාණකට ටුවර් නෑ! මොකද සයිකලේ හදන්න සල්ලි නෑ මාධව අතේ මේ දවස් වල.සල්ලි තියනවනම් මාධව තමන්ගේ කෙලවිච්ච ෆෝන් එක වත් හදා ගන්නවනේ! ඉතිං කෝකටත් ආයේ හොදට බලද්දි තමයි දැක්කේ බල්ලගෙ දත් නෑ කියලා! ඒ කියන්නේ බ්රේක් කටු ගෙවිලා! අවුරුදු තුනක් කියන්නේ බ්රේක් ගෙවුනේ නැත්තන්නේ පුදුමේ! මාධවට හිතුනා. මේ පැත්තේ තියන පල්ලම් වල යනකොට අල්ලන බ්රේක් වලට සැරට එහෙම නොවුනනම් අන්න ඒක නම් පුදුම වෙන්න ඕනි! මාධවලගේ පැත්තේ කදු පල්ලම් වැඩි නිසා අනික් පැති වලට වඩා ඉක්මණට ඕන වාහනේක බල්ලොන්ගේ දත් ගෙවෙන එක අහන්න දෙයක් නෑ! හරියට මූදු කරේ ත්‍රී වීලර් අනික් පැති වලට වඩා ඉක්මණට දිරන්න වගේ! ම්ම්ම්! ලෙඩේ අහුවුන නිසා මාධවට සතුටුයි! ඉතිං අදට විතරක් බ්රේක් කටු වල ගෙවිලා නැති ටික තව ටිකක් උඩින් වෙන්න තදටම හයි කලා! ඒක තාවකාලිකයි! ඉක්මණට අලුත් එකක් දාන්න හිතාන අදට එහෙම කලේ! ඒ කරලා මාමලගෙ ගෙට උඩින් කන්දේ දුරින් කාලක් වත් ඇදගන්න හමුබුනේ නෑ ගියර් කචල් ගියා! අෆොයි! මොනා කරන්නද! ආයේ ආවා! ඇවිත් බලද්දි පිටපස්සේ උඩින්ම තියන සැහැල්ලුම ගියර් එකට වැටෙන්නේ නෑ! ඉතිං මොන කදුද! ඒක හදන්න වෙන්නේ හෙට! ඒක කදු වලට විතරයි කියලා හිත හදාන අදට මාධව යන්තම් ටිකක් පැදලා අමාරුවෙන් ඉස්කෝලෙ ඇතුලටත් ගිහින් ටිකක් පැදලා ටක් ගාලා ගෙදර ආවා! අද වෙනදට වඩා දාඩියත් දැම්මා මාධවට. ඒ අර ගියර් හරියට වැඩ නැති කම හේතුකොට ගෙන එතරම් සැහැල්ලු නැති ගියර් වල තියාන කදු පාගන්න උන නිසා!!!

ඉතිං ඒක වර්තමාන තත්වයනේ! වර්තමානය එසේ වෙද්දි අපි යමු අතීත කතාවකට! මේක මාධව පොරගේ අයියා කෙනෙක්ට, ඒ කියන්නේ සදකැලුමා නොහොත් කොකාගේ හා මාධවගේ ආදරණීය බුදු අයියාට බයිසිකල් පුරුදු කරන්න කාපු කට්ටක් ගැන කතාව. මේ සදකැලුමා කියන්නේ මාධවගේ හා කොකාගේ ලොකු තාත්තාගේ පුතන්ඩියා! මූ තමයි සයිකලේ යනකොට පාගන්නේ නැති මේ ලෝකේ ඉන්න එකම එකා! ඒ කියන්නේ පා පැදි වල යනකොට පැඩල් එකේ කකුල තියන් ඉන්නවා මිසක් ඒක පාගන්නේ නෑ! ඉතිං කොහොමෙයි බයිසිකලේ යන්නේ? මූ ඒක පෙරලගෙන හතර ගාතෙන් දඩ බඩං! හරියට ඌ බීලා ඉන්න වෙලාවට වැටෙන්නා වගේමයි! හැබැයි මාධවට දැං හිතෙනවා මූට වීදුරු දෙකක් විතර පොවලා සයිකලේ දීලා බලන්න! ඒතකොට මූ කෙලින් යයි බැලන්ස් කරං හරියට කක්කුට්ටා බීලා කෙලින් ගියා වගේම....

ඉතිං මේකයි කතාව! මේ සදකැලුමට මේ සයිකල් කෙරුවාව පුරුදු කරන්න මාධව ගොඩක් ට්‍රයි කලා! ඌටත් ඒක පුරුදු වෙන්න ඕනි කිව්ව නිසාමයි මාධව ඌට පුරුදු කරවන්න හිතුවේ! ඒත් මූ පාගන්නේ නෑනේ! කොච්චර කිව්වත් පාගන්න අමතකවෙනවා මූට. ඉතිං ඔහොම ඉන්නකොට දවසක් මාධවයි මේ සදකැලුමයි දෙන්නා මාධවලගේ ගෙවල් වලට ටිකක් උඩහින් ඉන්න රසිකයගේ කම්පියුටර් එක ෆෝමැට් කරන්න ගියා! එහෙ යන්න තියෙන්නේ මාධවලගේ ඉස්කෝලෙට පහලින් යන තාර දාපු තවත් පුංචි ( පෙර කී ඇල්ලට යන පාරේම තියන තාර දැමූ අතුරු පාරක්) පාරක! ඒ පාරේ තමයි මාධවලගේ මාමාගේ ගේ තියෙන්නෙත්! ඉතිං මාධවලා රසිකගේ ගෙදර ගිහින් කොම්පියුටරේ ෆෝමැට් කරලා සිස්ටම් එකත් ඉන්ස්ටෝල් වෙන්න දාලා ( ඒ කාලේ පෙන්ටියම් හතරේ මැෂීන් එකක් සුද්ද වෙන්න පැයක් හමාරක් විතර යනවනේ ) කස්ටිය එළියේ පාරට වෙලා කතාව! ඒ අස්සේ මාධව සයිකලේ අරන් පාර දිගේ උඩහටයි පහලටයි යනවා! මොකද නිකං හම්බෙච්ච චාන්ස් එකේ ආතල් එක උපරිමේටම ගන්න ඕනිනේ!  ඉතිං රසිකයත් මාධවගේ බයිසිකලේ අරන් ටිකක් පැදලා සදකැලුමට දුන්නා! මූ නළීයනවා! අලුත් මනමාලි වගේ! ඉතිං ඒ ඇයි කියලා අපි ඇහැව්වම මූ ලැජ්ජාවෙන් කිව්වා පදින්න බෑ බං කියලා. යකෝ ලැජ්ජා වෙන්න දෙයක් යෑ මේක.


ඉතිං ඊට පස්සේ තමයි මෙහෙයුම පටන් ගත්තේ...!! රසිකයා උපදෙස් දෙනවා සදකැලුමා සයිකලේ පදින්න හදනවා! මේක කියවන කස්ටිය හොදට මතක තියා ගන්න මාධවලගේ ගමට පාරක් නැති බව (තාමත්). ඒක නිසා ගමේ ගොඩක් කට්ටියට වාහන ගැන ඉගෙන ගන්න, වාහන ගන්න, වාහන පදින්න ඉගෙන ගන්න උවමනාවත් තිබ්බේ නෑ කියලා කිව්ව හැකි. මාධවලටත් සයිකල් පදින්න පුරුදු උනේ තමන්ම ඒවා ගත්තට පස්සෙනේ! ඉතිං මේ දසකැලුමත්, සොරි ටයිපිං වරදිනවා අප්පා, සදකැලුමත් ඉස් ඉස්සෙල්ලම පැද්දේ මාධවගේ සයිකලේ වෙන්න ඇති!! ඒ නිසා තමයි මූට අවුල්! ඉතිං රසිකයගේ උපදෙස් පිට මූ පදින්න හදනවා! ඒත් වැටෙනවා! ඔහොම පුරුදු වෙන එක ටික වෙලාවක් යද්දි තමයි සදකැලුමාට වෙන වැරැද්ද මාධවලට තේරුනේ! රසිකයට ඒ ගැන ඌට උපදෙස් දෙන්න බැරි වෙලාද කොහෙද!! මේකයි වෙච්ච අවුල. සදකැලුමා සයිකලේ නැගලා සයිකලේ ඔහේ යනකල් යනවා විතරයි, සයිකලේ පොඩ්ඩක් වේගේ අඩුවීමක්, නවතින්න ආවට මූ පාගන්නේ නෑ ඔහේ බකං නිලං ඉන්නවා! පාගන්නේ නැතුව යන සයිකල් තියේ යෑ! ඉතිං මූ සයිකලේ නැවතුනාම දඩිං. කකුල තියන්නත් මූට අමතක වෙනවද කොහෙද!!! රසිකයට කියන්න බැරිවෙලාද කොහෙද සයිකලේ යන්න නම් ඒක පාගන්න ඕනි කියලා............!

හරි ඉතිං! ඒත් ඕක කොච්චර කිව්වත්, කරත් තාම මූට සයිකල් පදින්න බෑනේ! මොකද මේ ළගදිත් මාධව පොරට සයිකලේ දීලා බැලුවා! ඒත් මූ තාම එහෙම්මයි! සයිකලේට නැගලා ඉදගත්තම පාවෙලා යනවයි කියලා හිතං වෙන්න ඇති ඔහේ ගිහිං වැටෙනවා!! කකුල් වලට වෙර අරං පාගන්න අදහසක් නෑ!! ඒ අස්සේ මූ දැං මෝටර් බයික් පුරුදු වෙනවා! ඒක නම් මූට ටිකක් පුලුවන්! මොකද ඒක පාගන්න ඕනි නෑනේ.(ඒත් ඒකෙත් ඌට කික් එක ගහලා දෙන්නේ නම් මාධව)............




පලි -  මේ කතාන්දරය ගොඩක් ඉස්සර ලිව්ව එකක්ය! දැමීමට බැරි විය! අහම්බෙන් ලිපි අතර තිබී සමුවිය! එසේ හෙයින් අද පල කලේය!!!

පලි -  මේ මෑතකදී කොන්ක්‍රීට් කරන ලද පාරක් මාධවලාගේ ගමට ආසන්නව හෝ ලැබුනු බව සතුටින් දැන්වීමට කැමැත්තේය! දැන් ගමට හරියට ටුක් (රෝද තුනේ ත්‍රී වීළර්!) එන්නේය!

මේ ලිපිය පෝස්ට් කරන්නා වූ අද දවස වෙද්දිත් සදකැලුමාට බයිසිකල් අරහංය!!!






Comments

  1. හ්‍හේ.. කික් සහායක.. එළ කතාව..

    ReplyDelete
  2. "සයිකලේට නැගලා ඉදගත්තම පාවෙලා යනවයි කියලා හිතං වෙන්න ඇති ඔහේ ගිහිං වැටෙනවා " හෙහේ මටත් ඔය ලෙඩේම තිබ්බා පුංචි සන්දියේ. මට තාත්තා බාග බයිසිකලයක් අරන් දුන්නා.හාෆ් එකක් කියලා කියන්නේ ඒ දවස්වල. මට තාම මතකයි වැටිල තුවාල කරගත්ත හැටිත්...

    ReplyDelete
  3. පට්ට කතාවක් ය.. කලකට පෙර මමද බයිස්යිකලයක් උරුමකරුවෙක් වී සිටියෙමි.. නමුත් කාලයාගේ ඇවෑමෙන් බයිසිකලය යකඩ බඩු කඩයට දීමට වත් නොහැකි තරමට අබලන් විය... මමද පෑගීමට තරමක් මැලි කමක් දැක්වූ අයෙක්මි... එකල මට සම්පූර්ණ වටයක් පැඩලය පැගීමටද හැකියාවක් තිබුනේ නැත... එනම් මම පදින්නේ බාගේ බාගේය... පදින් උන් එහි අරුත දනිති.... මගේ අඬු බඬු දිග මදි වීමද එයට එක හේතුවකි.. කෙසේ නමුත් මම දැන් පැටලයට සමු දී.. ඇක්සිලේටරය හා මිත්‍ර වී සිටිමි... 84 ශ්‍රී 6237 යනු මගේ වත්මන් මිතුරාය... ඔහු එක දෙක පහ වර්ගයේ හොන්ඩාට දාව උපන් එකෙක් ය... එය එසේ නමුත් සයිකලයක් පාගන විට දැනෙන් ආතල් එක එයින් ගත නොහැකි බවද කිව යුතුමය...

    ReplyDelete
  4. සන්තානය - බයිසිකලේ අරහං කියනවනේ හැබෑට!!

    ReplyDelete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

ප්‍රජනන කුට්ටං!