Posts

Showing posts from December, 2012

භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ!

Image
මරු සිද්දියක්ය! ඇත්තෙන්ම මේ බූත කතා බහුබූත ලෙස නොසලකන මෙන් මාධවලා ඉල්ලා සිටින්නේය! මෙහි සීරියස් කතාන්දර පුවතක් ඇත්තේය! මේ කතාන්දරය පුරවාලීමට මාධව සහ තව මිතුරන් දෙදෙනෙක් සම්බන්ධ වන්නේය! ඉතිං අද මාධවගේ කතාන්දර තුලින් “භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ“ තුන්දෙනාගේ කතාන්දරය කියවන්න එකතු වන්න!


මෙම ස්ථානය එතරම් ප්‍රසිද්ද නැති ඇල්ලක්ය. ඇල්ල ළගින් යන පාරේදී ඇල්ලේ සිට මීටර දෙසීයක් පමණ උඩහට හෝ පාරේ පහල පැත්තේ හෝ ගෙයක් දොරක් නොමැති පස්ට පාලු පෙදෙසක් වන මෙම ඇල්ල වැසි කලට ඉතා අලංකාරව දිස්වන්නේය. මෙම දිය ඇල්ල ඇත්තෙන්ම අප්‍රසිද්ධව සැඟවි තිබෙන සුන්දර ස්ථානයක්ය. මාධව මේ ස්ථානය පිළිබදව මීට පෙරද ලියා ඇත. සෑහෙන කලකට පෙර සිටම මේ ඇල්ල අවට හොල්මං රජ කරන බවට විවිධ කට කතා තිබුනේය. මිනිස් පුලුටක් නැති රාත්‍රී කාලයට මෙම ඇල්ල පෙදෙස අතිශය පාලු ස්භාවයක් ගැනීම එයට හේතු විය. මාධවද ඉන් කීපයක් අසා ඇත. මෙම ඇල්ල ළග පොදු සුසාන භූමියක් පිහිටා තිබීමද මෙම කතාන්දර වලට පොහොර වැටුනු තවත් කරුණක් විය. ඉතිං ඒ ඇල්ල ළග රෑට සිටින්නා කියන භුතයින් ඇල්ලීමට මාධවලා ගත් උත්සහයක් මෙහි මේ ආකාරයට ලියවෙන්නේය.


දිනය  - 2012 වසරේ අවසාන පොහො…

. . . . මරණය . . . .

Image
ඔබව සතුටු කළාද....
ඔබව ඇඩෙව්වාද....
නැත මා දන්නේ
එනමුදු ,
අවසානයි මාගේ රැගුමන්....
ඉතිං යන්නට සමුගෙන
අවසර ඔබ සැමගෙන්...------------------------------------------------------------------------ මාධවගේ කතා කස්ටියගේ ආරාධනයෙන් චතුරිකා ඒකනායක මිතුරිය විසින් මෙම නිසදැස නිර්මාණය කරන ලදී! මාධවගේ කතාන්දර වෙනුවෙන් මෙම කවිය නිර්මාණය කල චතූට ගොඩාක් ඉස්තූතියි!

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 04

Image
මාධවගේ බයිසිකල් දිනපොතේ තියන තවත් කතා ටිකක් කියන්නයි මේ හදන්නේ! ඉතිං ආයෙත් ගොඩ කාලෙකට පස්සේ මාධවගේ බයිසිකල් දිනපොත කියවන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතිං කතා ටික පටන් ගන්නම්.

මාධවගේ බයිසිකල් දිනපොතේ තියන පරණ කතාන්දර වලට යන්න නං ඕං පහල සබැඳි ක්ලික් කරන්න!

පළමු කොටසදෙවැනි කොටසතෙවැනි කොටස


මේක මේ වර්තමාන(කතාව ලිවූ කාලයේදීම සිදු වුනු) සිද්ධියක්. ඇත්තටම සිද්ධියක් නෙමෙයි! විස්තරයක්. මාධවගේ බයිසිකලය ටිකක් ලෙඩ වෙලා! ඉතිං මාධව මේ කියන්න යන්නේ සයිකලේ තියන ලෙඩ ටික ගැන. ඉතිං කියවන්නකෝ! අදට සති දෙකකට කලින් මාධව තමන්ගේ සන්ධ්‍යා බයිසිකල් චාරිකාව අතරතුර පාසල ඇතුලට සයිකලේ පැදගෙන ගිහින් ඒක ඉස්කෝලේ පිට්ටනියට දාගෙන ටිකක්(පැයක් විතර) වෙලා පිට්ටනියේ හොදට ඇති වෙනකල් නිදහසේ බයිසිකල් පැද්දා! මොකද වාහන එයි කියල බය වෙන්න දෙයක්යැ! හැබැයි හිටපු ගමන් මාධවලගේ ඉස්කෝලෙ පිට්ටනියට හෙලිකොප්ටර් නම් බානවා! ඒවත් අද බාන එකක් නෑ කියලා උපකල්පනය කර කර මාධව හිතේ හැටියට පිට්ටනිය පුරා බයිසිකල් පැද්දා!

ඉතිං ඔහොම බයිසිකල් පැදලා පැදලා පැදලා දාඩිය පෙරාගෙන හඩ්ඩා වගේ ආපහු ගෙදර එන්න කියලා ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ආවම තමයි මොකක් හරි…

හුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්..................................

Image
සුන්දර සිහිනයක් ලෙස දැනුනු ආදරයේ
අසුන්දර බව මේ යැයි දැනුනු කල්හි

මියුරු කන්කලු ලෙසින් ඇසුනාවූ ආදරයේ
අමිහිරි හඩ කන වැකුනු කල්හි

නෙත්කලු ප්‍රසන්න බව ඇතැයි පෙනුනු ආදරයේ
අප්‍රසන්න බව නෙත ගැටුනු කල්හි

සතුට උතුරා ඇතැයි දැනුනු ආදරයේ
දුකම පමණක් ඇත්තේය යන්න දැනුනු කල්හි

තවදුරටත් ආදරය කරනුයේ කෙලෙසද?
එහෙයින් තනිවම වෙසෙන්නෙමි
හුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්..................................