ප්‍රජනන කුට්ටං!



මේ කියන්නට යන කරුණ දැන් සුලභ දෙයකි. ඒ ගැන කතා දෙකක් නැත. ඉස්කෝලෙ පොතේ පාඩම් දෙකක් ඇත.
ඒවා තියෙන්නෙ සවුක්‍ය ( සෞඛ්‍යය) හා ශාරීරික අධයාපනය යනුවෙන් හඳුන්වද පාසල් පෙළ පොතකය. මේ විෂයය බොහෝ විට පන්තිය තුල ඇඹරීමට හේතුවන්නකි! මේ පාඩම් කොල්ලන්ට කෙසේ වෙතත් කෙල්ලන්ට නම් හරි අවුලක්ය. ලැජ්ජාවක්ය. අනේ ඒක හරි ලැජ්ජාවක්ය. උන් ඉතාම හොඳ කෙල්ලන්ය. (අනේ එහෙම කියන උංගෙ.......!) ඇඹරෙන්නෙ කාගේ? අට, නමය, දහය ශ්‍රේණි වල කෙල්ලන්ගේය. ඇතැම් ගුරුවරුද මේ පාඩම් අතැර යන්නේ එයාලාද හරි හරියට ඇඹරීමට හේතු වන නිසාය. ඉතින් අද මාධවගේ කතා තුලින් කියන්නය යන්නේ මේ ඇඹරීම පිළිබදවය. ඉතිං එකතු වන්න. ඇඹරීමේ කතාන්දරය හෙවත් ප්‍රජනන කුට්ටං වල කතාන්දරය කියවීමට.....................






ඒක හරි ඇඹරීමක්ය! එයට හේතුව යොවුන් වියේ ඇතිවන වෙනස්කම් හා ළිං(මැඩි)ගිකත්වය (ලිංගිකත්වය)පිළිබඳ පාඩම් “ දෙකක් “ (ඇති නේ??) මේ සෞඛ්‍යය පොතේ තිබීමය. ඒ සඳහා අට ශ්‍රේණියට ඇත්තේ පාඩම් දෙකකි (ඒත් මදෑ නේ??). කෙසේ හෝ ඒ පාඩම් උගන්වන්නට යාමේදී ඇතැම් තරුණ ගුරුවරියන් ළමුන් ඉදිරියේ ඇඹරීමට සිදුවෙතැයි කියා ඒ පාඩම් “ස්කිප්“  කර යන්නේය! යන්තං උඩින් අතගාගෙන යන්නේය. අටේ උං දැනටමත් ඊටත් වඩා ඔව්වා මෙව්වා අතගාගෙන ඇති බවට මාධවලා එකෙන්ම කැට දමන්නෝය. කෙසේ වුවත් එසේ පාඩම් මඟැ හැරීමට කටයුතු කිරීම නම් අනුමත කල නොහැක. ළමුන්ද මේ පාඩමේදී තමුන්ට ඇතිවන්නා වූ (මල ඉලව්) අති ගෞරවනීය ලැජ්ජාව නිසා උංද පාඩම මඟහැරීමද එලෙසම අනුමත කල නොහැක.සමහරු ඒ දවසට ඉස්කෝලේද නැත. අනේ අපොයි ය! මේ ඒ පිළිබද වූ කතා ටිකකි.



















මාධවලාද ඉස්කෝලේ ගියේය. ඒ වගේම මාධවලාද මේ පාඩම් උගත්තේය. එහෙත් එය මාධවලාට පාඩමකින් එහාට ගිය කාරණයක් නොවූයේය. එහෙත් මාධවට මතක අන්දමට මේ පාඩම් වල ආරම්භක පාඩම් දෙක අට ශ්‍රේණියේදී නිශාන්ත ගුරු මහතා පැමිණ සාර්ථකව නිම කල බව සතුටින් කීමට මාධවලාට පුලුවන. එදා කල ඒ ටික විතරය! ඊට පසු කිසිත් දන්නේ නැත! කමක් නැත! ඒත් වර්ථමානයේ තත්වය බරපතල ලෙස වෙනස් වී ඇත. පොඩි උං අහන දකින දේ වෙනස් වී ඇත. ඇහෙන දේ වෙනස් වී ඇත. තාක්ෂණික දියුණුව සමග එහෙ මෙහෙ යන දේවල් සුභ දේවල්ම නොවේය.  එසේ හෙයින් යොවුන් වියේ පසුවන කෙල්ලෝ කොල්ලෝ ටික පිස්සු කෙලීමෙන් වලකා ආරක්ෂා කර ගැනීමට මව් පිය වරුන් මෙන්ම නිවැරදි දැනුමක් දැක්මක් ඔවුන්ට ලබා දීමෙන් ගුරුවරුද දායක විය යුතුය. එහෙත් අදද එදා මෙන්ම සියල්ල මේ ඇඹරීමට යටත් වී ඇත.








මේ පාඩම් උගන්වන්නා වූ තරුණ ගුරුවරියන්  යනු තව දුරටත් බබ්බු නොවේය. බබ්බු නොවිය යුතුය. බබ්බු නම් ලැජ්ජා වීම සුලු කොට තැකිය හැකිය. ඒත් සරසවියේ මල් පඳුරු තුල, හන්තානේ මීදුම තුල ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් ඇති අපේ තරුණ ටීචර් කෙල්ලන්ට මේ පාඩම් ඉගැන්වීම ඉස්කෝලේදී නං අනේ මංදාය! එහෙම ටීචර්ලාට මාධවගේ කතා තුලින් කීමට ඇත්තේ “අනේ උඹලගෙ........... “ පමණක්ය. ඉතිං මේ සදාචාරාත්මක (අපි නොදන්න!) තරුණ ටීචර්ලා යොවුන් විය සහ බැඳුනු කිසිදු වැදගත් කරුණක් මේ පොඩි උංට උගන්වනවාද යන්න නං මාධවලාට එකෙන්ම සැකය! මාධව අද දැනගත් පරිදි එක්තරා පාසලක ගුරුවරිය ළමුන්ට ප්‍රජනනය සහ යොවුන් විය පාඩම් වලදී උගන්වා තිබෙන්නේ ගෑනු සහ පිරිමි කුට්ටං දෙකේ කොටස් ටිකය. ඒක යකාගේ උගැන්විල්ලක්ය. කුට්ටං වල එක් එක් කොටසේ ඊ තල ඇඳීමෙන් පසු ඒවා නම් කොට පෙන්වන ලෙසද පවසා ඇත.කුට්ටං දෙක ගැනද කියා දිය යුතුය. ඒත් කුට්ටං දෙකට පෙර ඉස්සර විය යුතු දේවල් බොහෝය. ඒත් මේ ටීචගේ තියරිය කුට්ටං දෙකට සීමා විම නිසා (මාධව අද මේ කතාව ලියන්නේ ඒ නිසාමය). ඒ ටීචගේ ඉගැන්වීමෙන් පසු  ඒ පන්තියේ එදා හරි හරි වැඩ වී ඇත.


ඒවා මෙසේය..............


එක ඇට්ටර කොල්ලෙක් මේ ගුරුතුමිය පංතියෙන් බැහැර වූ පසු පොඩි කෙල්ලෙක්ගෙන් මූනටම අසා ඇත්තේ “ ආර්තවය වීමේදී මොකක් වන්නේද ඕයි ? “ යන්නය!! ඕක මාධවලාටද එකල හෙන කෙලියක්ය! එහෙත් මාධවලා ඒක විහිලුවකට ගත්තේ නැත. කෙල්ලන්ගෙන් අසා දැනගන්න ගියේ නැත. ඒක විනෝදයට කරුණක් නොවන්නේය යන්න මාධවලාය උගන්වා තිබුනේය. ඉතිං ඒ සිද්ධියෙන් ඒ පුංචි කෙල්ලව හාස්‍යට ලක් වූ බව මාධවට දැනගන්නට ලැබුනේය. උං එයින් නොනැවතී  පංතියේ කෙල්ලන්ගේ මුහුණේ ඇති කුරුළෑ ගණන් කිරීමට පටන් ගෙන ඇත. කෙල්ලන්ගේ කුක්කු ලොකු වී ඇත්දැයි රහසින් විපරම් කිරීමට පටන් ගෙන ඇත.  මේවා සෙල්ලං නොවන්නේය. ඒ වගේම ඒවා අර කොල්ලන්ගේම වැරදිත් නොවන්නේය. ඒවාට අර ටීච නෝනා වග කිව යුතුය. ප්‍රජනන කුට්ටං දෙක පිළිබඳව ඉගැන්වීමට වඩා යොවුන් විය සහ ප්‍රජනනය පිළිබද කිසි විහිලුවක් නොවන ආකාරයේ නිවැරදි දැනුමක් මනසට ලබා දීම කල යුතුව තිබියදී මෙවැනි විකාර ඉගැනුම් නිසා සිසු සිසුවියන් අන්තිමට කෙලින්නේ පිස්සුය. (මාධව මේ කතා ටික දැන ගැනීමට ගැසූ ගේම අසන්න එපාය!) මේවා සිනහවට කරුණු නොව වැදගත් කොට සැලකීම මනා බව අර ගුරු භවතී පැවසුවේ නම් මේ කිසිත් සිදු නොවනු ඇත. නිවැරදි ලිංගික අධ්‍යාපනය තවදුරටත් ලංකාවට ආගන්තුක වන්නේ මෙවැනි ටීචලා නිසාය(100% වැරැද්ද ගුරුවරුන්ට පැවරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ! දෙමාපියන්ද මේ වරද කරන්නෝය).


එසේ නිවැරදි අධයාපනය නොලබන්නවුන් ඉන් පසු හැරෙන්නේ අවිධිමත් ක්‍රියා දෙසටය. නිල් පත්තර නං දැන් හොයන්නට නැත. ඒත් ඉන්ටනෙට් පීරා ඕනෑ තරම් වීඩියෝ පාඩම් බැලිය හැක! මාධවලාද නිල් පත්තර බැලුවේය! (ඒ කාලේ ඉන්ටනෙට් හීනයක්ය!) පොත් කවර තුල දමා ත්‍රී එක්ස් ගෙදර ඇද්දේය. ගුරු මේසය තුලම නිල් සඟවා තිබ්බේය. එකල බිත්ති පුවත්පතේ නිර්මාණ තුල තිබුනේ නිර්මාණ පමණක් නොවේය. ගුරුවරු බිත්ති පුවත්පත පිටුපස පරීක්ෂා කර බැලුවේ නම් මාධවලා ඒ මොහොතේම ගුටි කා නිල් වී යන්නේය.  ඒ මාධවලාද අවිධිමත් ක්‍රම වල පිහිට එකල පැතූ නිසාය. ඒක උවමනාවෙන් වෙන දෙයක් නොවන්නේය. නහර ඉදිමෙන්නා වූ කාලයට ලෙඩෙක් නොවන සැවොම එලෙස කිරීමට පෙළඹෙන්නේය. එහෙත්....... නිවැරදි දැක්මක් මාධවලාටද ලැබුනේ නම්...... මාධවලාද නිල් පත්තර බැලීමට වැය කල කාලය නිර්මාණාත්මකව(1) යොදා ගන්නට ඉඩ තිබුනි(හැබැයි ලොවෙත් ෂුවර් නැත!)!


නිවැරදි අධයාපනයක් නොලැබීමෙන් බිහිවන්නේ කුතුහලකාරී, අසහනකාරී මන්ද දැනුමින් යුතු පිරිස්ය. යෞවනය යනු බෙහෙවින්ම කුතුහලය පිරි සමයක්ය. උන්ට උන්ගේම ෆැන්ටසියක් සෑම විටම පවතින්නෝය. එය හුදු සිතුවිලි වලට සීමා නොවන අවස්ථා එමටය. එහෙයින් ගුරු වරු සහ දෙමාපියන් සිය ලැජ්ජා බය පසෙකලා සිය දරුවාට සියල්ල කියා දීම වැදගත්ය. මෙහිදීද සියල්ල යනු කොටස් නම් කිරීමට කියා දීම නොවේය. අතහදාබැලීම් සහ අවදානම් ක්‍රියා වලින් වැලකී සිටීමට උපදෙස් දීම කල යුතුය. අපචාර පිළිබදව දැනුවත් කල යුතුය. ලෙඩ රෝග පිලිබදව දැනුවත් කළ යුතුය. සැමටම වඩා අධ්‍යාපනය එක බවද කියා දිය යුතුය. එසේත් නැත්තං (පජාති) සුවර්ණවාහිනියට අනේ අපොයි කියා මාකට් කිරීමට තවත් අතවර පුවත්, ගංගා වලට ළමුන් විසිකල මව්වරුන්ගේ(මව්වරුද?) කතා නිර්මාණය වනු ඇත.


මෙහි කීමට ඇති දේ බොහෝය. එහෙත් සියල්ල ඔලුව තුල පිරී එකිනෙක පැටලී ඇත. සියල්ල අපිළිවෙලට වුවත් කියා දැමීම කල යුතුය! එම නිසා දෙවැනි කොටසක්ද සමහරක් විට ලියවෙනු ඇත.


“ ප්‍රජනන කුට්ටං! “ පළමු ලිපියේ අවසානයට කියන්නට දෙයක් මාධවද ඇත. එනම් නිරුවත පිළිබදව තිබෙන්නා වූ ආකල්පයද සහමුලින්ම වෙනස් විය යුතු බවය. දැන් නිරුවත පිළිබඳව යකාගේ ආකල්ප ඇත්තේය. නිරුවත චීයාය! නිරුවත කාමුකය! නිරුවත නොහොබිනාය. තව තව දේවල්ය! අද ඇත්තේ  බ‘නූලි නීතියට යටත් වී හුළගට ජුන්ඩක් උඩ යන ගවුමක් දැක්කත් කොල්ලන්ගේ එල්ලෙන සියල්ල පොළවට සමාන්තර වී යන ලෝකයක්ය. ඒ නිසා ක්‍රිකට් මැච් එකක නටන ඉංගිරීසි කෙල්ලන්ට එක පුලියේ දා නටන්න ඉඩ දෙන්නේ නැත. එහි වැරැද්දක් නැත. නමුත් ප්‍රශ්නය එය නොවේය. නිරුවත බලෙන් හැංගිමය. (ඒක නැවැත්තූ ඇමැටියාගෙ වැඩ කිඩ ගැන මාධව ඇතුලු රට්ටු පොජ්ජක්වත් නොදන්නේය). කොට සායක් ඇඳන් යන විට හරි අමුතුවට බලන්නේය. ඇතැමුන්ගේ ජංගම කැමරාද වැඩ කරන්නේ එතකොටය. බස් එකක යන කෙල්ලගේ ශරීර කූඩුවේ යන්තම් ගැටීම මගියොන්ගෙන් ගුටි කා නැසීමට හේතුවක් වී ඇත. කොල්ලොන්ගේ සියල්ල ක්ෂණිකව පොළවට සමාන්තර වීමත්, කෙල්ලන් එච්චර බයෙන් ජීවිතය ගෙවීමටත්, අදාල දෑ ගෑවුන ගමන් ගුටි පූජාව ලැබීමටත් ඇති එකම හේතුව ඉහත කී පරිදි නිසි දැනුමක් නොමැති වීමය! ඒ හෙයින් ඒ තරම්ම මිනිස් සිත වල්මත් වී ඇත. නිවැරදි  යොවුන් ශාරීරික අධ්‍යාපනය හා ඒ පිළිබඳ සංකල්පය නිවැරදිව නොලැබීම අපරාධකරුවන් බිහිකර ඇත. අපචාර කරුවන් බිහිකර ඇත. දැන් මේවා නිමා විය යුතුය. නිවැරදි දැනුමක් අධ්‍යාපනයක් උදෙසා අප හඩ අවදි කල යුතුය!! නිවැරදි සංවාදයක් ඇති කල යුතුය! ඒ නිවැරදි යොවුන් ශාරීරීක හා ප්‍රජනන අධයාපනයක් උදෙසාය. ඒ නිවැරදි අධ්‍යාපනය අපේම උංගේ අනාගතය වෙනුවෙන්ය. ඉතිං පලවෙනි එකේ මෙච්චරය!!




පලි -

1. මාධවලා නිල් පත්තර බැලූ නමුත් නිල් වැඩ කරන්නට ගොස් නැත. කිච වී නැත! එසේ බැලූවේ අපරාදේ යැයි දුකක්ද නැත. එහෙත් විය යුතුව තිබ්බේ ඉහත කී දේය.

2. දෙක කොටසක් ලිවීම කල යුතුය!! මෙය සංවාදයට විවෘත කර ඇත!

3. පොටෝ ටික උපුටා ගැනීම 8 ශ්‍රේණිය සෞඛ්‍යය පොතෙන්ය!

11 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ගොඩක් වැදගත් දේවල් තියනවා හමොටම දැනගන්න...
    ඒ වගේම හිනා යනව කතා විලාසයට...
    කොහොම නමුත් වැදගත් ලිපියක්...
    ස්තූතියි අයියේ,,,

    ReplyDelete
  2. ඇත්තෙන්ම පට්ට. හැමෝම මේ වගේ නෙමෙයි. නමුත් බහුතරයක් මේ වගේ. මිශ්‍ර ඉස්කෝලවල නම් මේ වගේ පාඩම් කරනවද දන්නේ නෑ. කොල්ලෝ විතරක් ඉන්නවනම් සර්ලා හොඳට ගහලා දානවා. කෙල්ලන්ගේ ඉස්කෝලවල මිස්ලත් හොඳට ගහලා දානවා ඇති.. ඒකනම් ෆුල් ඇත්ත..

    ReplyDelete
  3. අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාගේ මං තුමාට කොහොම හරි ඔය කියන හැමදේම යන්තන් නැට්ටට කිරි උනන කාලේ වෙනකොටම දැනගෙන හිටියේ. කොහොම දැනගත්තද කියල අද මතක නැති උනාට මට හිතෙන්නේ මගේ අතට අහුවෙන දෙයක් කියවීම නිසා වෙන්න ඇති ඔය හැමදේම දන ගත්තේ. කොහොම උනත් මං තුමා හින්දා අපේ පන්තියේ එකෙකුටවත් ඔය ගැන අඩු දැනුමක් නම් තිබ්බේ නැ කියල සහතිකව කියන්න පුළුවන් ඔං.

    ReplyDelete
  4. අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාගේ මං තුමාට කොහොම හරි ඔය කියන හැමදේම යන්තන් නැට්ටට කිරි උනන කාලේ වෙනකොටම දැනගෙන හිටියේ. කොහොම දැනගත්තද කියල අද මතක නැති උනාට මට හිතෙන්නේ මගේ අතට අහුවෙන දෙයක් කියවීම නිසා වෙන්න ඇති ඔය හැමදේම දන ගත්තේ. කොහොම උනත් මං තුමා හින්දා අපේ පන්තියේ එකෙකුටවත් ඔය ගැන අඩු දැනුමක් නම් තිබ්බේ නැ කියල සහතිකව කියන්න පුළුවන් ඔං.

    ReplyDelete
  5. මචං මාධව! උඹ කරල තියෙන්නෙ ඉතාම වැදගත් දෙයක්. මේ දේවල් ගැන කට්ටිය කතා තරනවා අඩුයි. ලිංගික අධ්‍යාපනය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දෙය මුලු ගැන්විලා තියෙන්නේ. ගෙදරින් හරිහමන් දැනුමක් දෙන්නෙත් නැ ඉස්කෝලෙන් ලැබෙන්න තියෙන දේ දෙන්නෙත් නැ! ඉතින් ලංකාවේ බාල අපරාධ, අඩු වයස් ගැබ් ගැනීම්, දුෂණ වගේ දේවල් වැඩියි කියලා කෑ ගහනවා. කාගෙද වැරද්ද? ප්‍රජාවක සෞඛ්‍ය කියන දේ වර්ධනය කිරීමේදී සෞඛ්‍ය අධ්‍යපනය කියන්නෙ වැදගත්ම දෙයක්!ඒකත් හරියට නැතිව කොහොමද රටේ සෞඛ්‍යෙයේ දියුනුවක් බලාපොරොත්තු වෙන්නෙ. ලිංගිකත්වය කියන්නෙ බැරැරුම් දෙයක්, විහිලුවක් නෙමෙ! අඩුම ගානෙ සා.පෙ වෙද්දි ප්‍රජනන පද්දතියෙ මූලිකාංගත්,උපත් පාලනය සහ ලිංගාශ්‍රිත රෝග පිලිබඳවත් නිසි අවබෝධයක් ලමයින්ට හරියට දුන්න නම් අඩුම ගානෙ දැනට තියෙන සෞඛ්‍ය ගැටලු වලින්වත් ටිකක් අඩු වෙයි නේද? මේක ගැන කතා කරන්න ගියොත් වෙනම පොතක් ලියන්න වෙනවා!

    ReplyDelete
  6. කියන්ට දෙයක් නැත . . . ඉතුරු ටිකත් ඔබම කියන්ට . . . මේ සියල්ල ඇත්තක්මය !

    ReplyDelete
  7. අධ්‍යාපන ගත කරන්න දෙපාර්තමේන්තුව පේන බලනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා . . . too late ! so sad !

    ReplyDelete
  8. පොඩි එවුන්ට බෙදන්න යුනිසෙෆ් එකෙන් දීපු, "උදාවූ යව්වනය" පොත කුණු හරුපයක්ය කියලා කාර්යෙලෙ ඇතුලෙ හංගගෙන ඉඳලා අහුවෙන විදුහල්පතිවරු ඉන්න රටක් මේක.
    ලිංගිකත්වය යකෙක් රකුසෙක් කරගනිපු එකේ පල විපාක තවම ලැබෙන්න පටන් ගත්තා විතරයි.

    සේරම වැඩිහිටි පත්තර, චිත්රපටි, වෙබ් අඩවි, සෙක්ස් ටෝයිස් තහනම් කරලා , හැමෝටම මිහිර පත්තරේ බලලා කුරුම්බැට්ටි කරකවකවා ඉන්න කිව්වා නම් හරි.සංස්ක්රුතිය රැකේවි අපූරුවට.

    ReplyDelete
  9. හොඳ ලිපියක් මාධව. මේකෙ තව නොදු‍ටු පැත්තක් ගැන මම පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. මම නම් හිතන් නැ ලිංගික අධ්‍යාපනයක් දුන් පමණට සේරම හරි යාවි කියල.මෝඩ කතාවක්

    ReplyDelete
    Replies
    1. නිවැරදි ලිංගික අධ්‍යාපනයක් පමණක්ම ප්‍රමාණවත් නෑ! එය සත්‍ය්‍යක්!ර්‍! එහිදී විවෘත බව වැදගත්! අවශ්‍ය ඕනෑම මොහොතකදී ඕනෑම විටකදී ලිංගික ගැටලු පිළිබදව විමසිලිමත් වන ආකාරයේ විවෘත සමාජයක්ද ඇති විය යුතුයි!

      කෙටියෙන් කිව්වොත් පෝන් එකක් ගැන නොදන්නා දෙයක් අපි ලැජ්ජ නැගුව කාගෙන් හරි අහගන්නවා වගේ ලිංගික ගැටලුත් අපිට වැඩිහිටියොන්ගෙන් බය සැක නැතුව අසා දැනුවත් ළුීමේ විවෘත සමාජයක් අපි ඇති කරන්න ඕනි! අන්න ඒකත් අවශ්‍යයි!

      Delete
Previous Post Next Post

Contact Form