මිරිකූ කතන්දර

.from Google picture! :)


මේවා කිසිදිනක හිතා මතා මිරිකන ලද කතන්දර නොවන්නේය.


අත්වැරදීම් බව දිවුරා කියන්නේය. සිතා මතා කරන ලද්දා වූ කටයුතු නම් ඒ බව ආඩම්බරයෙන් පැවැසීමට මාධව කැමැත්තේය. ඒත් එකෙන්ම මේවා සියල්ල අත්වැරැදීම්ය. ඒත් මරුය. එහෙයින් කියවා බලන්න. මිරිකූ කතන්දර වල එකතුව....

මාධවට වැස්සකට විතරක් නොව පායන දවසටද ස්කෝලේ ගියේය.ඒ ගම්බද මධ්‍ය මහ විදුහලකටය. සුන්දරය. වැසි දිනටද පායන දිනටද එකසේ සුන්දර පලාතක ගෙවූ පාසල් සමය නගරං කොල්ලන්ට නං කිසි දිනක නැති බවට මාධව කැට දමන්නේය. එකල නැටූ නැටුම් කිසි කලක කිසිවෙකුට අමතක නොවේය. අමතක කරන්නටද බැරිය. මේ යලිත් සටහන් කරන්නේ ඒ කතා ටිකක්ය. මීට පෙරද මාධව විසින් ඉස්කෝලේ කතන්දර ටිකක් දැම්මේය.ඉතිං අදත් එකක් දාන්නේය. ඒ මිරිකී ගිය කතාවක් ගැන කීමටය.

මාධවද පාසලේ හුජ්ජ කොල්ලෙක් වී සිටියේය. මාධවලා සමඟ අමිල ටොමියාද, ලේනාද හුජ්ජ කොල්ලන් වී සිටියෝය. බුද්ධියා ප්‍රධාන හුජ්ජ උතුමා වී සිටියේය. ශිවන්ත උප උතුමා වී සිටියේය. ඒ උසස්පෙල කරන කාලයේය. හුජ්ජ කොල්ලා යනු විදුහල්පති තුමා ආදරයක් හිතුනු විට ශිෂ්‍ය නායකයින් ඇමතූ අයුරුය. එනම් එතුමාට නහුතෙට යකානැග ඇති වේලාවලට මාධවලා හුජ්ජ කොල්ලන් වූයේය. මේ නායක උතුමන් හුජ්ජ කොල්ලන් වීමට හේතුව ඉතා සරල එකක්ය. එයද කීම මැනවැයි මාධව සිතන්නේය. ‍ඒ මෙසේය. දිනක් විදුහල්පති තුමා පාසලේ සර්චිං සහ ෆලෝ පාරක් දමා ඇත. එතුමාම මේ කතාව පාසලේ සැමට පාසල් ප්‍රදාන රැස්වීමේදීද කීවේය. එසේ ෆලෝ පාර දමන විට මාධවලාගේ සෙට් එකක (මාධව එදා පාසලේ සිටියේ නැති දිනයකි) කොලුවෙක් අලුත ගොඩනැඟිල්ලක් ගොඩ නැගීමට ගෙනා කලු ගල් ගොඩකට මූත්‍රා පාරක් හෙලමින් සිට ඇත. කොල්ලන්ගේ අර්ථයෙන් විදුහල්පතිගේ පැමිණීම යනු “බොසා ඒමය“. ඉතිං බොසා එනු දැක අරූ ෂිප් එක වසමින් බාගෙට නිම කල කටයුත්තත් පූර්ණ ලෙස නිම කිරීම අතැර දමා පැන දිවීම විදුහල්පතිතුමා නෝට් කරගෙන ඇත. වැඩිදුරටත් මෙතුමා දැක ඇත්තේ මූ “බැජ්“ එකක් එල්ලං දිවූ බවය. ඉතිං එදා පටං සියලු ශිෂ්‍ය නායකයෝ හුජ්ජ කොල්ලන් බවට පත් විය.

ඉතිං මේ කියන්න යන දිනයේද නායක මාධවලාට ඩියුටි අවස්ථාවක්ය. සාමාන්‍ය ලෙසින් නම් බොහෝ විට ඩියුටි වැටෙනුයේ ශිෂය නායක ජෝඩුය. බොහෝ විට කෙල්ල ‍සහ කොල්ලාය. මාධවද එදා තවත් සම වයස් නායිකා තුමියක් සමඟ පාසල නිමවී නිවෙස් බලා යෑමට සූදානමින් පාසල් දොරටුව ළග පෝලිමේ සිටි  ළමුන් හැසිරවීමේ නියුක්තව සිටියේය. එක් වරම කෙල්ලෙක් බිමට ඇද වැටුනු බව මාධව දැක්කේය.


මාධවට ගිහින් කෙල්ලෙක් වඩා ගැනීම අරහං ය. අරහං නොවුනත් එය නීතියට පටහැනිය. එසේ හෙයින් මාධව සිය සහයට සිටි නායිකා මිතුරිය දෙස නොබලා ඇයගේ අතින් මිරිකා තමා දෙසට ඇදගත්තේ සිදුවූ සිදුවීම දෙස බලාගෙනමය. ඇයටද සිදුවීම පෙන්වා යමක් කිරීමට උපදෙස් දීමට මාධවය ඕනෑ විය. එතැන් පටන් සිද්ධිය අහෝය. මාධවගේ හොඳ වෙලාවට සැමගේ අවධානය තිබුනේ වැටුන කෙල්ල දිහාය. එය එසේ නොවුවා නං මාධව කාගෙන් හෝ අම්බානක කිච වීමේ අවධානමක් තිබුනේය. මාධව ඇදලා තිබුනේ ඇගේ හරි අතකින්ය. මාධවට එය අත නොවන බව වැටහුනේ මෘදු මොලොක් ජොල් කුට්ටියකට වඩා අත සවිමත් බව දැන සිටි නිසාය. බලද්දි එය ඇයගේ අතකට කිසි සේත් සම්බන්ධ නැත. එය ඇගේ බෝලද අනේ මංදා ඒත් මෘදුම මෘදු කුක්කු එකක් බව දුටු මාධව ඇයට “සොරි මචං“ කියා සැනෙකින් ගෙවල් බලා වාෂ්ප විය. මේ කතාව මතක් වූයේ විට්ටා වැඩක් දී වාෂ්ප වූ ලක්මාලියේ හාන්සිය දමා පසුගිය සිකුරාදාවක නුවර බලා ඇදෙද්දී මේ මෘදු කුක්කු කෙල්ල මාධවට ඉදිරියෙන් වාඩි වී සිටි නිසාය. මාධව එවිට ලේනාට මේ කතාව අකුරක් නෑර කීවේය. ඒකිට නං මාධව මතකදැයි මාධවට සැකයක් ඇති වූයේ ඇය කිසි සිනහවක්වත් මාධවට නොපෑ නිසාය. එහෙව් එකේ එකල පුංචි හුජ්ජ කොල්ලෙක් කුක්කු මිරිකූ සිද්ධිය ඇයට දැන් කිසි සේත් මතක නැතැයි මාධව උපකල්පනය කලේය.

මේ එවැනි දෙක කොටසක්ය. මේ කියන කල්හි මාධව පාසලෙන් ඉවත්ව අරුම පුදුම දේවල් සිදුවන ටෙක් ජීවිතයට ඇතුල් වී දෙක වසරේය. ගන්නෝරුවේ අයි ටී සෙන්ටර් එකේය. එකල නල්ල මලේය. මේ කියන කල්හි උපාසක සහ මලිතා මාධවලා සමඟ එකට බත් කන උංය. ආතල් කන්දෙ කලූ කී විට නුවරම දන්නා ලක්ෂිතයාද මාධව සමඟ එකට බත් කෑවේය. අතේ පැලවෙන පච හලන දුමියාද මේ කල්ලියේය. හිරෝෂි සහ කල්, උත්තරා අක්කාද හිටියේය. තව කෙල්ලෝ හිටියෝය. බොරලු සහ විමලා (නිර්මලා) අමරණීය පෙම් යුවලද සිටියේය. විමලා , තිරිවානා ගල් සහ උපාසකගේ රසවත් කතාන්දරය පසුව කොටා දැමෙනු ඇත. උපාසක ඩිප්ලෝමා එකට පැමිණි ගමන් සිය අත පයේ හිරි ඇරගත්තේ මෙහිදීය. IT හාඩ්වෙයා සෙන්ටර් එකේ උං ගිහින් හොටෙල් කාරයින්ට තඩි බෑවේ මේහිදීය. ඒසී එකේ කොල්ලෝ සහ සිස්කෝ කස්ටිය ඇවිලෙන්නට ගියේද මේකේය. මාධවලා නෙට්වර්ක් එකේ මොටෝ ජීපී ගහන්ට පටන් ගත්තේ මෙහිදීය. සමීරගේ එල්ලෙ පොල්ලෙන් කණාමුට්ටිය බිඳීමට ගිය ඒ සී රුවනාට (AC -  air condition section) මල පැනීම නිසා මුට්ටිය වෙනුවට සිස්කෝ උදානගේ හිස් කබල බිඳීමට ගියේ මෙහිදීය.


ඒ මොනා තිබුනත් දැනට මේ කතාව පිළිබදව අවධානය යොමු කිරීම සෑහේය. මේ කියන දවස මාධවගේ මහ නස්පැත්තිකාරක දවසක්ය. එදා දවසම මාධවගේ අන්තර්ජාලය වැඩ නැත. කේබල් වල ගැටලුය. සිස්කෝ එකේ වයර්ලස් එකට රින්ගීමට බැරිය. ඒ උදානයා, සමීරලා ඇවිත් මැක් ටික අරන් ගිහිං ෆිල්ටර් පාර දාපු දා ඉඳංය. මැක් ඇඩ්‍රස් වෙනස් කිරීමේ සරල තියරිය එකල දන්නේ නං මාධව උදානයාට ගේම උඩින්ම දෙන්නේය. උදානගේ කනින්ම රින්ගන්නේය. ඒත් බඩු බනිස්ය. එකල මාධවලා ඒවා නොදන්න හෙයින් වයර්ලස් පහසත් මාධවට උරුම නොවීය.

ඉතිං එදා මාධව වයර් ඇතුලේ රිංගන් වැඩය. කොහොම හරි උදේ සිට කුදු වී වයර් එහෙ මෙහෙ කර සිටියත් වැඩේ හරි නැත. දුක තමයිය. මොනා කරන්නත් කලින් දවල්ට කන්න ඕනැයි සිතූ මාධව සිය අතේ දුරින් තිබූ පුටුව දෙස නොබලාම පුටුවේ ඇන්දට අත තියා බර දුන්නේය. පුටු ඇන්ද වෙනදාට වඩා මොලොක්ව මිරිකී ගියේය. එතැන් පටන්ද කතාව අහෝය. එදා නම් කට උත්තර නැති විය. ඉස්කෝලේ මෙන් සොරි කියා වාෂ්ප වන්නටද බැරිය. මාධව පුටුව මත වාඩි වී සිටි එකීව දැක්කේ නැගිට්ටාද පසුවය. එහෙත් එදාද වෙලාවට මිරිකූ බව දැක්කේ කකුලේ අයිතිකාරී විතරය. ඩිප්ලෝමා ක්ලාස් එකේ සිටි වාචාලම කෙල්ලගේ කකුල (ඇත්තෙන්ම කිවහොත් දනහිසෙන්ද උඩ කොටසය! ම් ම් ම් ම්......) මාධවගේ ඇඟිලි පහසින් මිරිකී ගියේය. ඇයට හරි ආතල් එකක් ෂුවර් එකටම තිබුනත් එය සඟවා මාධවට අමුතු සිනහවකින් හා ලාවට රැවීමකින් සංග්‍රහ කලේය. ඒ රැවීම තුල ටිකක් වල්මත් සිනාවකුත් තිබුනාදෝ මාධවට හිතෙන්නේ දැන්ය. “මොනාද හලෝ කරන්නෙ“ කීවේය. ඒත් මාධවට බකස් ගා හිනා ගිය හෙයින් ඇයද  සිනා සී සිදුවීම අමතක කර දැම්මේය. එය එච්චරය. ඉතිං එයද මාධවගේ මිරිකූ කතන්දර වලට එකතු විය.

----------------------------------------------------------------

පලි -  මාධව මේවා ලියන්නේ හුදෙක් පාඨක විනෝදය සඳහා පමණක්ය! විහිලු නොදන්නා ඇස් රතු වන්නන්ට කීමට ඇත්තේ එපමණක්ය!

20 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ආ හා ඔය එන්නේ එලියට... කව්ද අeප්පේ... ඒ නායිකාව.... අපිත් දන්න කෙනෙක් වෙන්න ඇති... මරු බොස්...

    ReplyDelete
    Replies
    1. අඩේ නම මතක නෑ බං! දැක්කොත් අනිවා පෙන්නන්නං!

      Delete
  2. උඹ අර අතින් අල්ලන්න ඇත්තෙ නං හිතලමයි. නැත්තං අත තියනවට වැඩිය අඩියක් විතර උඩින් තියන තැනක් අහුවුනේ කොහොමද!

    ReplyDelete
  3. කවින්ත - මරු නේනං බං! උඹලා දන්නෙ නැතුව ඇති බං! ඒ ලෙවල් කරද්දිම හිටි ගමන් අස් වෙලා ගියා!

    රාජ් - පිස්සුද බං! එහෙමනං පස්ට ආඩම්බරෙන් කියනවා හිතලමයි කලේ කියලා!!!

    ReplyDelete
  4. මාධව අයියටත් මරු පිනා චාන්ස්නේ ලැබෙන්නේ...අපිට නෑ නෙ ඔහොම එවුවා.

    ReplyDelete
  5. මාධව අයියටත් මරු පිනා චාන්ස්නේ ලැබෙන්නේ...අපිට නෑ නෙ ඔහොම එවුවා.

    ReplyDelete
  6. උඹේ ආසම සිංදුව පාවේ වලා ද? :p

    ReplyDelete
  7. මචං උඹ ගන්නෝරුවේ ටෙක් ගියාද? මාව මතක නැතෙයි.. හැබැයි අපි සිස්කෝ ඉන්න කාලෙ වලි තිබුනෙනම් නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. වලි පටන් ගත්තෙ 2010 අන්තිම බං! පිස්සු කාලේ! ගේම් පිට ගේම්!

      Delete
  8. Replies
    1. ආයෙ චාන්ස් ආවේ නෑ! ආවම දාන්නංකෝ!

      Delete
  9. @දරේ - ලක් එක වෙන්ටැ නේ??

    @සබිත් - හිකිස්!!

    @ රොෂාන් - ඔව් මචං! මං 2010 හිටියා! ඒ කාලේ උඹ හිටියද? උඹව ඇත්තටම මීටරේ නං නෑ! පාට් ටයිම්ද කලේ? ෆුල් ටයිම්ද?

    @ලොකු - ඊට පස්සෙ මාධව ඇතුලු පිරිස සතුටින් විසිර ‍ගියෝය!

    ReplyDelete
  10. උබ මේක හිතාමතාම කරපු කුප්ප කුජිත වැඩක්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද චම්ලි අයියා! එහෙම කරනවනං අයි ඈම් ප්‍රවුඩ් අබවුට් මයි සෙල්ෆ්!

      Delete
  11. අපේ ටෙක් එකේ කොල්ලෙක් (මගේ හොඳම මිතුරෙක්) අයි.ටී. රූම් එකේ දොර තල්ලු කරනකොටම ඇතුලෙන් දොර ඇරගෙන ආවේ අයි.ටී.(පිස්සු හැදෙන) මිස්ය. අපේ කරුමෙට (අපිට නොවූ නිසා) මූට වඩා මිස් ඉස්සර වී ඇත. අහෝ! මිස් ඇරපු දොර මු අරින්න ගියේ වැරදි දොරගුළුවක් අල්ලා ගෙනය. එදා සිට අපට ඌ "ගෙඩියා" නම් විය.

    ReplyDelete
  12. @chamli - උඹ වගේ කුප්ප වැඩ මාධව ළග නැත චමී! හිකිස්!! ස්තූතියි පළමු කොමෙන්ටුවට!!

    @AKM - උඹලගෙම කරුමෙ බං!

    ReplyDelete
  13. ඊ ලග සැරේ පරිස්සමින් !

    ReplyDelete
  14. !ඊ ලග සැරේ පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. පිස්සුද! අත්වැරදීම් වෙන්නෙ මිනිස්සුන්ටනේ අලෝ!

      Delete
Previous Post Next Post

Contact Form