දොර ලොක් හෝම්ස් සහ තවත් කතා

ගත්තේ ගූගල් සෙවීමකින්ය!



විට්ටාගේ බසයේ කතා වලට ඔඳ ප්‍රතිචාර ලැබුනේය. කමෙන්ටු නැතත් වාචික ප්‍රතිචාර එමටය. ඒ ගැන සියලු පිරිසට ස්තූති වේවාය. ඉතිරි කතාන්දර ජුන්ඩ ජුන්ට අමතක මතක ගාණටය! කතා ටික ගාණට ඇනලයිස් වූ පසු  දෙක කොටසින් අනිවාර්යයෙන්ම මෙහි පළවනු ඇත..




ලිවීමට බාධා එල්ල වී ඇත! මූලික පුරස්නය නෝට්ටු නැති කමය. දෙවන පුරස්නය හම්බා පූසෝය. මාධවගේ සුදු බුෂීව දූෂණය කිරීම මේ දිනවල ග්‍රාමයේ තරුණ පූසන්ගේ වෑයම බවට පත්වී ඇත. ඉතිං මාධවගේ  ඇස මේ දින කීපයේ බූෂියා කෙරේ රැඳවී ඇත. මේ ටිකේම උං රෑට ඇවිදින් වද දෙන්නේය. සිවිලිම පුරා බළල් අඩි හඩය. බළල් ගුටි කෙලිය. නොනවතින “උඤ්-ඤාව් උඤ්-ඤාව්“ හඩය. උං ඤාව් හඩ නගන්නේ ඇයට ඇති ආදරයකට නොවන බව “සුදු බූෂී“ තේරුම් ගන්නේද නැත. ඉතිං මාධවගේ දෑතේ නිතරම වතුර බුජම් රැඳී ඇත. මේ සා වූ ජල ප්‍රහාර හමුවේ උවද “කලු හම්බාවා“ සහ “දුඹුරු පූසා“ යන වල් පූසන් දෙදෙනා උත්සාහය අත් නොහැර සිටීම සිත් මවිත කරවන සුලුය. දිනපතාම “දුඹුරු පූසා“ ට මාධවගේ නිවස ඉදිරිපස ඇලෙන් නා කියා ගැනීමට අවස්ථාව මදි නොකියන්න ලැබෙන්නේය.. එහෙත් ඒ වල් පූසා තාමත් ඇවිත් බේරී පැන යන්නේය.


ඒ සියලු දෑ මැද මාධවගේ කතා තුලින් අද මේ කියන්නට යන්නේ පොරක් ගැනය! එක්තරා චරිතයක් ගැනය. ඇත්තෙන්ම ඌ පොරක් නොව පොඩි එකෙක්ය! චරිතය ඉතා හොඳය. එහෙත් කැරැක්ටුව නම් බාල බව එහෙන් මෙහෙන් කනට වැටී ඇත. ඒවා කෙසේ වුවත් වැඩ නම් හරි ලොකුය! මහනුවර සිට කටුගස්තොට දක්වාම එක මිනිත්තුවෙන් බතල කොල හිටවීමට මොහුට හැකිය. ගමත් කටුගස්තොට පැත්තේ කොහෙද එකක්ය! උපන්දා සිටම නාමකරණය වී ඇත්තේ තිවංක ලෙසය! නුවර පැත්තේ ඉස්කෝලේ ගිය තිවංකයා අකුරු කර ඇත්තේ උපාසක සුපුනා ගිය පාසලේමය. එම පාසලේ නම අප පාඨකයින්ට වැදගත් නැත. මාධවලාට මූව සැට් වූයේ සිස්කෝ කොරන්ට ඇවිත් සිටියදීය. ඉතිං සබඳ අද කියවා රස විඳින්න. තිවංකගේ කැරැක්ටුවේ කතා වස්තුව.


පලමු කොටුවෙන් පෙනෙනුයේ තිවංකයා ෆෝන් විකිණීමේ කතාන්දරයයි. මූ යක්ෂ යකෙකි! මාධවට හදිසියේ ජංගම දුරකථනයක් අවැසි විය. දන්නා උංට කීවේය. සොයා දෙන ලෙස මිතුරන්ගෙන් ඉල්ලීය. තිවංකයාටත් කීවේය. දිනක් තිවංකයා මාධවට ඇමතුමක් දී පැවසූයේ  ජංගමයක් ඇති බවය. මූ ළග තිබෙන බවය. නිල් දත් ද ඇති පරණ නෝකියා කස්ටක් බවද වැඩිදුරටත් පැවසීය. මාධව ඉරිදා ක්ලාස් ගියේය. මූ ආවේ නැත. කෝල් එකක් දී නුවර ක්ලොක් ටවර් (ආඩේ අෆ්ෆ නුවර ක්ලොක් ටවර්! ට්ලං ටිලිං ටිං ටං ටටං ටිං!) එක ළගට ගෙන්න ගත්තේය. සියලු දෙන එකට හමු විය.තිවංක තෙමේ සාක්කුවෙන් එලියට ගෙන නක්කල් වී ගිය නොකියා කට්ටක් මාධවට දුන්නේය. නිල් - දත් පවා වැඩ කී නෝකියාව පණ ගැන්වීමටවත් නොහැක. මාධව සමඟ ලේනාද සිටියේය. මාධව නොහිටියේනම් එදින සිට සියලු ලේන්නු මාංශ භක්සක වන්නේය. කැඩිච්ච කට්ටක් නිසා මාධවලා රස්තියාදු විය. නමුත් පසුව මූ වෙන එකක් සොයා දුන්නේය.


දෙවන කොටුවෙන් පෙනෙනුයේ තිවංකයා සපත්තු ඇදීමේ කතාන්දරයයි. මූ යක්ෂ යකෙකි! ඊ බේ පැත්තෙන් සපත්තු යුගලක් ඇනවුම් කලේය. ඉමහත් සතුටිනි. ආඩිඩාස් වර්ගයේ ඉස්තරම්ම සපත්තු කට්ටලයකි. ඇනවුම් කල පසු බැංකු කාඩ් පතින් රැපියල් විසිදාහකට තට්ටු වී ඇත. රුපියල් විසිදාහක සපත්තු බිල්ගේට් අයියා වත් දානවාදැයි බරපතල සැකයක් ඇති කල හැකිය. අයියෝ සල්ලිය! බැලින්නම් රැපියල් දොලොස් දහසක්ම නැව් ගාස්තු ලෙසට කැපී ගොස් ඇත! මූ ෂිපිං තත්වය සොයා නොබැලීමෙන් රැපියල් අටදහසක පාවහන් යුගල රුපියක් විසිදහසකට ගත්තේය.මේ ලියන දවසේ කවුදෝ බූරු පුතෙක් එය රු 8000ටම තිවංකයාගෙන් මිලට ගැනීමට කැමැත්ත පල කර ඇතැයි වැඩිදුර ආරංචි මාගී ලැබී ඇත.උපාසක කිව්වේ ෆ්‍රී ෂිපිං උවත් අටදහසකට සපත්තු ගන්නේ මොන උලමාද යන්න පමණක්ය. මාධවට නං හිතුනේ අටදාහක් යනු කොත්තු කීයක්ද යන්න පමණි.


මාධව ලේනා සමග නුවර ගියේය. ඒ ක්ලාස් අහවර වී වෙනත් කටයුත්තකටය. මූ යක්ෂ යකෙකි! එදා තිවංකයාද මේ දෙදෙන පස්සෙන් වැටුනේය. යන යන තැනට එන්නේය. එලෙව්වත් නොයන්නේය. ඉඳහිට ගමන බාල කර කෝල් එකක් ගන්නේය. එලවීමට බැරි තැන කූඩැල්ලා මෙන් එල්ලාගෙන තවත් මඳ දුරක් යනවිට මාධවලාට කාරණය වැටහුනේය. මූ මාධවලා සමඟ වෙයිටිංය. එනම් කෑල්ලක් එන තෙක් කල්මරන්නේය. “ කරන වැඩක් කරගන්න අඟලේ කොටු පැකට් දෙකක් කඩෙන් අරන් පලයන් “ මාධව සැමටම කරන්නා වූ පොදු අවවාදය පොරටද දුන්නේය. අඟලේ කොටුව මූට ටියුබ් ලයිට්ය. එක වර පත්තු වන්නේ නැත. මූ එක එක ඒවා කියන්නේය. ලිස්ට් එක දිග වැඩි නිසා ටිකක් පලකරන්නේය.

මුගේ හැටියට අඟලේ කොටු මේවාය.....

සෙක්සි පොටෝ, පොටෝ ෆ්රේම්, හැංගුණ කැමරා, කී ටැග් ආදී දේවල්ය.

සතියකින් පසු ක්ලාස් එකේදී මූ ආයෙමත් ඒ ගැනම අසන්නේය. මාධව ගූගල්.කොම් එකට ගියේය.අදාල දේ ගැන සෙවිල්ලක් දැම්මේය. මූට ඇවැසි දේ ක්ෂණිකව පරිඝණක තිරයේ දිස්විය!

ඒවා නමින් “කොන්ඩම්“ කියා හඳුන්වන්නේය.

ඉතිං දැනුමින් සන්නද්ධ වූ තිවංකයා අඟලේ කොටු රැගෙන වීරෝදාර ලෙස කෙල්ල සොයා යන කල්හි ඒ කෙල්ල මුගේ හොඳම මිතුරා විසින් රැගෙන ගොස් තිබූ බවද පසුව ආරංචි විය. ඒ පුවත මෙහි පල නොවන නමුත් මූ කෙල්ල සමඟ තිබූ සියලු කනෙක්ෂන් අතැර දමා ක්ලාස් ආවේය. මාධවට කතාව කිව්වේය. මාධව පොරට හෙන තෙලක් බෙදුවේය. ලේනාට බෙදූ තෙලම මූටත් බෙදුවේය. එය අසා සිටි තිවංකයා තමන් ඉගෙන ගෙන පොර වී ඕකිට කොකා පෙන්නන බව දිව්රා කීවේය. එහෙත් පසුවදාම නැවතත් ඒකි මූව දපනේ දමාගෙන මූ සහ අරූ දෙදෙනාම කැටුව ගැටඹේ කානිවල් එකේ රවුම් ගැසුවේය.


මූ හරි අමුතු එකෙක්ය. දැන් තියෙන්නේ ගිනි හිවලාගේ 16 වැනි සංස්කරණයත් එලියට එන යුගයක්ය. එහෙව් එකේ මේකා තාම ඉන්නේ ගිනි හිවලාගේ 6 වැනි පරම්පරාවේය. ඇයි දැයි ඇසුවාම දෙන්නේ එකම උත්තරයකි. මොකක්දෝ බඩකඩුත්තු ප්ලගින් එකක් වැඩ නැති නිසා 6 පාවිච්චි කරන බවය.


අවසාන වශයෙන් තිවංකයා දොර ලොක් වූ ආකාරය කියන්නේය. ඒ මෙසේය. ප්‍රැක්ටිකල් කිරීමට තිවංකයා එන්නේ බොහෝවිට සතියේ දවස්වලය. මේ කියන දවසේ නුවනා(බූට් කෑවම නිදා ගන්න අපේ වැඩ බැරි සංවාද ජනක නුවනා!) සහ හර්ෂ යුවලද මෙහි සිටීම පාඨක ඔබගේ වේලාවය. එදා තිවංකයා ලැබ් එකේ දොර වසා ඒමට යද්දි මහ දේවල් ටිකක් සිදු වී ඇත. පාරේ හෝල්ට් එකේ කෙල්ලෝ බලමින් ඉන්නා නුවනාට ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ලැබ් එකට එන ලෙසය. නුවනාද ක්ෂණික ගියේය.(පොරගේ අනික් දේවල් යන විදියටම!) යද්දී තිවංකයා මුඛ පූට්ටු වූ සෙයින් ඉන්නේය. බැලින්නං යතුර දෙකට කැඩී ඇත. යතුරෙන් භාගයක් ලොක් එක ඇතුලේය. මූ ඇඹරූ ඇඹරිල්ලටය. එච්චර ඇඹරිල්ලක් මේකා අර බූට් තිබූ කෙල්ලට ඇඹරුවානං ඒ කෙල්ල තාමත් මූ ළගය.

එදා පටං හේ නමින් දොර ලොක් හෝම්ස් බවට පත් විය.....................

පසුව ලිවීම -  තිවංක මොනා උනත් නෑ බෑ නොකියා අලුත් අගුලක් ලබා දුන් බව සතුටින් කියන්නේය! එය ඉහතින් සඳහන් කිරීමට අමතක වීම ගැන මාධවගේ කතා සිය කණගාටුව ප්‍රකාශ කරන්නේය!



7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක එකාගේ රෙදි ගැලවෙන සේයාවක් පෙනී යයි....... මතක හැටියටනම් මාගේ ගැලවෙන පරිදි ඇඳගත් රෙද්දක් මතක නැත්තාහුය... ඒ නිසා බයක් නොදැනේ ය. මොක උනත් කතාවනම් පට්ටය... හැබැයි ඉතින් කතාවේ කතානායකයා නම් පව් ය.....

    ReplyDelete
  2. එක එකාගේ රෙදි ගැලවෙන සේයාවක් පෙනෙන්නේය.... ගැලවෙන පරිදි ඇඳගත් රෙද්දක් නැති නිසා බයක් නම් නෑ ය. කතාවනම් පට්ටය.... නමුත් කතාවේ කතානායකයා පව්ය.....

    ReplyDelete
  3. ශිරාන් - ස්තූතියි සහෝදරයා!

    කවී - ස්තූතියි!

    චමියා - අයියා! උඹ දන්නවනං උගේ කෙරුවාව එසේ නොකියන්නේය!! හිකිස්! ස්තූතිය මේ පැත්තෙ ඇවිත් ගියාට ඕං!

    ReplyDelete
  4. hik hik Lena Mas kema... :D :D ela kathawa,

    ReplyDelete
Previous Post Next Post

Contact Form