තවත් එක ටීම් වීවර් (Team Viewer) කතාවක්!





මේක හරි අමුතුයි කියලා හිතෙයි අපේ කියවන්නන්ට! ඒත් එක සත්‍ය සිදුවීමක් තමයි මේක! වෙන කාටවත් නෙමෙයි මේක උනේ! මාධවටමයි! ඇත්තටම ජීවිතේ සිද්වෙන දේවල් දිහා බලද්දි සමහර සිදුවීම් හරිම අහම්බයෙන් සිදුවන සිදුවීම්.


 ඒවා විවිධාකාර වෙන්න පුලුවන්! කෙනෙක් හිතන්නෙවත් නැති මොහොතක විහාල ත්‍යාගයක් හිමිවීම වගේ සිදුවීම් වලට වඩා මේ සිදුවීම් ගොඩක් වෙනස්! මාදවට ඒක පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි! ඒත් මාධවට හරි අමුතු සිද්ධි වෙලා තියනවා! ඉතිං කියවලා බලන්න! මේකත් හරි අමුතුයි කියලා ඔයාලට නම් හිතෙන්නෙ නැති වේවි! ඒත් මාධවට ඒ සිද්ධිය ගොඩක් හිතට දැනුනු අමුතු සිදුවීමක්!

මාධවගෙ  ලොලීට පිස්සුව හොද කලේ වෙන ‍කෙනෙක් කියලා මාධව ලොලීටා කතාවේ අන්තිමට කියලා ඇති! ඒ කෙනා සහ මාධව අතරේ ඒ කාලේ වෙච්ච සිදුවීම් මේකෙන් විස්තර කරන්න යන්නේ නෑ. ඒත් මේ කියන Team Viewer සිදුවීම වෙද්දි මාධවටගේ හා ඒ කෙනාගේ සියලු කසු කුසු අහවර වෙලා ආයෙමත් දෙන්නා සාමාන්‍ය මිත්‍ර සම්බන්ධතා වලට පමණක් සීමා වෙලා හිටියේ!! ඒ කියන්නේ පුරාණය පුරාණෙටම අයිති වෙලා!

ඒ පුරාණය ගැන මාධව ආයේ කතා ලියන්න යන්නෙ නෑ! කොහොම උනත් ඒ පුරාණය පුරාණයක්ම වුනාට මිත්‍රත්වය සෑහෙන තරම් හොඳට තිබුනා. තාමත් සෑහෙන්න හොදයි කියන්න පුලුවන් තරම් තියනවා කියලා මාධවට නං කිව්වැහැකි.

ඉතිං මේ කියන කතාවට මුල පිරූ සිද්ධියෙන්ම කතාව පටන් ගමු! මේ කියන මිතුරිය ඉන්නෙ ලංකාවේ ප්‍රධාන නගරයක. ඇත්තෙන්ම ඉගෙනුම ලැබුවෙත් ලංකාවෙ තියන හොඳම බාලිකා විඳ්‍යාලයක. දෙන්න ඉන්නෙ ලංකාව ඇතුලේ ගොඩක් දුර ඈත! මාධව ඈත දුප්පත් යන්න හරියට පාරක්වත් නැති ගමක. ඒ ඇත්ති ඉන්නේ ලංකාවේ නමගිය විහාරයක් සහ පන්සලක් තියන ටවුමකට අල්ලපු ටවුමක! ඉතිං දෙන්නා බොහෝ විට මිත්‍ර සම්බන්ධතා පැවැත්වූයේ දුරකථන මාර්‍ගෙයන් තමයි. පසු කාලීනව මේ ඇත්ති ලැප්ටොප් පරිඝණකයක් හා අන්තර්ජාල ඩොන්ගලයක් ගත්තට පස්සෙ දෙන්නගෙ මිත්‍ර සම්බන්ධතා පවත්වාගත්තෙ අනික් කට්ටිය වගේම මූණු පොත සහ ස්කයිපි හරහා තමයි! ‍මේ කියන ලැප්ටොප් හා ඩොන්ගල් ගත්ත කාලෙ වෙද්දි දෙන්න යාලුවෝ විතරමයි!

මාධව මහා ලොකු වැඩ්ඩෙක් නොවුනත් මේ කියන ඇත්තිට නම් ලෝකෙ ඉන්න ලොකුම වැඩකාරයා තමයි මාධව! ඒක එයාම කියන නිසා එහෙම්ම මේකෙත් දාන්නං! සමහර විට සියල්ල නිකං කරලා දෙන නිසා කියනවා වෙන්නැති! කොහොම උනත් ඉස්සෙල්ලම මේ කියන පරිඝණකයට ටීම් වීවර් එකෙන් ලොග් වෙන්න උන හේතුව තමයි ඒ ඇත්තිට ඒ ඇත්තිගෙම ස්කයිපි එකවුන්ට් එකට ලොග් වෙන එක ප්‍රශ්නයක් වෙලා තිබීම!

ඉතිං මාධව එදා ඒ ඇත්තිට Team Viewer මෘදුකාංගය බාගත කරගෙන ස්ථාපනය කර ගැනීම දුරකථන මාර්ගයෙන් කියලා දුන්නා! ඊට පස්සෙ මාධව එයාට පැහැදිලි කලා! මං දැන් මේ මෘදුකාංගය භාවිතයෙන් කරන්නෙ ඔයාගෙ පරිඝණකය පාලනය කිරීම! ඒක ඔයාට බලැගත්තැහැකි! ඒ ආදී ලෙස විස්තර කරලා දීලා (ඒ ඇත්තිත් ආනේ  හා හූ නෑ ඒකට කැමති උනා) වැඩේට බැස්සා!

දෙදෙනාගේම Sessions ආරම්භ උනා! මාධවගේ Team Viewer මෘදුකාංගයේ 120 250 5** ආකාරයට ඇගේ පරිඝණකයට අදාල අංකය සටහන් උනා! ඉලක්කම් හතරකින් යුතු මුර පදය යෙදීමෙන් පසු මාධව ඇගේ පරිඝණකයේ පාලනය සියතට ගත්තා! සියලු ගැටලු නිරාකරණය වූවා! ඇයට එය ඉමහත් සතුටක්! අපොයි තාක්ෂණය! දෙදෙනාව පෙරටත් වඩා එක ළගට කල හැටි!

ඉතිං එදායින් පසු මාධවගේ m7vidu help desk මගින් සැමදාම ඒ ඇත්තීට ඇතිවන සියලු පරිඝණකය ආශික ප්‍රශ්න නිරාකරණය කර දුන්නා!

එහෙත් දිනක් මේ සියල්ල කණපිට ගැසූ සැටි කතාව දැන් පටන් ගන්නවා! මත්‍රවරුනි! එහෙනම් අසන්න! ලොමු දැහැ ගන්වන Team Viewer එකේ කතාන්දරය!

මිතුදම් කෙසේ පැවතියත් ඈ සහ මාධවගේ සම්බන්ධතා බොහෝ සෙයින් කෙලවර වී යන මොහොතක ඇය නැවතත් හිටි ගමන් මාධවට දුරකථන ඇමතුමක් ලබා දුන්නා!

ඈ -  ආ මාධව අයියේ..................!
මාධව - ඔව් කියන්න!
ඈ -  ආයෙමත් අරෙහෙම උනා! (කුමක් හෝ පරිඝණක මෘදුකාංගයක් ආශ්‍රිත ගැටලුවක්!)
මාධව - ආ හරි *** මට Team Viewer අයි ඩී එක සහ පාස්වර්ඩ් එක එවන්න!
ඈ -  හරි මාධව අ.....යි.....යේ..................! ඔ....යා...  හරි..... ම හොඳයි! මං දැන්ම එවන්නං!
මාධව - හරි හරි!
ඈ - ......................................
...............
........
.....

හැරෙන කෙටි පණිවිඩෙන් අයි ඩී සහ මුර පද ලැබුනා! මාධව සූදානම් උනා! ටීම් වීවර් රන් උනා! නැවතත් දෙදෙනාගේම වාරයන් ආරම්භ උනා! ඇයගේ පරිඝණක තිරය මාධවගේ තිරයේ පසෙකින් දිස් වූනා!
නමුත් වෙනදා තිරය මත නොදුටු දෙයක් එදා එහි දකින්න තිබුනා.

 තිරය පුරා දිවූ මාධවගේ දෙනෙත් ක්ෂණිකවම එතැන නතර වූවා!

සිය දෑස් තුල කඳුලු පිරී ඇති බැව් මාධව දැනගත්තා! තිරය බොඳ වී ගියේ එහෙයින් වෙන්න ඕනි!

සියල්ල උඩු යටිකුරු උනා සේ දැනුනා! ඇය වෙන්වී හුඟ කල්! එහෙත්! ඈට තාමත් ආදරේ කරන බව මාධවගේ හිත ඇතුලින්ම මාධවට දැනුනා!

තමන්ගේ ගත සීතල වී යන බවත්, කිසි හැඟීමක් නොමැතිව සිය මනස හිස් වී ඇතැයි මාධවට හැඟුනා!

පපු කුහරය තුලින් නැගෙන හඩ බොල් වී ඇතිදැයි මාධව සිතුවේ එම ශබ්දයේ දැනුනු හිස් බව නිසා!

තවත් ඒ දෙස බලා ඉඳීමට මාධවට අපහසු උනා!

එදා මාධවගේ පපුවට උණුසුම්ව තුරුලු වීමට නියැමිතව සිටි ඈ වෙනකෙකුගේ  තුරුලේ උණුසුමින් සිටින ජායාරූපයක් “ස්ලයිඩ් ෂෝ ගැජට්ටුවෙ“ පෙනෙන්නට තිබුනා!

ඈ සමඟ තිබූ ආදරයේ සියල්ල අවසාන වූ අයුරු මාධවට මැවි මැවී පෙනුනා! අවසාන දුරකථන ඇමතුමේ සිට පළමු වර ඈ හමු වූ අතීතය තෙක්ම ඇතිවූ ජවනිකා සිත්හි ක්ෂණිකව ඇඳී ක්ෂණිකව මැකී අහවර වූවා!
ඉතිං මාධව නැවත හැරුනා! කිරීමට ගිය කටයුතු එලෙසම නතර වූවා! ඇස් වලින් වැටෙන්නට යන කඳුලු වලකාලීම සඳහා නැවත නොඑන්නම නොදකින්නම ඇගෙන් ඈතට යා යුතු බව මාධව තේරුන් ගත්තා!
ඉතිං මෙන්න මිතුරනි සියල්ලේ අවසානය....................

Team Viewer කතිරය මත ක්ලික් කර වසා දැමුවා!

සිත්හි ඇතිවන දුක් සිතුවිලි වෙනුවෙන් සිය මූනු පොතේ පිටුවේ මාධව මෙසේ සටහන් කලා!

“ පළමුවෙනි ආදරය අමතක කරන්න බැරි ඇයි කියලා මාධව දන්නෙ නෑ! අද මාධවට වෙච්ච ඒ දේ ආයේ කිසි කෙනෙක්ට වෙන්න එපා කියලා විතරක් ප්‍රාර්ථනා කරන්න මාධව කැමතියි! ඒ වගේම ටික කාලෙකට හරි මාධවත් එක්ක හිටපු එයාට ගොඩක් සුභ පතන්නත් මාධව කැමතියි!
සුභ පැතුම් ***! හැමදාම එයත් එක්ක සතුටින් ඉන්න! “


ඉතිං ඕකයි මිතුරනි තවත් එක ටීම් වීවර් කතාන්දරයේ අවසානය!

-----------------------------------------------------------------------------------


පලි -  මේ ස්ටේටස් එක දැකපු ගොඩක් අය හිතුවේ මාධව බූට් එකක් කාලා කියලා! ඒත් ඇත්තටම උනේ පරණ සිතුවිලි උඩට ඒමක් පමණයි! කිසි බූට් කෑමක් හෝ බූට් තිබීමක් මේ ආදරයේ සිදු වූයේ නෑ!!
පලි - ක්ලාස් එකේ සර් තුමා කෙලින්ම ප්‍රසිද්ධියේ පංතිය ඇතුලෙදි මේ ස්ටේටස් එග ගැන ඇහුව එක නම් ආතල් සීන් එකක් උනා! ඒත් ඇත්තටම මේ වගේ සිද්ධියක් කිසිම කෙනෙක්ට වෙන්න නැතුව ඇති!!

7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මතකයි සර් ඇහුව ගමන් මාධව ක්ලාස් එකෙන් එලියට ගිය හැටි

    ReplyDelete
  2. ආ ඒකනේ බං! හිතිගන්න බැරි උනා මොකක් කියන්නද කියලා! ඒ නිසා පැන්නා දොට්ට!

    ReplyDelete
  3. ආදරේ කියන දේ කොතැන කොයි වෙලාවෙ ඇතිවෙලා නැතිවෙලා යයිද දන්නේ නෑ

    ReplyDelete
  4. තවත් දුක්‌ බර කතාවත්....

    ReplyDelete
  5. සමහර දේවල් තියෙනවා උඩු හිත පිළිගත්තත් යටි හිත පිළි නොගන්නා දේවල්. ආදරේ අයිති වෙන්නෙත් ඒ ඝණයට.. අපි දැන් break up වෙලා කියලා පැත්තකට වෙලා හිටියත්...අර යටි හිත...ඒක කාලයක් යනකම්ම ආදරේ තියා ගන්නවා. මාධවට වෙලා තියෙන්නෙත් ඒකමයි

    ReplyDelete
  6. අයියෙ ඔය දේ මට හොදට දෑනෙනව මට ඕක වෙලා තියනව. වෙනසකට තියෙන්න ඒ පොටෝ එක මම උස්සල අදටත් එක දිහා බලගෙන අඩන එක තමයි

    ReplyDelete
  7. මචෝ..... උඹ මට සී..න් කිව්ව වෙලේ එච්චර දැනුනෙ නෑ!! නෑ!! නමුත්.. මේ කියවද්දි නම් මාරම විදිහට ඒ සිදුවීම මැවිල පේනවා!! ක්ලාස් එකෙන් එලියට ගිය හැටිත් අපේ $Kට වගේම මටත් හොදටම මතකයි..

    ReplyDelete
Previous Post Next Post

Contact Form