love sick! - ලව් සික්

 
pic from google images!



ලව් සික් ගහන්නෙ නැත්තං ඌ ලෙඩෙක්. ඒක තමයි තියරිය!



කොහොම හරි මේ කියන්න යන්නෙ කොල්ලො කෙල්ලො ලව් සික් ගැහැව්වම කරන දේවල් වලින් කීපයක්! ඇත්තටම පිස්සු කේස් තමයි! ඒත් ලව් සික් එක ගැහැව්වම ගොඩක් උං කරන්නෙ මොනාද කියලා උංම දන්නෙ නෑ!

සමහර එවුන් පිස්සුව නිසාම මැරිලම යනවා. සමහර උං ඒවා මාර ශක්තියකින් විඳ දරා ගන්නවා. ඒක ඉතිං සිතේ ශක්තිය තමයි. සමහරු කන පැලෙන්න බීලා ගෙදර යනවා. සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ළගින් යනවා. තව සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ඉස්සරහට ගිහිං කුණු හරුප කියනවා. තව සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ඉස්සරහට ගිහිං කුණු හරුප කියලා ගුටි කාලා ඉස්පිරිතාලේ ලගිනවා. සමහරු කවි ලියනවා. ඒ කවි ලියන්නෙ උං නෙමෙයි හැබැයි! පස්ස කාලෙක ඒවා කියවද්දි උංටම ලැජ්ජයි!. සමහරු කතා ලියනවා. සමහරු සු.ප්‍ර.ආර. ගෙ, ස-ගලගේ මෝඩම මෝඩ ලව් කතා කියවනවා. සමහරු සු.ප්‍ර.ආර. ගෙ, ස-ගලගේ මෝඩම මෝඩ ලව් කතා කියවලා කොට්ටෙ බදාන අඩනවා! සමහරු ඔරලෝසු කණු ළග පුංචි කෙල්ලෙක් ගැන බලාපොරොත්තු වෙනවා.

තව සමහරු කෝච්චියට බෙල්ල තියනවා! සමහරුන්ගෙ වෙලාවටම තමයි කෝච්චිය එදාට ස්ට්‍රයික්! සමහරු කෝච්චිය එද්දිම රේල් පාරට පනිනවා! බලද්දි කෝච්චිය යන්නෙ අනික් රේල් පාරෙ! සමහරු අද කෝච්චිය නෑ හෙට එන්නං කියලා රේල් පාර දිගේම ඇවිදං ගෙදර යන්න යද්දි කෝච්චියට හැප්පිලා මැරෙනවා. සමහරු ටොයිලට් වල බෙල්ලෙං එල්ලෙනවා. සමහරු ලාම්පු තෙල් බොනවා.තවත් සමහරු වෙන කෙල්ලෙක් ගැන ට්‍රයි කරනවා. සමහරු පරණ සිංදු අහනවා. සමහරු ඇසිඩ් ගහනවා. තව සමහරු බෝම්බ ගහනවා. තව සමහරු ගෙදෙට්ට බෝම්බ ගහලා කෙල්ලට ඇසිඩ් ගහලා, වහ බීලා එල්ලෙනවා..තව සමහරු එල්ලෙන්න යද්දි ලණුව කැඩිලා වැටිලා අත පය කඩා ගන්නවා. තව එවුන් දුරකථනයෙන් තර්ජනය කරනවා. තව සමහරු දුරකථනයෙන් තර්ජනය කරලා කියන දේ කරනවා. තව සමහරු එදා ඉදන් හොදට ඉගෙන ගන්නවා. ලොකු මිනිහෙක් වෙන්න හිතා ගන්නවා! තව සමහරු හොදටම වල බහිනවා. විභාග ටික ඇන ගන්නවා. තව සමහරු ඒකිගෙ නියුඩ් පොටෝ, වීඩියෝ ෆේස්බුක් දානවා (එකෙන්ම ඒකනං පට්ට ඈ රෙප් සේරම ටික! හිකි හිකි!!). කෙල්ලවත් දන්නෙ නෑ ඒකිගෙ ඇඟේ එහෙම ඒවා තියනවද කියලා.

ඉතිං එකී මෙකී නොකී සෑම දේම මේ ලව් සික් එක නිසා වෙනවා.

දැන් අපි බලමු අපේ එවුන් කරන කියන සහ කරපු කියපු දේවල් ටිකක්.


අපේ අමිල ටොමී මහතා ලව් සික් එක ගැහැව්වම කරන්නෙ ෆේස්බුක් ෆ්‍රොෆයිල් එක වහලා දානවා. කී සැරයක් නං වැඳලද ආයේ ඒකව බුකියට එක්කං ආවේ!

අපේ උපාසක සුපුන්ට නම් එහෙම කේස් එකක් නෑ! තාම නෑ! නොවේවා කියලා පතමු!!

අපේ පොඩි තිවංකයා කරන්නෙ ඒ වෙලාවට ඌට බූට් එක තියලා ඌව දාලා ගිය කෙල්ලව ආයෙම කොහොම හරි ටෝක් කරලා ඒ කෙල්ලත් එක්කම ආයෙම දවසක පාක් යනවා. ආයෙම කානිවල් යනවා. ඒ කරලා පහුවදා ක්ලාස් ඇවිත් අඬනවා. ලව් ඉවරායි කිය කිය! ඒ කරලා මං හොදට ඉගෙන ගන්නවා කියලා හිතාගන්නවා! ඊළග සතියේ ඉදං ආයෙම වල බහින්න පටං ගන්නවා!!

අපේ නුවනා! ඕං අදත් එකක් ස්ලිට් එක ඇතුලටම එක්කන් ඇවිත් බූට් එක කෑවා(ලැබ් එකටත් එකකං යන්න ලෑස්ති උනේ! මාධව තුමා මැදිහත් වෙලා නැවැත්තුවෙ! නැත්තන් සර් දැක්කානං! දෙයියෝ ලැබ් එකේ තියන බඩු මදිවටද බලයි එලියෙනුත් එකක් ගෙනැල්ලා තියෙන්නෙ කියලා!!) දැන් නුවන් නිදි ඇති! බූට් කෑවම නුවන් නිදි! නුවන්ගෙ නුවන් පියවිලා ගියාට පස්සෙ නුවන් නිදි!

මාධව ලව් සික් ගැහුවම වැඩ දෙකක් කරනවා. එකක් තමයි කී බෝඩ් එක බදාන ඔහේ වයනවා. හිත හරියාගෙන එද්දි හෙමීට රොක් තෙරපි පටන් ගන්නවා! (වන් hour තෙරපි!)ඒ ගැන කලින් ලිව්වනේ! බලන්න මෙතනිං ගිහිං!
අනික තමයි දිවුරනවා ආයේ “ටීම් වීවර්“ වලින් ගම්පහ ඉන්න කෙල්ලොන්ගේ මැෂීන් වල ට්‍රබල් ෂූට් කරන්නෙ නෑ නෑ නෑමයි කියලා! ඒ කරලා ආයේම ඒකම කරලා දෙනවා!

අපේ චතූ යාලූවා ලව් සික් ගැහුවම තීරණයක් ගන්න හැටි ප්ලෑන් කරනවා! එකෙන්ම!

මාධවගේ මාමා කෙනෙක් හිටියා! එයා කලේ කෙල්ලගෙ පොටෝ එක, එක, පුච්චලා දැම්මා!

ඩිප්ලෝමා class එකේ හිටිය උත්තරා අක්කා කලේ කවි ලියලා කොල්ලගෙ ෆේස්බුක් පේජ් එකට පෝස්ට් දාපු එක! පස්සෙ බලද්දි ඒවා “අනං මනං“ එකෙං කොපි කරලා ගන්න කවි, ගූගල් සෙවීම් කරලා බා ගත්තු පොටෝ වලට, පොටෝෂොප් වලින් එඩිට් කරලා ටයිප් කරලා දාපු කවි!! ස්ව නිර්මාණ නෙමෙයි! හොර කවි!

ලේනා කරන්නෙ බස් වල යද්දි පපුව රිදෙනවා කිය කිය ඉන්න එක! ඊට අමතරව කරන්නෙ හැම දේම අමතක කරලා ගෙදෙට්ට වෙලා ඉන්ද්‍රාණි ඇන්ටිගෙ සිංදු අහන එක! ගිටාර් එකත් පහුරු ගානවා වෙලාවකට!

බ්ලොග් ලියන සුපුන්! මේ අපේ සිහිවටන බ්ලොග් එක කරන සුපුන් මල්ලි කරන්නෙ තමාගෙම  ෆේස්බුක් ෆ්‍රොෆයිල් එකේ බූට් තිබ්බ කෙල්ලට බැන බැන පෝස්ට් දානවා!

කොකා කරන්නෙ දවසක් හොට බිම ඇනගෙන ඉන්නවා! ඒ කරලා පහුවදා ඉදං අලුත් කොක්කිච්චියක් හොයං යනවා!

තව එකෙක් හිටියා! නෑ ඉන්නවා! ඌ කරන්නෙ බූට් තිබ්බ කෙල්ලගෙ පොටෝ දිහා බල බල එක පිට දෙපාරක් ස්වයං වින්දනය  කරන එක! ඒකෙත් මාර තියරියක් තියනවා! පොරම තමයි කිව්වෙ ඕං! පහුවදා ඉදලා ඌ නෙමෙයි බූට් කෑවෙ වගේ ඉන්නෙ!

ඒත් මාධව දන්න අයිය කෙනෙක් ඉන්නවා! ඒ අයියා වගේ හොද කොල්ලෙක්ව අතෑරලා එක මෝඩ කෙල්ලෙක් යන්නම යන්න ගියා! අවුරුදු ගාණක් තිබ්බ ආදරයක් විනාශ කලා ඒ කෙල්ල! ඒත් ඒ අයියා ඒක විද දරා ගත්ත විදිය ප්‍රසංශනීයයි! දන්නෝ දනිති මේ කව්ද කියලා!!

ඉතිං ඔන්න ඔහොමයි ඒවත් ඉතිං! එහෙනං සැමට සුභ දවසක්!

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අර ඉන්නවා කියපු එකා .. තමා එල බුවා.. කොහොම හරි වෙන්න ඕනේ.. සමාජය දෙස වෛරයෙන් නොබැලිමත් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් විමත්නේ..
    සිය දිවි හානි නොකර ඔය මොන දේ කරලා හරි ඒක වෙනවා නම් එච්චරයි....
    වෙන්නකද කරන්නේ...... තාම මුකුත්ම කරලා නෑ...

    ReplyDelete
  2. යකෝ අර ස්වයං වින්දනේ කොරන එකානේ ඩයල් එක .....

    ReplyDelete
  3. ස්වයං වින්දන තියරිය තමයි තියරිය..

    ReplyDelete
  4. මමනම් පුල් නිකමෙක් මටනම් ඔව්වා කිසිම වැඩක් නෑ මට ඔන කරන එකම දේ නිකම්ම නිකම් කකා බිබී රස්තියාදු ගහන එක මට නම් ඔය ලව් සික් එක මගෙ අැහැපිල්ලමකටවත් දැනිලා නෑ

    ReplyDelete
Previous Post Next Post

Contact Form