තැනට ගැලපෙන සිංදු කීම....................මාධවගේ ටොකු!!


ටයිප් සෙටින්ග් කාරයෝ ටිකගේ පෙර සටහන - මේක නිකං කතා ටිකක් වුනත් ගන්න දෙයක් තියනවා කියලා අපේ ලොක්ක මාධවට හිතුන නිසා, එතුමම ලියලා දාපං කියලා අපට කිව්ව නිසා මේං ලියනවා!



මේ සේරම සිංදු කේස්!

පළවෙනි එක තමයි ඕං සුලෝචනා...

ඒ කියන්නෙ කතාව මෙහෙමයි. මාධවලගෙ මිත්‍ර කොල්ලෙක් බූට් එකක් කාලා ඉන්න වෙලේ මූට ඇහුන බීට් එකක් තමයි සුලෝචනා සිංදුව! අහන්න එපා කොල්ලා කව්ද කියලා! දන්නෝ දනිති!

ඉතිං මේ අහල ඇතිනේ!

“එක කිරුලක් පළදින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ!“

ඉතිං බූට් කාලා ඉන්න වෙලාවේ මාධවලගෙ මිත්‍ර ගොයියා තෝර ගත්ත බීට් එක මේං!

ඒත් මේක කිසි ගැලපීමක් නෑ නේ? මේකෙන් කියන්නෙ එක කොල්ලට ලව් කරන කෙල්ලො දෙන්නෙක්ගෙන් එකෙක්ගෙ හිතේ තියන සිතුවිලි!

ඒත් මූ මොකෙක්ද???  අන්න එතනයි නොගැලපීම!!



දෙක තමයි හිනැහෙන්න සෙව්වන්දියේ සිංදුව!

අර ඔලු නාලිකාවෙන් පුම්බලා උඩ ඇරිය ශිහාන් කොලුවගෙ අති උදාර සිංදුවක් තියෙන්නෙ!

ඒකෙන් කියන්නෙ මැරිච්ච කෙල්ලෙක් ගැනනේ!

“හිනැහෙන්න සෙව්වන්දියේ....“

ඇක්සිඩන්ට් එකකින් කෙල්ලො මැරීමේ කලාව එකතු උන විෂූවල් එකක් එහෙමත් හැදුවේ!

කස්ටියට මතක නං මතක් කර ගන්නකෝ!
ඉතිං මේ මාධවලගෙ මිත්‍ර බුවා ආදරේ කලේ සෙව්වන්දි කියන කෙල්ලෙක්ට
ඉතිං මේක තමයි උගේ ප්‍රියතම ගීතය!
මාර ආදරයක්!!
ආතල්ම වැඩේ  කියන්නෙ මේකා සෙව්වන්දි වෙනුවෙන් මේ සිංදුව දෙන්න කියලා චාට් ෂෝ එකක රික්වෙස්ට් එකක් කරපු කතාවකුත් මාධව අහලා තියනවා!

(ලොලීටා කතාව කියවූ සැමගේ අවධානයට - මේ කොල්ලා මාධව නං නොවේ!)



ක්ලාස් එකේ බෝල අක්කා කැමති මේ සිංදුවට! උපාසක තමයි මාධවගේ කතා වලට ඒ ගැන අදහස් පල කලේ!  මේන්න සිංදුව!

“බෝල බෝල මැටි එක එක ගේනව..........“,



මේක තව කේස් එකක්!

මාධවලගෙ පහල ගෙදර ඉන්න පොඩි එකාට සිංදුවක් කියන්න කිව්වම ඌ කක්ක බර ඇදිලා වගේ තටම තටම ඕනි වෙලාවක කියන්නෙ මේං මේක

“ ගේලක් දීලා ගිල අවුලුද්දේ “ සිංදුව!!

ඒක ගැලපෙන්නෙ නෑ කියන්නමත් බෑ! මොකද ඒ සිංදුව කියද්දි මූ ඉපදිලා හරියටම අවුරුදු 3ක් විතර ඇති!!



තිළිණ(ලේනා) ගැන නොකිව්වොත් අඩුවක්! මෑන්ස් කැමති සිංදුව තමයි මේන්න මේක!

“ ප්‍රේමය පුද දී අවසානයි! අන්සතු වී කාලය බෝමයි..................!! “

ඊට අමතරව මේ මල්ලි කැමතියිලු “ හදවත ඉල්ලා ආ ආ ආ ආ ආ ආ ආ (අම්මෝ හක්ක හ්!!)  “ සිංදුවටත්!! මේකෙ 3 වෙනි පදේට මූව කැමති කරන්න මාධව ලොක්කා කොච්චර කට්ට කෑවත් මූ මේ සිංදුව කියන්නෙම ඒ පදේ නැතුව!

හදන්න බෑ!


මාධවගේ මිතුරියක් වන හිරෝෂිමා කැමති සිංදුව තමයි
“රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා.................“
පට්ට නේ! නමට ගැලපෙන සිංදු!


මාධවගේ ප්‍රිය මිතුරු චතුරංගයා කැමති  “ ඔබ ඇපල් මලක් වාගේ “ සිංදුවට! බොරුනං අහලා බලන්න පොරගෙං!! මොකද මෑන්ස් පුදුම ඇපල් පිස්සෙක්!!


මේක නං මාධව අහලා තියන කතාවක්. සුරූපී නතාෂා කෙලී ගැන දන්නවා ඇතිනේ කස්ටිය! ඉතිං මෙයා කැමතිම සිංදුව තමයි ඉන්ද්‍රචාප මහත්මයා සහ කසුන් කල්හාර මහත්මයා ගයන “නතාෂා ඇවිදින් ගියා“ සිංදුව! ඒක ඇහෙනකොට නතාෂගෙ සියොළගම (මරු නේ! හා නැද්ද? පට්ට ඕයි!) හිරි වැටෙනවලු! හිරි වැටෙන බව දන්නෙ කොහොමද කියලා කතාව කියපු එකාගෙන්මයි අහන්න ඕනි!


අන්තිම කේස් එක මේං!
මාධවලගේ බොක්ක ෆිට් එකේ කොල්ලෙක් ඉන්නවා! ඌත් කොම්පීටර ඉගෙන ගන්න හා ඒ සම්බන්ධව රැකියාවක් කරන එකෙක්! මූ ගැනත් අහන්න එපා! දන්නෝ දනිති!
අයි ටී ගැන ලියවුනු සිංදුවක් හොයා ගන්නත් නෑනේ!

ඉතිං කොහොම හරි මේ යෝදයා කැමතිම සිංදුව තමයි “ ඊ මේල් කවිකාරියේ “ සිංදුව!

උපාසක ගැන නෙමෙයි මේ කියන්නෙ හරි!!
මොකෝ කියන්නෙ කට්ටිය!! සුභ දවසක්!!!


---------------------------------------------------------------------------
පරිඝණක ටයිප් සෙටින්ග් සෙට් එකගේ පලි - ලොක්කා මාස ගානක පඩි දීලා නෑ! මෙහෙම ගියොත් අපට වෙන බ්ලොග් එකක රස්සාව හොයං යන්න වන බව ලොක්කාට මෙසේ දන්වමු!!

මාධවගේ පලි - ඉතිං හොයං පළයව්!

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. hmm!! mawath gawa gatta neda Kohoma hari :D eeth mma kamathima sinduwa nam meka nemei Madawayoo harida :D :D

    ReplyDelete
  2. අන්න මමත් සිංදු කොත්තුවක් ගැහුව ගිහින් බලපන් අපේ පැත්තේ

    ReplyDelete
  3. දැන් මාධවයගේ කැමතිම සින්දුව මොකද්ද..?
    මගේ පුංචි රෝස මලේ.. :P
    නෑ නෑ බන් මම උඹ නාකි කිව්වේ නෑනේ.. අපෝ......

    ReplyDelete
  4. type setting set aka madhawa lokkage kemathima sinduwa mokakda kiyala ahuwe nadda ?

    ReplyDelete
  5. he he he he,,,mare maru... Heart FM gana oba thumage adahasa mokadda ethakota...?? :D

    ReplyDelete
Previous Post Next Post

Contact Form