සනී.... කොච්චර සෙක්........



මේ සනී වෙන කවුරුත් නෙමෙයි බොලව්. සුන්දර කෙල්ලෙක්. දැන් නං ලෝකෙම දන්නවා. වෙන කවුරුත් නෙමෙයි. මේ කියන්නෙ සනී ලියොන් ගැන. ඈ කොච්චර දක්ෂ නිළියක්ද? කොච්චර සෙක්..ඒක ඕනි නෑ! කොහොම වෙතත් ඇත්තටම දක්ෂ නිළියක් ඈ. චිරාත් කාලයක් නිල් සිනමාව වර්ණවත් කරලා දැන් ඈ හින්දි සිනමාවත් ඇගෙ සුන්දරත්වයෙන් පුරවන්න ජිස්ම් 2 තුලින් බොලිවුඩ් ආගමනය සිද්ධ කරලා. හම්.  ඉන්දියානු කාන්තාවක් වන ඇගේ නිර්භීත බවට මාධව කැමතියි. වෙන මොකුත් නෙමෙයි ඈ ජිස්ම් 2 වල රගපෑමට පැමිණෙන බව දැනගත් සැනින් ඉන්දියානු සමාජය ඇගේ නිල්වන් සිනමා සිත්තම් සොයා යන අතරතුර, වෙනත් බොලිවුඩ් නිළි කුමාරියන් ඈව නිල් නිළියක් බවට පතුරවද්දි(අමුතුවෙන් පතුරවන්න දෙයක් නං නෑ), ඈ නිර්භීතව ඒවාට නොසැලී සාර්ථකව සිය බොලිවුඩ් ආගමනය සිදු කරලා අවසන් වීම එයට ප්‍රමාණවත්. ඇගේ ඒ නිර්භීත කම ගය කල යුතුයි. ඇය හින්දි සිනමාවට එකතු වන බව සැලවීමේදි ඉන්දියානු පදික වේදිකාවේ ඈ රංගනයෙන් දායක වූ නිල් සිනමා සිත්තම් උණු කැවුම් සේ අලෙවි වූ බවද ප්‍රචාරය උනා. ඒ සේරම වෙද්දි ජිස්ම් 2 සිනමා සිත්තමේ ඈ ඉතාමත් සරාගී අයුරින් අඩ නිරුවතින් සිටිනා විට දකින සුන්දරත්වය, ඇගේ නිල් සිනමා සිත්තම් වල තිබුනු නිරුවත තුලින් දුටු සුන්දරත්වය අභිබවා ගිහින්.ඉතිං මාධවටත් සතුටුයි. බලන අයටත් සතුටුයි.......


අද ක්ලාස් එක පැත්තෙ ගිහින් අපේ මාධව ලොක්කා ප්‍රැක්ටිකල් ටික පටන් ගත්තා. 1841 හැමදාම බදාගෙන ඉදල බෑනේ. ඒත් මොනා කරන්නද? නැට් එක කරලා වැඩද බැලුවා. අෆ්ෆේ වැඩ! හිතට තියන සතුට පින්ග් වෙද්දි. එහෙන් මෙහෙට! මෙහෙන් එහෙට!!


ඒ අස්සෙ උදේ නුවර ආපු බස් එකට නැග්ගා පොරක් . අ*න්ස් එකේ ලොක්කෙක්. ටවුන් එක නං කියන්න බෑ. හරි නෑනේ! කම්පැණි නේම් එකත් වාරණය කලා. (අකුරක් හරි!) මේකා අරන් යනවා ලැප්ටොප් බෑග් එකක්. ඒත් ඇතුල හිස්. ලේන පැටියා දිවුරාවි. ඌ තමයි මාධවටත් කිව්වේ. අරක හිස් එකක් බං..... දෙන්නට හොදටම හිනා. හිනා වැඩිකමට ලේනා ටිං ටිං ටිටිං ටිං කිය කිය හිනා වෙනවා.


ඒ අස්සෙ නුවර ඉදන් ආපහු ඇවිත් ටවුමෙ බහිද්දි ටවුමෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර බස් නවත්තන තැන මිනිස්සු වට වෙලා ඉන්නවා. සිරාම සිද්දියක්. විශ්වාස කරපල්ලා ඉස්තූල් එකක එළලා තියන රෙද්ද යටින් මීයෙක් යනවා වගේ අමුතු දෙයක් පාරේ කාපට් එක යටින් එහෙ මෙහෙ යනවා. හරිම අත්බූතයි. යකාගෙ වැඩක්. කාපට් එක යට මහා විසාල ඇනකොන්ඩා සර්පයෙක් ඇවිදිනවා වගේ කාපට් එක ඉස්සෙනවා ආයෙ පාත් වෙනවා ආයෙ වෙන තැනකින් මතු වෙනවා. පට්ට.... මාධව බැලුවා. ඒ විතරක් නං මදෑ හිතුවා. හරි. අද ඉදන් ටවුම නෑ. නායක් තමයි කියලා. මොකද මාධවලගේ ටවුමෙන් පැත්තක් කඩාගෙන යනව කියලා නිගමනය කරලා තියනවලුනේ කව්ද මංදා ඉංජො ටිකක්. ඉතිං අද තමයි දවස කියලා මාධවත් අතේ තිබ්බ NOKIA C3-00 (ඩීසන්ට් බාන්ඩෙ. ටොමියගෙ සෝනි එරික්සනේ කටුට වගේ කබ්බක් නෙමෙයි) අරන් වීඩියෝ පාරක් දාන්න යද්දිම ඉස්සුන කාපට් එක පැලිලා මහ වතුර කදක් ගලන්න ගත්තා.


එකකොට තමයි කවුදෝ කිව්වෙ මේ ටවුමෙ අන්ඩග්‍රවුන්ඩ් වතුර ලයින් එකේ ලීක් එකක් කියලා. වෙලාවට මාධවට ඒක ඇහුනේ. නැත්තං මාධව භූමි කංපාව වීඩියෝ කරන්න ගිහිං කිච වෙන්න තිබ්බා! කිච උනාට වඩා හොදයි පොළව පලාගෙනම ගියානං! හැබැයි ඒත් තත්පර දෙකක වීඩියෝ එකක් තියනවා. පස්ට සීන් එක.


අද මේ ලියන නිකං හිතට එන දේවල් අතුරින් තවත් ගොඩාක් ලියන්න තියනවා. ඒත් මොනා ලියන්නද කොහොම ගලපන්නද හිතාගන්න බෑ. මොනවා කියන්නද මොනවා නොකියන්නද කියලා හිතාගන්න බෑ.


අද හවස හොදවයින් මල්වානේ රඹුටන් ගෙඩි 50ක් 60ක් හම්බුනා. තෑන්ක්ස් චාචා! අයි මීන් බාප්පා! උතුම් ගෙඩි. විනාඩි 15ක් යන්න ඇති! මල්ලෙ තිබ්බ සේරම ගෙඩි වල පොතුයි ඇටයි සාලෙ ඉස්තූල් එක උඩ. කෑවයින් කෑවෙ නෑ එහෙම රඹුටමක්. දැන් රෑට කාගන්න විදියක් නෑ. ඒත් කොහොම හරි කනවා. හේතුව අද රෑට තියනවා මාධවගේ ෆේවරිට් වල්දෙල් බැදුම.... කන්නෝ දනිති වල්දෙල් රස.


අද මේ වගේ පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවේ මෙන්න මේ නිසයි. අපේ උපාසක සුපුනා හම්බුනා අද. මිනිහා තමයි කිව්වේ මොකක් හරි දාපං කියලා. ඉතිං මචං ඕං දැම්මා. උඹට ඉන්ටරෙස්ට් නැත්තං සොරි.


ඔහොම ගිහින් මාධව අද ගොඩ කාලෙකට පස්සෙ **ෂාට කෝල් කලා. මේක පුද්ගලිකව ඇයට පහරක් ගහන්න කියනවා නෙමෙයි. ඒත් ඇත්තටම **ෂා පුංචි කෙල්ලෙක්. හරියට 6 හෝ 7 ශ්‍රේණියේ ඉන්න කෙල්ලෙක් වගේම පුංචියි. ඒ නිසාම එයා ඇත්තටම ලස්සනයි. හරිම පුංචි කුමාරියක් එයා. ලස්සනයි. සුන්දරයි.... හම් ඇති. ඇති. ඉතිං ඈට ගොඩ කාලෙකින් ඉදලා ඉදලා කෝල් එකක් දුන්නට පස්සෙ එයාගෙ මියුරු වදන් දුරකථන රැහැන ඇදී ඔස්සේ සවනට ඇහෙද්දි, හිතට දැනෙද්දි මාධවට හරී සතුටුයි. හම්...

ඉතිං කෝල් එකට එයා උත්තර දුන්න ගමන් මාධව එයාගෙන් ඇහැව්වේ “ ඩිය, ඔයා තාමත් එදා වගේ පුංචි කෙල්ලද? නැත්තන් දැන් මිලි මීටරයක් හරි ලොකු උනාද “ කියලා!

එයා ගොඩක් ලස්සනට හිනා උනා. මාධව හැමදාම ඒ හිනාවට.... ඇති ඇති.. ඉතිං හිනා වෙලා එයා කිව්වා. “ අනේ නෑ මං ඉස්සර වගේම තමයි කියලා “

ඊළගට මාධව කිව්වා “ එහෙනං පරිස්සමින්  “ කියලා.

එයා ආයෙමත් පුංචි කැකිරි ගෙඩියක් (පිපිඥ්ඤ වෙන්නත් පුලුවන්) පළල එහෙම අහනවා ඇයි කියලා?
මාධව කිව්වා “මේ දවස් වල ට්‍රෙන්ඩ් එක ඕං පුංචි ළමයින්ට වැඩේ බේරන එක! දැන් ආච්චිලාගෙ සීසන් ඉවරයි“  කියලා.

ඒ පාර “ අයේ යනවා මෝඩයා! “ (පුංචි පොඩීට පොඩ්ඩක්වත් කේන්ති ගිහින් නෑ එයාට මාධව කිව්ව ඒ කතාවට. එයා ගොඩක් හිනා උනා ඒ කතාවට. මාධවගේ හිතට ගොඩාක් දැනෙන විදියට.........)

අපි ගොඩක් දේවල් කතා කලා. ඒත් හැමදාම කියාගන්න බැරුව ඒ දේ විතරක් හිතේ ඉතුරු වෙනවා. අන්තිමට ක්ලික් ගාලා රිසීවරය තියලා නැගිටිද්දි හිත පාලුවෙන් පිරෙනවා. කවදාහරි එයා මේ හිත අදුනගනීද කියලා මාධවට අනාවැකි කියන්න බෑ. එයා ඒක අදුනගත්තද කියලා මාධවට හිතුන කාලයක් තිබුනා. ඒත්...... ඒ කාලේ නපුරු විදියට ඉක්මණට ගෙවුනා. සමහර විට තව වසරක් අපිට එකට වැඩ කරන්න තිබුනනම්. මාධව හිතනවා....................................එහෙනම් මේ හැමදේම ගොඩක් වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.

ඉතිං එයා ඒ කාලේ කිව්ව කතාව මාධව තේරුන් ගත්තෙ පරක්කු වෙලා

“ හදවත හොදයි නං අනික් ඒවා වැඩක් නෑ මාධව “

ඒත් දැන් ඒකට ගොඩක් පරක්කු වෙලා මාධව!



Comments

  1. ඇති යන්තම් එකක් දැම්මා.sh ip nat translations ගැහුවට පොඩි අවුලක් ආවා :ඩි

    ReplyDelete
  2. කොල්ලට පිස්සුව හොඳටම තද වී ගෙන එනවා කියලා අම්මට තාත්තට කියන්න වෙයි වගේ නේද පුතේ.දැන් කාලෙත් හරි ඇති නේ............................(කලබල වෙන්න එපා මං විහිලුවක් කලේ

    ReplyDelete
  3. ඔන්න ඔහේ තොඳොල් නොකර හිටහං

    ReplyDelete
  4. ලේකම්ගේ අංකල් - පිස්සු හැදෙයි. දැම්ම ගෙදෙට්ට කිව්වොත් ටිකට් කපලා දායි ගෙදරිනුත්!! හිකි හිකි!

    සුපුනා - තෑන්ක්ස්

    රාජ් - උඹනං කියයි!

    තිළිණ - තෑන්ක්ස් බං!

    ReplyDelete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

ප්‍රජනන කුට්ටං!