Posts

Showing posts from July, 2012

සනී.... කොච්චර සෙක්........

Image
මේ සනී වෙන කවුරුත් නෙමෙයි බොලව්. සුන්දර කෙල්ලෙක්. දැන් නං ලෝකෙම දන්නවා. වෙන කවුරුත් නෙමෙයි. මේ කියන්නෙ සනී ලියොන් ගැන. ඈ කොච්චර දක්ෂ නිළියක්ද? කොච්චර සෙක්..ඒක ඕනි නෑ! කොහොම වෙතත් ඇත්තටම දක්ෂ නිළියක් ඈ. චිරාත් කාලයක් නිල් සිනමාව වර්ණවත් කරලා දැන් ඈ හින්දි සිනමාවත් ඇගෙ සුන්දරත්වයෙන් පුරවන්න ජිස්ම් 2 තුලින් බොලිවුඩ් ආගමනය සිද්ධ කරලා. හම්.  ඉන්දියානු කාන්තාවක් වන ඇගේ නිර්භීත බවට මාධව කැමතියි. වෙන මොකුත් නෙමෙයි ඈ ජිස්ම් 2 වල රගපෑමට පැමිණෙන බව දැනගත් සැනින් ඉන්දියානු සමාජය ඇගේ නිල්වන් සිනමා සිත්තම් සොයා යන අතරතුර, වෙනත් බොලිවුඩ් නිළි කුමාරියන් ඈව නිල් නිළියක් බවට පතුරවද්දි(අමුතුවෙන් පතුරවන්න දෙයක් නං නෑ), ඈ නිර්භීතව ඒවාට නොසැලී සාර්ථකව සිය බොලිවුඩ් ආගමනය සිදු කරලා අවසන් වීම එයට ප්‍රමාණවත්. ඇගේ ඒ නිර්භීත කම ගය කල යුතුයි. ඇය හින්දි සිනමාවට එකතු වන බව සැලවීමේදි ඉන්දියානු පදික වේදිකාවේ ඈ රංගනයෙන් දායක වූ නිල් සිනමා සිත්තම් උණු කැවුම් සේ අලෙවි වූ බවද ප්‍රචාරය උනා. ඒ සේරම වෙද්දි ජිස්ම් 2 සිනමා සිත්තමේ ඈ ඉතාමත් සරාගී අයුරින් අඩ නිරුවතින් සිටිනා විට දකින සුන්දරත්වය, ඇගේ නිල් සිනමා සිත්තම් වල තිබුන…

මේ පාරෙන් එන්න...........................!!

Image
වැව් ජලය මතින් හමන.............
මුදු සුළගේ දැවටෙමින්.............
දග කරන කෙහෙ රැලි අතුරින්.............
බිමට යොමු වූ නෙත් ඇතිව.............
පුංචි කම්මුල් එක්ක.............
කොල පැහැති පොත් මල්ල.............
වම් අතින් අල්ලාගෙන.............
පුංචි පා තුඩු මතින්.............
කෙටි පියවර තබා.............
ලෝකයක ලස්සන අරන්.............
ඒ සුන්දර මදහසත් එක්ක.............
තවත් එක මොහොතකට.............
මගේ හිත සනසන්න.............
ආයෙමත් දවසක.............
ලස්සනම හවසක.............
දළදා වීදියේ පිරුණු.............
මහ සෙනග අතුරින්.............
මායාවක් සේ මැවෙමින්.............
ආදරණීය ගංගාවී.............
මේ පාරෙන් එන්න.................
එකම එක මොහොතකට.............!

හෝම්ස් සමග අඩ හෝරාව.................................................

Image
සුප්‍රකට රහස් පරීක්ෂක හෝම්ස් මහතා සමග ප්‍රබල සජීවී(සජීවී යන්න විවාදාත්මක විය හැක) සංවාදයකට එලඹිමට “මාධවගේ කතා“ අප කණ්ඩායම සමත් උනා. ඉතාමත් උණුසුම් ආකාරයට ඇදී ගිය මෙම සංවාදය මේ ආකාරයට සංශෝදන විරහිතව පල කිරීමට හෝම්ස් මහතා අවසරද ලබා දුන්නා! මෙන්න එම සංවාදය අකුරක් නෑර................

අවවාදයයි - පත්තර වල පළ කිරීම සපුරා තහනම්!
මාධවගේ කතා -  ආයුබෝවන් ෂර්ලොක් මහත්මයාණනි

හෝම්ස් මහතා - good to see you guys! how are you?

මාධවගේ කතා - we are fine! all fine! feelings pretty gud! hmmm! so, shall we ..... (බාධා කිරීම්)

හෝම්ස් මහතා -  සිංහලෙන් එමු...........!

මාධවගේ කතා -  ඔබ තුමානේ කඩ්ඩෙන් දෙන්න පටන් ගත්තේ.... ඕන දෙයක්.අපි පටන් ගමු එහෙනං!
මෙන්න පළවෙනි ප්‍රශ්නය! කෝ ඔබේ අතිජාත සගයා ඩොක්ටර් වොට්සන්???

හෝම්ස් මහතා - මං මිනිහාව එලෙව්වා! වැඩක් නෑ! බෝඩිමට කුලිය ගෙවන්න සල්ලි දෙන්නෙත් නෑ! ඒ මදිවට මං කරපුවා රටට ලෝකෙටම එලි කලේ! ඒ ටිකම මදිද දොට්ට දාන්න!

මාධවගේ කතා -  ඒත් එතුමා ඔබ එක්ක කොච්චර ත්‍රාසජනක ක්‍රියා වලට සහභාගී උනාද? ඔහොම කතා කිරීම හොද මදි නේද?

හෝම්ස් මහතා - කෙහෙම්මලක් ත්‍රාසජනක? සිම්පල් කේස් ටිකක්නේ …

හෙළුවෙන් වනන්නං උඹට!

Image
හෙළුවෙන් වනන්නං උඹට!
උඹට කියන්න තියෙන්නෙ මේ ටිකයි මට! අහපං.......
ගෑනියේ!

මට බොරු කරපං!
ඒත් හිතේ ඇත්ත තියා ගනින්!
මොකද දන්නවද?
උඹටත් වඩා මං හැමදාම උඹේ හිත අදුනන නිසා!

මගේ වාහනේට කෙල හලපං!
ඒ තරම්ම මගෙ අහවල් එකටත් කෙල හලපං!
මොකද දන්නවද?
වාහනේ නැති දවසටත් උඹට හැමදාම ඒක පදින්න පුලුවන් නිසා!

වෙන උං ළග බුදියපං!
ඒත් මං එක්ක විතරක් නිදිවැදපං!
මොකද දන්නවද?
මගෙ සරම කැඩෙන්නෙ හැමදාම උඹ ළගදි විතරක් නිසා!

මගෙ සල්ලි වලට ආදරේ කරපං!
ඒ තරම්ම මටත් ආදරේ කරපං!
මොකද දන්නවද?
උඹ ළග සල්ලි නැතත් හැමදාම මං උඹ ළග ඉන්න නිසා!