හරි ලොකු වීම! මාසයක් නිවාස අඩස්සියේ තැබීම! අපි මැරීගෙන තීන්ත ගෑම!




පට්ට කුණුහරුපෙන්(කාපු කටු හා තවත් අනික් දේවල් නිසා හිතේ ඇතිවන කේන්තිය හේතුවෙන්) ලියන්න හිතුනත්, ඒ සිතුවිල්ල කොහොම හරි නවත්ත ගත්තත්, මේ වගේ මෝඩකං කිරීම ගැන නං එහෙම නොලියත් බෑ! මොනා කරන්නද? ලාවට ලියමු! මෙන්න මේකයි කතාව!


කෙල්ලෙක් හිටපු ගමං ඕං මේං කියල හදිසියේ ලොකු වෙන එක මාධවට මාර ප්‍රශ්නේ! හිටපු ගමන් නැන්දයි, අම්මයි, ලොකු අම්මයි හැමෝම අල්ලපු ගෙදරට දුවලා ඇවිත් කෙල්ල ලොකු වෙලා කියලා කතා වෙච්චි අරුමේ මාරයි! මාධවත් ගිහින් කතාව අහං ඉන්න හැටි දැකලා උන්දලා කතාව නවත්තපු හැටිත් මාරයි! ලොකු වෙච්ච කේස් එක මේකයි කියලා හරියට ඇහුනෙ නැති නිසාම මාධව තීරණය කලා කස්ටියගෙන් ප්‍රශ්න අහන්න!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
පළමුවැනි සංවාදය -
මාධව - මොකක්ද වෙලා තියෙන්නෙ?
ලොකු නැන්දා - ** දුව (** වෙනුවට කෙල්ලෙක්ගේ නමක් යොදා ගන්න) ලොකු වෙලා!
මාධව - අම්මට උඩු! ඉතිං මොකෝ වෙලා තියෙන්නෙ? කොහෙද ඉස්කෝලෙදිද?(එදා සදුදා දිනයකි) ගෙදරදිද?
ලොකු නැන්දා - ගෙදරදි!
මාධව - මොකක් වෙලාද ලොකු වෙලා තියෙන්නේ?
ලොකු නැන්දා උත්තර නැත!

මාධව - (තමාටම)එහෙනං ඒකිව දැන් අලියෙක් විතර ලොකු වෙලා ඇති! ඒකනේ කාමරේටම දාලා තියෙන්නේ! පව්!
ලොකු නැන්දා මාධවට රවයි, පිටව යයි!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

දෙවනි සංවාදය -

මාධව - මොකක්ද වෙලා තියෙන්නෙ?
චූටි නැන්දා - ** දුව (** වෙනුවට කෙල්ලෙක්ගේ නමක් යොදා ගන්න) ලොකු වෙලා! අද උදේ!
මාධව - ලොකු නැන්දත් මට කිව්වා! අලියෙක් විතර ලොකු වෙලාද? කොහොමද එහෙම එක සැරේම ලොකු වෙන්නේ?
චූටි නැන්දා- ( මාධවට ඔරවයි! ) තෝව හදන්න බෑ!
මාධව - (තමාටම) අලියෙක් ගැන කියෙව්වම මගේ හදන්න තියෙන්නෙ මොනාද?
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

දින දෙකකට පසු නැවතත් මාධවගේ නැන්දම්මලා විසින් පවත්තන කෙටි සාකච්චා වටයක් මාධවගේ දෙසවනට හසු වුනා!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
තෙවැනි සංවාදය -

ලොකු නැන්දා - ** දුවගේ නෑවීමේ නැකන පලුමුවැනිදලු!
චූටි නැන්දා - එහෙනං එහෙ වැඩ සෑහෙන්න ඇති! තව වැඩි කල් නෑනේ!
මාධව (කඩාගෙන කාමරෙන් එළියට ඇවිත් )- පළවැනිදට මොකෝ වෙන්නේ?
ලොකු නැන්දා රවයි!
චූටි නැන්දා - පහල උත්සවේ! ** නංගි නාවලා ගෙට ගන්න උත්සවේ!
මාධව - නාවන්න හෝස් බටත් ඕනිද? අපේ ගෙදර එකක් තියනවා නේද? තව කීයක් ඕනිද?
ලොකු නැන්දා රවයි! තෝ කට වහං හිටු!
මාධව - අලියෙක් විතර ලොකු උන එකා කොහොමද එක පාරට පොඩි වෙන්නේ? නාවලා ගෙට ගන්න තරං!
කට්ටියම - රවයි ඔරවයි!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

මාධව! වරෙං තීන්ත ගාන්න! ඔන්න ඔහොම ගිය පාර හැමදාම රෑ 12ත් පහුවෙනකල් තීන්න ගාලා පුදුම කට්ටක් කාලා ගන්න දෙයක් නෑ! පළමුවැනිද උදේ පාන්දර වෙනකල් තීන්ත ගාලා හොදටම හෙම්බත් වෙලා ඉන්නැද්දි හිතුන එව්වා තමයි මේ ලියන්නේ! කොකත්, මාධවලගෙ අයියා සදකැලුමත් මේවට හවුල් උනා! ඒ ගෙදර කෑම කාමරේදි පරණ රස්සාවට යොමු වීම නොහොත් ඉටිකොළ සිවිලිම ගැහැව්වෙත් මාධවලගෙ අයියා සහ මාධව විසින්!

ඔයිට අමතරව කුකා බඩු දමා වැඩි වීම නිසා මාධවට පැය 5ක් පමණ කුක් පදවියට පත් වීමට සිදු වීමද කැපී පෙනෙන සිද්ධියකි! රූපය බලන්න!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
මෙන්න මේ ටිකයිමේ පෝස්ට් එකෙන් කියන්න ඕනි! අපේ සිංහල සුචරිත වාදීන් මොනා කිව්වත් මාධවට උංට කියන්න තියෙන්නෙ මෙච්චරයි! කෙල්ලෙක් ලොකු වීම, එනම් වැඩි වියට පත්වීම නොහොත් කෙල්ලට මාසෙ පඩි පත හම්බවීම ඇරඹීම, ජම්බු ගසෙන් පතිත වීම, මල්වර වීම නොහොත් දරුවෙක් හැදීමේ මූලික සුදුසුකම නොහොත් මාසික ඔසප් වීම ඇරඹීම නැමති ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන් ඔච්චර කළබලයක් කිරීම අනවශ්‍ය වීමයි! ඒ ගැන තවෙකෙකුට කියන්න පොළව පලාගෙන යාම අනවශ්‍ය බවයි! නාන්න නැතුව, කණ්නාඩියෙන් ඹූන බලන්න නොදී, කාමරේක දාලා දොර වහල කරන සියලු වැඩ කටයුතු අනවශ්‍ය විකාර! පාසල් යන්න නොදී මාසයක් පමණ පාඩම් අතපසු වෙන එක වගේ අඩු පාඩු වෙනකොට ඒවා නොසලකා හැරලා මේ නටන නාඩගං ඇත්තටම විකාර! ඔච්චර සුලු සාමාන්‍ය සිද්ධියක් වෙනුවෙන් ලක්ෂ ගාණක වියදමින් පාටි දැමීම! ඇත්තටම විකාර! අපි අතීතයේ සිට පැවත ආපු සිරිත් රැක ගත යුතුයි! නමුත් හැම එකම නෙමෙයි! අනවශ්‍ය විකාර, එනම් මේ වගේ විකාර දේවල් සියල්ල සමාජයෙන් ඉවත් කරන්න දැන් කාලේ හරි! රැක ගත යුතු දේවල් වගේම කිසි වැඩකට නැති මේ වගේ දේවලුත් අපි අතර තිබීම හාස්‍යට කරුණක්! ඒ නිසා උගත් තරුණ පරපුර මේ කරුණු වෙනුවෙන් පෙනී සිටීම වැදගත්!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
උත්සවය ඉවර වීමෙන් පසු -

සිව්වැනි සංවාදය -

මාධව - දැන් අර කෙල්ල ආයේ පොඩි වෙලා! කොහොමද මෙච්චර ඉක්මණට පොඩි උනේ! කොහොමද එලියට ගත්තේ? ඕං කියල අලියෙක් උන එකෙක්ව මෙච්චර ඉක්මණට කුඩා කර ගැනීමේ ක්‍රමය මාධවට කියන්න! මං දන්න කීයක් දෙනා කෙට්ටු වෙන්න කියලා පාරවල් වල ඇවිදිනවද? බයිසිකල් පදිනවද? ජිම් යනවද?ඒ අතින් මේක අලියෝ වගේ තරබාරු පුද්ගලයින්ට ඉතා උතුම් ආරංචියක් නොවෑ බොලව්! නැද්ද හා?

සියලුම නැන්දලා, ආච්චිලා, පුංචි අම්මලා, ලොකු අම්මලා, අක්කලා සහ මීට පෙර ලොකු උනු නංගිලා මූණ රතු කොර ගෙන උඩ බිම බැලීම ආරම්භ කල අතර සියලු නැන්දලා, ආච්චිලා, පුංචි අම්මලා සහ ලොකු අම්මලා මාධවට රැවීම නැමැති කර්තව්‍ය සාර්ථකව කරනු දක්නට ලැබුනි!

මාධව ඒ කිසිත් ගණනකට නොගෙන, පිඟානට දමා ගත් ඩෙවල් කුකුළාගේ තවත් බැදුනු රසවත් කුකුල් කකුලක් රස බැලීමට පටන් ගත්තේය!!

11 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හපොයි දෙයියනේ හිනාකාල පණ යනව........

    ReplyDelete
  2. ගමේ කොල්ලො කුරුට්ට්ංට නම් ඕක තේරෙන්නෙ අලුත් වාහනයක් පාරට දැම්ම දැන් ඉතින් පැදපියව් කියන්නා වගේලු.අනේ මන්ද කාට කියන්නද මෙව්වා?

    ReplyDelete
  3. මාසයක් වහලා තියෙන්නේ ඉදෙන්න මගේ හිතේ

    ReplyDelete
  4. welawata kollek une neththam loku wenawa podi wenawa mala wikarayai....

    ReplyDelete
  5. එල කොල්ලෙක්...
    උඹට කියන්න...මටත් ඉස්සර ඕක හෙන ප්‍රශ්නයක්.
    එහා ගෙදර අක්කා ලොකු වෙච්ච දවසේ..(ඒකි නං කොහොමත් අලියෙක් වගේ තමා) මම ඒකිගේ කාමරේට එබෙන්න ගිහින් තව පොඩ්ඩෙන් අලි ජංජාලටයක් වෙනවා... කතාව ලියන්නන්කෝ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. මාධවටත් ඉඳලා ඉඳලා එන ප්‍රශ්න ඕන්න..ඔහොහ්ම පාටි දෙනවනම් මන් නම් කියන්නෙ දවස් 28කට සැරයක් අනිවා ඕක සමරන්න ඕනි..මොනාද අපිට සහභාගි වෙලා කාලා බීලා එන්න බැරියැ...

    ReplyDelete
  7. //මෙන්න මේ ටිකයිමේ පෝස්ට් එකෙන් කියන්න ඕනි! අපේ සිංහල සුචරිත වාදීන් මොනා කිව්වත් මාධවට උංට කියන්න තියෙන්නෙ මෙච්චරයි! කෙල්ලෙක් ලොකු වීම, එනම් වැඩි වියට පත්වීම නොහොත් කෙල්ලට මාසෙ පඩි පත හම්බවීම ඇරඹීම, ජම්බු ගසෙන් පතිත වීම, මල්වර වීම නොහොත් දරුවෙක් හැදීමේ මූලික සුදුසුකම නොහොත් මාසික ඔසප් වීම ඇරඹීම නැමති ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන් ඔච්චර කළබලයක් කිරීම අනවශ්‍ය වීමයි! ඒ ගැන තවෙකෙකුට කියන්න පොළව පලාගෙන යාම අනවශ්‍ය බවයි! නාන්න නැතුව, කණ්නාඩියෙන් ඹූන බලන්න නොදී, කාමරේක දාලා දොර වහල කරන සියලු වැඩ කටයුතු අනවශ්‍ය විකාර! පාසල් යන්න නොදී මාසයක් පමණ පාඩම් අතපසු වෙන එක වගේ අඩු පාඩු වෙනකොට ඒවා නොසලකා හැරලා මේ නටන නාඩගං ඇත්තටම විකාර! ඔච්චර සුලු සාමාන්‍ය සිද්ධියක් වෙනුවෙන් ලක්ෂ ගාණක වියදමින් පාටි දැමීම! ඇත්තටම විකාර! අපි අතීතයේ සිට පැවත ආපු සිරිත් රැක ගත යුතුයි! නමුත් හැම එකම නෙමෙයි! අනවශ්‍ය විකාර, එනම් මේ වගේ විකාර දේවල් සියල්ල සමාජයෙන් ඉවත් කරන්න දැන් කාලේ හරි! රැක ගත යුතු දේවල් වගේම කිසි වැඩකට නැති මේ වගේ දේවලුත් අපි අතර තිබීම හාස්‍යට කරුණක්! ඒ නිසා උගත් තරුණ පරපුර මේ කරුණු වෙනුවෙන් පෙනී සිටීම වැදගත්!//

    මෙන්න මේ ටිකට මම පට්ට ලයික්... ඇත්තම කතාව.මේක මලම විකාරයක්.අපේ මද්දු නංගි ලොකු ලමෙක් වුනාම එයාටත් මේ දසවද දුන්නා මම සෑහෙන්න අරගල කලා ඒ ගොන් වැඩ නවත්තන්න ඒත් නෑදෑ පරපුර එක්ක හැප්පෙන්න බැරිවුනා තනියම ඒත් හැමෝටම හොඳට කිව්වා.පස්සේ කට්ටිය කියනවා බලමුලු මගේ දරුවෙක් ලැබුනාම කියලා.එතකොට මම කිව්වා මෙහෙම ගොං වැඩ මම කරන්නෙත් නෑ ඔයාලට ඕනේ දේවල් කරන්න ඉඩ දෙන්නෙත් නෑ අනම් මනං කියන්න එන්නත් එපා කියලා...

    අනික අපේ නංගිට පාටිය දවසේ කන්න දුන්නේ කිරිහොදියි බතුයි.කෙල්ල කඳුලු පුරෝගෙන කන්න ගත්තේ මම ගිහිං එයාගේ පිඟාන අරගෙන මම බෙදාගත්තු පිඟාන දීලා කන්න කිව්වා අපේ අම්මා ආවා මාව තල්ලු කරන්න මම සැලුනේ නෑ කෙල්ල කනකන්ම මම හිටියා අන්තිමට බැන්නා දැන් හැදෙන එවුන් නාහෙට අහන්නෑ කිය කිය...මෙච්චර කස්ටිය මෝඩ ඇයි කියන එකයි ප්‍රස්නේ... ලඟදි බුකියේ ෂෙයාර් වුන පොටෝවක තිබුනේ ලෝකෙටම අඬබෙර ගහලා ඕං මෙයා ලොකු ලමයෙක් පුළුවන්නම් අල්ලගනින් කියන්නා වගේ වැඩක් මේක කියලා...

    ReplyDelete
  8. //මෙන්න මේ ටිකයිමේ පෝස්ට් එකෙන් කියන්න ඕනි! අපේ සිංහල සුචරිත වාදීන් මොනා කිව්වත් මාධවට උංට කියන්න තියෙන්නෙ මෙච්චරයි! කෙල්ලෙක් ලොකු වීම, එනම් වැඩි වියට පත්වීම නොහොත් කෙල්ලට මාසෙ පඩි පත හම්බවීම ඇරඹීම, ජම්බු ගසෙන් පතිත වීම, මල්වර වීම නොහොත් දරුවෙක් හැදීමේ මූලික සුදුසුකම නොහොත් මාසික ඔසප් වීම ඇරඹීම නැමති ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන් ඔච්චර කළබලයක් කිරීම අනවශ්‍ය වීමයි! ඒ ගැන තවෙකෙකුට කියන්න පොළව පලාගෙන යාම අනවශ්‍ය බවයි! නාන්න නැතුව, කණ්නාඩියෙන් ඹූන බලන්න නොදී, කාමරේක දාලා දොර වහල කරන සියලු වැඩ කටයුතු අනවශ්‍ය විකාර! පාසල් යන්න නොදී මාසයක් පමණ පාඩම් අතපසු වෙන එක වගේ අඩු පාඩු වෙනකොට ඒවා නොසලකා හැරලා මේ නටන නාඩගං ඇත්තටම විකාර! ඔච්චර සුලු සාමාන්‍ය සිද්ධියක් වෙනුවෙන් ලක්ෂ ගාණක වියදමින් පාටි දැමීම! ඇත්තටම විකාර! අපි අතීතයේ සිට පැවත ආපු සිරිත් රැක ගත යුතුයි! නමුත් හැම එකම නෙමෙයි! අනවශ්‍ය විකාර, එනම් මේ වගේ විකාර දේවල් සියල්ල සමාජයෙන් ඉවත් කරන්න දැන් කාලේ හරි! රැක ගත යුතු දේවල් වගේම කිසි වැඩකට නැති මේ වගේ දේවලුත් අපි අතර තිබීම හාස්‍යට කරුණක්! ඒ නිසා උගත් තරුණ පරපුර මේ කරුණු වෙනුවෙන් පෙනී සිටීම වැදගත්!//

    මෙන්න මේ ටිකට මම පට්ට ලයික්... ඇත්තම කතාව.මේක මලම විකාරයක්.අපේ මද්දු නංගි ලොකු ලමෙක් වුනාම එයාටත් මේ දසවද දුන්නා මම සෑහෙන්න අරගල කලා ඒ ගොන් වැඩ නවත්තන්න ඒත් නෑදෑ පරපුර එක්ක හැප්පෙන්න බැරිවුනා තනියම ඒත් හැමෝටම හොඳට කිව්වා.පස්සේ කට්ටිය කියනවා බලමුලු මගේ දරුවෙක් ලැබුනාම කියලා.එතකොට මම කිව්වා මෙහෙම ගොං වැඩ මම කරන්නෙත් නෑ ඔයාලට ඕනේ දේවල් කරන්න ඉඩ දෙන්නෙත් නෑ අනම් මනං කියන්න එන්නත් එපා කියලා...

    අනික අපේ නංගිට පාටිය දවසේ කන්න දුන්නේ කිරිහොදියි බතුයි.කෙල්ල කඳුලු පුරෝගෙන කන්න ගත්තේ මම ගිහිං එයාගේ පිඟාන අරගෙන මම බෙදාගත්තු පිඟාන දීලා කන්න කිව්වා අපේ අම්මා ආවා මාව තල්ලු කරන්න මම සැලුනේ නෑ කෙල්ල කනකන්ම මම හිටියා අන්තිමට බැන්නා දැන් හැදෙන එවුන් නාහෙට අහන්නෑ කිය කිය...මෙච්චර කස්ටිය මෝඩ ඇයි කියන එකයි ප්‍රස්නේ... ලඟදි බුකියේ ෂෙයාර් වුන පොටෝවක තිබුනේ ලෝකෙටම අඬබෙර ගහලා ඕං මෙයා ලොකු ලමයෙක් පුළුවන්නම් අල්ලගනින් කියන්නා වගේ වැඩක් මේක කියලා...

    ReplyDelete
  9. සිරා බං.. බට අල්ලන් හිනා.. මමත් ඔහොම සීන් එකකදි ඇහුවා මතකයි, මොනවා කාලද ලොකු වෙලා තියෙන්නේ කියලා..

    ReplyDelete
  10. ඇත්තට ඔය පාටි දැමිල්ල මමත් අනුමත කොරන්නැ..අපරාදෙනේ බං ඒ වියදමින් වෙන පිනක් දහමක් කොරගන්නවනේව...මටත් හිතා ගන්ඩ බෑ මොන මගුලකට කාඹරෙකට දාල වහල තියෙනවද කියල..අම්මපා ඔකේ ඇත්ත නැත්ත හොයල බලන්ඩ ඔන..

    ReplyDelete
  11. ගැමියාට - මාත් උඹලගෙ පැත්තෙ හිටියනං අනිවා මාත් උඹට බොක්කෙන් සපෝට් මචං! උඹ කරපු දේ හරි!

    හැමදෙනාටම ස්තූතියි ඔයාලගෙ කමෙන්ට් වලට!!

    ReplyDelete
Previous Post Next Post

Contact Form