100 ටත් ආවෙමි.........................!!!


මාධවගේ කතන්දර එකතුව හෙවත් මාධවගේ කතා මේන්න 100 වැනි පෝස්ටුවටත් ඇවිත්! නරකම නෑ! මේ මාධවගේ කතා ආරම්භ කරන්න මාධවට උදව් කරපු අයටත්, මේ ගමනේදී හැමදාම මගේ බ්ලොග් අඩවියට ඇවිත් කතා කියවලා යන මිතුරු කැලටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා! මොකද ඒ කස්ටිය නැත්තං මාධව කීයටවත් පෝස්ට් 100ක් වෙනකල් මේක ඇදගෙන යන්නෙ නෑ! ෂුවර්!





ඉතිං මේ හැමෝටම ස්තූති කරන අතරෙම කියන්න ඕනි තවදුරටත් ඔයාලගෙ අදහස් උදහස් බලාපොරොත්තු වෙන බවත්! හම්.................!

ඉතිං කතාවක් කියලා අද කියන්න විශේෂ දේවල් කීපෙකුත් තියෙනවා! පටන් ගමුකෝ!

පළවෙනි එක තමයි අපේ සහෘද ඔබා මාමා හෙවත් ඔබ්සවර් බ්ලොග් එක ලියපු සනත් මාමාගේ අභාවය! කතා දෙකක් නෑ බ්ලොග් අවකාශේ තුල එක රැයින් හිනාව, විනෝදය පුරවපු තවත් සොදුරු මනුස්සයෙක් තමයි ඔබා මාමා කියන්නේ! හැමෝගෙම ආදරය දිනාගත්ත සුන්දර මනුස්සයෙක්! මාධවගේ බ්ලොග් අඩවියෙත් එතුමගෙ විචාර වැටිල තියනවා! මාධව කවදාවත් මේ කියන සනත් අංකල්ව දැකලා නෑ! නමුත් එතුමගේ අභාවය දැනගත්ත ගමන් මහා දුකක් දැනුනා! ආයෙත් කියන්න තරම් දෙයක් නෑ! තවත් සොදුරු මිනිසෙක් යන්න ගිහින්! තවදුරටත් ඔහුගේ රස කතා වලින් මේ බ්ලොග් අවකාශය පිරෙන එකක් නෑ! ඉතිං ඔබා මාමේ...... ඔබට සුභ ගමන්!

අනික තමයි මේ යන විදියට ගියොත් මාධව බ්ලොග් ලියලත් ඉවරයි! අතේ සත නැති කොට ඩිලයිට් නෑ! ඩිලයිට් නැතිකොට ලියනවා, ඒවා ගොඩ ගැහෙනවා ඒත් පොස්ට් කරන්නෙ කොහොමැයි? හම්! හැමදේටම දෙයියගෙ මල්ලි හරස් වෙලා මේ ටිකේ! ඉතිං පෝස්ටු නෑ! ෂුවර් මාව දැන් සින්ඩි වලින් එලෝලත් ඇති! ඕන දෙයක් කියලා, ඉදලා ඉදලා හරි කියවන ටික දෙනාට අනිවාර්යයෙන්ම පොස්ටුවක් දාන්න ගොඩක් උත්සහ කරන්නංකො! අතේ ගාණ හැටියට!

වෙසක් එහෙමත් ඉවරයිනේ! හම්! වෙසක් හොරු සෙට් එකක් මාධවගේ බලුප් වැල් දෙකක්ම ගලවං ගිහින් වෙසක් දවසේ වෙසක් කූඩු තුනකුත් එක්ක! හොරා කව්දැයි කියා දැනගත් නමුත් ඌට දෙකක් ඇනීමෙන් ඇති ඵලය කිම ?? එසේ හෙයින් ඒ සම්බන්ධව කිසි දෙයක් නොකලෙමි! හිකිස්!


තවදුරටත් ලියනවනං ඒක නං කතාවක් තමයි! මේක සිරාම සීන් කෝන් එකක්! මාධව මේ ටිකේම සෙනසුරාදාට විතරක් කන්ද උඩරට සුන්දර සරසවියට ගාටනවා පුද්ගලික කටයුත්තකට! හිකිස්! (වැරදියට ගන්න එපා ඕං!) ඉතිං මෙහෙම යද්දි උදේම යන නිසා එහෙට ගිහින් තමයි උදේට කැන්ටිමෙන් කෑම කන්නේ! ෂා! පට්ට ලාබයි කෑම! මාධවත් හැමදාම උදේට රු 50කට පට්ට කෑමක් කාලා වැනි වැනි යනවා සිය කටයුත්තට! එක දවසක් ඇත්තටම තාම මාධව මේක දැක්කේ දවසයි! ඒත් ෂුවර් සමහර විට සරසවියේ කස්ටිය නං දැකලා ඇති මේක ඕන තරං! මෙන්න මේකයි සිද්ධිය. හිගන මහත්තුරු සෙට් එකක්ම බඩ පිරෙන්න කැන්ටිමෙන් කනවා! ෂා යකෝ! උං අපිට වඩා හොදට කනවා! තුන් වේලටම කෑවත් උන්ට රු 200ක් යන්නේ නෑ කෑමට! ඉතිං! කොහොමද සුද්ධ ලාබේ.........................!! පෝසත් හිගන්නෝ!


100 වැනි පෝස්ටුවේ වැදගත්ම කතාව හෙවත් ප්‍රාර්ථනයක් තියනවා කරන්න! ඒ තමයි ලංකාවේ තියන ස්වාභාව ධර්මය සියල්ල ක්‍රමයෙන් විනාශ වී යන බවක් දකින්න තියනවා! ඇත්තටම පහුගිය ටිකේ දැකපු පුවත්පත් වල මේ සම්බන්ධ ප්‍රවෘත්ති විශාල වශයෙන් පළ වුනා! ඒ ගැන කණගාටුයි! තවදුරටත් කියනවනං මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විනාශ වන වන සතුන්ගේ අයිතිවාසිකම් ගැන මීට වඩා සිතිය යුතුයි! මිනිස් අවශ්‍යතා වෙනුවෙන් කරන්න වූ වනාන්තර විනාශය නැවත්වීමට කාලය ඇවිත්!මේ කරන්නා වූ සියලුම විනාශකාරී දේවල් නැවැත්වීම ඉක්මණින් සිදුවිය යුතුයි! ඒ සම්බන්ධයෙන් ලංකාව තවමත් පරක්කු නෑ කියා මාධව සිතනවා. ඒ අතරම මාධව මෙම විනාශකාරී ක්‍රියා පිළිබදව තරයේ සිය විරෝධය මෙමගින් පළ කරනවා! පරිසරයේ ස්භාවික ජල මාර්ග උපයෝගී කරගෙන ආරම්භ කරනු ලබන කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘති වෙතට ප්‍රධාන කොටම ඒ විරෝධය මාධව විසින් එල්ල කරනවා! තවදුරටත් මේ විරෝධය ආගමික ස්ථාන වලට අලි ඇතුන් පරිත්‍යාග කිරීම කෙරේද යොමු කරන්න කැමතියි! අලි ඇත්තු ඉන්නේ වැඩ ගන්නවත් දම්වැල් වල හිරවෙලා ඉන්නවත් නෙමෙයි! සත්තු වත්තටත් මාධවගේ විරෝධය පළ කරනවා! රටට තියන ආදායමට වඩා, මාධව කැමතියි එහි වෙසෙන සියලු සත්වයින් සිය නිජ බිම් වල නිදහසේ සැරිසරනවා නම්! ලංකාවේ ජීවත් නොවන සියලූම සතුන් නැවත සිය නිජ බිම් වලට මුදා හැරිය යුතුයි! අලුතින් සතුන් ගෙන්වීම නැවැත්විය යුතුයි! මේ සියලු දේ නැවැත්විය යුතුයි! වන සතුන් රැක බලාගැනීම මිනිසුන් වන අපගේ වගකීමක්! කවදාහරි මේ ස්භාව ධර්මයෙන්ම අපිට උත්තර ලැබෙද්දි අපි පරක්කු වැඩි වෙලා කියලා දැනෙද්දි දුක් විදින්න වෙන්න වෙන්නෙ මේවා කරන එකෙක්ටවත් නෙමෙයි අපේ අනාගත පරපුරටයි! ඒක අපේ මිනිස්සු තේරුම් ගත්තොත් හොදයි!


ඉතිං ඔහොම කියවද්දි, කියවං යද්දි තවදුරටත් හිතේ තියන දුක රස්සාවක් තමයි ඕං! රස්සාවක් නොහොත් රැකියාවක් තිබුනනං හම්! දුකයි! මොනා කරන්නද? උත්සහ කරනවා විතරයි තාම! ඉතිං අහන කස්ටියට මාධව කියන්නේ මං දැන් හෝම් අලෝන් මචං කියලා!

එහෙනං සුභ දවසක්! හැමෝටම ආයේමත් ස්තූති කරන්නං මාව දිරිමත් කිරීම හා මං ලියන අදහස් කතා රස විදින්න මේ පැත්තේ එනවට!

එහෙනං ඉක්මණට අලුත් පෝස්ට් එකකින් හමු වෙමු! සුභ දවසක්!

10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සුභ පැතුම් 100ට :)

    ReplyDelete
  2. සෙන්චරියට සුභම සුභ පැතුම් අයියෝ.........!!

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් 100ට සුභ පැතුම්.. දිගටම ලියමු..

    ReplyDelete
  4. හදවතින්ම සුබපැතුම් සහෝදරයා,,,,,,,,,

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
  6. 100ට සුභ පැතුම් මාධව...:)))

    ReplyDelete
  7. සුබපැතුම්...මචො

    ReplyDelete
  8. හැමෝටම ස්තූතියි! ගොඩාක්! ඔයාල මේ පැත්තෙ ඇවිත් මොනා හරි කියලා හන එක ඇත්තටම මාධවට ලොකු හයියක්! ස්තූතියි!

    ReplyDelete
  9. ඉස්සරවෙලාම ආවෙ 100ට. 100 කියන්නෙ බ්ලොග් එකක් ලියන එකෙකුට ලොකු ඉලක්කමක් (මගෙත් දැන් 94 වගෙ යන්නෙ.)

    …මගෙ උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
  10. මාත් 100 වෙනි පොස්ට් එකේදී ආවා..ඉකමන්ටම 150 ත් ලියමු..
    හදවතින්ම සුබපැතුම්...පොඩ්ඩක් පරක්කුයි හොදේ..
    අහම්බෙන් ආවේ..:)
    දිගටම එන්නම් හොදේ..:)

    ReplyDelete
Previous Post Next Post

Contact Form