Posts

Showing posts from April, 2012

කොලොම්පුරේ හිසරදය..............................

Image
ගමට ආදරේ කරද්දි ගම දාලා යන්න බෑ! ගම කාලා හිටියත් මාධවට ගම දාලා යන එක තරම් අමාරු දෙයක් නෑ! මේක ලියන්න හිතුනේ මාධව මේ ගිය දවසක කොලොම්පුරේට පාත් උන නිසා තම කාර්යයකට! ඈවිත් බැරි නෑවිත් බැරි කොළඹ හැමදේම තියනවලු! ඒත් කොළඹ යන හැම වෙලාවකම මාධවගේ හිතට දැනෙන තනිකම කියලා නිමා කරන්න බෑ! පුදුමාකාර මානසික දුකක් දැනෙනවා කොළඹ පැත්තට හැරුනත්! මේ කියන්නේ අන්න ඒ කතාන්දරය..... ඒ සිතුවිල්ල ගැනයි! කොලොම්පුරේ හිසරදය.....
මාධවගේ ටවුමෙන් කොළඹ දුවන එක්ස්ප්‍රස් බස් එකකට නැගලා ඉදගත්තම හිත ගොඩාක් දුර යනවා! පැය 3ක් 4ක් අතර කාලයක් මේ සිතුවිල්ල එක්ක බස් එකේ ගිහින් අන්තිමට කොළඹ ගෙන්දගම් පොළවට පය ගහපුවම ඊළග බස් එකේ නැගලා ගෙදර දුවන්න හිතුනු වාර ගණන නිමක් නෑ! ටික ටික මාධවලගේ ටවුමෙන් ඈතට යන බස් එක අවිස්සාවේල්ල පහු කරන් කොළඹට කිට්ටු වෙද්දි හිත පුරාම මහා තනිකමක් ඇතුලු හැගීම් ගොඩක් පිරී ඉතිරී යනවා! ගමෙන් ඈතට යන විට දැනෙන සාංකාව සමග ශරීරයට ඇතිවන අපහසුව ඇතුලු ගොඩක් දේවල් එක්කම නගරය අප්‍රසන්න වෙන්න මාධවට වැඩි වෙලාවක් යන්නේ නෑ. ගමේ තියන සනීප සුළගට වගේ සිරුර සනසන්නේ නැති ගිනියම් අව් කාෂ්ටකේ කර වෙවී පදික වේදිකාව මත ඉදන් කෑ ගහන ව…

ඒ ලස්සන මට දෙන්න..................!

Image
පුංචි පා පොඩි මතින්
ගලා යන නදිය සේ සෙමින්
මාවතේ පිය තබන විට

මුදු සුළග වැදී සැලෙන
පුංචි කෙස් රොද නලල් තල මත
හැපී දගකරන විට

සුදු පාට රැලි ගවුම
මත වැටී දිවා හිරු රැස්
දිලී දිලෙන විට

පුංචි සුදු කම්මුල්
දිවා අව් රශ්මියෙන් නෑවී
රත් පැහැය ලත් විට

ඔය රෝස තොල් පෙත්තෙන්
තෙතැති යටි තොල් පෙත්ත
සපාගත් විට මෘදුව ඹබම

ලොව දකින ලස්සන
වෙන කිසි කෙනෙකු හට නැත......
සැබැවින්ම..............

ඉතිං පුංචි ගංගාවී........
ඒ ලස්සන මට දෙන්න
රැක ගන්න සැමදාම.........................!