ආදරයේදී ඇහෙන සැනසීම යනු.........................?



ආදරයේ දී නිතරම ඇසෙන වචනේ සැනසීම??

ඇත්තටම ඒ වචනයෙන් අදහස් කරන සැනසීම මොකක්ද?



මාධවට ඒ ගැන අමුතු දේවල් හිතුනා! සාමාන්‍ය දේවලුත් හිතුනා!ඒ සේරටම හේතු කීපයයි! එකක් තමයි මාධවත් සෑහෙන කාලෙකින් කෙනෙක් ගැන බලාපොරොත්තු හිතේ තද කරන්  ඉන්නවා! මාධව හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා තමන්ට ඇයව හිමිවෙන්න, ඇයගෙන් සැනසෙන්න ලැබෙන්න කියලා! ඒක එකක්! අනික තමයි අර නාමල් උඩුගම මහත්මයගෙ ගීතයක් දැන් අපේ ශිහාන් කොලුවා ගායනා කරනවනේ! ඒක කන වැකීම හා අන්න ඒකේ තියන මෙන්න මේ වාක්‍යය.....

“රෑ...ඈ...ඈ... සිහිනෙන් ඹබ ළග මා සැනසෙනවා“ (ඈ ඈ කියන්නේ අර ඇදලා කියන ටික හරියැ! අරථය තේරුන් ගන්න!)
මොකක්ද එත‍කොට කට්ටිය මේ ගයන සිතන පතන සැනසීම ??

අන්න ඒකයි සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නෙ........................??

ඉතිං ඒ ගැන මාධවට හිතුන දේවල් ටිකක් කොටලා දානවා! හැබැයි පුතෝ කිසිම කෙනෙක් මේවා පුද්ගලිකව අල්ල ගන්නවා නෙමෙයි ඕං! මාධවට හිතන දේ තමයි මේ ලියන්නේ!

ඇත්තටම මේ සිංදුවේ විදියට නම් මාධවට හිතෙන්නේ මේ විරහ ගීතය ගයන කොලුවා  (ශිහාන් නෙමෙයි, මන-කල්පිත චරිතයක් මවා ගන්න!) සිහිනයෙන් පමණක් ඇය සමග අත් විදින සුරාන්තය ගැනයි මේ කියන්නේ! ඒ සිහිනය හේතුවෙන් ඔහුට ස්වප්න මෝචනයක්ද සිදු වීමට ඉඩ ඇති නමුත් එය වැදගත් නෑ! ප්‍රධාන වශයෙන්ම මාධවට හිතෙන්නේ සිහිනයෙන් පමණක් ඔහු ඇය සමග අත් විදින සුරාන්තය ගැනයි. එය සැබැවින්ම ඈ සමග විඳගන්න ඔහුට අවස්ථාවක් නොමැති වීම ගැන ඔහු ලතැවීමත් නිරූපණය වෙන බවද පැහැදිලි කරුණක්. (ඒ වගේම ඇය වෙන කෙනෙක්ගෙන් එම සුරාන්තය ලබා ගැනීම පිළිබද ඉරිසියාවක්ද එහි තිබෙන්නට පුලුවන්...). ඒ කියන්නේ සෑම ආදරයක්ම ආශාවේ උපරිමයටම යා යුතුද? අන්න ඒ ගැටලුව මතු වන්නේ එතැනදියි! සෑම ආදරයකම සෙක්ස් අනිවාර්යය විය යුතුද?

ඒත් මාධව සොයන සැනසීම එහෙමද කියලා හිතෙන්නේ සතියකට දෙපාරක් තුන් පාරක් වත් හීනෙන් පේන **ශාව කව්‍දාවත්  ඔහුට ස්වප්න මෝචනයක් ඇතිවන ආකාරයේ සිහින තුලින් නොපැමිණෙන නිසා! සැබැවින්ම ඒ හීන සුන්දරත්වය උතුරන සිහින කන්දරාවක්! ඒත් ඒ සිහින තුල සුරාන්තයක් හෝ රාගයක් පිළිඹිබු වෙන්නේ නෑ!
දැන් එතකොට මොකක්ද මේ සැනසීම......................?

උත්තර නැති ප්‍රශ්නයක් වගේ.. ඒත් තවත් ටිකක් හිතුවොත්..... ඈව මාධවට අයිති වීම ඔහුට සැනසීමක්ද? නෑ! ඈව හිමි වීම තුල මාධවගේ සැනසීම තවත් වල පල්ලට යන එකයි වෙන්නේ! මාධවට නෙමෙයි කාට උනත් ඇත්ත ඒකයි නේද? දුක් විදලා හරි ලේසියෙන්ම හරි තමන් ආදරේ කරන කෙල්ල තමන්ගෙ උනාට පස්සේ ඔය කියන සැනසීම ඇත්තටම ලැබෙනවද?  හිතලා බලන්න! කෙල්ල එක්ක අනාගතේ ගැන ප්‍රශ්න. ගෙවල් වලින් ප්‍රශ්න ඒවිද? ඇත්තටම එයා මගේ වෙයිද? කෝටියක් ප්‍රශ්න! සමහර විට තනිකඩ කාලේ ඔහොම කිසි ප්‍රශ්නයක් තිබිල නෑ! ඒ කියන්නේ කෙල්ල හිමි වීම තුලම සැනසීමක් නෑ! එතකොට අර සිංදුවේ කියන කතාව ඔප්පු වෙනවා! ඇත්තටම එතන මතු වෙලා තියෙන්නේ සුරාන්තයේ අපේක්ෂාව විතරමයි! ඒක තහවුරු වෙන්න තවත් පොහොර වැටෙන්නෙ මෙන්න මේ කෑල්ලෙන්!

“ අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ....... “
සිංදුව විසින් මේ ලිපියට සැපයූ දේවල් මෙතනින් නිමයි!

හරි! ඊළගට......
මාධවගේ කතාන්දරය.....
පුංචි **ශා සමඟ ගෙවන සිහින තුල සුරාන්තයක් පිළිඹිබු නොවන්නේ නම්, (සිහින සැමට එක හා සමාන නොවේ! එය උඩුගමට හෝ මිහිරංගට හෝ මාධවට විවිධාකාර වේ! මාධව ආදරය කරන සිහිනයම මිහිරංගට බියකරු සිහිනයක් වීය හැකිය) මාධව සොයන සැනසීම ඒ සිහින වලින් පේන්නෙ නෑ. එහෙනම් මාධව සොයන්නේ ඈ සමග සුරාන්තයෙන් තොර සැනසීමක්ද? ඇත්තම කිව්වොත් ඒක එහෙම නෙමෙයි!

හැමෝගෙම හිත තුල දුවන ආශාවන් නිසාම ඇතිවන ආදරය, සෙනෙහස කවුරුත් තේරුන් ගන්නෙ නෑ ආශාව නිසාම ඇතිවන දෙයක් කියල! එහෙම තේරුන් ගන්නවනම් හය හතර නොතේරෙන පුංචි උං මොකට අම්මලා තාත්තලා වෙන්න හදනවද කියලා මාධවට තේරුන් ගන්න බෑ! ඒ නිසා ඇත්ත මේකයි!

කෙල්ලෙක්ට ආදරයක් ඇතිවීමට පෙර ඇතිවෙන්නෙ ඒ කෙල්ල ගැන ආශාවක් හා ආකර්ශනයක්...... විශේෂයෙන් ආකර්ශනය......
ඒත් ආකර්ශනය හා ආශාව දෙකම තාවකාලිකයි..... පාලනය කර ගත්තොත් ඉබේම ඒ හැගීම් නැතිවෙලා යනවා!
නමුත් කිසියම් හේතු කාරණා නිසාම මේ දෙකම නොනැසී පැවතීම නිසා ආදරය කරන්න ඕනි කියල දෙයක් අපේ හිතට ඇතුල් වෙනවා!
ඒ ආදරය නිසාම  අපි එයාගෙනුත් ආදරයක් බලාපොරොත්තු වෙනවා!!
ඒ ආදරය නොලැබීම ..........................  හිත් වේදනා සමග විරහව වෙත අපිව යොමු කරනවා!

ඒත් ඒ ආදරය ලැබීම.........................
අපිට තවත් යමක් ඕනෑ කරනවා! කාටවත් නෑ කියන්න බෑ! කෙල්ල ලැබුනයින් පස්සේ තවත් යමක් ඕනෑ නොවුනු එකෙක් ඉන්නවනම් පුදුමයක්! ඒක සිප ගැනීමක සිට උඩින් කිව්ව වගේ සුරාන්තයෙන් කෙලවර වෙන දෙයක් වෙන්න පුලුවන්! ඒක වෙන්නේ ආශාව නිසා! ඒ කියන්නේ අපි කොච්චර කළත් ආදරයේ සැනසීම කියල හොයන්නෙ ආශාව සපුරගන්න එක නෙමෙයිද? සුරාන්තය සොයා යෑම නෙමෙයිද? ඒත් සුරාන්තය කියන්නේ තාවකාලික සැනසීමක්..... (පොත පත ඇසුරිනි! ඇත්දැකීම් නැත!! තත්පර දහයයිලු!!)
එතකොට මාධවත් හොයන්නේ ඒකද? තාවකාලික සැනසීම! ඇත්තටම ආදරය තුල කිසිදු සැනසීමක් නෑ! තාවකාලික සැනසීම සොයාගෙන ගිහින් මාධවත් හදන්නෙ සිය සදාකාලික සැනසීම නැති කරගන්නද?

පුංචි විරාමයක් තියමු............. ඒත් ඒ ගැන සිතුවිලි එහෙම්මයි...........!!

පලි - **ශා මාධවගෙ වීම කවදාවත් වෙන්නෙ නැති දෙයක්! එහෙව් එකේ...... මොකක්ද තියෙන සැනසීම...................??
පලි -  ඒකි නොලැබීම තුල මාර දුකක් හිතින් විඳවනවා! ඒහෙව් හිතට ඒකි ලැබුනොත් ඇත්තටම සැනසීමක් ඇතිවෙයිද?




7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මොකද්ද කියන්නේ කියලා මම මේ කල්පනා කලේ...

    ReplyDelete
  2. මටත් ඇත්තටම හිතාගන්ඩ බෑ අයියො මොකක් කියන්ද කියල...:/

    ReplyDelete
  3. මන්මේ කල්පනා කලේ මේ පෝස්ට් එක මොකද්ද කියලා

    ReplyDelete
  4. ඒය ඒකිනෙකාගෙ සිත්තුල ඒ අවස්ථාවන්හි දි අැති වන්නකි...විග්‍රහ කිරීමට අපහසුයි.

    රාගය කෙසේ වෙතත් දෙදෙනාටම තමා ගේ අාදරවන්ති / අාදරවන්තයා ලගට වි සිටිම පමණක් විටෙක සැනසීමකි....

    මෙය මගෙ සිතිවිල්ලකි....

    ReplyDelete
  5. ආදරේ කොහෙද බොලේ සැනසීමක් තියෙන්නෙ ?

    ReplyDelete
  6. කෙසේ නමුත් අප් කාන්ඩයේ සීනියර් වන මධවයාගේ කතාවේ යම් ගැඹුරු අර්ථයක් තිබෙන බව කාන්ඩයේ බාලම එකා වන මට සිතේ..

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම හිතෙනවද? ඔඳා ඔඳා! හිකිස්!!

      Delete
Previous Post Next Post

Contact Form