Posts

Showing posts from March, 2012

ආදරයේදී ඇහෙන සැනසීම යනු.........................?

Image
ආදරයේ දී නිතරම ඇසෙන වචනේ සැනසීම??

ඇත්තටම ඒ වචනයෙන් අදහස් කරන සැනසීම මොකක්ද?

මාධවට ඒ ගැන අමුතු දේවල් හිතුනා! සාමාන්‍ය දේවලුත් හිතුනා!ඒ සේරටම හේතු කීපයයි! එකක් තමයි මාධවත් සෑහෙන කාලෙකින් කෙනෙක් ගැන බලාපොරොත්තු හිතේ තද කරන්  ඉන්නවා! මාධව හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා තමන්ට ඇයව හිමිවෙන්න, ඇයගෙන් සැනසෙන්න ලැබෙන්න කියලා! ඒක එකක්! අනික තමයි අර නාමල් උඩුගම මහත්මයගෙ ගීතයක් දැන් අපේ ශිහාන් කොලුවා ගායනා කරනවනේ! ඒක කන වැකීම හා අන්න ඒකේ තියන මෙන්න මේ වාක්‍යය.....

“රෑ...ඈ...ඈ... සිහිනෙන් ඹබ ළග මා සැනසෙනවා“ (ඈ ඈ කියන්නේ අර ඇදලා කියන ටික හරියැ! අරථය තේරුන් ගන්න!)
මොකක්ද එත‍කොට කට්ටිය මේ ගයන සිතන පතන සැනසීම ??

අන්න ඒකයි සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නෙ........................??

ඉතිං ඒ ගැන මාධවට හිතුන දේවල් ටිකක් කොටලා දානවා! හැබැයි පුතෝ කිසිම කෙනෙක් මේවා පුද්ගලිකව අල්ල ගන්නවා නෙමෙයි ඕං! මාධවට හිතන දේ තමයි මේ ලියන්නේ!

ඇත්තටම මේ සිංදුවේ විදියට නම් මාධවට හිතෙන්නේ මේ විරහ ගීතය ගයන කොලුවා  (ශිහාන් නෙමෙයි, මන-කල්පිත චරිතයක් මවා ගන්න!) සිහිනයෙන් පමණක් ඇය සමග අත් විදින සුරාන්තය ගැනයි මේ කියන්නේ! ඒ සිහිනය හේතුවෙන් …

එන්න අපි ඇවිද යමු අපායට..................

Image
දැල් වෙනා සුරුට්ටුව
මුවග දවටාගෙන
නැතහොත්
අලු හැලෙන දුම් වැටිය
දෙතොල මත රදවාගෙන
මත් බදුන් හා මතු වතුර සමග
කයි කතන්දර කියමින්
මල් සුවයද ඒක්කාසු කරගෙන
කුඩු ඇතිරූ මාවතේ
එන්න අපි ඇවිද යමු අපායට...................


මේ ආදරය........................

Image
ආදරය කියන්නේ මොකක්ද? අපි ආදරේ කළාම ලැබෙන්නේ මොනාද?

රාගයත් එක්ක කරන ආදරය ඇත්තම ආදරයක් නොවන බොරු ආදරයක්ද? එහෙමද?.... ඇත්තටම ආදරේ කරන්නෝ රාගය ගැන නොසිතන අයද? තමන්ගේ පෙම්වතා,  පෙම්වතිය ගැන රාගයක් හිතෙන්නේ නෑ කියන්නේ එතන තියෙන්නේ ආදරයක් විතරමයි කියන එකද? ආදරේ තුල ඇතිවන ආශාවන් බොරුද? ආශාවන් කියන්නේ, රාගය කියන්නේ වල් කමද? ඇත්තටම ආදරේ කරන අයට තම තමන්ගේ සහකරු, සහකාරිය ගැන ආශාවක් රාගයක් ඇති වෙන්න බැරිද? එහෙම රාගයක් ඇති වෙන්නේ නැත්තන් ඒ ඇයි? එහෙම රාගය ආශාව ඇති නොවේ නම් ඒක රෝගයක් නෙමෙයිද?

තමන්ගේ සහකරු, සහකාරිය සමග කරන සිප ගැනීම රාගයක්ද? නැත්තන් ඒක ආදරයක් නිසාම කරන දෙයක්ද? ඇත්තටම රාගය කියන්නේ ආදරේ තවත් ප්‍රථිඵලයක් නෙමෙයිද? රාගයක් ආශාවක් ඇතිව තමන්ගේ සහකරු, සහකාරිය එක්ක කල් ගත කිරීම වරදක්ද? ඒක වංචාවක්ද? ඒක ආදරයට බොරු කිරීමක්ද? විවාහයට පෙර තම සහකරු, සහකාරිය එක්ක රාගයෙන් තොරව ඉන්න ඕනිද? විවාහය තෙක් අපේ හැගීම් වලට ඉඩක් නැද්ද? අපිට අත් අල්ලන් ඉන්න විතරද පුලුවන්! අපිට සිප ගන්න බැරිද? අපිට වැළද ගන්න බැරිද? බැරිනම් ඇයි ඒ? ඒක පහත් රාග හැගීමක් නිසාද? විවාහයට පෙර රාග හැගීම් වලට ඉඩක් නැත්ද?

තමන්ගේ සහකරු, සහක…

නිල් සිනමාව.....................!

Image
බාධක අතර නොසැලී
කම්කටොලු විදිමින්
වාරණය වෙමින්
අවලාද නොතකමින්
දිවා රෑ නොබලමින්
අප සමග සිටිමින්
අසහන කරුවන් වන අපගේ
අසහනය දුරු කරන
අසමසම දිව ඔසුව
උතුම් නිල් සිනමාව.....................!