ඔයාට විතරමයි පුලුවන්...............


 ඒ වගේ ලස්සනට සිනහ වෙන්න
එයාට විතරමයි පුලුවන්!

ඒ වගේ ඇස් රතු කරන් හඩන්නත්
එයාට විතරමයි පුලුවන්!
ඒ වගේ පුංචි දගකාරියක් වෙන්න
එයාට විතරමයි පුලුවන්!
ඒ තරම්ම හුගක් හොද වෙන්න
එයාට විතරමයි පුලුවන්!
ඒ තරම් සුරතල් කෙල්ලෙක් වෙන්න
එයාට විතරමයි පුලුවන්!
ඒ වගේම ගොඩක් නපුරු වෙන්නත්
එයාට විතරමයි පුලුවන්!
ඒ වගේ හොදම යෙහෙලියක් වෙන්න
එයාට විතරමයි පුලුවන්!
ඒ තරම්ම ගොඩක් සතුරු වෙන්නත්
එයාට විතරමයි පුලුවන්!
ඒ වගේ හිත පුරාම ආදරණීය වෙන්න
එයාට විතරමයි පුලුවන්!
ඒ වගේම මගේ හිත පුරා ලැගුම් ගන්නත්
එයාට විතරමයි පුලුවන්!


එයා මට දැන් වෛර කරනවද මං දන්නේ නෑ
ඒත්......
ඒ තරම්ම මට වෛර කරන්නත් පුලුවන් එයාට විතරමයි.................!

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. //ඒ තරම්ම මට වෛර කරන්නත් පුලුවන් එයාට විතරමයි.................!//

    ආදරයයි වයිරයයි ඉතා ලඟින් යන්නෙ

    ReplyDelete
  2. කෙස් ගහේ වෙනසයිලුනේ තියෙන්නේ ඔය දෙකට.....

    ReplyDelete
  3. "ඒ වගේම මගේ හිත පුරා ලැගුම් ගන්නත්
    එයාට විතරමයි පුලුවන්!"

    ඒතරම්ම ආදරෙයිද ඔයා එයාට....?

    ReplyDelete
  4. ආදරේ වැඩි කමමත් වෛරයක් බවට පත වෙනවා නේද?

    ReplyDelete
  5. මුළු ලෝකෙම එයා වෙනකොට.. ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  6. @ obsever - ඇත්ත මාමා!

    @ ඔබ නොදු‍ටු ලොවක් - හම්!

    @ නිසපුගේ ලෝකය.... - ගොඩක් නිසපු! ගොඩාක්!

    @ අසරණයා - මාත් අහල තියනවා ඒ කතාව!

    @ Weni - මොනා කරන්නද බං!

    ReplyDelete
Previous Post Next Post

Contact Form