අමෙරිකා................................. America.................................

වර්ෂ 2011 ක් වූ දෙසැම්බර් මස 31 වැනිදා 2011 වර්ෂයේ අවසාන පැය කීපයක සිතුවිල්ල! බස් රථයක ගෙදර එන මගදී!


මහා රෑ දුර ඇදෙන බස් රථයේ කවුලුවෙන් අදුරු වෙලා තියන අවට බලාගෙන ඉන්න මාධවට එක එක විකාර හිතෙන එක අමුත්තක් නෙමෙයි! ඒත් අද සිත අමුතුම ලෝකෙකට ගිහින් වගේ! හිතක හිරවුනු හැගීම් සියල්ල සිය මුහුනෙන් පිළිඹිබු වෙන්න ඇති කියලා හිතුනත් හිතට ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නට කමක් නෑ කියලත් ඒ වෙලාවට හිතෙනවා. එහෙම ඇතිවන සිතුවිලි බ්ලොගයකට අකුරු කරන්න ඕනි කියලා එක දවසක් හිතුන නිසාම මාධව හිත පුරා ඇති වෙච්ච ඒ සිතුවිලි සියල්ලම වගේ මේ පෝස්ට් එකෙන් අකුරු කොරලා දාන්නම්!!

"America, hahaha, we love you, how many people are proud to be citizens of this beautiful Country of ours, the stripes and the stars for the rights that men have died for to protect, The women and men who have broke their neck's for the freedom of speech the United States Government has sworn to uphold, or
- Yo', I want everybody to listen to the words of this song - 
so we're told...

I never would've dreamed in a million years I'd see, So many motherfuckin' people who feel like me, who share the same views And the same exact beliefs, it's like a fuckin' army marchin' in back of me, so many lives I Touch, so much anger aimed, in no particular direction, just sprays and sprays, and straight Through your radio waves it plays and plays, 'till it stays stuck in your head for days and Days, who would of thought, standing in this mirror bleachin' my hair, with some peroxide, Reaching for a t-shirt to wear, that I would catapult to the forefront of rap like this, how Could I predict my words would have an impact like this, I must've struck a chord, with somebody Up in the office, cause congress keeps telling me I ain't causin' nuthin' but problems, and now They're sayin' I'm in trouble with the government, I'm lovin' it, I shoveled shit all my life,
And now I'm dumping it on... "

සුළග ඇවිත් මූණ පුරාම සීතල තවරගෙන යද්දි රාත්‍රී සීතල අතර සොයන උණුසුමක මාත්‍රයක්වත් නැතිව පට්ට පාලුවෙන් බස් එකේ තනි වෙලා එන වෙලාවට මහා සෙනග අස්සේ දැනෙන තනිකමට මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ! ඒ අස්සේ අලුත් අවුරුද්ද 2012 ගැන තියන සැක සංකාව උච්චත්වයට ඇවිත්! රැකියාවක් ගැන සිහිනය පපුවට උලකින් අනිනවා වගේ රිද්දද්දි සිත ඉල්ලන තවත් දේවල් ගැන මතකය හිත පිස්සු වට්ටන්න වගේ!! අලුත් අවුරුද්ද ගැන කිසිම බලාපොරොත්තුවක් මාධවගේ හිතේ නෑ! ඒත් හෙටින් එළඹෙන 2012 අවුරුද්දත් කාළකණ්නි වෙලා ගියොත් කියන බය මාධවගේ හිතේ රජ කරනවා. ඒ ලෙවල් සිහිනය බොද වෙලා ගිය අපේම නංගිලා මල්ලිලාගේ සිතුවිල්ලත් මේ වගේම ඇති! රැකියා විරහිත අයියලා අක්කලාගේ සිහිනත් මේ වගේ ව්‍යාකූල වෙලා ඇති! මොකද මාධවත් ඒ ලෙවල් මග ඇරලා ඉන්න කෙනෙක් නිසා! මාධවත් විරැකියාවෙන් ඉන්න තවත් කෙනෙක් නිසා!

" White America, I could be one of your kids,
white America, little Eric looks just like this,
White America, Erica loves my shit,
I go to TRL, look how many hugs I get,
white America, I Could be one of your kids,
white America, little Eric looks just like this,
white America, Erica Loves my shit,
I go to TRL, look how many hugs I get...   "

කොල්ලගෙ අතේ තියන ෆෝන් කට්ටට කෙලවිලා ගිය නිසාම තවත් කෙල්ලෙක් තමන්ගේ මොබයිල් එකත් පොලේ ගහලා කුඩු කර ගත්ත සිද්ධිය ඒ අස්සේ මාධවට මතක් උනා. පිස්සි! ආදරේ නිසාම ඒකි පිස්සු නටනවා! මාධවට එහෙම හිතුනා. මේ ආදරේ මෙහෙම පිස්සු හදනවනම් මිනිස්සු මොන රෙද්දට මෙහෙම ආදරේ කරනවද මංදා? ආදරේ කියන වචනය මතක් උන නිසාම සිත තවත් මඤ්ඤං උනා! පිස්සු හැදෙන තරම්ම කෙල්ලෙක්ට ආදරේ කරපු මාධවට ඒ හැමදේම නැතිවෙන්න ගිය සුලු මොහොත ගැන හිතෙන එක වළක්වන්න බැරි උනා. ඒ හැමදේම අනික් පැත්තට හැරෙන එක වලක්වගන්න තිබ්බා නේද කියලා මාධවට අනන්තවත් හිතුනා! ඒත් ඒකි කවදාවත් දැන ගන්න එකක් නැති වේවි මාධව ඒ කෙල්ලට කොච්චර ආදරේ කරනවද කියලා! ඒ ලස්සන පුංචි කෙල්ල කවදාවත් දැන ගන්න එකක් නැති වේවි!

" Look at these eyes, baby blue, baby just like yourself, if they were brown, Shady lose, Shady Sits on the shelf, but Shady's cute, Shady knew, Shady's dimple's would help, make ladies swoon Baby, - ooh baby-, look at my sales, let's do the math, if I was black, I would've sold half, I Ain't have to graduate from Lincoln high school to know that, but I could rap, so fuck school, I'm too cool to go back, gimme the mic, show me where the fuckin' studio's at, when I was Underground, no one gave a fuck I was white, no labels wanted to sign me, almost gave up, I was Like, fuck it, until I met Dre, the only one to look past, gave me a chance, and I lit a fire up Under his ass, helped him get back to the top, every fan black that I got, was probably his in Exchange for every white fan that he's got, like damn, we just swapped, sittin' back lookin' at Shit, wow, I'm like my skin is it starting to work to my benefit now, it's... "

**## වික්‍රමභාහු පාසල පහු වෙද්දි මාධවට තමන්ගේ පාසල් කාලේ මතක් උනා. ඒ වගේ කාලෙකට ආයේ කවදාවත් යන්න බැරි හැටි! ජීවිතේ ගෙවෙන ඉක්මණ ගැන පුදුම හිතුනා. අවුරුදු 23ක් නාකි වෙනලක් දැනුනෙවත් නැටි හැටි මාරයි! අමිලලා. චින්තකලා, ගලා, දිමුතු, ජානකලා එක්ක පිස්සු කෙලපු කාලේ යන්නම යන්න ගිහින්! එකම කූඩුවක ඉදපු කුරුළු පැටවු ටික විසිරිලා යනවා නම් අපිටත් උනේ ඒකමයි. අපි හැමෝම ඉස්කෝලෙන් ඈතට ගිහින්! සුදු ඇදුමින් සැරසුනු පුංචි කෙල්ලෝ කොල්ලෝ ටික ආයෙමත් ඒ ඇදුම කවදාවත් ඇදන් කවදාවත් ඉස්කෝලෙට යන්නේ නෑ! කවදාවත්! ඇත්තටම ජීවිතය මහා පුදුමයි! හැමදේකම තියෙන්නේ නිමාවක් විතරයි! ඇරඹෙන හැමදේම නිමාවේවි! ලෝකයේ නිමාව තෙක්ම!

" White America, I could be one of your kids,
white America, little Eric looks just like this,
White America, Erica loves my shit,
I go to TRL, look how many hugs I get,
white America, I Could be one of your kids,
white America, little Eric looks just like this,
white America, Erica Loves my shit,
I go to TRL, look how many hugs I get...   "

හවස බස් එකට නැගපු හිගන පොඩි එකාගෙ වයසෙම මාධව හිටිය හැටි මාධවට මතක් උනා! ඒත් වෙනසක් තියනවා! ඇයි ඒ පොඩි එකා හිගා කන්නේ! ඌගේ ලස්සන ළමා කාලේ උදුරගෙන තියන හැටි මාධව කළකිරීම පිරුණු හිතින් බලන් හිටියා. පුංචි කොල්ලෙක්ගේ ඇගේ තියන ලස්සන පාට පාට ඇදුම් වෙනුවට  ඒ කොල්ලා ඇදන් ඉන්න දැලි තැවරුණු ඇදුම දිහා අප්‍රසන්න විදියට බලන ලොකු නෝනලා මහත්තුරු තමන්ගේ දරුවව ආදරෙන් තුරුලු කරන් ඒ කොල්ලට රුපියල් 10ක් දෙන හැටි මාධව දැක්කා. කීයක් වත් නොදුන්න අය දිහා ඒ කොල්ලා බලපු නසරානි බැල්මත් මාධවගේ ඇස් වලට හසු උනා! අද අනුකම්පාව අයදින ඌ හෙට දවසේ තවත් කප්පම් කාරයෙක් වෙන්න තියන ඉඩකඩ වැඩිවෙන්නේ මේ සමාජයේ වැරැද්ද නිසාමයි කියලත් හිතෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ!

" See the problem is, I speak to suburban kids, who otherwise would of never knew these words Exist, whose mom's probably would of never gave two squirts of piss, 'till I created so much Motherfuckin' turbulence, straight out the tube, right into your living room I came, and kids Flipped when they knew I was produced by Dre, that's all it took, and they were instantly hooked Right in, and they connected with me too because I looked like them, that's why they put my Lyrics up under this microscope, searchin' with a fine tooth comb, its like this rope, waitin' To choke, tightening around my throat, watching me while I write this, like I don't like this, Nope, all I hear is, lyrics, lyrics, constant controversy, sponsors working 'round the clock, to Try to stop my concerts early, surely hip-hop was never a problem in Harlem, only in Boston, After it bothered the fathers of daughters starting to blossom, so now I'm catchin' the flack From these activists when they raggin', actin' like I'm the first rapper to smack a bitch, or Say faggot, shit, just look at me like I'm your closest pal, the posterchild, the motherfuckin' Spokesman now for... "

ඉහල කොත්මලේ ව්‍යාපාරය පටන් ගත්තා! ඒත් එක්කම හුගක් කල් අපිව සනසපු සුන්දර සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල යන්නම යන්න ගියා! අවුරුදු ගනනාවක් සීතල තලවකැලේට වෙලා ලස්සන වපුරවපු සුන්දර සෙන්ට් ක්ලෙයාර් තවදුරටත් නෑ! ඇල්ල හිදෙන හැටි පත්තරේ තිබ්බ පොටෝ එකකින් දැක්ක මාධවට ඒ සිද්ධියත් මේ වෙලාවේ මතක් උනේ ඈතින් සද එළිය වැටිලා දිලිසෙන ගංගාව දැකීම නිසාමයි! මාධවට මතක් උනා! තමන් **** එකේ වැඩ කරපු කාලේ තලවකැලේ ගිය දවසක මයික්‍රෝ එක සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල ඉස්සරහ නවත්තගෙන ඒ දිහා ආසාවෙන් බලං ඉදපු හැටි!! පෙණ සමග මීදුම් දුමාරය අතුරින් නොනැවතී ගලා හැලෙන සුන්දර සෙන්ට් ක්ලෙයාර් තවදුරටත් නෑ කියලා හිතෙද්දි මාධවට ඇත්තටම කදුලක් ආවේ ඇයි කියලා මාධවට හිතා ගන්න බැරි උනා. මිනිස් අවශ්‍යතා සපුරා ගන්න ස්වභාව ධර්මයාගේ අසීමිත විනාශය මතින් බෑ! ඒත් බලෙන් එහෙම කරනවනම් ඒකට රිටර්න් එකත් වැඩි ඈතක නෑ කියලා මාධව විශ්වාස කරනවා! ඉතිං මාධවට හිතේ දුක අතුරින් මෙහෙම හිතුනා!

" සමුගනිමු සෙන්ට් ක්ලෙයාර්..............!! "


" White America, I could be one of your kids,
white America, little Eric looks just like this,
White America, Erica loves my shit,
I go to TRL, look how many hugs I get,
white America, I Could be one of your kids,
white America, little Eric looks just like this,
white America, Erica Loves my shit,
I go to TRL, look how many hugs I get...   "

අන්තිමට හීනෙන් වගේ බස් එක නවත්තන්න යද්දි මාධව දැනුනා තමන් ඉන්නේ ටවුමේ කියලා! සද එලියෙන් ටවුමම නෑවිලා! ඉතින් වැනි වැනී ඇවිත් බස් එකෙන් බැහැපු මාධවට කවුරුවත් නැති ටවුමෙදි මිනිස්සු පිරුණ බස් එකේදි දැනුන පාලුව තනිකම තවදුරටත් දැනුනේ නෑ! ඉතිං මාධව තට්ට තනියම පාළුවට ගිය ටවුම මැද්දෙන් සිය නිවසට ඇදෙන්න උනා! බල්ලෝ පොර කන සද්ද ඈතින් ඇහද්දි පාලු ටවුම මැදින් කාගේ හරි ටුක් එකක් පට පට පට ගාගෙන ඉගිලුන හැටි මාධව දැක්කා! ඒ අස්සේ මාධවලගේ ටවුමේ ඉදන් යාපනේ යන බස් එකේ හඩත් මාධවට ඇහුනා! සැනසිල්ලේ නිදියන ඒ මගීන් ටික අරන් නිදි නැතුව මහා රෑ යාපනේ යන ඒ බස් රථයේ රියදුරු අයියා දැක්කම මාධවට ඌ ගැන පුදුමත් හිතුනා! ජීවිතේ දිනාගන්න මිනිස්සු කරන්නේ නැති තරම් දෙයක් දැන් නෑ! පුදුමයි!

" So to the parents of America, I am the derringer aimed at little Erica, to attack her Character, the ringleader of this circus of worthless pawns, sent to lead the march right up to The steps of congress, and piss on the lawns of the White House, to burn the casket and replace It with a parental advisory sticker, to spit liquor in the faces of in this democracy of Hypocrisy, fuck you Ms. Cheney, fuck you Tipper Gore, fuck you with the freest of speech this Divided states of embarrassment will allow me to have, fuck you, He, hahaha, I'm just playin' America,  you know I love you... "

මං මේ පෝස්ට් එකත් එක්ක ඇමෙරිකා සිංදුව දැම්මේ ඒක මගේ හිතට දැනුන වැදුන සිංදුවක් නිසා! මාධව එච්චර හිප් හොප් පැත්තට නැතත් එමිනෙම්ගේ සිංදු ටිකක් අහන්න ආසයි! ඉතිං එමිනම් කියන මේ සිංදුව අහන ගමන් තමයි මේ පෝස්ට් එක ලියන්නේ! ඒ නිසා ඒකේ පදත් මේ අතරින් දැම්මා! ඒ සිංදුවේ නමත් මේ පෝස්ට් එකේ හෙඩිමට දැම්මා!  ඒ සිංදුව අහලා නැති අය කැමතිනම් යූ ටියුබ් එකේ සෙවිල්ලක් දාලා බලන්නකෝ! එහෙනම් ලබන්නා වූ නව වසර හැමෝටම සුභ නව වසරක් වේවා!! ස්තූතියි 2011! එහෙනම් අපි සමුගනිමු!

බ්ලොග් අවකාශේ ඉන්න මගේ යාලු මිතුරු හැමෝටම, ඒ වගේම ලෝ සකල වාසී දනන් හැමෝටම ආදරෙන් සුභ පතනවා!

2012 ඔබ සැමට සුභ නව වසරක් වේවා!

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සුභ නව වසරක් මාධව!

    ReplyDelete
  2. සුභ නව වසරක් යාළුවා..

    ReplyDelete
  3. පොඩි පොඩි කචල් ටිකක් නිසා ජාලෙට එන්න ටිකක් ප්‍රමාද උනා.

    උඹට සුභ නව වසරක් මචං . . . . .

    ReplyDelete
  4. ඔබටත් සුභම නව වසරක් වේවා කිව්වා....

    ReplyDelete
  5. කියෝල රස වින්දා

    ReplyDelete
  6. aha! madhawatat new year 1e palaweni post 1 danna widiyak nathiwa tikak karadara wenna una! mmm! field 1e wada wageekata hira una nisa hama deema අඤ්ඤකොරොස් වුනා! හම්! සුභ පැතුම් වලට ස්තූතියි සේරටම!

    ReplyDelete
Previous Post Next Post

Contact Form