බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 03

 මේක, මේ කියන්න යන කතාව මං කලින් වෙච්ච පොරොන්දුවක් නිසා ලියන්නේ! ඒ කියන්නේ මං බයිසිකල් දිනපොතේ දෙවෙනි කොටසේ කිව්වා චානකයගේ සයිකලේ ඉල්ලගෙන කොකා එක්ක ගිය චාරිකාවක් ගැන කියනවා කියලා! මේ කියන්න යන්නේ ඒ කතාව.  මෙන්න මේකයි සිද්ධිය.



චානකයා ගාව හිටියා අර කලු පාට ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ ලොකු මාලුවෙක්! මාලුවෙක් වෙන්න ඇති, මොකද ඒක අපිට හරියට බලන්න බැරි උනා. චානක මාධවගේ ගෙදර ආපු වෙලාවක පොර දැක්කා මාධවගේ ගෙට පහල ඉන්න සුදු අයියගේ ගෙදර මිදුලේ තියන ලස්සන මාලු පොකුණ.  ඉතිං ඒක දැකපු චානකයා මාධවට මෙහෙම කිව්වා......

“ මචං මං ළග අහවල් ජාතියේ මාලුවෙක් ඉන්නවා! ඒකව තියාගන්න ලොකු ටැංකියක් නෑ! ඌ ඒකේ තියං ඉන්න එක පව් බං! ඉඩත් නෑ.  ඒ නිසා උඔ ඌව අරන් ඇවිත් මේ පොකුණට දාපං! ඒක හොදයි බං! ඌට නිදහසේ ඉන්න පුලුවන්. මට සල්ලිත් එපා “

ඉතිං මාධව ඒ කතාව සුදු අයියටත් කිව්වම පොරත් කැමති උනා! නිකං මාලුවෙක්! අනික මහා පත සයිස් එකෙක් සත පහක් ගෙවන්නේ නැතුව.. කවුද අකමැති? ඉතිං මාධවයි කොකයි දෙන්නටම නිදහස් දවසක් බලලා දෙන්නම ගියා මේ මාලුවව ගේන්න! ඒ ගියේ මාධවගේ සයිකලේ! පහලට නිසා කොකා තමයි සයිකලේ ගියේ! මාධව පයින් ගියා! එදා කොකාගේ පිස්සු ඇක්සිඩන්ට් එක නිසා සුධීරයගේ එක ඉල්ලන්නත් බෑනේ! මොකද සුධීරයාගේ අම්මලා එහෙමත් ඒ සිද්ධිය දැනගත්ත හින්දා. ඒ නිසා දෙන්න හෙමින් හෙමින් මාරුවෙන් මාරුවට පහලට පැදගෙන යනවා! ඔහොම ගිහින් අර කිව්ව ඇල්ල එහෙම පහු කරලා මාධවලා චානයකයගේ ගෙදරට ආවා! ඒ එද්දි චානකගේ සයිකලේ තියනවා ගේ ඉස්සරහ! ඕක දැකපු ගමන් මාධවට හිතුනා දෙන්නත් (කොකා ඇන්ඩ් මාධව) එක්ක බක චිනා (චින්තක)ගෙ ගෙවල් පැත්තෙත් ගියානම් හොදයි කියලා! මොකද චිනාගේ මල්ලි කොකාගේ ක්ලාස් මේට් කෙනෙක්. අනික ඒ ගෙවල් තියෙන්නේ චානකගේ ගෙදර ඉදං ටිකක් පහල පාර අයිනෙමයිනේ! ඉතිං ලගටම ආපු එකේ එහෙටත් මනුස්සකමට ගිහින් ආවොත් හොදයි කියලා දෙන්නම තීරණය කලා. ඉතිං චානකගෙන් බයිසිකලේ ඉල්ලගෙන එහෙ යන්න කියලා තීරණය කරපු මාධව චානකයගෙන් සයිකලේ ඉල්ලුවා.


ඉතිං චානකත් නෑ බෑ නැතුව සයිකලේ දුන්නා! මාධව කිව්වා චානතකට “ මචං, උඹ මාලුවව බෝතලේට දාලා ලෑස්ති කරලා තියහං අපි ටක් ගාලා එන්නම් කියලා!“

ඉතිං කොකයි මාධවයියි ගමනට පිටත් උනා! චානකයා දන්නවනම් කොකාගේ කලින් කතාව දෙකක් නෑ ඌ දෙන්නේ නං නෑ මාධවලට සයිකලේ!! චානක ඒ තරම්ම උගේ සයිකලේට මාර ආදරෙයි! ඉතිං ඒකේ ඉස්සරහ බ්රේක් වල පොඩි කේස් එකකුත් තියනවා කියලයි චානක ඒක අපිට දුන්නේ! ඉතිං ඒ නිසාම, කොකා නැවත පිස්සුවක් කෙලීමේ අවධානමත් තියන එකේ මාධව තීරණය කරා තමන් අමාරුවෙන් හරි බ්රේක් අඩු චානකගේ සයිකලේත්, කොකා මාධවගේ එකේත් යා යුතුයි කියලා! ඒ කරලා කොකාව ඉස්සරහින් දාගෙන මාධව ගාණට යනවා! කොකත් එදා වගේ සෙල්ලම් නෑ හිමීට යනවා! ඔහොම දෙන්නම ලගාගෙ  -  බක චීනාගෙ -  චින්තකගේ ගෙදරට ගිහින් ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට මාධවටත් චූන් එක නිසා පොරම තීරණය කලා කොකා එක්ක ඒ පාරේ තවත් පහලට යන්න!! මොකද ඇත්තටම ඒ පාරේ අවට හුගක් කැලේ! ඒ වගේම ලස්සනයි! මොකද ඒ පාර වැටිලා තියෙන්නේ කදු බෑවුමක් මතින්! ඉතිං එක පැත්තකින් මහා ප්‍රපාතයකුත් එක්ක තමයි මේ පාර තියෙන්නේ! ඉතිං දෙන්නම ආයෙත් පිටත් උනා! මේ පාරත් කොකා ඉස්සරහිං මාධව පිටි පස්සෙන්...!!


ඔහොම යද්දි එක පාරට ඒ ගමේ පාරේ යන පුංචි ටකරම් බස් එක ආවා! මේ කියන වෙලාවේ හීනියට පොද වැස්සක් ගහනවා! අපිට නවතින්න ගෙයක්, කඩයක් හෝ ගහක් වත්  ඒ පාරේ නෑ! මොකද බස් එක එනකොට අපි හිටපු හරිය හොදටම පාලුයි! කැලේ විතරයි! ඉතිං අපි දෙන්නා වැස්ස කාගෙන හෙමීට පාගන ගමන් බස් එකට ඉඩ  දීලා ආයේ බස් එක පස්සෙන් වැටුනා! ඒ පාර කොකා ඔලුව උස්සලා බලලා මෙන්න විදින්න ගත්තේ නැතෑ! මාධවගේ බයිසිකල් එකේ යෑම ගැන මාධව හොදටම දන්න නිසා මාධවව රත් උනා! මොකද  ඌ යන වේගෙට යන්න තරම් මාධව පදින චානකගේ සයිකලේ බ්රේකුත් නෑ! අනික වැස්ස නිසා වතුර මූනේ වදිද්දි මූනත් රිදෙනවා! වැහැලා වතුරට පාරත් ලිස්සනවා! පල්ලමක යනකොට ඉතිං පාර ලිස්සනවනම් බ්රේක් තිබ්බත් වැඩක්යැ!  ඉතිං ඌ යන යෑම නැතත් ඌව පේන මානෙන් හරි යන්න මාධව තීරණය කරද්දි මාධවත් බ්රේක් නැති එකෙන් විදින්න පටන් අරන් ඉවරයි අර කොකා පස්සෙම! ඒත් මාධවට බ්රේක් ප්‍රශ්නේ හා පාරේ ලිස්සීම නිසාම ඌට කිට්ටු වෙන්න වත් බැරි උනා! කොකා දැං ඉගිලෙනවා! පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් සුනේ සුං! පල්ලමට! කොහොම කොහොම හරි කොකා මාධවට කලින් පහලටම ගිහින් කඩේක ඉස්සරහට වෙලා ඉන්නවා වැස්සෙන් බේරෙන්න! මාධවත් වැහි වතුර නාගෙනම එතනට ආවා! දෙන්නම හොදට නාලා! මාධවට සීතලයි! තෙමිලා!!

ඉතිං  මේ කඩේට වෙලා දෙන්නම තෙත මාත්තු කර කර ඉන්නකොට කොකා මාධවට මෙහෙම කියනවා...

“ ෂික් බස් එක ගියානේ බං! වැස්ස නැත්තන් මං දිගටම පන්නනවා... “

පන්නන්න හොරෙක්ද? මාධව හිතුවා! වෙලාවට වැස්ස! නැත්තන් ඔය පල්ලමේ බැස්සා වගේ නෙමෙයි ආයේ උඩට එන එක! ඒක මතක් වෙද්දි මාධවට හිතුනා රත්තරං වැස්සක් කියලා! ඔය කන්දේ ඉතිරි ටිකත් බැස්සනම් ආයේ උඩට පැදං එනවට වඩා හොදයි සයිකල් දෙක විකුණලා ඒ සල්ලි වලින් බස් එකේ එන එක! ඒ තරම් කන්දක තමයි අපි මේ බැස්සේ! ඉතිං තෙත පිහදාගෙන එහෙම මාධව ඇහුවා අරූගෙන් මෙන්න මෙහෙම......

“ කාවද යකෝ පැන්නුවේ?  මොකටද තෝ පන්නන්නේ? පු* තමයි! බලපිය නාපු නෑම “

ඔන්න එතකොට අරූ කියපි “ ඇයි බං **ශානි හිටියේ! දැක්කේ නැද්ද?... ඒකි තමයි පස්සේ සීට් එකේ හිටියේ...!! “

රෙද්ද! **ශානි කියන්නේ කොකා ට්‍රයි කරපු කෙල්ල. මේකි ඒ බස් එකේ පස්සේ සීට් එකේ ඉදලා! ඔන්න වැඩක්! ඒකයි මූ එක පාරට කොකා වගේ පියාඹලා තියෙන්නේ! යකෝ කෙල්ලෙක් නිසා ඔහොමත් යනවද? පොඩ්ඩ එහෙ මෙහෙ උනා නම් බඩුම තමයි! පාරත් ලිස්සනවා! ඉතිං ආයෙත් බාගෙට බැහැපු කන්දේ අමාරුවෙන් උඩටම පැදගෙන පැදගෙන චානකගේ ගෙදරට ආවා! ඇවිත් මාලුවත් ඉල්ලගෙන මාධවලා ආපහු ගෙදර ආවා! එනකොට නම් මාධව තමයි මාධවගේ සයිකලේ උඩහට පැදං ආවේ! මොකද කොකා කැමති නෑ කන්දේ උඩහට පදින්න! ඉතිං ඔය සිද්ධි දෙකෙන් පස්සේ මාධවට ආයේ කොකා එක්ක නම් ගමන් යන්න සෙට් වුනේ නෑ! ඒත් මාධව තනියම සිය බයිසිකල් චාරිකා වල නිරත වෙනවා.....!!

ඉතිං සයිකල් දිනපොතේ තවත් පිටුවක් අද ඉවර කරන්නම්! දිගටම බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත කියවන්න කියලා මාධව ආදරෙන් ආරාධනා කරනවා!


6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මගේ හොඳම බයිසිකල් මතකය තමයි, නවත්තලා තිබ්බ ලොරියක හැප්පිලා පහල තිබ්බ පොල් ලෙලි කුණු වෙන්න දමපු වලකින් ගොඩ ආපු ගමන ! අතක් පයක් කඩා ගත්තෙ නැති එක වාසනාවක් !

    ReplyDelete
  2. උබේ කතාව කියවල මම පොඩිකාලේ බයිසිකල් පැදපු හැටි මතක් උනා මචො..අපොයි එක සැරයක් මාවත් හැප්පුනා නෙව..හික් ඒ කාලේනම් මරු මචො

    ReplyDelete
  3. බයිසිකල් පදින්න මම ගොඩක් ආස උනත් ඒකට සමුදෙන්න උනා දණහිසේ ආභායක් නිසා..

    ReplyDelete
  4. දෙදාස් හතරෙ දෙසැම්බර් මාසෙ, ඔබාව හැප්පුවනෙ බයිසිකලේ යද්දී කාර් කාරයෙක්. වං අත කැඩුන. සනීප වෙන්න මාස දෙකක් ගියා. හැබැයි වන්දිය $ 18000 කට චුට්ටක් වැඩියෙන් හම්බ වුනා. වන්දිය හම්බ වුනාම නං අත කැඩිච්ච එක හොඳා කියල හිතුන හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. @ Weni - වාසනාව කෙසේ වෙතත් ගෙදර කස්ටිය එක්ක ලගින් ඉන්න නම් සෑහෙන කාලයක් යන්න ඇති නේද? හරි සුවදට ඉන්න ඇති! නැද්ද මචෝ! හිකිස්!

    @ raj - කියලා වැඩක් නෑ බං! ආතල් සමය!

    @ Dinesh - අපරාදේ! හම්! ආබාදෙත් බයිසිකල් නිසාමද?? හම්!

    @ Oba MAAMA - අත කැඩුනත් කල්ල මරේ නේ!!

    ReplyDelete
  6. උරේ පැන්නා පරන ෆොක්ස්වැගන් බුවෙක් හප්පාලා...තාත්තගේ යාළුවෙක් නිසා වඩේ ශේප් උනා...අර අඩි දෙකක් විතර ඉස්සරහට තියෙන බෆර් එකේ මාව පැටලුනා...වන්දි නෑ..මම නොන්ඩි උනා....

    ReplyDelete
Previous Post Next Post

Contact Form