ගත ඇති සිත නැති ආදරය........................

ඇය මා තුරුලත උණුසුමින්............
නමුදු මා සිත උණුසුම් නොවේ................
සිත ඇගේ පහස සොයා ගොසින්...............
ඈ.......................
කිසිදිනක මා සතු නොවන..................



ඈ ගතේ පහස තුටින් විදින්නම්.............
නමුදු සිත ඒ පහසට ප්‍රිය නොවේ..................
සිත ඉල්ලන ඇගේ පහස...................
ඈ......................
කිසිදිනක මා සතු නොවන..................

හුරතලේට ඔබ යමක් අසාවි................
මමද පිළිතුර දෙමි...................
නමුදු සිතට අවැසිය ඇගේ පැනය...........
ඈ......................
කිසිදිනක මා සතු නොවන..................

ආදරේ ඉල්ලන සිත, ගත අතහැර වෙනතක ගිහින්...................................

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. නොසෑහෙන්ඩ බොන්ඩ සිද්ද වෙන ප්‍රශ්නයක් වගේ....

    ReplyDelete
  2. කොයි දේ තිබ්බත් හිත නැත්නම් වැඩ නෑ යාළු...

    ReplyDelete
  3. හරි ප්‍රශ්ණයක් තමයි..ඒත් ගත දැවටෙන ඇයට ඔය බොරුව තේරෙවි ඉක්මනින්. ඔබව දමලා යාවි. දරා ගන්න ඇහැකි නම් ඔබට එය...?!

    ReplyDelete
  4. මචං . . . බීලම කතාකරමු . . . හිමීට

    ReplyDelete
Previous Post Next Post

Contact Form