රොක් සිංදුවක් Niyametama රස විදීමට නම්.........................




 කන පැලෙන වීදුරු පුපුරා කුඩු පට්ටම් වෙන රොක් සිංදු, කුඩු පට්ටම් වෙච්ච හිතකට කොච්චර සහනයක්ද?
ඒත් කීයෙන් කීයද නියාමාකාරව රොක් සිංදුවක් අහන්න පුලුවන් එකෙක් ඉන්නේ. අද මේ මාධව කියන්න යන්නේ කොහොමද රොක් සිංදුවක් අහන්න හොදම විදිය කියලයි! බොක්කට වදින්නනම්, ඇස් වලින් කදුලු පනින්න නම්, කන් වලින් ඇතුල් වෙලා මොලේ හරහා හිතේ අන්තිම කෙලවරටම වදින්න නම් කොහොමද රොක් සිංදු අහන්න  ඕනි. අන්න ඒකයි අද මේ කියන්න හදන්නේ!

ඔවා කියන්න ගත්තම අපේ කට්ටිය හිතුවොත් එහෙම අර මාධවයා අපේ කන් අඩි පලන්නයි මේ වැඩේ කරන්නේ කියලා එහෙම, ඒක මාධවටත් බළධාරියාගෙන් කැපිල්ලක් එන වැඩක් වේවි. ඒ නිසා කියන්නම්කෝ මේ ටිකත්. රොක් මේ අහන විදියට ගියොත් කන් අඩි පුපුරනවා ෂුවර්! 99%ක්ම...  ඉතිරි 1% නම් පිස්සු නොහැදීමේ අවධානමක් ගැනයි! ඒ නිසා කැමති අය විතරක් මේ වැඩේ කරලා බලන්න! ඒ වගේම මාධව ඊළගට කියන රොක් සිංදු වර්ග ඒ ඒ අය තෝර ගන්නකෝ තමන්ට හරි යන ආකාරයට! හොදේ!

ලංකාවේ එච්චර සැර නැති රොක් - soft රොක් අහන්න නම් හස්ති ( Hasthi ) , නිමේසිස් ( Nemesis ),  ඉන්ද්‍රචාප ලියනගේ, සංක දිනෙත්, බිලී, ඩැඩී, වගේ කස්ටියගේ හොදයි! රවිහාන්ස් ගෙත් රොක් සිංදු ටිකක් තිබ්බා! ලංකාවේ ඔයිට වඩා සැරම metal රොක් වගේ අහනවනම් ඉතිං Stigmata සුපිරි! Stigmata කට්ටිය කරපු Falling Away එහෙම උපරිමයි!

හින්දි ඒවා නම් ප්‍රීතම්ගේ ඒවා මරු! ජන්නත් ෆිල්ම් එකේ සිංදු ටික එහෙම මරු! තව කස්ටිය ඉන්නවා හින්දි කස්ටිය නම්!
ඉංග්‍රීසි එව්වා නම් බෙදන්න අමාරු උනත් මාධවට අනුව LINKING PARK ටිකක් සැර අඩුයි! හම්! එයාලගේ NUMB, New Devide, robot boy වගේ සිංදු ගොඩක්ම සැර අඩුයි කියලා මාධවට හිතෙනවා! ඒත් නක (කන) පලාගන්නම ආසා අයට මේන්න ලැයිස්තුවක්! හොදම රොක් සංගීතය කරන අය  මාධවට අනුව! වෙන වෙන අයට මේක වෙනස් වෙන්න පුලුවන්නේ! මේ මාධව ආසම කස්ටියක් තමයි!
1. System Of down & Serj Tankian
2. Linkin park
3. Limp Bizkit
4. Metallica
5. Apocalyptica
6. SLIPKNOT

මෙවුන්ගෙන් ටිකක් හරි කන බේරගෙන අහන්න පුලුවන් සිංදු ටිකක් තියනවනම් ඒ 1, 2, 3, 5 කස්ටියගේ තමයි! 6 වෙනියගේ අහනවනම් ඉතිං බඩු තමයි! සිංදුව අහලා ඉවර උනාම කන් දෙක කීං ........................කීං ගානවා!
ඉතිං මේකයි රොක් සිංදු අහන්න හොදම විදිය! හැබැයි හොද සබ් වූෆර් සෙට් එකක් නැත්තන් කොහොමත් රොක් අහලා වැඩක් නෑ! ඒ නිසා රොක් අහන්න නම් හොද සබ් එකක් ළගට ගන්න!
 හැබැයි හොදට equalizer එකත් හදලා තියාගන්න ඕනි! rock, soft rock, full bass & treble වගේ සැකසීමක් ගොඩක් හොද ශබ්ද තත්වයකට අවස්ථාව ලබා දෙනවා! සබ් එකේත් බේස් ත්‍රිබල් අගයන් හොදට ගැලපෙන්න හදාගන්න!හැබැයි මේ මොන විදියට හැදුවත් තමන්ගේ සබ් එක හොද තත්වයෙන් නැත්තම් වැඩකුත් නෑ ඉතිං! මීට අමතරව මීඩියා ප්ලේයර් එකේ සිංදු අහන කස්ටිය සිංදු එකිනෙක ඔටෝ මික්ස් වෙන ක්‍රොස් ෆේඩර් ඔප්ෂන් එක හදා ගත්තනම් මරු! එතකොට නන්ස්ටොප් වගේ නොනැවතී තියන සිංදු සේරම ගලාන් ගනවා! තමන්ට විදින්න, අහන්න විතරයි තියෙන්නේ! මේක ජෙට් ඕඩියෝ එකේත් තිබ්බා වගේ මතකයි ! මාධව නම් මීඩියා ප්ලේයර් එක විතරයි යූස් කරන්නේ! අනික්වා වැඩක් නෑ මාධවට!
ඉතිං ඒකත් හදාගන්න නම් මෙහෙම කරන්න!

රයිට් ක්ලික් කරන්න වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ විෂූවලේෂන් එක උඩ! නැත්තන් ෆුල් ස්ක්‍රීන් කරන්න තියන බට්න් එක ළග රයිට් ක්ලික් කරන්න. ඒ එන මෙනු එකෙන් මේ රූප වල විදියට තෝරලා ඔයාලා කැමති විදියට අගයක් තෝර ගත්ත නම් හරි!






ඔන් ඕවා හදා ගත්තට පස්සේ සබ් එකේ ස්පීකර්ස් සේරම තමන්ගේ මොනිටර් එක ඉස්සරහින් තියාගන්න! ඒක 2.1 SUB එකක් නම් ඒ Speaker දෙක අරන් කනට තියලා තද කර ගන්න! හරියට පිස්සෙක්ට කරන්ට් එක දෙනවා වගේම කන් දෙක ළගට තියලා හොදට සද්දෙට වොලියුම් එකත් දාගන්න!

මේ වැඩේ පුරුදු වෙන පළවෙනි පාර නිසා ශබ්දය ටිකක් අඩුවෙන් දාගත්තොත් හොදයි! හම්! එහෙමනම් දැන් සිංදුව ප්ලේ කරමු! හම්! දැන් ඇස් දෙකත් හොදට වහ ගන්න! ඕඩියෝ වීඩියෝ ප්‍රශ්නයක් නෑ! සිංදුව ඇහෙන්න තිබ්බනම් ඇති! දැන් සිංදුව ගලාගෙන යනවා! ඒත් එක්කම හිතන්න! තමන්ට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම! හිතන්න! සිංදුව ගලාගෙන යාවි!

සිංදුවේ කෑ ගහලා හොදට කන පැලෙන කෑලි යද්දි ඔයත් ඒ එක්කම හෙමීට කියන්න! කියන්න බැරිනම් සිංදුවේ තාලයට කටින් සද්දයක් වත් දාන්න! ස්පීකර් කනට තද කරන් ඉන්න ගමන්ම! ඔයාට නොදැනීම ඔයාගේ හිත ගොඩක් දු............................................ර යාවි! අද කෙල්ල තරහා වීමේ ඉදලා නැන්දම්මගේ කෙනෙහිලි කම්, ට්‍රයි කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා දුක් විදින ඒවා ගැන හිතේවි! ඇස් අරින්න එපා! වහගත්ත ඇස් ඇතුලින් මැවිලා පෙනේවි! අණ දීමක් නැතුවම හිතෙන් ගොඩක් දේවල් හිතේවි!

ඒත් එක්කම ඒ හැම දෙයක්ම යටපත් වේවි! ටික ටික.... නොදැනීම! සිංදු එක පිට එක ගලාගෙන යාවි! ගිටාර් බීට් හැම එකක්ම ඔබේ කොදු ඇට පෙළ තුලින් හිරි වට්ටාගෙන ගලං යාවි! හැම වචනයක්ම ඔබේ කන් තුලින් ඇතුල් වේවි! නමුත් කන් තද කරන් ඉන්න නිසාම පිටවෙලා යාවි! හිතේ තියන හැම කුණු ගොඩක්ම ගලවගෙන! හරියට පෙළපාලියට වදින ලොකු වතුර පාරකින් මිනිස්සු සී සී කඩ දුවන් යනවා වගේ!

Serj Tankian කෑ ගහලා කියන හඩ අහන්න!

Aerials
in the sky
When you lose small mind You free your life

ඒත් එක්කම ඇග හිරි වැටීගෙන යයි! අත් වල හිරි ගඩු පිපේවි! අපේ දුක් ගින්දර මැද්දෙන් රොක් සංගීතය කඩාගෙන යාවි! හැම දුක් සිතුවිල්ලක්ම යටපත් වේවි!
Apocalyptica රොක් සංගීතය සෙලෝව තුලින් මතු කරලා අපේ ඔලු කටු ඇතුලේ පුපුරවා දමාවි! ඒ හැම වාදනයක්ම අපේ දුක් සිතුවිලි කුඩු පට්ටම් කරලා දමාවි!
එහෙනම් නිවැරදිව රොක් සංගීතය රස විදින්න! හැබැයි කන් අඩි බේර ගන්න!

 - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

මාධවගේ අවවාදය -  ඝෝෂාකාරී සංගීතය ඔබව බිහිරි බවට පත් කරනු ඇත!

20 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අයියේ උඹ නම් පට්ටම රොක් පිස්සෙක් ඈ පට්ට පට්ට ..........
    …අපිත් ඔවා ඔහොම අහන උන් තමා හරිය :)

    ReplyDelete
  2. Will try.. Thanks for this informative post bro!

    Anyway is there any good songs where you recommend similar to "Maahi (Rock Version) - Hindi" ?

    Felt it was really awesome piece of work..

    ReplyDelete
  3. @dakshina - try karanne paressamin hodee!!

    @ano - aniwa machan!any time rockZ \m/ mm! bt man godak sara rock ahanne na bn dan nam oya kiyana widiyata!

    ReplyDelete
  4. ලොක්කා මටං ඔව එච්චර දිරවන්නැ බං....

    ReplyDelete
  5. @ raj - ade ganan ganna epa bN! eka ekkenata oowa danena widiya wenas nee bn! ;)

    ReplyDelete
  6. මං හිතන් හිටියේ බ්ලොග් අවකාශයේ rock අහන අය නැ කියලා බලාගෙන යනකොට ඒක වැරදිනේ. මෙන්න මම ආසා අය ටිකක්
    Slipknot
    36Crazyfists
    Korn
    10 Years
    Marilyn Manson
    Bullet for My Valentine
    Carcass
    Godsmack
    behemoth
    Five Finger Death Punch
    alien ant farm

    ReplyDelete
  7. man meun tika denek dannawa! maneeth nam damme naththe mee kiyana dee kauru hari karoth ehema bayee! munge sindu ee widiyata ahawwoth nam kan adi blast!

    :D :D

    ReplyDelete
  8. ඔහොම රොක් අහන්න මේ වෙනකම් ට්‍රයි එකක් දීල නම් නෑ. හැබැයි හිතෙ තියෙන කරදර නැති කරගන්න රොක් අහන එවුන් මම ඕන තරම් දැකල තියෙනව.

    ReplyDelete
  9. Alterbridge
    Breaking Benjamin
    Daughtry
    GreenDay
    Maroon5
    Nickelback

    මෙව්ව තමයි මගේ ෆේවරිට්.....

    ReplyDelete
  10. කෙල්ලො සාමාන්‍යයෙන් රොක් සින්දු අහන්නෙ නැති උනත් හාඩ් රොක් නැති රොක් සින්දු වලට මම නම් මාරම ආසයි..ඒ අතරින් System of a Down`s Such a lonely day මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති

    Such a lonely day
    And it's mine
    The most loneliest day in my life

    Such a lonely day
    Should be banned
    It's a day that I can't stand

    The most loneliest day of my life
    The most loneliest day of my life

    Such a lonely day
    Shouldn't exist
    It's a day that I'll never miss

    Such a lonely day
    And it's mine
    The most loneliest day of my life

    And if you go,
    I wanna go with you
    And if you die,
    I wanna die with you
    Take your hand and walk away

    The most loneliest day of my life
    The most loneliest day of my life
    The most loneliest day of my life


    Such a lonely day
    And it's mine
    It's a day that I am glad I survived....

    සින්දුවක්...සමහර වෙලාවට iPod එකේ සද්දේ වැඩී කරලා අහගෙන ඉන්න වෙලාවලුත් තියෙනවා ...හැබැයි මාධව කියාපු විදියට නම් දිල්ට අහන්න වෙන එකක් නෑ....

    ReplyDelete
  11. @ලකී - මං නම් ඕය කට්ටිය අදමයි ඇහුවේ! ග්‍රීන් ඩේ ඇරෙන්න!

    @!ඉසුරු හැත්තෑ එක - අහලා බලපන්කෝ!

    @දිල්! - ඇත්තටම ඒ සිංදුවට මාත් මාර ආසයි! ඒකේ තියන අර ගිටාර් පාට් එක ඇහෙද්දි මාව නියමෙට හිරි වැටිගෙන යනවා! ඇත්තටම රොක් අහන්නේ නැති අය උනත් ඒ සිංදුව ඇහැව්වම ඒකට ආසා වෙන ගතියක් ඒ සිංදුවේ තියනවා!

    අයි පොඩ් එකෙන් අහනවනම් ආයේ වූෆර් ඕනි නෑ දිල්!

    ReplyDelete
  12. රොක් කිව්වම මතක් වෙන්නේ "රොක්ලන්ඩ්"

    ReplyDelete
  13. මං නං ගොඩක්ම ආස කැලැසික් වලට.. ඉදලා හිටලා රොක් ජෑස් වගේ එවා අහනවා..ඒත් ඒතරම් ගෝෂා කාරි ඒවා නෙමෙයි..

    ReplyDelete
  14. රොක් ස0ගීතය කියන්නේ එක්තරා දර්ශනයක් වගේ.ජීවිතේ දුක, සතුට,කේන්තිය,විඩාව ආදී ඕනම දේකට රොක් හොදයි.(ට්‍රයි කරන ගැනු ලමයාගේ කේස් වලට උනත්...;-)මම නම් හැමදාම රොක් සින්දු අහනවා.කියන කෙනා එතරම් අවුලක් නැහැ,විශේශයෙන් මම නම් කැමති ස0ගීතය මගේ හැම සයිලයකටම වදින සින්දු වලට...මන් හිතන්නේ ස0ගීතයේ වැඩිම විවිදත්වයක් ඇත්තේ රොක් වලවෙන්න ඇති....රොක් ලිපියක්...;-)ස්තූතියි..

    ReplyDelete
  15. @ ඔබ නොදු‍ටු ලොවක්..... - hmmmm~! aniwa!


    @Dinesh - mamath kasun. amaradeewa ethakota specially amarasiri peris ehema ahanaawa! amarasiri peris ge nam songs maxxa!amarasiri peris mahaththayage voice 1 nam maara voice 1 bN! mm!!

    sudaraka - 100% i agree with u machan!

    ReplyDelete
  16. නාකි මට මේව අන්ඩර ටැමිල්

    ReplyDelete
  17. mataka tiyaganin.dan uba wadiya lp ahuwe natuwata e and 1n oya subject 1 patan gatte api kiyala.numb 1 sara ne kiwata uba issara ekawat ahuwe ne.piano numb 1 matakada dan?ubalata purudu kale owagen tamai.

    ReplyDelete
  18. @ oba maama - ROCK play karana naaki eun list ekak hoyala diyalla mamata ahanna!!

    @ayeshmantha - A eeka aththa! eekata ubata 100% thankX!! man ahawwa 1st ROCK song 1 LP numb 1 thamai!

    ReplyDelete
  19. හම්ම්ම් රොක් රොක් ඇනඩ් රෝල්... Maxxa මචං....

    ReplyDelete
  20. කන්දෙක හා මෙලය හරහා භිතයි සර්වාංගල පුරාම වෙලාගන්න අහන්න ඔන බිලැක් මෙටල්

    http://virazonic.blogspot.com/2012/02/black-metal.html

    ReplyDelete
Previous Post Next Post

Contact Form