ලොලීටා. . . . . අවසානය - ලොලීටා ආයෙමත් එන්න......



ලොලීටා නැමති ආදරයේ කතාන්දරය ගලාගෙන ඇවිත්!
දිගුම කාලයක් තිස්සේ මාධව සිය හදවතේ තද කරන් සිටි සියලූම හැගුම් මේ කතන්දරයෙන් එලියට දැම්මා. දැන් ඒ කතාන්දරය නිමා කරන්න කාලය ඇවිත්. එහෙනම් හැමෝම එකතු වෙන්න සෙව්වන්දිය යන්නම ගිය කතාන්දරය අහන්න. මාධවගේ පළමුවෙනි ආදරයේ ඇත්තම කතාන්දරයේ අන්තිම සිදුවීම් පිළිබදව දැන ගන්න.....

කාලය ඉක්මණින් ගෙවී ගියා. අවසන් වරට පාසල් නිළ ඇදුමින් සැරසුනු සෙව්වන්දිය කිසි දිනක යලිත් මාධවට දකින්න ලැබුනේ නෑ. එහෙත් මාධව ඒ පිළිබදව එතරම් තැකීමක් කලේ නෑ. මාධව සිය අධ්‍යන කටයුතු සමග කාර්යබහුල වී සිටි හෙයින් ඇයද මාධවගේ සිතින් ගිලිහී යමින් සිටි කාලයක්. එහෙත් මාධව ඇය පිලිබදව විපරම් කලා. ඇගේ සුරංගනා රූපය දකින්න මාධව ආසා කලා. ඒත් මාධව නොසිතූ විදියට සියල්ල කඩාගෙන වැටෙන්න ගතවුනේ එකම එක තත්පරයයි.

මාධවගේ හදවත පුරාව දුක නැමැති හැගීම පතුරවමින් ඒ මූසල ආරංචිය මාධවගේ දෙසවනට ඇහුනා.

" එයා යන්න ගිහින්.... ගොඩාක් දුර...... “

මාධවට ඇහුන ඒ වචන කීපය මාධවගේ ලෝකයම විනාශ උනා වගේ හැගීමක් ඇති කලා. මාධවට මැවි මැවී පෙනුනා. ඒ ලස්සන ඇස්. ඒ ලස්සන හිනාව. ඒ කෙල්ලගේ ලස්සන. තත්පරයෙන් තත්පරයට මාධව විදගත්ත ඒ පුංචි සෙව්වන්දියගේ සුන්දරත්වය. මාධව ඇඩුවේ නැති උනත් සිත තුලින් කෑ ගහලා අඩන්න ඇති. මාධවට ඇය කෙරේ ඇතිවුන ආදරේ ඇයට කියන්න බැරි උන එක ගැන කළකිරීම එක්ක එකතු වෙච්ච මහා දුකක් පපුවේ හිර උනා. ගෙදර ආපු මාධව ඇයගේ පිංතූර එකතුවක් තිබුනු තැටිය පරිඝණකයට දාගෙන ඇයගේ ලස්සන ආයේ ආයේ බැලුවා. මාධවට මතක් උනා. ඇයව මුලින් දුටු දවසේ සිට සියල්ල යලි යලිත්....

රතුපාට හැන්දෑවේ මල් ගොමුවේ මල් නෙළමින් සිටි ඇයගේ සුන්දරත්වය ගැන මතකේ අවදි උනා. ඒ මතකය තුලින්ම මාධවට මතක් උනා ඇගේ නිවසට මාධව ගිය එකම එක් අවස්ථාව. ඒදින ඈ පාසල් නිළ ඇදුමින් සිටි ආකාරය ඔස්සේ මාධවට ඇයව පදික වේදිකාවේදී හමුව දක්වාම සිත රැගෙන ගියා. එකිනෙක සම්බන්ධ වූ සිතුවිලි ආකරයක් මාධවගේ සිතේ පිළි රැව් දුන්නා. මාධව ගැන ආදරේ බිංදුවක් තරම් නොතිබුන සෙව්වන්දිය ගැන මාධවගේ සිතේ තිබුනු ආදරය පිළිබදව සිතුවිලි ඇත්තටම මාධවව ගොඩක් රිදෙව්වා. ඇය කිසිදිනක යලි දකින්නට නොලැබේවි. මේ පුංචි රටේ ඈ ගොඩක් ඈතට ගිහින්.....

ඉතිං මිතුරනි ඒ ආකාරයෙන් මාධව තනි උනා. ඇත්තම ඇත්ත තනි සිතක ආදරය නැති නොවී පැවතුනා. ඒ ආදරය සමග මාධව අවුරුද්දක් පමණ කල් ගෙව්වා. ඇය ගැනම සිතමින්. නමුත් කාලය ඉක්මණ් උනා. ලොලීටාව අමතක නොවුනත් ඇය ගැන තිබුනු ආකර්ෂනය ආදරය නැතිවී යනවා වගේ මාධවට දැනුනා. එය සෙව්වන්දිය යනු මාධවගේ සිතේ ඇති පුංචි ආලෝක තිතක් වගේ දෙයක් බවට පත් වෙලා! ඒ අතර තුර  මාධවට යලිදු මුනු ගැසුනු වෙනස්ම ආකාරයේ සුන්දරත්වයක් මාධවගේ සිත සෙමෙන් සෙමෙන් සුවපත් කලා.

ඉතිං මිතුරනි ලොලීටා කතාන්දරය මෙතනින් නිම වේවි. සෙව්වන්දියට කළ ඇත්තම ඇත්ත ආදර කතන්දරයේ නිමාව. තනි සිතක ඇත්ත ආදරයේ කතාන්දරයේ නිමාව.  නමුත් මාධව මේ කතාව ඉවර කරන්න කලින් තවත්  එක් ප්‍රාර්ථනාවක් කරන්න කැමැතියි. හදවත පුරා ඇතිවන හැගීමකින්.........

“ ලොලීටා....... ආයෙත් එන්න..... එකම එක වරක් ඔබේ රුව දකින්නට..... ආයෙමත් එන්න “


ඉතිං මේ තමයි නිමාව..........................  තනි සිතක ආදරය පුංචි සෙව්වන්දි.........!!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ලොලීටා. . . . . . . 10 කොටස

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
පසුව ලියමි-

සෙව්වන්දිය -  ඇය දැන් සා/පෙ නිමා කර උසස් අධ්‍යයන කටයුතු වල නිරත වේ. මතු දිනක ඈ ඉතාම උසස් තලයක වැජබෙන ලක්ෂණ දැනටමත් පෙන්වා ඇත....

මාධව - කාබාසිනියා වී ඇත....................
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -




3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. යන්න දඟලන එවුන්ට යන්ඩ දීපං බං...ආදරේ කියන්නේ වෙලාවකට ලොතරැයි හුරනව වගේ තමා...ඇදුනොත් දහස් ගනනින් නැත්තං තිබ්බ රුපියල් 20ත් නැ...යකො ලොකේ නැවතිලා නැ..ජිවිතේ කාලකන්නි කොරගන්නැතුව...ඉස්සරහටම පලයන්..උඹට තව ගොඩක් දුර යන්ඩ තියෙනව...ජිවත්වෙනව කියන්නේ ප්‍රශ්ණ වලට මුනදෙනව කියන එක තමා මචො...

    ReplyDelete
  2. අයියෝ...ඉවර වුනාද??? ආයෙත් එන්නෙ නැද්ද ලොලිටා.මං හිතුවා ලස්සනට ඉවර වෙයි කියලා.මොකක්ද අප්පා....:(((

    ReplyDelete
  3. මචං.. පට්ටෙටම වැදුනා... මගේ ඉට්ටෝරියට ලඟීඟීඟීන් යනවා වගේ....

    වැදුනේ අර අන්තිම ටික, ප.ලි යේ දාලා තියෙන ටික....

    ReplyDelete
Previous Post Next Post

Contact Form