ඒ දකින රෑනේ..... හැගුම් සලුවත් සමග පාවේ....


මග කෙටූ බස් රිය.....
නතර විය මාධවගෙ අභියස......
මාධවත් ගොඩ විය.....
යලි ඇදුනි ඉදිරියට බස් රිය......



ටවුමට පැමිණි කල.....
නතර විය බස් රිය.....
ගොඩ වුනි මගී පිරිවර......
නිමක් නැති මහ සෙනගය.....

අතර තුර කෙල්ලක්.....
සුන්දරම යස යුවතියක්.....
ගොඩවුනා බසයට.....
ටක් ටොක් ටක් ටටක්...





ඒ ටික් ටොක් හඩින්....
හැරී බැලුවා සිටි සැම දනන්.....
රත් විය සිත් සතන්....
පිබිදුනි හැගුම් සැනෙකින්.....

කලු පැහැති සාරිය....
නිල් පැහැති දෙනයන....
පිරුණු ළැම අභියස.....
ඇගේ රන් මාලය....

කලු පැහැති හැට්ටය....
අතුරින් පිරුණු මුදු ළැම....
පිට මැද හෙලූ කොන්ඩය....
තලෙලු රූ කුමරිය....

සුරූපි ඉටි රුවකි.....
සුදෝ සුදු තරුණියකි.....
සරාගී රැජිනියකි....
ඈ නම් දෙව්දුවකි....

බසය යලි ගමනේ.....
අපේ සිත් ඇත මදනේ.....
හමන මද පවනේ.....
ඇගේ සුවදයි ගැටී එන්නේ.....

අප හැගුම් උණුසුම්....
වෙලා ඇත කැළඹුම්....
ඒ ලැමේ සෙලවුම්......
දකින අප සිත නැතෙයි ඉවසුම්....

පිරුණු සුදු දෙකොපුල්...
ඇගේ තෙත් රතු දෙතොල්.....
වී ඈ හා තොදොල්.....
තබමි ඈ තොල් මත දෙතොල්....

එක එකා එදෙසට....
ඇය සිටින පැත්තට....
හැරී බලමින් එදෙසට....
සොයයි ඈ රූ වරුණ දෙනෙතට.....

ඇය ඇගේ ගමනේ.....
අපි ඇයත් සමග ගමනේ.....
පුළුලුකුල දිලුනේ.....
අප සිත් සතන් දැවුනේ....

කවුද ඇගෙ කොල්ලා....
සැමටම එහෙම සිතුනා.....
ඌ නම් හෙන ලකී.....
තවත් නැත ඒ ගැන කතා...

ඇයව දුටු රියදුරු.....
තැනද ඇත වී මගමරු.....
විදී දැන් මග තුරූ
පෙනී ඈතට ඇදී යන තුරු

පොල්ල මත ඔහු අත...
වැටේ ගියරය එක දෙක.....
ඇර තියා මග යන....
ගමන් රියදුරු බලයි හොරැහින....

මෙතෙක් කල් මග කෙටූ....
බසය අද යයි ලැබ තටූ.....
ඇගේ නාභිය දුටූ.....
අප සිත් නිබද වෙයි තුටූ.....

සුළං රොද වැදුනේ....
ඇගේ සළුවද නගී පවනේ.....
ඒ දකින රෑනේ.....
හැගුම් සලුවත් සමග පාවේ....

ඇය එහෙට ඇඹරෙයි....
එය දකින අපි මිරිකෙයි.....
අතැගිලි එකට පොඩිවෙයි....
තවත් නම් ඉවසන්න බැරිවෙයි.....

ඇගෙ පිරුණූ ළැම දැක....
පුළුල් උකුලේ හැඩ දැක....
සුන්දර සිනා දැක.....
වැඩුන හැගුමන් සෑම සිතකම....

එහෙව් කල කොල්ලන්....
සෑම දෙන වී බිල්ලන්......
වගේ වී ගොලුවන්.....
බලා සිටියා ඇගේ දගකන්....

බසය යලි නැවතුනා....
ඇයත් ඉන් බැස ගියා.....
බසය තුල ලස්සන....
ඇයත් එක්කම පැන ගියා....

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඇත්තම සිදුවීමක් නිසා මාධව විසින් ලියන ලදී.....

( දිනය - වර්ෂ දෙදමස් එකොලහක් වූ නොවැම්බර් මස හයවැනිදා.....! )

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔව් ඉතින් ලස්සන දෙයක් දැක්කම කාගෙත් ඇහැ යනවනේ.මොකෝ සෝවාන් වෙලායෑ නේ.

    ReplyDelete
  2. අපිත් බස් එකේ ගියා වගේ..ඔය කියලා තියෙන්නේ ලස්සනට.....එළ එළ ...

    ReplyDelete
  3. මේදැස මක්කෙටයි..කියන්නේ..ඔයවගේ වෙලාවට වෙන්ටැ...සහො පැදිපෙළ සුන්දරයි....

    ReplyDelete
  4. sq rofl om http://www.fineartcards.net/files/d28.php?idm4s5h0n-Photo32.JPG

    ReplyDelete
  5. කාලීනයි!ඔහොම නොසිතෙන පිරිමින් සිටිය හැකිද?

    ReplyDelete
  6. මාත් නිකන් ඒ බස් එකේම හිටියා වගේ දැනුනා කියවන් යද්දී..

    ReplyDelete
  7. නදී - lassana eketh hodama lassanak! mmm!

    ඔබ නොදු‍ටු ලොවක්..... - thankX machooo! :)

    Raj - andayekta unath peena lassanak! eekige suwada thamath mathakai! ;)

    නිසුපා - akkige link1 wada naane :(

    Sabith - aththa bNZ! bus 1e hitiya naaki porawal hitan thol hapan innawa dakka man! ;)

    Dinesh - :) thankX bro! nxt Vk 1th oya bus 1ema yanawa! :D :D :D

    ReplyDelete
  8. පොඩි එකා හොඳටම නරක් වෙලා....

    ReplyDelete
  9. kella kauda kiya soyagathimi! mmm! sampreshanayage noona podda nee! ioooo! :D madhawage scl 1e sir kenekgee wife kenek!

    ReplyDelete
Previous Post Next Post

Contact Form