ලොලීටා................ 07 - පින්තූරයේ කතන්දරය



 
ලොලීටා පිළිබද  කතාවක ඇතුලට යාමට පෙර මට හිතුනා දෙයක් කියන්නට ප්‍රිය මිතුර. මේ කතාවේ
තිබෙන්නා වූ සෙව්වන්දියක් ලොලීටා වූ ආකාරය පිලීබද කතාවේ සියල්ල මා සිතිවිලි වල එකතුවක් සමග ලියැවෙන බව කියන්නට ඕනි. ඇත්තටම එය මගේ ප්‍රථම ආදරයේ ඇත්ත කතාව සහ මගේ සිත තුල තිබෙන්නා වූ ආදරණිය ෆැන්ටසියක එකතුවක් ලෙස ඹබ සිතන්නට පෙළඹනවානම් මං කැමැතියි. එය හුදෙක් ඇත්ත කතාවක් ලෙසම ගන්නට එපා. ඒත් මතක තබා ගන්න මෙය ඇත්තම ඇත්ත ආදරයක කතාවක්! මාධව විසින් කලා වූ ඇත්ත ආදරයක ඇත්තම ඇත්ත ආවර්ජනයක් බවත්!


ඉතිං නැවතත් එකතු වෙන්න ඇත්ත ආදර කතාවත් එක්ක.......


බස් නැවතුමක යලි යලි ඈ දුටු මාධව දැන් ඇය ගැන ඔහුගේ හිතේ තිබෙන්නා වූ ආදරයේ උණුසුම ගොඩක් අදුනනවා! ඒත් සෙව්වන්දිය, ඒ පුංචි ලස්සන කෙල්ල, ලෝ තාම දන්නෙ නෑ මේ මාධව එයාට කොච්චර ආදරේ කරනවද කියලා. සෙව්වන්දියගේ ලස්සනට මාධව ගොඩක් ආදරය කලා! ඈ ගොඩක් දක්ෂයි! මාධව ඇගේ ඒ දක්ෂකම් වලට ආදරේ කලා! ලෝ ගොඩක් ප්‍රිය මනාප කෙල්ලක උනත් ඈ අඩම්බරයි. ඉතිං අහන්න දෙයක්ද? මාධව ඒ අහිංසක ආඩම්බර කමටත් ආදරේ කලා! ඒ ලස්සන ඇස්, ඒ ලස්සන කම්මුල්, ඒ ලස්සන තොල්, ඒ ලස්සන පුංචි ලොලීටා!! ඇත්තටම මාධව සෙව්වන්දියට ගොඩක් යැයි කිව හැකි තරම් ගොඩක් ආදරේ කලා! කිසි කෙනෙක් නොකරන තරම්! කිසිම කෙනෙක් නොකරන තරම්!

ආදරේ................... ලොලීටාට...................

ඉතිං ආයෙත් ඈව දැකීම මාධවගේ අපේක්ෂාව උනා. ඇය නිතරම දෑස් වලට හසුවන්නේ නෑ. ඇය නිතර ලං වෙන්නේ නෑ. ඉතිං ඇය දැක ගන්න මාධවගේ නෙත් නොඉවසිල්ලෙන්. පෙර සේම කෙදිනක හෝ කොතනදී හෝ!! ලස්සන පුංචි සෙව්වන්දිය.....

ඉතිං මෙසේ ගලාගෙන යන තනි හිතක ආදරයක් තනි හිත තුලම හිර කරගෙන ආයෙත් ඈ ගැනම හිත හිත තනිවී සිටින කල්හි ඈව ආයෙත් දැක ගන්න වරම් ලැබුනා. ඉතිං මෙන්න ඒ කතාව! කියවන්න මිතුරනි ඒ විස්තරය!

එක්තරා  දවසක මාධවට එක් උත්සවයකට ආරාධනා ලැබුනා. එය සෙව්වන්දිය පළමු දින හමුවූ උත්සවයේ ප්‍රතිඵලයක් නිසා ඇතිවූ අතුරු උත්සවයක් යැයි මං කියන්නම්! එහෙත් මාධව උත්සව වලට වලට යන්නෙක් නොවේ! ඇත්තටම මාධව කිසිම උත්සවයක් ප්‍රිය කරන්නේ නෑ. ඒ මාධවගේ සිත මිතුරනි. උත්සව වල කාලය කා දමන්න මාධව පොඩ්ඩක් වත් කැමති නෑ. ඉතිං මාධවගේ වචන වලින් කතාව ගලා යන්න ඉඩ දෙන්න! මාධව වෙනුවට මං යනුවෙන් කතාවේ චරිතයට ආවේශ වී....


ඉතිං මං ප්‍රතික්ශේප කලා! එය පහසු කටයුත්තක් නොවුනත් මං එය කාරුණිකව ප්‍රතික්ෂේප කලා. නමුත් මං ඒ උත්සවය ප්‍රතික්ෂේප කලේ දැනුවත්ව සෙව්වන්දිය පිලිබද අමතක කරමින්. ඇය එයට එන බව මට සැකයක් නෑ. ඒත් මං ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට පසුබට උනේ නෑ. කෙල්ලක නිසා මං උත්සවයකට යෑම. නෑ එය වෙන්න ඉඩක් නෑ. ඉතිං මං හිතේ දුකින් මගේ තීරණය ගත්තා. එහෙත් මට ඈව දකින්න අවස්ථාව ලැබුනා. මෙන්න ඒ විස්තරය මිත්‍රවරුණි..


එහෙත් මං වෙනුවට සාදයට සහභාගී වන්නට වෙනත් දෙයක් තිබුනා. කැමරාවක්.... ඔව්! මගේ ඩිජිටලය සාදයට අරන් යන්න උනා. කැමරා කරුවෙක් නොමැතිව. ඉතිං සාදය හමාර වී කැමරාව ආපසු මගේ අතට ලැබුනා. එහි ඇති සියලු ජායාරූප මගේ පරිඝණකයට ඇතුල් විය යුතුව තිබුනා.



මං කැමරාව අතට ගත්තා. මං නිකමට එහි තිබුනු රූප එකින් එක බලන්නට උනා.. වරදක් නෑ. එහෙත් එක් ජායාරූපයක මගේ සිත නතර උනා. ඒ ජායාරූපය මගේ සිත තුල තැන්පත් වී තිබුනු ආදරය නැවතත් එලියට අදින්නට උනා. මගේ ඇස් ඉදිරියේ ලස්සනම ලස්සන රුවක් දිස් වී තිබුනා. මුලු ලෝකයේම ඉන්නා ලස්සනම සුරංගනාවී මගේ කැමරා තිරයේ සටහන් වෙලා. මට අදහා ගන්නට අමාරුයි. අගල් 3ක තිරයක උනත් ඇයව හදුනන්නට මගේ ඇස් සමත් උනා. ඒත් මා එය තහවුරු කර ගත යුතුයි. මේ සෙව්වන්දියමද කියා. මගේ පුංචි ලොලීටාමද මේ..................?


කඩිනම් කලා මං. ඉක්මණින් නිවසට එන්නට. ඉතිං මං කෙසේ ආවාදැයි මතකයක් නෑ. මං දුවන්නට ඇති. ඉක්මනින් පියවර තබා එන්නට ඇති. කෙසේ හෝ මා නිවසට ඇවිත් තිබුනා. මට මතක මට ඒ රූපය නියමාකාර ලෙස දැක ගන්න තිබුනා වූ හදිසිය පමණයි. ඉතිං මං දුවන් ආවා ගෙදරට. හනි හනික. ඉතිං දත්ත රැහැන මගින් පරිඝණකය හා සම්බන්ධ කල කැමරාවේ සියලු දත්ත පරිඝණකය තුල දිස්වන්නට විනාඩියක් ගත උනේ නෑ. මගේ පපුව වේගයෙන් ගැහෙනවා. එය හතිය නොවේ. ඇත්තටම එය හතියක් නොවේ මිත්‍ර වරුනි. එය සිත්හි ඇතිවූ කැළඹුම හා උද්යෝගය අතර පටලැව්ල්ලක්. අවංකවම එය හතිය නොවේ මිත්‍ර වරුනි...


මං එකින් එක පින්තූර නිරීක්ෂණය කරන්නට උනා. අන්තිමේදී ඒ තුලින් මං ඇයව සොයා ගත්තා! පුංචි සෙව්වන්දිය දැන් ලොකුයි. හැබෑව.. ඈ හැමදාම මල් කඩන චූටි එකියක් නොවේ! ඇය පිරිපුන් කෙල්ලක වෙලා. ඇය වැඩිලා. ලස්සන වෙලා. ඇත්තටම මං දැන් මේ ලියන මොහොතට, මේ විස්තරයට, සෙව්වන්දිය -  ලොලීටා ගැන කරන්නා වූ මේ විස්තරයට මේ කියන පින්තූරය උදව් කර ගන්නවා. ඒ පින්තූරය අදටත් මගේ පරිඝණකය තුල සුරක්ෂිතයි. ඉතිං අසාපල්ලා මාධව පින්තූරයේ සිටිනා සෙව්වන්දියගේ ලස්සන දැක ගත් සැටි......


ඇය යමක් සිහා බලන් සිටින මොහොතක, එය ඇගේ දැනුවත් වීමකින් තොරව ගනු ලැබූ ස්වාභාවික ජායාරූපයක්.ඇය පුටුවක හිදගෙනයි හිටියේ.මගේ පුංචි ලොලීටා, ඇය ගොඩක් ලස්සන වෙලා. එදින ඈ කොන්ඩය ගොතා නෑ. එය පිට මැදින් පහල හෙලා තිබුනා. කොන්ඩයට කටුවක් පමණයි ගසා තිබෙන්නේ. ඉතිං ලස්සනට කොන්ඩය විසිරී තිබුනා. කොණ්ඩය තවත් දිගු වෙලා යැයි හිතන්නට පුලුවන්. ඈ ඇත්තටම ලස්සන වෙලා. ඇයගේ දෙතොල් මද සිනහවක් සමග හැඩ වී තිබුනා. සිනහව නිසා ඇගේ කම්බුල් පිරී ලස්සනට පෙනුනා. මට සිප ගන්නට වරම් නැති ඒ කම්මුල්, ඒ ලස්සන තොල් ගැන මං තවත් ආශාවන් ඇති කර ගන්න මේ ජායාරූපය මාව පෙළඹුවා. රත්තරන් මාලයක් ඇගේ ගෙලේ පෙනෙන්නට තිබුනා. ඇය අත් කොට, පළල් කර ඇති කලු පැහැති බ්ලවුසයක් ඇද සිටියා. යම් කෙනෙක්ට එම බ්ලවුසය ඇගේ සිරුරට ඇලී තිබෙන සේ පෙනීම වරදක් නෑ. ඇත්තටම ඒ බ්ලවුසය ඈට ලස්සන තවත් එකතු කලා. ඒ බ්ලවුසයේ පුංචි ටෙඩියෙකුගේ සිතුවමක් මුද්‍රණය වී ඇතැයි පෙනෙන්නට තිබුනා. ඇගේ සුදු පැහැති දෑත ලස්සනයි. ඕනි උනා මට ඒ දෑත් වලින් පැටලී සිටින්නට ඇය හා. ඇය දම් පැහැති මල් වැටුනු කලු සායක් ඇද සිටියා. එය දිගු සායක්. එය මා ගොඩක් ආශා කරන ඇගේ සුදු රෝස පැහැති දනිස් පොල්කටු මට සගවා ගෙන සිටියා. ඒ සාය මදක් ඉහලට කර ඒ සුදු රෝස දනිස් පොල්කටු සිප ගැනීමෙන් ඇයගේ දෙකම්මුල් ලජ්ජාශීලී රෝස පැහැයකට හරවන්න මට ඕනි . ඒ ඇගලුම ඇයට ස්වාභාවික අලංකාරය ඇති කලා. ඇත්තෙන්ම ඇගේ තිබෙන්නා වූ ලස්සන තවත් වැඩි කලා. මගේ සෙව්වන්දිය , පුංචි ලොලීටා ගොඩක් ලස්සන වෙලා.  ඇය පෙර සේම සුදු කෙල්ලක්. බිදක්වත් කලු කෙල්ලක වී නෑ.

ඉතිං මිතුරනි....

ඒ ජායාරූපය මට තවත් වරක් සෙව්වන්දිය පිලිබද හිතන්නට හේතු ඇති කලා. ඒ ජායාරූපය ඇගේ ස්වාභාවික ලස්සන ඉස්මතු කරන්නා වූ සිතුවමක් ලෙස සිතන්නට මට පුලුවන්. ඒ පින්තූරය මං මේ කතාවට ඈදා ගන්න උත්සහ කරන්නේ නෑ. මං තාමත් ඒ පින්තූරය සුරක්ෂිතව තියන් ඉන්නවා. ගොඩක් ආසාවෙන්.


ඉතිං මිතුරනි මං තවත් විරාමයකට යන්න ඕනෑ යයි හිතනවා. ලොලීටා කතාන්දරය තවත් දිගු වන්නට අවශ්‍යයි කියා මට හිතෙනවා. ඒත් තනි හදවතක, ඇත්ත ආදරයක, ඇත්ත කතාන්දරය නිමා වන්නට තව වැඩිකලක් ගත වන එකක් නෑ. මාධවගේ ඇත්ත ආදරය එක්ක දිගටම ඉන්න! කතාවේ නිමාව තෙක්ම....


සෙව්වන්දියක් පිළිබදව තනි හදවතක, ඇත්ත ආදරයක, ඇත්ත කතාන්දරය  - ලොලීටා.......

- - - - - - - - - - - - - - - - - - - - loleeta part 6 - - - - - - - - - - - - - - - - - - - -





5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අද තමයි ඔන්න මාධවගේ ලොලීටා කියෙව්වෙ...පහු උන කොටසුත් එක්කම...ලියන රටාවනම් නියමයි....කතාව දිල්ගෙ හිතට ඇල්ලුවා.....

    ReplyDelete
  2. ම්...තවත් ආදර කතාවක්.....

    ReplyDelete
  3. කතාව යන විදිහ හරිම අපූරුයි.. ආසාවෙන් කියවනවා...

    ReplyDelete
  4. නියමයි සහෝ... ලියන්නේ වෙනස් විදියකටනේ. මමත් කැමතියි ඒ වෙනසට! දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  5. ela ela දිගටම ලියන්න යාලුවා

    ReplyDelete
Previous Post Next Post

Contact Form