Posts

Showing posts from November, 2011

රොක් සිංදුවක් Niyametama රස විදීමට නම්.........................

Image
කන පැලෙන වීදුරු පුපුරා කුඩු පට්ටම් වෙන රොක් සිංදු, කුඩු පට්ටම් වෙච්ච හිතකට කොච්චර සහනයක්ද? ඒත් කීයෙන් කීයද නියාමාකාරව රොක් සිංදුවක් අහන්න පුලුවන් එකෙක් ඉන්නේ. අද මේ මාධව කියන්න යන්නේ කොහොමද රොක් සිංදුවක් අහන්න හොදම විදිය කියලයි! බොක්කට වදින්නනම්, ඇස් වලින් කදුලු පනින්න නම්, කන් වලින් ඇතුල් වෙලා මොලේ හරහා හිතේ අන්තිම කෙලවරටම වදින්න නම් කොහොමද රොක් සිංදු අහන්න  ඕනි. අන්න ඒකයි අද මේ කියන්න හදන්නේ!

ඔවා කියන්න ගත්තම අපේ කට්ටිය හිතුවොත් එහෙම අර මාධවයා අපේ කන් අඩි පලන්නයි මේ වැඩේ කරන්නේ කියලා එහෙම, ඒක මාධවටත් බළධාරියාගෙන් කැපිල්ලක් එන වැඩක් වේවි. ඒ නිසා කියන්නම්කෝ මේ ටිකත්. රොක් මේ අහන විදියට ගියොත් කන් අඩි පුපුරනවා ෂුවර්! 99%ක්ම...  ඉතිරි 1% නම් පිස්සු නොහැදීමේ අවධානමක් ගැනයි! ඒ නිසා කැමති අය විතරක් මේ වැඩේ කරලා බලන්න! ඒ වගේම මාධව ඊළගට කියන රොක් සිංදු වර්ග ඒ ඒ අය තෝර ගන්නකෝ තමන්ට හරි යන ආකාරයට! හොදේ!

ලංකාවේ එච්චර සැර නැති රොක් - soft රොක් අහන්න නම් හස්ති ( Hasthi ) , නිමේසිස් ( Nemesis ),  ඉන්ද්‍රචාප ලියනගේ, සංක දිනෙත්, බිලී, ඩැඩී, වගේ කස්ටියගේ හොදයි! රවිහාන්ස් ගෙත් රොක් සිංදු ටිකක් තිබ්බ…

ලොලීටා. . . . . අවසානය - ලොලීටා ආයෙමත් එන්න......

Image
ලොලීටා නැමති ආදරයේ කතාන්දරය ගලාගෙන ඇවිත්! දිගුම කාලයක් තිස්සේ මාධව සිය හදවතේ තද කරන් සිටි සියලූම හැගුම් මේ කතන්දරයෙන් එලියට දැම්මා. දැන් ඒ කතාන්දරය නිමා කරන්න කාලය ඇවිත්. එහෙනම් හැමෝම එකතු වෙන්න සෙව්වන්දිය යන්නම ගිය කතාන්දරය අහන්න. මාධවගේ පළමුවෙනි ආදරයේ ඇත්තම කතාන්දරයේ අන්තිම සිදුවීම් පිළිබදව දැන ගන්න.....
කාලය ඉක්මණින් ගෙවී ගියා. අවසන් වරට පාසල් නිළ ඇදුමින් සැරසුනු සෙව්වන්දිය කිසි දිනක යලිත් මාධවට දකින්න ලැබුනේ නෑ. එහෙත් මාධව ඒ පිළිබදව එතරම් තැකීමක් කලේ නෑ. මාධව සිය අධ්‍යන කටයුතු සමග කාර්යබහුල වී සිටි හෙයින් ඇයද මාධවගේ සිතින් ගිලිහී යමින් සිටි කාලයක්. එහෙත් මාධව ඇය පිලිබදව විපරම් කලා. ඇගේ සුරංගනා රූපය දකින්න මාධව ආසා කලා. ඒත් මාධව නොසිතූ විදියට සියල්ල කඩාගෙන වැටෙන්න ගතවුනේ එකම එක තත්පරයයි.

මාධවගේ හදවත පුරාව දුක නැමැති හැගීම පතුරවමින් ඒ මූසල ආරංචිය මාධවගේ දෙසවනට ඇහුනා.

" එයා යන්න ගිහින්.... ගොඩාක් දුර...... “
මාධවට ඇහුන ඒ වචන කීපය මාධවගේ ලෝකයම විනාශ උනා වගේ හැගීමක් ඇති කලා. මාධවට මැවි මැවී පෙනුනා. ඒ ලස්සන ඇස්. ඒ ලස්සන හිනාව. ඒ කෙල්ලගේ ලස්සන. තත්පරයෙන් තත්පරයට මාධව විදගත්ත ඒ පු…

ලොලීටා................ 10 - සුරතල් සුරංගනාවී

Image
ඉතිං මිතුරනි මාධව හා සෙව්වන්දියගේ ආදරය පිළිබද නැවත අකුරු කරන්නට මේ සැරසෙන්නා වූ මොහොතේ මාධව මතක් කරන්නට කැමතියි මේ ලොලීටා කතාන්දරයේ කියන්නා වූ කිසිදු දෙයක් සෙව්වන්දිය නොදන්නා බව. ඇතැම් විට ඈ දැනගෙන නිහඩ පිලිවෙතක සිටියා විය හැකියි. ඇයට එය දැන ගන්න ඕනෑ තරම් විදි තිබුනා. නමුත් මාධව උපකල්පනය කරන්නේ මේ කියන්නා වූ කිසිදු කතාන්දරයක ඇත්ත නැත්ත ලොලීටා නොදන්නා බවටයි. එහෙත් මෙය ඈ දැන ගත යුතුයි. එවිට ඈ තේරුන් ගනීවී. මාධව යනු ලොලීටාගේ රූපයට වශී වී ඇයට ආදරේ කල තවත් එක් කොල්ලෙක් නොවන බව! මාධව මුලු හදින්ම ඇයට ආදරේ කල බව දන්නේ මාධවම පමණයි.....

ඉතිං මිතුරනි. අපි නැවතත් කතාන්දරයට යමු. පෙර කී කොටසේ මාධවට ලොලීටාව මුණ ගැසුනේ මහ දවාලේ පාසල නිමවී ඇති මොහොතක බව කලින් කීවා. ඉතිං එතැන් සිට නැවතත් අපි මාධවගේ කතාවට එකතු වෙමු. ලස්සන කෙල්ලක පිළිබදව සිතක හැගුම් ආපසු වැමෑරීම....

ඉතං ඇය සිය පාසල් බෑගය එල්ලන් සිටියා! ඈට ඒක බර වැඩිද මංදා! පුංචි සෙව්වන්දි දැන් තව දුරටත් පුංචි නෑ. ගොඩක් ලස්සන වෙලා! කොන්ඩ කරල් දෙක කර මතින් ඉදිරියට වැටී තිබුනා! දැඩි අව් රශ්මිය මැද  ඇගේ කම්මුල් රත් පැහැ ගෙන තිබ්බා! ඒත් එය ඇගේ මුඛරි බවට නම් …

ලොලීටා................ 09 - මාවතේ දී ආයෙමත්

Image
පළමු වෙනි දවසේ හමුව පිලිබදව කියන්නට මාධව තීරණය කලා පසු ඒ වෘත්තාන්තය මෙහි පලවුනා! ඉතිං ඒ පළමු හමුවීමක කතාන්දරයෙන් පසු නැවතත් කතාව ගලාගෙන යන්නට මේ අවකාශය වෙන් වේවි! මාධවගේ පළමු ආදරය පිළිබද සත්‍ය කතාන්දරය. එය මාධවගේ වචන වලින්ම අකුරු වෙන්නේ හිකත් පුරාම තියෙන්නා වූ මතක හැගීම් එක්කයි! ඉතිං ආයෙත් එකතු වෙන්න ලොලීටා හා මාධව පිළිබද කතාන්දරය කියවන්න! එක් පුංචි සුරංගනාවියක් ගැන කොල්ලෙක්ගේ හදවතක ඇතිවූ ඇත්තම ආදරයක කතාව කියවන්න!

මෙය මාධවගේ මේ ආදර කතාවේ නිමාවට ආසන්නම සිදුවීමක් ලෙස හැදින්විය හැකියි! මාධව මේ වන විට සිය පාසල් කාලය නිමා කර සිටියා!! සිය පාසල් කාලය පිළිබදව මතක එක්ක සෙව්වන්දිය පටලවා ගන්න මාධවට බෑ. මොකද ඇය මාධවගේ පාසලේ ශීෂ්‍යාවක් නොවන නිසා. එහෙත් මාධව දිනක් පාසලේදී සෙව්වන්දිය දුටුවා යැයි පැවසීම, මාධව‍ගේ පාසලේ ශිෂ්‍යාවන්ගේ නිල ඇදුමින් සැරසුනු ලොලීටා... මාධවගේ පාසලේ! අහා විය නොහැකියි! මෙන්න එම කතාව පළමුව! ඉතිං කියවන්න මිතුරනි! මාධව සෙව්වන්දියක යැයි සිතා අන් කෙල්ලකට රැවටුනු හැටි. පළමු වතාවට.......


එය සිදුවුනේ මාධවගේ නව පාසල් වාරය පටන් ගන් අලුතම දිනයක. මාධවව රැවටීමට හැකිවූ ඒ කෙල්ල පිළිබදව කියන්…

ලොලීටා................ 08 - නොසන්සුන් වන සිතක්

Image
ඉතිං මිතුරනි මෙන්න ආයෙමත් ආදරයේ කතාව ගලාගෙන යන්නයි යන්නේ. ඉතිං එකතු වෙන්න මාත් එක්ක ආදරයේ කතාවේ තවත් කොටසක් රස විදින්න. ඉතිං මාධව සෙව්වන්දියට කලා වූ ආදරයේ,  අතීතයේ එක් ආදරයක තවත් අතීතයට යන්නට මං කල්පනා කලා. අතීතයේ අතීතය... එනම් සෙව්වන්දිය සමුවූ කතාව. මාධවට ඔහුගේ හිත අහිමි වූ කතාව. මාධව ආදරය කරන්නට පටන් ගත්තා වූ කතාවේ මුල් පියවර. එසේ නම් එකතු වන්න මිත්‍රවරුනි ඇත්ත ආදරයේ කතාවේ අතීතයත් එක්ක.මං ඔබට කලින් වරක පැවසූ පරිදි අද ඔබ ඉදිරියේ ඒ ලස්සන දින තුනක් පුරා වූ සිදුවීමක් ආවර්ජනය කරන්නං. මාධවගේ හිත මාධවට අහිමි වූ ඒ පුවත. සෙව්වන්දිය හා මාධවගේ පළමු හමුව............


ඉතිං මිතුරනි,එදා විශේෂ උත්සව දවසක් උනා. ඒත් මාධවට එහෙම නෑ. මාධවට උත්සවයක් කියා විශේෂයක් නෑ. ඔහුට එදාත් වෙනදා මෙන්ම සාමාන්‍ය දවසක් පමණයි. ඉතිං මේ කියන්නා වූ දවස් වල කල් ගෙවූ මාධව ගැන ඔහුගේම වචන වලින් දැන ගැනීම වැදගත් කියා මං හිතනවා. ඉතිං මිතුරනි මෙන්න මාධවගේ විස්තරය. මාධව සෙව්වන්දියට ආදරය වූ කාලයේ ඔහු ගැන හැදින්වීමක්. ඉතිං දැන ගන්න එකල මාධවගේ හැටි...

මාධව ඒ කාලයේ තවත් එක් පාසල් සිසුවෙක් පමණයි. ඔහු කම්පියුටරයට පිස්සු වැටී සිටි කාලයක්…

ඒ දකින රෑනේ..... හැගුම් සලුවත් සමග පාවේ....

Image
මග කෙටූ බස් රිය.....
නතර විය මාධවගෙ අභියස......
මාධවත් ගොඩ විය.....
යලි ඇදුනි ඉදිරියට බස් රිය......

ටවුමට පැමිණි කල.....
නතර විය බස් රිය.....
ගොඩ වුනි මගී පිරිවර......
නිමක් නැති මහ සෙනගය.....

අතර තුර කෙල්ලක්.....
සුන්දරම යස යුවතියක්.....
ගොඩවුනා බසයට.....
ටක් ටොක් ටක් ටටක්...





ඒ ටික් ටොක් හඩින්....
හැරී බැලුවා සිටි සැම දනන්.....
රත් විය සිත් සතන්....
පිබිදුනි හැගුම් සැනෙකින්.....

කලු පැහැති සාරිය....
නිල් පැහැති දෙනයන....
පිරුණු ළැම අභියස.....
ඇගේ රන් මාලය....

කලු පැහැති හැට්ටය....
අතුරින් පිරුණු මුදු ළැම....
පිට මැද හෙලූ කොන්ඩය....
තලෙලු රූ කුමරිය....

සුරූපි ඉටි රුවකි.....
සුදෝ සුදු තරුණියකි.....
සරාගී රැජිනියකි....
ඈ නම් දෙව්දුවකි....

බසය යලි ගමනේ.....
අපේ සිත් ඇත මදනේ.....
හමන මද පවනේ.....
ඇගේ සුවදයි ගැටී එන්නේ.....

අප හැගුම් උණුසුම්....
වෙලා ඇත කැළඹුම්....
ඒ ලැමේ සෙලවුම්......
දකින අප සිත නැතෙයි ඉවසුම්....

පිරුණු සුදු දෙකොපුල්...
ඇගේ තෙත් රතු දෙතොල්.....
වී ඈ හා තොදොල්.....
තබමි ඈ තොල් මත දෙතොල්....

එක එකා එදෙසට....
ඇය සිටින පැත්තට....
හැරී බලමින් එදෙසට....
සොයයි ඈ රූ වරුණ දෙනෙත…

ලොලීටා................ 07 - පින්තූරයේ කතන්දරය

Image
ලොලීටා පිළිබද  කතාවක ඇතුලට යාමට පෙර මට හිතුනා දෙයක් කියන්නට ප්‍රිය මිතුර. මේ කතාවේ තිබෙන්නා වූ සෙව්වන්දියක් ලොලීටා වූ ආකාරය පිලීබද කතාවේ සියල්ල මා සිතිවිලි වල එකතුවක් සමග ලියැවෙන බව කියන්නට ඕනි. ඇත්තටම එය මගේ ප්‍රථම ආදරයේ ඇත්ත කතාව සහ මගේ සිත තුල තිබෙන්නා වූ ආදරණිය ෆැන්ටසියක එකතුවක් ලෙස ඹබ සිතන්නට පෙළඹනවානම් මං කැමැතියි. එය හුදෙක් ඇත්ත කතාවක් ලෙසම ගන්නට එපා. ඒත් මතක තබා ගන්න මෙය ඇත්තම ඇත්ත ආදරයක කතාවක්! මාධව විසින් කලා වූ ඇත්ත ආදරයක ඇත්තම ඇත්ත ආවර්ජනයක් බවත්!


ඉතිං නැවතත් එකතු වෙන්න ඇත්ත ආදර කතාවත් එක්ක.......


බස් නැවතුමක යලි යලි ඈ දුටු මාධව දැන් ඇය ගැන ඔහුගේ හිතේ තිබෙන්නා වූ ආදරයේ උණුසුම ගොඩක් අදුනනවා! ඒත් සෙව්වන්දිය, ඒ පුංචි ලස්සන කෙල්ල, ලෝ තාම දන්නෙ නෑ මේ මාධව එයාට කොච්චර ආදරේ කරනවද කියලා. සෙව්වන්දියගේ ලස්සනට මාධව ගොඩක් ආදරය කලා! ඈ ගොඩක් දක්ෂයි! මාධව ඇගේ ඒ දක්ෂකම් වලට ආදරේ කලා! ලෝ ගොඩක් ප්‍රිය මනාප කෙල්ලක උනත් ඈ අඩම්බරයි. ඉතිං අහන්න දෙයක්ද? මාධව ඒ අහිංසක ආඩම්බර කමටත් ආදරේ කලා! ඒ ලස්සන ඇස්, ඒ ලස්සන කම්මුල්, ඒ ලස්සන තොල්, ඒ ලස්සන පුංචි ලොලීටා!! ඇත්තටම මාධව සෙව්වන්දියට ගොඩක් යැයි කිව …