විකාර වී ගිය සිතුවිලි වල......... නෑ මාධව වැටෙන්නේ නෑ.........



නටඹුන් වීගෙන යන ආදරයක සිතුවිලි තුල මාධව අතරමං වෙලා ගිහින්! කිසි දෙයක් ගැන හිතක් නෑ! චුට්ට
චුට්ට ඇතිවන කළකිරීම එක්ක හැමදේම එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! හැමකෙනෙක්ම දුරස් වෙලා වගේ දැනෙනවා! ජීවිතයේ ලැබුනු ලස්සනම ආදරය මාධවටත් නොදැනීම මාධවගේ හිතින් ඉවත් වෙන එක මාධවට දරා ගන්නම බෑ! මේක තනිකරම ආත්මාර්තකාමී ලියවිල්ලක් වේවි! මාධව ඈ ගැන නොසිතා, ඇගේ හිත ගැන නොසිතා ලියන තනිකරම ආත්මාර්තකාමී ලිවිල්ලක් මේක. ඇගේ දුක ගැන නොසිතා ලියන තනිකරම ආත්මාර්තකාමී ලිපියක්! ඉතිං මාධව ඉස්සර වගේම තනිවෙච්ච ජීවිතය තුලට ආයෙමත් ඇවිල්ලා කියලා මාධවට හිතෙනවා! මාධවට එහෙම දැනෙනවා! තනිවෙච්ච වෙලාවටම මාධවට එහෙම දැනුනේ ඇයි? ආදරය තුල තනිකමට ඉඩක් නැති නිසා වෙන්න ඇති.......


වෙනස් වන සිතුවිලි වල වෙනස වටහා ගන්න අමාරුයි. හිතට ඒක මහා බරක් වෙලා. වෙනස් වන සිතුවිල්ලක මහා බර! මාධව ආයෙත් පුරුදු වෙන්න පටන් අරන්! කන් අඩි පැලෙන්න ඇහෙන ගිරිය යටින් බෙරිහන් දෙන සිංදු වල පිහිට! අබිං වලට ඇබ්බැහි උනා වගේම ඇබ්බැහි වෙලා ආයෙත්! ආදරේ කරද්දි හිතේ පතුලටම වෙනකල් තිබුන නිවුන ගතිය නැතිවෙලා ගිහින් වගේ! වෛරයක චායාවක්වත්, වෛර සිතක අංශු මාත්‍රයක්වත් නැති සිතකට ප්‍රචණ්ඩත්වයේ හෙවනැලි වැටෙන්න පටන් අරන්! මාධවට හැමදේම නැතිවෙලා යන මොහොතක මාධවගේ සිත දරුණු වීම සාධාරණද? ඒත් මාධව නිවෙන්න තාමත් උත්සහ කරනවා.


උපරිම හඩින් බෙරිහන් දෙන සද්ද පිට කරන ස්පීකර දෙක කන් අඩි පැලෙන්න තරම්ම සද්දේ තියෙද්දි කනට තද කරලා, හරියට පිස්සෙක්ට කරන්ට් එක දෙනකොට වගේම තියාන, පිස්සුවකින් වගේ ඇස් තදින් වහගෙන හිතේ ආවේග නිදහස් කරන්න මාධව උත්සහ කරනවා. I've become so numb.......  කියලා සිංදුවේ අන්තිම ටිකේ කෑ ගහනකොට මාධවට දැනෙනවා ඇත්තටම තමන්ගේ පිට දිගේ ඇතිවී යන හිරි වැටීම! ඒ හිරි වැටීමට ඇබ්බැහි වෙන මාධව බෝතලේක පිහිටට වඩා ඒ හිරිවැටීමට ඇබ්බැහි වෙන්න කැමතියි! කිසිම දිනක කිසිම හේතුවක් නිසා මාධව බෝතලේක, දුමක, ගංජා මිටියක ආතල් එක හොයන් යන්නේ නෑ! කිසිම දවසක! ඉතිං මාධව ආයෙත් හිස් මුදුනේ ඉදං පිස්සු වට්ටන හිරි වැටීමක් ඇති කරන රොක් සිංදු වලට ඇබ්බැහි වෙලා! ආදරේ වේදනාවෙන් මිදෙන්න හොදම විදිය වෙන්නැති! හිතක ඇඩියාව ලියද්දි මාධවට හිතෙනවා! කනට තද කර ගත්ත බෙරිහන් දෙන ස්පීකර් වලින් පිට වෙන පීඩනය ආයෙත් මාධවගේ කන් තුලින් ඇතුල් වෙලා පිටවෙන්න තැනක් නැති කම නිසාම මාධවගේ සියලු දුක් සිතුවිලි වලට ක්ෂණික නාශකයක් වෙලා වගේ! ඒ හඩත් එක්කම ලෝකෙටම ඇහෙන්න මාධවට බෙරිහන් දෙන්න ඕනි! අහන් ඉන්න හැමෝගෙම කොදු නාරටිය දිගේම හිරි වැටිලා යන්න! හැමෝගෙම හිතට මාධවගේ හිතේ තියන දුක දැනෙන්න. තත්පරේකට හරි හැමෝටම තේරුන් යන්න! මාධවගේ හිතේ තියන පීඩනය කොච්චරද කියලා........!!



කී බෝඩ් එක උඩ වේගෙන් අපිළිවෙලට නටන දෑගිලි වලට අද හරියට කෝඩ්ස් අහුවෙන්නේ නෑ. හිතේ තියන දේ ප්‍රකාශ වන චිත්‍රයක තියන ලක්ෂණම අද මේ මාධව අයාලේ යන්නා වූ දෑගිලි වලින් කරන වාදනය තුල ගැබ් වෙලා!වෙනදා පිළිවෙලට numb වාදනය කරන ඇගිලි වලට අද පිළිවෙලට මොකක්වත් වාදනය කරන්න මාධවගේ සිත පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ! ඒත් ඒ අපිලිවෙලට එහෙන් මෙහෙන් තෙරපෙන පියානෝ යතුරු වලින් ඉද හිට අහම්බෙන් වදින ලස්සන තනු කවදාවත් මාධවගේ හිතේ ඇදුන නිර්මාණාත්මක එකක් නෙමෙයි! ඒත් ඒ තනුව අමතක වෙලා යන්නම යන්න ගතවෙන්නේ එක තත්පරයයි! මාධවට හිතා ගන්න බෑ තමන් අතින් එහෙම තනුවක් ඇතිවීම! නමුත් ආදරේ මාධව දාලා යන තරම්ම ඉක්මණට ඒ තනුව මාධවගෙන් ඇත් වෙලා ගිහින්!


පියානෝ යතුරු එකිනෙක තෙරපෙන හැම මොහොතකම ඒ තෙරපුම මාධවගේ හිතට දැනෙනවා! ආදරේ දුක! තනිවෙච්ච සිතක අඳෝනාව. පපුව පුරා විදවන්න වෙන වේදනාව! ඇස් අගට කදුලක් මෝදු වෙන්න ගත වෙන තත්පරේට, වට පිටාව බොදවී යන තත්පරේට මාධව නවතිනවා! තනුව ක්ෂණිකව නිමා වේවි! කදුලු අතරින්!! මාධව දිගු සුසුමක් එක්ක වාදනය මදකට නවත්තනවා. කදුලු වැල් සට සට ගාලා එකක් මත එක පියානෝ යතුරු මත කඩා හැලෙන්න සැරසිලා. දිගු දිගු දිගු සුසුම් වැල් එකිනෙක මතින් මුදා හරින හිතේ දුක කදුලුත් එක්ක පිටාර ගලන්න කල්පයක් යන්නේ නෑ! ඒත් මාධව කඳුලට ඉඩක් දෙන්නේ නෑ! සිවිලිමේ එල්ලී තිබෙන මකුලු දැල් දිහා බොදුවුනු දෑසින් බලන් ඉන්න මාධවට හිතෙනවා ජීවිතයත් මකුලු දැලක් විතරමයි කියලා! පැටලිලි එක්ක ජීවිතේ! කදුලු නවතිනකල් දිගු හුස්ම එක්ක මාධව තනිවෙනවා! පියානෝ තිරයේ නිල් එළිය වැටුනු මාධවගේ කදුලින් බර වෙන්න හදන ඇස් දිලිසෙනවා ඇති! ඒ කදුල කඩාගෙන මහ පොළවට වැටුනොත් මාධව පරාදයි. ඉතිං මාධව පරදින්නේ නෑ................!

කදුලු වියලී යනවා! ඉක්මණින්ම! තවත් දිගු සුසුමක් එක්කම....

ඉතිං..................

ඒ තමයි විකාර වී ගිය සිතක සිතුවිලි වල අඳෝනාව.... ඒ මොනා උනත් කමක් නෑ මාධව වැටෙන්නේ නෑ........................

කවදාවත්ම....................

ඉතිං ආයෙත්

පිස්සුවෙන් වගේ කනට තද කර ගත් ස්පීකර් එක්ක

I've become so numb.......   හේ...................... හේ...................... හේ......................!!

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඉස්සර කැසට් පීස් එකක් ආවා ඇහුවම පිස්සු හැදෙනවා කියලා...මමත් ඇහුවා ඕක බයෙන් බයෙන් ...මොකුත් නෑ ..... හා...හා.....හෝ...හෝ......... ගානව විතරයි......

    ReplyDelete
  2. වෙලාවට අහල නැහැ

    ReplyDelete
  3. ehenam ahala balannakoo OBA mame!

    http://www.youtube.com/watch?v=_JSxNtM0ztQ

    ReplyDelete
  4. Watenna witharak epaa maadhawa...

    ReplyDelete
Previous Post Next Post

Contact Form