තවත් නිකම්ම නිකං මාධවගේ කථාවක්........



තවත් කරදර! මාධවගේ ජීවිතේ තවත් කරදර! මාධව ගොඩක් කරදර විදින්න පටන් ගත්ත කාලයක් මේ! මේ
කරදර නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! මේ වගේ කාලයක් මීට කලින් මාධවට ඇති වෙලා නැතුව ඇති. ඉතිං මාධවට හිතුනා ඒ කරදර ටිකත් මේ පෝස්ට් එකේ දාන්න! ඇඩියාව කියලා හිතන්න එපා! තවත් කොල්ලෙක් තමන්ගේ හිතේ තියන කරදර ටික මෙතන කොටලා දාලා හිතේ බර ටිකක් අඩු කර ගන්න ට්‍රයි කරන බව මතක තියා ගන්න.

මේකෙදි මාධව කරදර ලිස්ට් කරන්නේ නෑ! කලින් පෝස්ට් එකේ වගේ කරදර ලිස්ට් කරන්නේ නෑ! ඒත් විස්තරේ කොටාගෙන යන්නම්! ඇති වෙනකල්ම! හිතට ඇතියි කියලා හිතෙනකල්ම. ඉතිං අහපල්ලකෝ!

මේ දවස් වල කිසිම සුගතියක් නෑ! මාධව කලින් පෝස්ට් එකේ කිව්වනේ ෆෝන් එකක් ගන්න ඕනැයි කියලා! ඒ දැනට තිබ්බ ෆෝන් එක තියෙද්දිමයි! ඒ කියන්නේ මාධවට වෙන සිම් එකක් පාවිච්චි තරන්න ඕනි නිසා තවත් ෆෝන් එකක් ගන්නයි ඕනි උනේ! මොකද මාධව කවදාවත් ඩුවල් සිම් ෆෝන් නම් නිකං දුන්නත් ගන්න එකෙක් නෙමෙයි! ඒ නිසාමයි මාධවට අලුත් එකක් ගන්න උවමනාව තිබ්බේ! ඒත් කරුමෙක මහත! කෙලවීම මේ යැයි කියන්නා වගේ තිබ්බ ෆෝන් එකටත් බඩු හම්බුනා! ඒකත් කෙලවිලා ගියා! ඒක උනේ මෙහෙමයි! මාධව ගියා ඉලව් ගෙදරක. ඒ කියන්නේ මල ගෙදරක! මාධවලගේ ගෙවල් කිට්ටුව සීයා කෙනෙක්ගේ! ඉතිං ඒ ගිහිං රෑ වෙලා තමයි ගෙදර ආවේ! මාධවත් එක්ක මාධවගේ තාත්තත් හිටියා! ඉතිං දෙන්නා එක්ක රෑ 9ට විතර ආපහු එන්න පිටත් උනා! මාධවලගේ ගෙදරට එන්න පාරවල් කීපයක්ම තියනවා! ඉතිං මාධවලා එදා ආවේ තේ වත්තක් මැදින් එක කෙටි මාර්ගයකින්! ඉතිං ඒ එනකොට මාධව රෑ පාර පේන්නේ නැති කමට වගේම වැහැලා වැහැලා පාර ලිස්සන නිසාම, ලිස්සලා ඇදන් වැටුනා! දඩිං බිඩිං! කකුල ටිකක් හීරුනා! පුක බිම ඇනුනා! ලිස්සලා අඩියක් විතර බිම දිගේ ඇදිලා ගියා! දැන් ඇගේ මඩ එකයි!

ඉතිං මඩ පිටින්ම ගෙදර ආපු මාධව ගෙලින්ම ගියේ නාන කාමරේට! ගැලෙව්වා ඇදුම් සේරම! එබුවා වතුර බේසමේ! ඒ කරලා ඇග හෝද ගත්තා! ගෙට එන්න කියලා හැරෙද්දි තමයි මතක් උනේ! දැන් මාධව අමු හෙලිවැල්ලෙන් කියලා!! මොකද මාධවට තිබ්බ හදිස්සියට නාන කාමරේට ගියේ තුවායක් හෝ වෙන ඇදුමක් ගෙනියන්නේ නැතුවයි! ඉතිං එහෙම ගෙට එන්න බෑනේ! මාධව අම්මට සිය පාරක් විතර කෑ ගහලා

අම්මේ..............හ්! තුවාය අ අ අ අ අ අ අ අ!

අම්මේ..............හ්! තුවාය අ අ අ අ අ අ අ අ!

අම්මේ..............හ්! තුවාය අ අ අ අ අ අ අ අ!

අම්මේ..............හ්! තුවාය අ අ අ අ අ අ අ අ!


 තුවායත් ගෙන්නගෙන ඒක ඇදගෙන ගෙට ආවා! ඇදුම් සේරම හොදට පෙගෙන්න දාලා!

ඉතිං කාලා එහෙම ජංජාලය පැත්තේ කරක් ගහන්න යන්න කියලා සිම් එක හොයද්දි තමයි මතක් උනේ කෙලියා තාප්පෙට කියලා! සිම් එක හොයද්දි තමයි මාධවට මතක් උනේ  කලිසම වතුරට දැම්මේ ෆෝන් එකත් එක්ක තමයි කියලා! ඉතිං පැය භාගයක් විතර ෆෝන් එක වතුරේ තිබිලා! ඉතිං අහන්නත් දෙයක්යෑ! අර මැරිච්ච සීයා එක්කම ෆෝන් එකත් යන්නම ගියා! දැන් මාධවට තව අලුත් ෆෝන් එකක් තියා කිසිම ෆෝන් එකක් නෑ! මේ ෆෝන් එක මාධව අවුරුදු 3ක් විතර පාවිච්චි කලා! මාධවට හොද සගයෙක් උනා! ඉතිං දැන් ෆෝන් එක නැති පාඩුව මාධවට ගොඩක් දැනෙනවා! ඒත් ගෙදරින් අලුත් එකක් ඉල්ලන්න බෑ! කවදා හරි මාධවට ෆෝන් එකක් ගන්න පුලුවන් විදියේ රස්සාවක් හම්බුනොත් මාධව එදාට තමන්ගේ සල්ලි වලින්, තමන් හරි හම්බ කර ගත්ත සල්ලි  වලින් මාධවටම ෆෝන් එකක් ගන්නවා!!





ඒ අස්සේ ඊයේ ක්ලාස් එකට ගිය වෙලාවේ මාධවට ක්ලාස් එකේ සර් කතා කරලා, එයාගේ (සර්ගේ) ෆෝන් එක දීලා කියනවා ර** සර් කතා කරනවා එයා එක්ක කතා කරන්න කියලා! ඉතිං මාධව බැලුවා මොකක්ද මේ කියලා! බලද්දි ඩිප්ලෝමා එකේ කොක්කක්! ඒ කියන්නේ ර** සර්ට ඩිපේ ඇගයීම් හා ව්‍යාපෘති ලකුණු යවන්න බැරි වෙලා! කෙල උනා තමයි! ඒ කියන්නේ අපිට අවුරුද්දක් කාපු කට්ටට හරියන්න ඩිපත් නැති වෙන්න වගේ! දැන් සර් මාධවට කියනවා මාධව ඔයා පේරාදෙණි ගිහින් ඒ ඩොකියුමන්ට් ටික හොයලා අහවල් සර්ට ඊ මේල් කරන්නලු! මරු! ගුරුවරු කරන වැරදි වලට මාධවටලම තමයි කෙලවෙන්නේ! දැන් මාධව දවසක් තමන්ගේ කාලේ නාස්ති කර ගනින්කෝ ඕකට! ඉතිං මාධව අද ඩිපේ වෙන එකෙක්ට, ඉක්මණට ටෙක් එකට යන්න පුලුවන් කෙනෙක්ට කෝල් කරලා වැඩේ කිව්වා! ඒකි හෙට හරියට වැඩේ කලොත් හොදයි! නැත්තම් නම්.......  (බළධාරියා විසින් කපන ලදී)

ඒ අස්සේ රස්සාවක් ගැන අඩ අඩ ඉදපු මාධවට ජොබ් නෙට් එකෙන් කෝල් කරලා “සොෆ්ට්වෙයා ඇන්ඩ් වෙබ් ඩිවලොපින් වලට ජොබ් ඇත“ පණිවිඩය දීලා දවසක් ගෙදර එද්දි! මේ කියද්දි ෆෝන් එකටත් කෙලවිලා ඉවරයි! ඉතිං සෙනසුරාදා මාධවට එන්න කියලා එහෙම අරවා මේවා විස්තර ටික දීලා තිබුනා! ඉතිං මාධව ගියා! මේ කියන එක තියෙන්නේ නුවර කිංග්ස්වුඩ් එක ළගමයි කිව්වා! ඇඩ්‍රස් එකත් මාධවට එයාලා දුන්නා! ඒ වගේම ජොබ් නෙට් එකෙන් කිව්වා කම්පැනිය හොයා ගන්න නම් ටිකක් අමාරු වේවි කියලා! කෝකටත් ගිහින් බලන්න කියලා! ඉතිං මාධව ගියා! ඉතිං ගිහින් ඒ ළග පාත ට්‍රැෆික් සාජන් කෙනෙක්ගෙන් ඇහුවා “කොහෙද සර් මේ ඇඩ්‍රස් එක??“

“ දන්නේ නෑ! ඉස්සරහින් අහලා බලන්න “

තවත් ඉස්සරහට ගියා! ඩිලයිට් බේකරියේ මුරකාරයාගෙන් ඇහුවා....

ටේලර් ෂොප් දෙක තුනකින් ඇහුවා!

එකෙක්වත් දන්නේ නෑ! දැන් පැය 1/2කට වැඩිය ඇවිද්දා! ඊට පස්සේ මාධව තීරණය කලා මේ ස්ථානයට කෝල් එකක් දෙන්න! ඉතිං ෆෝන් එකකුත් නැති නිසා කරන්න දෙයක් නෑ ගියා සීතා දේවි එක ළග තියන බොක්ස් එකකට! මෙන්න යකෝ කෝල් එක ගත්තම කියනවා.........


 “ ඔබ ඇමතූ අංකය භාවිතයේ නැත“


බඩුම තමයි! ඉතිං ආයේ මාධවගේ ගෙදරට කෝල් කරලා මාධවගේ තාත්තට කියලා හරියට නම්බරේ ඉල්ල ගත්තා! මාධව ඒ නම්බරේ කොලේක ලියලා තාත්තලට දීලා ආවේ! ඉතිං බලද්දි මාධව කතා කරපු නම්බරේ හරි! ආයෙත් කීප පාරක්ම අරන් බැලුවා! ඒත් ඒ බනේමයි කියන්නේ! ඉතිං කරන්න දෙයක් නෑ! ආයෙත් ඇවිද්දා! කිව්ව විදියටම කිංග්ස්වුඩ් ගුවන් පාලම ළග තියන හැම තැනකින්ම වගේ ඇහුවා! එකෙක් වත් දන්නේ නෑ! බැරිම තැන ආයේ බොක්ස් එකකට ගිහින් ආපේ නදීට කෝල් කරලා ජොබ් නෙට් එකේ නම්බර් එක ඉල්ල ගත්තා! ඒ කරලා ඒකට ගත්තම එකෙක් වත් උත්තර බදින්නේ නෑ! බලද්දි සෙනසුරාදා නිසා උං නිවාඩු!

ඉතිං මොනා කරන්නද! අකුලගෙන ආපහු ගෙදර ආවා! ඇවිත් කෝකටත් කියලා ආයෙත් අර කම්පැනියේ නම්බර් එකට ඩයල් කලා! මෙන්න (බළධාරියා විසින් කුණුහරුප ටික කපන ලදී) ෆෝන් එක වැඩ! ගෑනියෙක් ඒක ගත්තා! (ගෑනියෙක් කියන්නේ හිතේ තරහටමයි! ඇයි රෙද්ද (බළධාරියා විසින් කපන ලදී) උදේ ඕක වැඩ කලේ නැත්තේ! ) ඉතිං ඒ ගෑනිට කියන්න දෙයක් තියෙන්නත් එපායැ! ඉතිං මාධව කිව්වා මෙහෙමයි මං අද ඉන්ටර්වීව් ආවා! ඒත් තැන හොයා ගන්න බැරි උනා! අරකයි මේකයි! එහෙම කිව්වම මේ ගෑනි කියනවා හරි මිස්ට මාධව මං අහවල් සර්ට කියලා ආයෙත් දවසක් අරන් දෙන්නම් කියලා! මාධවට එපා වෙලා තිබ්බේ! ඉතිං මාධවට ඒ ගෑනි ආයේ කතා කලාට මාධව ගියේ නෑ!

ඒ මදිවට පෝස්ට් මාස්ටර් ඉල්ලා තිබ්බා! අපි ඒ ලෙවල් ෆේල් තමයි! ඒත් අපිට බැරිද? අපිට වැඩ බැරිද? ඒ ලෙවල් පාස් වෙච්ච එවුන් විතරද වැඩ කාරයෝ! අපි ෆේල් උනේ ඒ ලෙවල් විතරයි නම් අනික් මොන සුදුසුකම තිබුනත් ඒ රෙද්ද නැතිනම් අපිට ජොබ් වලංගු නෑ! එහෙමද? මාධවගේ අලුත්ම සිතුවිල්ල (හොද සිතුවිලි - බළධාරියා නිසා හොදයි ඌ සේරම කපනවනේ) තමයි මේ! මේක සමස්ත ක්‍රමයේ වැරැද්දක්! පාස් වෙච්ච එකාට පුලුවන් තමයි! ඌ දක්ෂයි තමයි! ඒත් ඒ වගේම ඒ ලෙවල් (මාධව දක්ෂයි කියනවා නෙමෙයි) ෆේල් වෙච්ච හැබැරි අර කිව්වා පාස් වෙලා රජවෙලා ඉන්න එවුන්ට වඩා දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඕන  තරම් ඉන්නවා! ඒ ලෙවල් විතරක් පාස් උනාට අදාල ෆීල්ඩ් වල කිසිම දෙයක් කර ගන්න බැරි මැටි හරක් (ඒ ලෙවල් පාස් වෙච්ච හැමෝම නෙමෙයි!) ටිකක් අරන් ඒ ලෙවල් ෆේල් වෙච්ච අදාල ෆීල්ඩ් එකේ ඉන්න දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ටික හලලා දාන්නේ ඇයි! ඒකෙන් වෙන්නේ දක්ෂ ගොඩක් පිරිස හැලිලා යන එක විතරයි! මේ කතාව හින්දා ඒ ලෙවල් පාස් වෙලා ඉන්න අයට හිත රිදුනනම් සමා වෙන්න! ඒත් මාධව දැකලා තියනවා! මාධව වැඩ කරලා තියනවා! මාධව එකට ඉගෙන ගෙන තියනවා! තමන් එක්ක සම ක්ෂේත්‍රෙය් වැඩ කරන පිරිස අතරින් මේ කියන්නා වගේ කට්ටිය ඕන තරම්! උන්ට ඒ ලෙවල් විතරක් නෙමෙයි හැම රෙද්දම තියනවා! ඒත් තමන්ට දෙන වැඩේ හරියට කරන්න බෑ! ඉතිං උං ඒ ලෙවල් නෙමෙයි මොන රෙද්ද පාස් වෙලා ආවත් වැඩක්ද?

ඉතිං ඒ අස්සේ මාධවගේ බයිසිකලේ ආයෙත් ලෙඩ වෙලා! මොන දේ නැතත් මාධව තමන්ගේ සයිකල් සවාරි යන්න ගොඩක් ආසයි! ඉතිං මාධව තමන් ගාව තිබුන සල්ලි ටිකක් හා අම්මලාගෙන් රු 500ක් ඉල්ල ගන්න තීරණය කලා සයිකලේ ෆුල් සර්විස් එකක් කරගන්න! අම්මලා සල්ලි දෙන්නම් කියපු නිසා මාධවට ඒ කාරනේ ගැන ටිකක් සහනයක් තියනවා! ඉතිං මේ මාධව සයිකලේ හදාගන්න + කරන් හිටිය සල්ලි ටික ගිය සතියේ වාෂ්ප උනා! ඒ කෙසේද යත්, මාධවගේ කම්පීටරේ මූසිකයා, එනම් මවුසයත් කෙල විලා ගියා! අවුරුදු 5කට වැඩි කාලයක් මාධවගේ සුරතේ රැදී සිටි මූසික මිතුරා යන්න ගියා! මාධවගේ පොකැට්ටුවටත් කෙලවමින්! ඉතිං දැන් මාධවට අම්මලගෙන් 1000ක්ම ඉල්ල ගන්න වෙලා! බයිසිකලේ හදා ගන්න! මොකද අලුත් මූසිකයා ගන්න අර සයිකලේ හදන්න + කරන් ඉදපු 500 වියදම් උනා! මේ කරදර වල නිමක් නෑ වගේ!!

තවත් කරදර! මොකට කියනවද! මාධවගේ නැන්දම්මට කේස් මාට්ටු! කේස් මාට්ටු වෙච්ච විදිය ගැන කියන්න ගියොත් මේ පෝස්ට් එකට කස්ටිය ජොලි කතාවක් කියලා ටික් කරයි! ඒ නිසා ඒක කියන්නේ නෑ! මූඩ් හොද තත්වෙකට ආවොත් ඒක ජොලි කතාවක් විදියට දාන්නම්! ඉතිං කේස් එක මාට්ටු වෙච්ච  නැන්දම්මා කෙල්ලට තර්ජනය කරලා වහාම මේක නවත්තනු කියලා! ඒකට නවත්තන්න හේතුවක් ලෙස කියන්න නැන්දම්මට කියන්න තියෙන්නේ එකම එක හේතුවයි! ඒත් කමක් නෑ! බලෙන් නැවැත්තුවට කමක් නෑ! කෙල්ල කිසිම කරදරයක් නැතුව ඉන්නවනම්! කෙල්ලට කිසිම දුකක් නැත්තම්! එයාලා කෙල්ලව ආදරෙන්  බලා ගන්නවනම්! ඒ කෙල්ලට මාධවව අමතක වෙලා යන තරම්ම! ඒත් ඇයි මේ අම්මලා තමන්ගේ දරුවා ගැන මේ තරම් ආදරේ වැඩි කමට තේරුම් නොගන්නේ! තමන් නොදැනුවත්වම මහා දුකක් තමන්ගේ දුවට දීලා කියලා! ජීවිත දෙකක්ම දුකට ඇදලා දාලා කියලා! කෙල්ලට කිසිම ප්‍රශ්නයක් නොවන ඒවා මේ අම්මලා ප්‍රශ්න කර ගන්නේ ඇයි කියලා මාධවට තේරුන් ගන්න බෑ! කමක් නෑ! කරන්න දෙයක් නෑ! ඒ කෙල්ල මාධව එක්ක ගොඩක් මේ ගැන කතා කලා! ඉතිං කරන්න දෙයක් නෑ! මාධව කිව්වා “ඔයා කැමති තීරණයක් ගන්න ** *** “ කියලා! ඉතිං එයා අම්මලා ගැන හිතලා තීරණයක් ගත්තා! කමක් නෑ! මාධව ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා! මාධව හා ඒ කෙල්ල අතරේ මොන මොන ප්‍රශ්න තිබුනත් දෙන්නා ගොඩක් ආදරෙන් හිටියේ! ඉතිං මේක දෙන්නටම ගොඩක් අමාරුයි දරාගන්න! ඒත් කරන්න දෙයක් නෑ! එයා ගත්ත තීරණයට මාධව ගරු කරලා එයාගෙන් ඈත් උනා! මාධව එයාට සුභ පතනවා! හැමදාම සතුටින් පරිස්සමින් හොදින් ඉන්න!! මේ මොනා උනත් මාධව හා ඒ කෙල්ල අතරේ තියන යාලු කම නම් අම්මලට නෙමෙයි මොකා ආවත් කඩන්න බෑ! මාධව හා ඒ කෙල්ල හොදම හොද යාලුවෝ! ඒක වෙනසක් නෑ! කවදාවත්! මොන දේ උනත්!

තව කියන්න කරදර ගොඩයි! කියන්න පුලුවන් දේවල් වගේම බැරි වලුත්! ඉතිං මොනා කරන්නද! එන විදියට මූන දෙනවා මිසක් ඒවයින් පැනලා යන සිරිතක් මාධවගේ නෑ............!

ඉතිං කරදර මැද උනත් ජීවිතේ ගෙවාගෙන යන්න පුලුවන් තරම් මාධවගේ හිතට හයියක් ඇති!! මාධව කවදාවත් කරදර නිසා වැටිලා නෑ!! වැටෙන්න ගියත් කොහොම හරි නැගිට්ටා! බලමු!!! මේ පාරත් මාධව ඒ වගේම නොවැටී සිටීද කියලා!! රේස් එකක විදියට යන මේ ගමනේදී..............

8 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ හැතුවක් ඇතුව බං!එන බොලේට බැට් කරපන් ඔලුව කෙලින් තියන්!ජය වේවා!

    ReplyDelete
  2. එල කොලලෙක්නෙ. සදා ජය වේවා!

    ReplyDelete
  3. මාධවගේ කතාවක් කියවන්න මාධව ආව. :)
    ප්‍රශ්න කියන්නෙ මිනිස්සුන්ට එන ඒව, ප්‍රශ්න වලට බය නැතිව මුහුණ දෙන්න. ජය ගන්න පුළුවන්.

    ReplyDelete
  4. @ sabith - thankX machan 4 u'r comment! try karanawa hodata bat karanna! eeth boole daga kawenawa wadie bn! :(

    @ ano - thankX

    @ habara - kiyala wadak naa bn! minissuntamai oya hama ?ema! mm K!K! thankX 4 da comment!

    ReplyDelete
  5. මම මීට වසර දෙහෙකට උඩදී ගත්ත චීන ෆෝන් එක දුකින් වුනත් භාවිතයෙන් ඉවත් කරලා දැම්මා .ඒ වෙනුවට මගේ අලුත් බාරී වුණේ සැම්සුන් ෆෝන් රජෙක් . පුන්චි රු 7000ක

    උඹ වගේම මගේ බයික්කෙත් ලෙඩ දෙන්න ගත්තා ඒක විකුනලා අලුත් එකක් ගන්න හිටියත් විකුනපු සල්ලි ටික වියම් වෙලා ගියා බයික් එකක් නම් මගේ ජීවිතේට ගොඩාක් දුරින් ඉන්නේ . මම ඉතින් බසයේ ගමන් යන්න පටන් ගත්තා

    ඔය මොනදේ නැතත් බං මගෙත් ලවු එක නම් තාම පන පිටින් .. මොනා නැතත් ඒක තියෙන්ඩ එපෑ බං

    මචෝ කරදර වුණත් මැද විඳපන් ජීවිතේ ..

    ReplyDelete
  6. @sandaruu - uben thamai bn jivithee vidina hati egena ganna puluwan! mm :) man ube blog 1 paththe dan hamadama yanawa! mm :) ee katha wala thiyana aththa gathiya mage bokkatama waduna! mona unath bn math katta kaagena inna godak try karanawa! uba wagema maath gamen aapu ekek! kawadawath gama daala yanne nathi gamata adare ekek! mm :)

    thankX comment 1ta!

    man puluwan widiyata hamadeema iwasan inne bn! eeth dan madhawagee hitha kaali kaali walata kadila gihin! :(

    ReplyDelete
  7. ට්‍රී ෆෝලන් මෑන්ස් ට බුල් ඇන්න වගේ

    ReplyDelete
Previous Post Next Post

Contact Form