Posts

Showing posts from October, 2011

ආදරයේ පිස්සු සිත.....................

Image
නිසංසල සිත චංචල කල නිදි බරැති දෙනෙත්..............
ආයෙත් ඒ නෙත් සගලේ ගිලෙන්නට බෑ.............
ඒ දෙනෙත් ඈත් උනා නොවේ........
ඒ දෙනෙත් ඈත් කලා................


ආදරණීය සිතක පිස්සුව..............
නෙත් සොයා හඹා යාවි...................
නොළැඹෙන බව දැන දැනම..............
ඈත් කලා වූ නිදිබර දෙනෙත් යුග...................


සොයා ගත් මතු දිනක ඒ දෙනෙත් යුග යලිත්.............
හිස් බැල්මෙන් බලා සිටීවී.............
උණු කදුලු උතුරන දෑස් සමගින්............
බලයෙන් අන් සතු කල දෙනෙත් යුග දෙස............


ආදරයේ පිස්සු සිතකට............
බලයෙන් අහිමි කල දෙනෙත්...............
නිසා ඇතිවූ සිතක ශෝකය..............
ආදරයේ පිස්සු සිත කුඩු පට්ටම් කරාවි...........

මේ සීතලම සීත රාත්‍රියේ........................

Image
නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මට අහිමි නුඹේ උණුසුම් සුසුම් ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙතොලට අහිමි නුඹේ රෝස දෙතොල් ගැන............
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙකොපුල් වලට අහිමි නුඹේ සුදු දෙකොපුල් ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෑතට අහිමි නුඹේ කඩිසර පුංචි දෑගිලි ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
ම…

විකාර වී ගිය සිතුවිලි වල......... නෑ මාධව වැටෙන්නේ නෑ.........

Image
නටඹුන් වීගෙන යන ආදරයක සිතුවිලි තුල මාධව අතරමං වෙලා ගිහින්! කිසි දෙයක් ගැන හිතක් නෑ! චුට්ට චුට්ට ඇතිවන කළකිරීම එක්ක හැමදේම එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! හැමකෙනෙක්ම දුරස් වෙලා වගේ දැනෙනවා! ජීවිතයේ ලැබුනු ලස්සනම ආදරය මාධවටත් නොදැනීම මාධවගේ හිතින් ඉවත් වෙන එක මාධවට දරා ගන්නම බෑ! මේක තනිකරම ආත්මාර්තකාමී ලියවිල්ලක් වේවි! මාධව ඈ ගැන නොසිතා, ඇගේ හිත ගැන නොසිතා ලියන තනිකරම ආත්මාර්තකාමී ලිවිල්ලක් මේක. ඇගේ දුක ගැන නොසිතා ලියන තනිකරම ආත්මාර්තකාමී ලිපියක්! ඉතිං මාධව ඉස්සර වගේම තනිවෙච්ච ජීවිතය තුලට ආයෙමත් ඇවිල්ලා කියලා මාධවට හිතෙනවා! මාධවට එහෙම දැනෙනවා! තනිවෙච්ච වෙලාවටම මාධවට එහෙම දැනුනේ ඇයි? ආදරය තුල තනිකමට ඉඩක් නැති නිසා වෙන්න ඇති.......


වෙනස් වන සිතුවිලි වල වෙනස වටහා ගන්න අමාරුයි. හිතට ඒක මහා බරක් වෙලා. වෙනස් වන සිතුවිල්ලක මහා බර! මාධව ආයෙත් පුරුදු වෙන්න පටන් අරන්! කන් අඩි පැලෙන්න ඇහෙන ගිරිය යටින් බෙරිහන් දෙන සිංදු වල පිහිට! අබිං වලට ඇබ්බැහි උනා වගේම ඇබ්බැහි වෙලා ආයෙත්! ආදරේ කරද්දි හිතේ පතුලටම වෙනකල් තිබුන නිවුන ගතිය නැතිවෙලා ගිහින් වගේ! වෛරයක චායාවක්වත්, වෛර සිතක අංශු මාත්‍රයක්වත් නැති සිතක…

විසිරුණු සිතක නොවිසිරුනු ආදරය....................

Image
ආදරය ඉවරයි....................
ඉවර නැත්තේ කඳුලු විතරයි....................
කම්මුල් රත් කරං ගලං යන උණු කඳුලු විතරක් දන්න දුක....................

ආදරයේ දුක....................
ආදරේ මිමිනූ මියුරු ස්වරය ආයෙත් ඇහෙන්නේ නෑ....................
සිප ගත්ත තෙත් දෙතොල් වල සැනසුම ආයේ ලබන්න නෑ....................
සිප ගත්ත නලලතේ උණුසුම තවත් වරක් විදින්න බෑ...................
සිප ගත්තු පිරුණු කම්බුල් වල රත් පැහැය ආයේ දකින්න නෑ....................
සිනිදු කෙස් වැටියේ දැවටෙන්න ලං වෙන්න බෑ....................
ආදරෙන් උණුසුමට තුරුලු කර ගන්න ආයෙත් බෑ....................
එකට පටලවාගත් අතැගිලි ඈත් වෙලා ගිහින්....................
නිදි බර දෑස් වල පිරුණු හැගුම් යන්න ගිහින්....................
සිතක වූ ආදරය පැරදිලා....................
කෑලි කැඩුනු කුඩු පට්ටම් වෙලා ගිය හිතක සිතුවිලි....................
ඒත් ඒ හිතේ තියන ආදරේ කුඩු පට්ටම් වෙලා කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා නෑ තාමත්....................

                                                                                                                               මාධව.....…

තවත් නිකම්ම නිකං මාධවගේ කථාවක්........

Image
තවත් කරදර! මාධවගේ ජීවිතේ තවත් කරදර! මාධව ගොඩක් කරදර විදින්න පටන් ගත්ත කාලයක් මේ! මේ කරදර නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! මේ වගේ කාලයක් මීට කලින් මාධවට ඇති වෙලා නැතුව ඇති. ඉතිං මාධවට හිතුනා ඒ කරදර ටිකත් මේ පෝස්ට් එකේ දාන්න! ඇඩියාව කියලා හිතන්න එපා! තවත් කොල්ලෙක් තමන්ගේ හිතේ තියන කරදර ටික මෙතන කොටලා දාලා හිතේ බර ටිකක් අඩු කර ගන්න ට්‍රයි කරන බව මතක තියා ගන්න.

මේකෙදි මාධව කරදර ලිස්ට් කරන්නේ නෑ! කලින් පෝස්ට් එකේ වගේ කරදර ලිස්ට් කරන්නේ නෑ! ඒත් විස්තරේ කොටාගෙන යන්නම්! ඇති වෙනකල්ම! හිතට ඇතියි කියලා හිතෙනකල්ම. ඉතිං අහපල්ලකෝ!

මේ දවස් වල කිසිම සුගතියක් නෑ! මාධව කලින් පෝස්ට් එකේ කිව්වනේ ෆෝන් එකක් ගන්න ඕනැයි කියලා! ඒ දැනට තිබ්බ ෆෝන් එක තියෙද්දිමයි! ඒ කියන්නේ මාධවට වෙන සිම් එකක් පාවිච්චි තරන්න ඕනි නිසා තවත් ෆෝන් එකක් ගන්නයි ඕනි උනේ! මොකද මාධව කවදාවත් ඩුවල් සිම් ෆෝන් නම් නිකං දුන්නත් ගන්න එකෙක් නෙමෙයි! ඒ නිසාමයි මාධවට අලුත් එකක් ගන්න උවමනාව තිබ්බේ! ඒත් කරුමෙක මහත! කෙලවීම මේ යැයි කියන්නා වගේ තිබ්බ ෆෝන් එකටත් බඩු හම්බුනා! ඒකත් කෙලවිලා ගියා! ඒක උනේ මෙහෙමයි! මාධව ගියා ඉලව් ගෙදරක.…