අහන් ඉන්න.. අහගෙන ඉන්න...


මේක මං ලියන්නේ නිකං! කිසි හේතුවක් නෑ! හැමදේම ගැන කළකිරීමක් තියන වෙලාවක. ඉතිං හිතේ තියන ගොඩක් දේවල් එළියට දාන්න, තවත් හිතේ තියාන හිතේ හිර කරන් ඉන්න දේවල් වලට නිදහසක් දෙන්න හිතුන වෙලාවක මං මේක කොටන්නේ! ඉතිං මං පටන් ගන්නවා. දැන් දවස් දෙක තුනක් ඉදලම මාධවගේ හිතේ තියන කරදර වල කතාන්දර ටික.....




ඉතිං දැන් ටික දවසක් ඉදලම කිසිම නිවිච්ච කමක් මාධවගේ හිතේ නෑ. හැමදේම මාධවගේ ඔලුව ඇතුලේ හිරවෙලා මාධවට ගොඩක් වද දෙනවා. ඒ මොනාද? මොනාද මේ තරම් මාධවට වද දෙන දේවල්! මෙන්න ලිස්ට් එකක්ම( අපි හැමෝටම පොදු දේවල් තමයි ඉතිං!)

1. රස්සාවක් - විරැකියාව. ගෙදරට වෙලා නිකං කකා බිබී ඉදලා එපා වෙලා!

2. අතට සල්ලි -  ගෙදරින් හැමදාම ඉල්ලන්න බෑ.....

3. චීත්තයක් -  හිතේ තියන දේ කියාගන්න විදියක් නෑ. ඒත් කොහොම හරි කියා ගත්තොත් මාධවට ප්‍රශ්න ගොඩයි.(කිව්වත් නසී නැතත් නසී...)

4. ලැපක් - ඕනිමයි! ක්ලාස් එකේ වැඩට ගොඩක් ගොඩක් ඕනි! ඒත් ගන්න සල්ලි නෑ! ගෙදරින් ඉල්ලන්න බෑ!!

5. නිව් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් - අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, ඒකත් ඉල්ලන්න බෑ!දැනටම එන බිල් ටික හොදටම ඇති.

6.ෆෝන් එකක් -  ගන්න සල්ලි නෑ! ගෙදරින් ඉල්ලන්නත් බෑ!

තව තව දේවල් තිබුනත් මේ ටික ප්‍රධානයි! ඒකෙනුත් 1 හා 2 තමයි ගොඩක්ම වැදගත්! ඒ දෙක හරි ගියානම් අනික්වා කිසි දෙයක් එපා මාධවට.ඒත්  ඇත්තටම මාධවට හීනෙනුත් පේන්නේ ලැප්ටොප් මේ දවස් වල! ඒ වගේම අර චීත්තෙත් හීනෙන් පේනවා. මේ සේරම ඇහැරිලා ඉන්න වෙලාව මදිද මංදා මාධවට වද දෙන්න නිදා ගන්න වෙලාවට හීනෙනුත් ඇවිත් වද දෙනවා.........

අද උදේම නිදි මතේම( මාධවට හොදට මතකයි) දැක්කා හීනයක්. ආ ඒකට කලින් පෙරේදත් දැක්කා තව හීනයක්! මාධවට හීන එපා වෙලා! ඒත් පේන එකට මොනා කරන්නද? මේ දැක්ක හීන දෙකත් විස්තර කරලම ඉන්නම්කෝ! මෙන්න මේකයි මාධව පෙරේදා රෑ නින්දෙදි දැක්ක හීනේ........

මාධවට ලැපක් අරං දෙන්න කියලා ගෙදරට කෝල් කරනවා මාධවගේ ක්ලාස් එකේ සර්! ඉතිං මාධවට ගෙදර කස්ටිය ASUS core i3 එකක්ම අරන් දෙනවා.ඔන්න ඔකයි හීනේ. මාධව ඇහැරිලා බැලුවා මේ දැක්කේ හීනයක්ද නැත්තන් ඒක ඇත්තක්ද කියලා! ඒ තරම්ම මේක මාධවගෙ හිතට වැදුනා. ඒත් ඒක හීනයක්නේ! ඉතිං මාධව ඒ හීනේ ගෙදර අයට කිව්වේ නෑ. මාධවට ලැපක් කොච්චර ඕනි උනත් මාධව ගෙදරින් ඒකක් ඉල්ලන්නෙ නම් නෑ නෑ නෑ නෑ නෑමයි...

මාධවට මේ හීනේ පේන්න හේතු දෙකක් තිබුනා. එකක් තමයි මාධවගේ ක්ලාස් එකේ අයියා කෙනෙක් එදා ලැපක් ගෙනත් තිබ්බා. ඒක ACER i3 එකක්! ඒක දැකපු මාධව ඒක ටිකක් ලෙව කාලා බැලුවා. ACER කියන්නෙ මාධවට අරහංම ජාතියක් උනාට මේක පොරගේ හිතට ඇල්ලුවා. ඒක කීයද කියලා අහපුවම ගත්ත එකා කිව්වා මේකක් දැං 50කට ගන්න පුලුවන් බං කියලා! ෂා! මාධවට හිතුනා. ඒත් ටික වෙලාවයි! සල්ලි නෑ කියලා මතක් උනාම දුකයි! අනික් හේතුව තමයි ගෙදර ඇවිත් හිට් ඇඩ් -  HIT AD එක බලපුවම ඒකේ තියනවා හීනෙන් දැක්කා කිව්ව ASUS core i3 එක 42000ට ශීෂ්‍යයන්ට දෙනවා කියලා! ටෙක් zoon එකෙන් තමයි ඇඩ් එක දාලා තිබ්බේ! මාධවට අදහන්නත් බෑ! ඉතිං එදා රෑ තමයි මාධවට ගෙදර අය ASUS core i3 එකක් අරන් දෙන කේස් එකක් හීනෙන් දැක්කේ!


මෙන්න අනික් හීනය! අර මුලින් කිව්ව චීත්තය හා මාධව ආයෙත් කාලෙකට පස්සේ සෙට් වෙලා ඉන්නවා හීනෙන් දැක්කා! ඒ කිව්වේ පරණ ක්ලාස් එකකට දෙන්නම ආයෙත් ගිහින් ඉන්නවා! ඉතිං ඒ හීනේ ගොඩක් දේවල් උනාට (නරක දේවල් හෝ වල් දේවල් නෙමයි) ඒවා මෙතන කියන්න හදන්නේ නෑ මාධව. හීනේ අන්තිම ටිකේ එයා මාධවත් එක්ක ඉස්සර වගේම ලගින් ඉදං වැඩ! දෙන්නම! ඔහොම ඉන්නකොට....

ඒ කෙල්ල හීන් හඩින් මාධව ලගින්ම ඉදන් මුමුනනවා (ඒ මොහොත ඇත්තටම ගොඩක් ආදරණීයයි................)

අහන් ඉන්න.. අහගෙන ඉන්න... මගෙ හිත.....  මොනවද...... මුමුනනවා..........!
අහන් ඉන්න.. අහගෙන ඉන්න... මගෙ හිත.....  මොනවද...... මුමුනනවා..........!!

යකෝ මාර වැඩක්. මේ කියන චීත්තේ මේ සිංදුව අහලත් නැතුව ඇති.............

මාධවට හීනෙන් එහෙම හිතුනා. ඇත්තටම......!

ඉතිං මෙහෙම ටික වෙලාවකින් එයත් එක්කම ළගින් ඉන්නකොට මාධවත් මේක (මාධව සිංදු කිව්වොත් ඉතිං හීනෙන් තමයි. කවදාවත් ඇත්ත ජීවිතයේදී මාධව සිංදු කියන්නේ නෑ) කියන්න පටන් ගත්තා. හැබැයි කෙල්ල කිව්වා වගේ ක්ලැසික් විදියට හීන් හඩින් නෙමෙයි. ඉන්ද්‍රචාප මහත්මයා කියන විදියටම රොක් ස්ටයිල්(මාධවත් රොක් ස්ටයිල් ප්ලේ කරන කෙනෙක්නේ!) එකට!

අහන් ඉන්නා...හ්! අහගෙනා...හ්!  ඉන්නා... හ්!... මගෙ හිත.... මොනවද... හ් ..... මුමු... නනවා.....හ්!

මාධව ඒක හීනෙන් හරි කිව්වේ ඒ කෙල්ල ගැන මාධවගේ හිතේ තියන සියලුම හැගීම් එක්ක තමයි. රොක් කියන්නේ ආවේග ශීලී විදියට හැගීම් පිට කරන සංගීත ශිල්පීය ක්‍රමයක්නේ!

ඒක කියලා ඉවර වෙද්දිම මාධවට නින්දෙං ඇහැරුණා. ළග තිබ්බ ෆෝන් එක අරං වෙලාව බැලුවා. වෙලාව 10.30යි. අහ්! මාධව ආයෙත් ඔලුව කොට්ටෙට තද කර ගත්තා! මාධවට ඒ හීනය ආයෙත් දකින්න ඕනි. එයත් එක්ක ඉස්සර වගේම තව පාරක් එකතු වෙලා වැඩ කරන්න ගොඩක් ඕනි මාධවට.....!!

ඇත්තටම ඇයි මාධවට ඒ හීනෙදි මේ සිංදුවම මතක් වෙන්න ඇත්තේ! ඒකට හේතුව මාධවට ඒ සිංදුව හම්බුනේ මේ හීනේ දකින්න කලින් දවසේ රෑ. මේකෙ ඔරිජිනල් එක කියන්නේ “ඉන්ද්‍රචාප ලියනගේ“ මහත්මයා කියලා කවුරුත් දන්නවනේ! ඒක මාධව අහලා තිබ්බා කලින්. ඒත් මේ පාර මේ මාධවට හම්බුන එක කියන්නේ “මේකලා“ කියලා ගායිකාවක්. ඒ කෙල්ලගේ කඩ හඩ මාර ප්‍රභල හැගීම් දනවන සුලුයි! ඉතිං ඒ සිංදුව අහපු ගමන් මාධවට ගොඩක් හිතට වැදුනා. මේ ලියන ගමනුත් ඒ සිංදුව අහගෙන තමයි මේ ලියන්නේ!. ඒ තරම්ම දැං මාධව ඒ සිංදුවට කැමතියි . ඉතිං ඒක තමයි මාධවට හීනෙන් මේ සිංදුවම ඇහෙන්න හේතුව වෙන්න ඇත්තේ! අනික මේ කියන චීත්තේ හා මාධව අතර කනෙක්ෂන් එක දැන් ගොඩ දවසක ඉදලා අඩු වෙලා නැත්තටම නැත්තටම නෑ වගේ තියෙන්නේ. ඉතිං ඒක නිසාත් මාධව ගොඩක් අවුලෙන් ඉන්නේ! ඉතිං ඔය කියන කාරණා ටිකත් මාධවට මේ හීනය පේන්න  හේතු වෙන්න ඇති කියලා මාධවට හිතෙනවා.............

මේ මොක උනත් හැම එකටම වඩා ප්‍රධානම ප්‍රශ්නේ තමයි රස්සාවක් නැතිකම.ඇත්තටම මාධවට රස්සාවක් ලබා ගැනීම ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි! ඒකට හේතුව අධ්‍යාපනය මදි කමම නෙමෙයි. වෙනත් පුද්ගලික හේතු! මාධව “ ඊ - විස් “ එකේ ඉන්ටර්වීව් එ‍කෙනුත් කැපෙන්න ඒකත් එක හේතුවක් කියලා මාධවට වෙලාවකට හිතෙනවා. කොහොම කොහොම හරි මාධවට දැන් රැකියාවක් ඕනි! දන්න දන්න හැම තැනටම කියලා තියෙද්දි, හම්බෙන හම්බෙන හැම එකටත් දාලා තියෙද්දි එකක්වත් කෝල් කරන්නෙත් නැති කොට හොදටම හිත නරක් වෙලා මාධවගේ මේ වෙනකොට. අතු ගාන්න හරි කමක් නෑ! කතා කරපල්ලා! ඒකටවත් නෑ! අන්තිමට දැන් මාධවට හිතෙනවා හොර පාරෙන් මොකක් හරි රස්සාවකට යන්නවත්! අවංකව හොයලා ඇති වෙලා. ඒ නැත්තන් හොර පාරෙන් ඉතාලි යන්න වත්..................


ඉතිං මේ දවස් වල මාධව ගෙදරට වෙලා වල බැහැගෙන (පට්ට නරක් වෙවී) ඉන්නවා. හවසට වැස්සේ නැත්තං විතරක් බයිසිකල් සවාරියක් යනවා. අද නම් ඒකත් බෑ වැස්ස පටන් ගන්න යන්නේ. ඉතිං ඒ අස්සේ ඊයේ උදේ ටවුමට ගිහින් ආවට පස්සේ මාධවට හොදටම නිදි මතක් ආවා! ඒ ඇයි මංදා! ඉතිං මාධව ටිකක් ඇල වෙන්න හදද්දිම කවුරු හරි එකෙක් ගෙදරට ඇවිත් බෙල් කරනවා. ඉතිං වදේ! වැනි වැනී ගිහින් දොර අරිනවා. එකෙක් ගියාට පස්සේ එකෙක්! ඉතිං ඔහොම ඔහොම එපාම වෙලා අන්තිමට දොර ඇරලා එලියට වෙලා වාඩි වෙලා, නිකං හරියට කුඩ්ඩෙක් බිම වාඩි වෙලා ඉන්නවා වගේම ඉන්නකොට ලොකු නැන්දා ආවා! ඉතිං ලොකු නැන්දා එක පාරට ඇහුවා මොකද මේ බීලා වගේ කියලා! ඉතිං මාධව ගත් කටටම කිව්වා ඔව් පොඩ්ඩක් ටවුමෙන් අනුමත වෙලා ආවේ! ඒ මදිවට එ*සි පොඩ්ඩකුත් භාවිතා කලා කියලා බොරුවට දිව ටිකක් එලියට ඇදලා පෙන්නුවා. නැන්දා අහනවා මොනාද මේ එ*සි කියන්නේ කියලා! මාධව විස්තර කරලා කියලා දුන්නට පස්සේ ඉතිං නැන්දට පුදුමයි! ඉතිං මාධවට හොදට බඩු දාපු චරිතයට ආවේශ වෙන්න පුලුවන් නිසා තවත් හොදට රගපෑම ත්‍රීව කරාට පස්සේ නැන්දා ගෙදර ගියේ මාධවට මත බහින්න සීනි වැඩියෙන් දාපු තේ එකකුත් හදලා දීලයි................!!


ඉතිං ඔහොම ඔහොම නිකං කාලේ කකා ගෙදරට වෙලා ක්ලාස් එකේ වැඩ විතරක් කරං ඉන්න එක මාධවට දැං එපා වෙලා! ඒත් ඉතිං අපිට කවුද ජොබ් දෙන්නේ! ඔන්න එහොම තමයි මේ ටිකේ මාධවගේ කාලේ ගෙවෙන්නේ! දුකසේ! හරියට කව්දෝ දෙයියෙක් කාලයක් බට කොල කාපු කාලේ වගේ ගෙවෙන්නේ මාධවගේ මේ කාලේ අනේ අනිච්චං....................!!

ඒ අතර මේකත් (හිතේ තියන අවුලක් නිසාම) මෙතන දාන්න ඕනි කියලා මාධවට හිතෙනවා. මේක මාධව ගොඩක්ම කැමතිම සිංදුවේ පුංචි කොටසක්.......


“ අද හීතල වැහි බිදු නාපැයි මා, මට සෙවන දෙන්න ඔබ ලග නෑ.... මේ වැහි බිදු ඒ ගැන දන්නෑ.....! “



----------------------------------------------------------------------------------------------

ප.ලි -  ඒ අස්සේ බ්ලොග් පෝස්ට් එක කොට කොට ඉන්න කොට දැන් මාධවගේ අම්මත් මාධවගේ පතුරු අරිනවා. මේ ටිකේ කිසි කෙනෙක් මාධවගේ හැගීම් වල තියන දුක තේරුන් ගන්නේ නෑ වගේ...........................!!

ප.ලි - මාධව කිසි දිනක කිසිම ආකාරයේ මත් ද්‍රව්‍යයක් භාවිතා කර නැති බව සලකන්න! එමෙන්න ඔහු ඉදිරියටත් කිසිම දිනක මත් ද්‍රව්‍ය භාවිතා නොකරන බවද මතක තබා ගන්න!!!

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ජීවිතේ ඔහොම තමයි.. කඳු පල්ලම් ගොඩාක් තියෙනව.. වැටෙන්නෙ නැතුව අල්ලගෙන ඉන්න.. කවදහරි අපිට අපෙ සේරම හීන හැබෑකරගන්න චාන්ස් එකක් එනව.. එතකන් අල්ල ගෙන ඉන්න.. හීන දකින්න දකින්න තමයි අපි ට්‍රයි කරන්නෙ ඒ හීන පස්සෙ දුවන්න ..

    ReplyDelete
  2. මටත් උඹට තියෙන ප්‍රශ්න වලින් බහුතරයක් තියෙනවා මචං.

    ReplyDelete
  3. weni - ඇත්ත සහෝදරයා! ඇත්ත! මේක දැන් රේස් එකක්!


    blog gadol - ඒ සියල්ල හරියන්න කියලා wish කරන්නම්!

    මාධව මේ සිංදුව පුරුදු වූ බව කියන්නට කැමතියි! මාධවට දැන් “අහන් ඉන්න“ ගීතය කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න පුලුවන්!

    ReplyDelete
  4. ඔය ප්‍රශ්න මටත් තියෙනවා මචං මට රස්සවක් තියනවා ඒත් පඩිය අතේ ඇඟිලි ගානට අඩුයි ඒක නිසා හැමදාඅමත් ණයයි ..

    ReplyDelete
Previous Post Next Post

Contact Form