Posts

Showing posts from September, 2011

කෑම නිසා ඉල්ලන් කෑම ඇතුලු තවත් ටෙක් කතා......

Image
මෙන්න බොලව් තවත් ටෙක් කතා ටිකක්! කියවන එවුන් කියවපල්ලා! කියවන්න බැරි එවුනුත් කියවපල්ලා. මං පටන් ගන්නම්කෝ කතා ටිකක්! මේවත් නුවර ටෙක් එකේදිම වෙච්ච ඒවා තමයි. මෙතන කෑම සම්බන්ධ කතා ගොඩක් තියනවා... ඉතිං කියවලා බලන්නකෝ...

ඔන්න ඉතිං පුරුදු පරිදි නුවර ටෙක් ජීවිතේ ගෙවීගෙන යනවා. අපි ඉතිං විනෝදෙන් අපේ ඉගෙනීමේ වැඩත් කරගෙන පුරුදු පරිදි පිස්සුත් කෙල කෙල ඉන්නවා. ඉතිං ඔය අතරේ සිද්ධ වෙච්ච ජර මර ටිකක් තමයි මේ....
මං මේ ටෙක් එකට ගිය මුල් දවස් වල ටෙක් එක එතන පටන් ගත්ත අලුතම නිසා හරියට කෑම බීම කන්න තැනක් තිබ්බෙ නෑ(විවේක කාමරයක් වගේ එකක්). ඉතිං අපි කෑම කෑවේ නිකං බංකුවක් උඩ තියාන බත් පාර්සල් දිගෑරගෙන.....ඉතිං මට මේ කෑම කෑමේ විදිය එපා උනා. මට විතරක් නෙමෙයි අනික් 3දෙනාටත් එපා වෙලා තිබ්බේ. ඉතිං අපි ඹහොම එපා වීම නිසා දවසක් දෙකක් මැඩම්ට හොරෙන් (මැඩම් කැමති නෑ අපි එහෙම පහලට ගිහින් කනවට.. ) පහල කිඹුලගෙ කඩේට ගියා කෑම කන්න! ඒත් ඒක කරන්න උනේ ටික දවසයි. මෙන්න එක දවසක් කිඹුලා තගක් දැම්මා. ආයේ මේ කඩේට පිටින් පාර්සල් ගෙනත් කන්න තහනම්.. 
 " නෙද............................ කින් හැළ කිඹුලා..!! "
 ඉතිං අපි අකුලගෙන …

ලොලීටා................ 06 - බස් නැවතුමේ සොදුරී

Image
ඔන්න මිතුරනි ඇත්ත ආදර කතාවේ තවත් කොටසක් අකුරු කරන්නයි මේ ඉඩ කඩ මං අර ගන්නේ. මේ කතාව පුරාවටම තියෙන්නේ නිකංම නිකං ඇසට හසුවුන සිද්ධි ටිකක් කියලා හිතන්න එපා. මේක ඇත්තම ආදරයක කතාව. කිසිම ආදරයක් බලාපොරොත්තු නොවන ආදරවන්තයෙක් ලියන ඇත්ත ආදර කතාව. ඇත්තටම මේක පුරාවටම තිබුනේ අහඹු ඇස් ගැටීම් විතරයි තමයි කොල්ලනේ. ඒත් ඒ අහඹු ඇස් ගැටීම් එකක් මට ලෝකයක් වටිනවා කියලා තේරුන් ගනිල්ලා! ඒක තමයි කොල්ලනේ ආදරය. කිසි දිනක සුන්දර සෙව්වන්දිය තේරුන් නොගන්නා හදවතක ආදරය. ඉතිං කියවපල්ලා ආයෙත්. තවත් කොටසක් මේ පුංචි ආදර කතාවේ.....

බස් නැවතුමේ මං ඇය දුටුවා. මං ඒ පිළිබද උඹලට කිව්වා නේද? මං ඇය ගැන හැම පුංචි දෙයක්ම මේ බ්ලොග් එකේ මේ කතාවේ කියන්නට ඕනි කියලා හිතෙන්නේ ඇයි දන්නෙ නෑ. ඒත් මං කියනවා. මට හිතෙන හැම දෙයක්ම. මගේ පුංචි සෙව්වන්දිය ගැන මගේ ලොලීටා ගැන මං වින්ද හැම දෙයක්ම. ඒ මොනවා කිව්වත් මං තාම කිව්වේ නෑ උඹලට මගේ හා ඇයගේ පළමු හමුවීමේ කතාව. මං ඒක කියන්න ඕනිද? එය කියන්නට මට හිත දෙන්නේ නෑ. හේතු රහිතව. ඒ නිසා මං තව දුරටත් ඒ ගැන සිතන්නට ඕනි. ඒ නිසා එය කීමට කල් දෙන්න. මාධවට ආද‍රය දැනුනු පළමු දිනයේ කතාව කීමට. ටිකක් කල්! සමහර වි…

ලොලීටා................ 05 - වැහි බිංදු අතුරින්

Image
ඉතින් මිත්‍රවරුනි ඔන්න මං මේ කතාවේ තවත් ටිකක් ලියන්න පටන් ගන්නම්! මගේ පුංචි ලොලීටා හෙවත් සෙව්වන්දියකට කළ ප්‍රේමයේ කතාව. ඇත්ත ආදරයක කතාව.  එක හදවතක විතරක් ඇතිවෙච්ච ආදරයක කතාව. ඉතිං අහපල්ලා තවත් කොටසක්. එක් දවසක මහ මග යනෙන විට තවත් අහඹු හමුවීමක සිදුවීමක්, තවත් අහඹු හමුවීමක්. මේක තවත් පිස්සු විස්තරයක් කියලා හිතන්න එපා කරුණාකර. ඇත්ත ආදරයක තත්පර ගණනක සිදුවීම් ගැන අකුරු කරන රචනාව මේ. කියවපල්ලා. තේරුන් ගන්න බලපල්ලා මේ හිතේ කොච්චර ආදරයක් තිබ්බද කියලා ඈ ගැන.................

කලින් කී ඉරිදා සිද්ධවෙච්ච හමුවීමේදී ඇතිවෙච්ච දුක් සිතුවිලි මං ආයෙත් කියන්න යන්නේ නෑ. ඒත් මට ඒ සිතුවිලි අමතක කරන්න බැරි උනා. මං ඒ දුක් එක්ක ජීවත් උනා. බලාපොරොත්තු රහිත ආදරයක් වෙලා මගේ ලොලීටා. කිසි බලාපොරොත්තුවක් තියා ගන්න මට දැන් බෑ. ඇගේ ඇස් වලින් මට ඒ ඉගිය ඒකි එදා මට දුන්නා. ඉතිං මට තවත් ඒකි ගැන බලාපොරොත්තු මත්තෙ මැරෙන්න බෑ.ඒකි ගැන ආදරේ බලාපොරොත්තු මාව තවත් දුකකට ලං කරන එක විතරයි වෙන්නේ. මං වටහා ගත්තා. මං මේ සිහිනයෙන් මිදිය යුතුයි. ඒ සිතුවිල්ල, එනම් මං සිහින වලින් මිදිය යුතු වීම මාව සැනසුවා.එදා සිට මං සිහින දකින්නෙක් පමණයි…

පුංචි ලස්සන ඇස් දෙකක කතාන්දරය................................

Image
මාධව බ්ලොග් එකට තවත් කතාවක් ලියන්න කියලා තමන්ගේ පරිඝණකය ඉදිරියේ හිද ගත්තා........
ඔහුගේ සිත ගොඩක් හැගීම් බර වෙච්ච කාලයක් මේක..........
ඉතිං මාධව තමන්ගේ කතාන්දරයක් ලියන්නට පටන් ගන්න සිතුවා පමණයි......... 
ඒ ලස්සන දෙනුවන් මාධව ඉදිරියේ පෙනෙන්නට උනා.........
නිල් පාට නිදි බර ලස්සන පුංචි ඇස් දෙකක්......... 
ඒ ඇස් වල හිමිකාරිට මාධව ගොඩක් ආදරේ කරන බව ඒ ඇස් දන්නවා.........
ඒ ඇස් අයිතිකාරිත් මාධවට ගොඩක් ආදරෙයි.........
මාධවත් ඒක දන්නවා.........
ඒ ඇස් තුල ගොඩාක් හැගීම් පිරිලා කියලා මාධවට හිතෙනවා.........
ඒ පුංචි දෙනුවන් වලින් කියන කතාන්දරය වටහා ගන්නට කිසි කෙනෙක් සමත් වේ දැයි සැකයි.........
වචන රහිත සිතුවිලි, වචන කල නොහැකි සිතුවිලි සමූහයක්........
අමුතු කතාවක් ඒ නිදි බර දෑස් තුල ලියවිලා තියෙනවා.........
මාධවත් ඒ ඇස් දිහා බලාගත් ගමන්මයි.........
ඒ ඇසුත් මාධව දෙසම බලන් ඉන්නවා.........
මාධව සිතන්නට උනා කුමක්ද ඇගේ ඒ පුංචි නුවන් යුග පවසන්නේ යන වග........
එවිටම ඒ ඇස් අයිති කාරි ඇගේ බෙල්ල මදක් ඇල කොට මාධව දෙස ඕනැකමින් බැලුවා.........


“මොනාද මාධව ඔයා හිතන්නේ....?“ 

ඇය එහෙම අසන්නට මෙන් හීන් හඩින් දෙවරක්ම  ඥාව් ඥාව් ගෑවා.…

ඉතිං නිකංම නිකම් මාධවගේ කතාවක්............

Image
මේක මං ලියන්නේ නිකං! කිසි හේතුවක් නෑ! හැමදේම ගැන කළකිරීමක් තියන වෙලාවක. ඉතිං හිතේ තියන ගොඩක් දේවල් එළියට දාන්න, තවත් හිතේ තියාන හිතේ හිර කරන් ඉන්න දේවල් වලට නිදහසක් දෙන්න හිතුන වෙලාවක මං මේක කොටන්නේ! ඉතිං මං පටන් ගන්නවා. දැන් දවස් දෙක තුනක් ඉදලම මාධවගේ හිතේ තියන කරදර වල කතාන්දර ටික.....


ඉතිං දැන් ටික දවසක් ඉදලම කිසිම නිවිච්ච කමක් මාධවගේ හිතේ නෑ. හැමදේම මාධවගේ ඔලුව ඇතුලේ හිරවෙලා මාධවට ගොඩක් වද දෙනවා. ඒ මොනාද? මොනාද මේ තරම් මාධවට වද දෙන දේවල්! මෙන්න ලිස්ට් එකක්ම( අපි හැමෝටම පොදු දේවල් තමයි ඉතිං!)

1. රස්සාවක් - විරැකියාව. ගෙදරට වෙලා නිකං කකා බිබී ඉදලා එපා වෙලා!

2. අතට සල්ලි -  ගෙදරින් හැමදාම ඉල්ලන්න බෑ.....

3. චීත්තයක් -  හිතේ තියන දේ කියාගන්න විදියක් නෑ. ඒත් කොහොම හරි කියා ගත්තොත් මාධවට ප්‍රශ්න ගොඩයි.(කිව්වත් නසී නැතත් නසී...)

4. ලැපක් - ඕනිමයි! ක්ලාස් එකේ වැඩට ගොඩක් ගොඩක් ඕනි! ඒත් ගන්න සල්ලි නෑ! ගෙදරින් ඉල්ලන්න බෑ!!

5. නිව් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් - අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, ඒකත් ඉල්ලන්න බෑ!දැනටම එන බිල් ටික හොදටම ඇති.

6.ෆෝන් එකක් -  ගන්න සල්ලි නෑ! ගෙදරින් ඉල්ලන්නත් බෑ!

තව…

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 02

Image
කලින් පෝස්ට් එකෙත් කිව්වා වගේ මාධවගේ ගොඩක් ප්‍රියතම විනෝදාංශය වන බයිසිකල් පැදීම මාධව කලේ ගොඩක් ආසාවෙන්. ගොඩක් කැමැත්තෙන්. ඒත් මාධවගේ මේ බයිසිකල් චාරිකා වලට තිබ්බ ලොකුම බාධකේ තමයි මහ වැස්ස. මාධවලගේ පැත්තට වැස්සෙන් නම් අඩුවක් නෑ. ඇත්තටම ලංකාවේ වැඩිම වැස්සක් වැටෙන පැත්තක් කිව්වත් වැරදි නෑ. අනික් බාධකය තමයි ඉතිං මාධවගේ ටෙක් ජීවිතේ පටන් ගත්තට පස්සෙ තියෙන කාර්යබහුල කම! මොකද උදේ 5ට 6ට විතර නුවර යන්න පිටත් වෙන මාධව ආයේ ගෙදර එනකොට හවස 6ට 7ට වෙනවා. ඉතිං ‍මොන විනෝදාංශද? ගෙදර එනකොට මාධවට හොද ගණං! ඒ මදිවට ගෙදර ඇවිත් මහා වැඩ කන්දරාවක් තියනවනේ කරන්න, ක්ලාස් එකේදි දීපුවා. ඉතිං බඩුම තමයි. ඔන්න ඔහොම ටෙක් එකේ වැඩ වලට හිර වුනාට මාධවගේ හිතේ බයිසිකල් පැදීම ගැන තියන ආසාව නම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. ම්ම්ම්!!!

ඉතිං මාධවම අන්තිමට තීරණය කරපු පරිදි වහින්නෙ නැති, විවේකයක් තිබ්බොත් ඉරිදා හවසට විතරක් බයිසිකල් පදින්න මාධව පුරුදු උනා. ඉස්සර හැමදාම හවසට හවසට ගමන් ගිය ගමේ රයිඩර් දැං ඉතිං දකින්න අඩුයි. ඉරිදා හෝ වෙනත් විශේෂ නිවාඩු වලට විතරක් පාරට වැටෙන මේ රයිඩර් දැං අනික් දවස් වල දකින්න නෑ.(ඒත් මේ දවස් වල නම් හැමදාම වගේ බ…

ලොලීටා................ 04 - තවත් එකමත් එක ඉරිදාවක

Image
ඉතින් කතාව ආයෙමත්! එකමත් එක හැන්දෑවක සිදුවුන ලස්සන මතකය මං කිව්වා. ඉතිං කතාව එතැන් සිට ආයෙත් ගලං යන්න පටන් ගන්නවා.කතාවට කලින් දෙයක් කියන්නම්. ඒ තමයි,මං කලින් කිව්වා වගේ මගේ මේ පුංචි ආදර කතාවේ පුංචි තැන් කීපයක් මට ආයෙත් මතක් උනා. ඉතිං මං මගේ කතාව ලියන්නා වූ මේ පිලීවෙල වෙනස් කරනවා. කතාවේ පිළිවෙල, කියන්න හිතං ඉදපු පිළිවෙල පුංචි වෙනසක් කරනවා. ඒත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේක කියවන උඹලට මිත්‍රවරුනි. මොකද මේක කොච්චර කියෙව්වත් මේක තුල තියෙන්නෙ හීනයක් වෙච්ච ආදරයක ඇත්ත කතාවක් විතරයි. මේ ආදරේ ඇත්ත වෙන්නේ නෑ කියලා මාධව දැන දැනත් හිතින් කරපු ආදරයක කතාව.

ඉතිං ආයෙත් බලාපල්ලා. මගේ හිතේ තියන ඇත්තම ආදර කැක්කුමක විස්තරය ආයෙත්..
ඉතින් මං ආයෙත් ඒ ආදර කතාව ඇදන් යන්න හදන්නේ.උඹල කියවනවනම් කියවපල්ලා. නොකියෙව්වත් මං ලියනවා. ලියන්න කලින් එක දෙයක් කියන්නම්. ආයෙත්. මේක ඇත්තම ඇත්ත ආදරයක්. එක අකුරක් නෑර ඇත්ත.  මගෙත් එක්ක ඉදපු එවුන් දන්නවා මේ ගැන. සෙව්වන්දියට , ලොලීටට මං කොච්චර පිස්සු වැටුනද කියලා... ඉතින් අහපල්ලා ආයෙත් කතාවේ තවත් පැත්තක්..


එදා රස්නෙ ඉරිදා දවසක්. මට කිසි උවමනාවක් තිබ්බෙ නෑ ඒක ලස්සන මොහොතක් කර ගන්න.…

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත.....

Image
මාධව ගොඩක්ම කැමති විනෝදාංශය තමයි බයිසිකලේ පදින එක. පදිනවා කියන්නේ නිකම් මිදුලට වෙලා අටක් ගහන එක නෙමෙයි( බයිසිකලේ ගත්ත මුල් කාලේ නම් ඒකම විතරයි කලේ). දාඩිය හලාගෙන කදු පල්ලම්, පිට්ටනි වල බයිසිකලෙන් යන එක තමයි මාධව ගොඩක්ම ප්‍රිය කරන්නේ. ඇත්තටම මාධව බයිසිකල් ගමන් වලට ගොඩක් ආසයි. මාධව ගාව තියන බයිසිකලයත් හොදට කඩා බිදගෙන යන්න පුලුවන් එකක්! ඒකෙන් අදහස් කලේ මාධවගේ බයිසිකලේ ගොඩක් වේගවත් විදියටත් යන්න පුලුවන්. ඉතිං ඔය බයිසිකල් ගමන් වලින් මාධවටත් හොද හොද වැඩ වෙලා තියනවා. මේ පෝස්ට් එකෙන් මේ කියන්න යන්නේ මාධවගේ බයිසිකල් චාරිකාවලදි මාධවටම වෙච්ච සිදුවීම් ටිකක් තමයි. බයිසිකල් ගැන ලියන්න ඕනි කියලා මාධවට එක පාරටම හිතුනේ මාධව ඕං මේ දවස් ටිකෙත් ආපහු බයිසිකලේ හදලා පාරට දාලා පදින්න පටන් අරන්! පුලු පුලුවන් දවස් වලට! ඒ කියන්නේ හවසට වැස්ස නැති, විශේෂ වැඩත් නැති විවේක දවස් වලට.....

ඉතිං මේ කතාව පුලුවන් තරම් පරණම තැනිං පටන් ගමු. මුල අමතක කරන්න හොද නෑනේ!

ඉතිහාසයේ දවසක මාධව ඉස්-ඉස්සෙල්ලම බයිසිකලයක් පැද්දේ දහය ශ්‍රේණියේ ඉන්නකොට. ඒක සුධීරගේ ඩබල් සොකට් මවුන්ටන් එකක්! ඒක ගොඩක් උසයි. ඉතිං වැටි වැටී පැද්දා. පළවෙනි දවස…