Gift.............. තිළිණය..............



මාධව  අද උදේම මාධව  ගොඩක් කැමති මාධව ගේ යාලුවෙක්ට කතා කලා. ඊයෙ එයාව හම්බ උනාම මාධවට වෙච්ච අමතක වීමක් ගැන එයාට කියන්න ඕනි නිසා. ඒත් මාධව  එයාට කෝල් කරලා ඒ කතාව නොකියා හිටියනම්, මාධව  ගොඩක් අවුලෙන් මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතන්නෙවත් නෑ. හැබැයි එයා මාධවට කවදාහරි එහෙම දෙයක් කියන්න හිතාගෙන හිටියනම් ඒක අදම කියපු එක ගොඩක් හොදයි.


මෙන්න මෙහෙම මාධව  ලියන්නම් කතාව..........................


මාධව  ගොඩක් කැමති යාලුවෙක්ට, මාධව  ගොඩක් කැමැත්තකින් පුංචි උපන්දින තෑග්ගක් හොයල හොයල අරන් තියාගත්තෙ ගොඩක් ආසාවෙන්. ගොඩක් ලස්සන නැති උනත් එයාට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුන දෙයක්. මහ ලොකු වටින දෙයක් නෙමේ. කොහොම උනත්.......


මාධව  ඒක ගැන කිව්වම එයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කලා. ඒක මාධවට ගොඩක් අවුල් උනා. මාධව  එයාට කෝල් කලේ මාධව  ඒ ගත්ත තෑග්ග ඊයෙ එයාට ගේන්න අමතක උනා කියල කියන්න. ඒත් මාධවට හිතුනා කෝල් නොකලනම් කොච්චර හොදද කියලා. මාධවට මේ වගේ හිත් රිදීමක් ඇති වෙන්නෙ නෑ එහෙම කෝල් නොකර හිටියනම්.


කමක් නෑ. එයාට ඒක දෙන්න කලින්ම එයා ඒක ප්‍රතික්ෂේප කරපු එක ගැන මාධව  මොකුත් හිතන්නෙ නෑ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවනම් මාධව  මොනා කරන්නද? මාධව  කෙනෙක්ට ගොඩක් ආසාවෙන් ගත්ත තෑග්ගකින් මාධවට කිසිම වැඩක් නෑ.


කමක් නෑ. එයා කියනවා වගේ ඒක ප්‍රශ්න ඇති කරන දෙයක් නම්, මාධව  ආයේ කවදාවත් එයාට උපන්දින තිළිණයක් දෙන්න හිතන්නෙ නෑ. එයා තාම මගෙ බ්ලොග් එක කියවලා නෑ. මාධව ගේ බ්ලොග් එකේ තියන මේ පෝස්ට් එක කියවපු දවසට එයා තේරුම් ගනීවි මාධව  කොච්චර හිතේ අමාරුවකින් මේ කතාව මෙතන දානවද කියලා. අපි අතරෙ එක මොහොතකට, විනාඩි 5කට ඇතිවෙච්ච මේ පුංචි කතාවකින් එයාට කොහෙම උනත් මාධවට ගොඩක් හිත රිදුන සිදුවීමක් බවට මේක පත් වෙලා.

මාධව  එයාට හිනාවෙලා කිව්වට " කමක් නෑ අපි ඒක අමතක කරමු " කියලා මාධව  ඒක අමතක කරන්නෙ නෑ. අමතක කරන්නත් බෑ. ඒක එයාගෙ අදහස, ඉල්ලීම නිසා ඒකට එකග වෙන්න විතරයි මාධවට පුලුවන්. මාධව  ගොඩක් දුකෙන් ඒකට එකග වෙන්නම්. මාධවට ඒක කරන්න පුලුවන් වේවි. මාධවට මේ ගැන ලියන්න, හිතට එන හැමදේම ලියන්න පුලුවන් උනත් මේක මෙතනින් නවත්තන්න ඕනි. මොකද ඕක තව තව හිත හිත ලියන්න ගියාම අවුල් වෙන්නනෙත් මාධව විතරයි. ඒ නිසා තව ටිකක් ලියලා මේ  පෝස්ට් එක මාධව  ඉවර කරනවා.

--------------------------------------------------------------------

මේ පණිවිඩය මාධව ගේ යාලුවට..............

යාලූ...........

ඔයා කිව්වට මාධව  මේ ඔයාට ගත්ත තෑග්ග විසි කරන්න කියලා මාධව  ඒක විසි කරන්නෙ නෑ. ආයෙ ඔයාට තැගි දෙන්න කලින් මාධව  ගොඩක් හිතනවා! ඒ වගේම මාධව  ඔයා කිව්ව මේ කතාව මාධවට කවදාවත් අමතක වෙන්නෙ නැති වේවි. මාධවට ඒක ගොඩක් හිත රිදුන කතාවක් උනත් මාධව  ඒක ගැන හිතන්නෙ නැතුව ඉන්නම්. එහෙම ඉන්න උත්සහ කරනවා!


මින් ඉස්සරහට මාධව  ඔයාට කවදාවත් තෑග්ගක් දෙන්නෙ නැති උනත් මාධවට ඒක ගොඩක් දැනේවි.ඒත් මාධව  ඔයාට තෑගි ගන්නවා.ඔයාගෙ හැම උපන් දිනේකටම. ඒ වගේම මාධව ඒවා ඔයාට කවදාවත් දෙන්නෙ නැති උනත් මාධව  ඒ තෑගි මාධව  ළගම තියා ගන්නම්!

 
මොකද මාධවට සතුටු වෙන්න පුලුවන් කාරණයක් එතකොට තියන නිසා....

ඒ තමයි "මොන දේ උනත්, මාධව  ඔයාට තෑග්ගක් ගත්තනෙ, ඔයා ඒක භාර ගත්තෙ නැතත්." කියන සිතුවිල්ල......

හැමදාම සතුටින් ඉන්න .........................

මාධව - மாதவ - Madhawa

--------------------------------------------------------------------


අන්තිමට ඔයා දවසක් මාධවට කිව්ව කතාවකින්ම මාධව  මේ පෝස්ට් එක ඉවර කරන්නම් යාලු. ඔයා ඒ මාධවට එවපු SMS එක තාම මාධව ගේ ෆෝන් එකේ තියනවා. කවදාවත් මාධව  SMS එක ඩිලීට් කරන්නෙ නෑ.......

"  
තෑග්ගක් දුන්නම ඒ තෑග්ග නෙමෙයි, ඒ තෑග්ග දෙන කෙනයි වැදගත්....... "

ඔයා මාධවට ඒක කිව්වෙ විහිලුවකටද නිකම් කතාවකටද මාධව  දන්නෙ නෑ.

ඒත්..........................

ඔයා මාධවට කිව්ව ඒ කතාව මාධව  කවදාවත් අමතක කරන්නෙ නෑ.....................!

--------------------------------------------------------------------

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඇත්ත චාරු! මේක මට ගොඩක් දැනුන දෙයක්!

    ReplyDelete
  2. තැග්ගක වටිනාකම තීරණය වෙන්නේ තැග්ග ගන්න වැය කරපු මුදල අනුව නෙවෙයි. තැග්ග දෙන කෙනා කොච්චර කැමැත්තකින්, උවමනාවකින් ඒ දේ දෙනවාද කියන එක අනුවයි.
    මම දන්නවා මාධව ඔයා ‍මේ ගැන කොච්චර දුක් වුනාද කියලා. එයා ඒ තැග්ග එපා කිවිවේ මයා ගැන අහිතක් හිතලා නෙවෙයි කියලා මයා දන්නවා......

    ReplyDelete
Previous Post Next Post

Contact Form