Gift.............. තිළිණය..............


මං අද උදේම මං ගොඩක් කැමති මගේ යාලුවෙක්ට කතා කලා. ඊයෙ එයාව හම්බ උනාම මට වෙච්ච අමතක වීමක් ගැන එයාට කියන්න ඕනි නිසා. ඒත් මං එයාට කෝල් කරලා ඒ කතාව නොකියා හිටියනම්, මං ගොඩක් අවුලෙන් මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතන්නෙවත් නෑ. හැබැයි එයා මට කවදාහරි එහෙම දෙයක් කියන්න හිතාගෙන හිටියනම් ඒක අදම කියපු එක ගොඩක් හොදයි.


මෙන්න මෙහෙම මං ලියන්නම් කතාව..........................


මං ගොඩක් කැමති යාලුවෙක්ට, මං ගොඩක් කැමැත්තකින් පුංචි උපන්දින තෑග්ගක් හොයල හොයල අරන් තියාගත්තෙ ගොඩක් ආසාවෙන්. ගොඩක් ලස්සන නැති උනත් එයාට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුන දෙයක්. මහ ලොකු වටින දෙයක් නෙමේ. කොහොම උනත්.......





මං ඒක ගැන කිව්වම එයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කලා. ඒක මට ගොඩක් අවුල් උනා. මං එයාට කෝල් කලේ මං ඒ ගත්ත තෑග්ග ඊයෙ එයාට ගේන්න අමතක උනා කියල කියන්න. ඒත් මට හිතුනා කෝල් නොකලනම් කොච්චර හොදද කියලා. මට මේ වගේ හිත් රිදීමක් ඇති වෙන්නෙ නෑ එහෙම කෝල් නොකර හිටියනම්.


කමක් නෑ. එයාට ඒක දෙන්න කලින්ම එයා ඒක ප්‍රතික්ෂේප කරපු එක ගැන මං මොකුත් හිතන්නෙ නෑ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවනම් මං මොනා කරන්නද? මං කෙනෙක්ට ගොඩක් ආසාවෙන් ගත්ත තෑග්ගකින් මට කිසිම වැඩක් නෑ.


කමක් නෑ. එයා කියනවා වගේ ඒක ප්‍රශ්න ඇති කරන දෙයක් නම්, මං ආයේ කවදාවත් එයාට උපන්දින තිළිණයක් දෙන්න හිතන්නෙ නෑ. එයා තාම මගෙ බ්ලොග් එක කියවලා නෑ. මගේ බ්ලොග් එකේ තියන මේ පෝස්ට් එක කියවපු දවසට එයා තේරුම් ගනීවි මං කොච්චර හිතේ අමාරුවකින් මේ කතාව මෙතන දානවද කියලා. අපි අතරෙ එක මොහොතකට, විනාඩි 5කට ඇතිවෙච්ච මේ පුංචි කතාවකින් එයාට කොහෙම උනත් මට ගොඩක් හිත රිදුන සිදුවීමක් බවට මේක පත් වෙලා.


මං එයාට හිනාවෙලා කිව්වට " කමක් නෑ අපි ඒක අමතක කරමු " කියලා මං ඒක අමතක කරන්නෙ නෑ. අමතක කරන්නත් බෑ. ඒක එයාගෙ අදහස, ඉල්ලීම නිසා ඒකට එකග වෙන්න විතරයි මට පුලුවන්. මං ගොඩක් දුකෙන් ඒකට එකග වෙන්නම්. මට ඒක කරන්න පුලුවන් වේවි. මට මේ ගැන ලියන්න, හිතට එන හැමදේම ලියන්න පුලුවන් උනත් මේක මෙතනින් නවත්තන්න ඕනි. මොකද ඕක තව තව හිත හිත ලියන්න ගියාම අවුල් වෙන්නනෙත් මම විතරයි. ඒ නිසා තව ටිකක් ලියලා මේ  පෝස්ට් එක මං ඉවර කරනවා.



--------------------------------------------------------------------

මේ පණිවිඩය මගේ යාලුවට..............

යාලූ...........

ඔයා කිව්වට මං මේ ඔයාට ගත්ත තෑග්ග විසි කරන්න කියලා මං ඒක විසි කරන්නෙ නෑ. ආයෙ ඔයාට තැගි දෙන්න කලින් මං ගොඩක් හිතන්නම්. ඒ වගේම මං ඔයා කිව්ව මේ කතාව මට කවදාවත් අමතක වෙන්නෙ නැති වේවි. මට ගොඩක් හිත රිදුන කතාවක් උනත් මං ඒක ගැන හිතන්නෙ නැතුව ඉන්නම්. එහෙම ඉන්න උත්සහ කරන්නම්.


මින් ඉස්සරහට මං ඔයාට කවදාවත් තෑග්ගක් දෙන්නෙ නැති උනත් මට ඒක ගොඩක් දැනේවි.ඒත් මං ඔයාට තෑගි ගන්නවා.ඔයාගෙ හැම උපන් දිනේකටම. ඒ වගේම මම ඒවා ඔයාට කවදාවත් දෙන්නෙ නැති උනත් මං ඒ තෑගි මං ළගම තියා ගන්නම්!

 මොකද මට සතුටු වෙන්න පුලුවන් කාරණයක් එතකොට තියන නිසා....

ඒ තමයි "මොන දේ උනත්, මං ඔයාට තෑග්ගක් ගත්තනෙ, ඔයා ඒක භාර ගත්තෙ නැතත්." කියන සිතුවිල්ල......

හැමදාම සතුටින් ඉන්න .........................

මාධව - மாதவ - Madhawa

--------------------------------------------------------------------


අන්තිමට, ඔයා දවසක් මට කිව්ව කතාවකින්ම මං මේ පෝස්ට් එක ඉවර කරන්නම් යාලු. ඔයා ඒ මට එවපු SMS එක තාම මගේ ෆෝන් එකේ තියනවා. කවදාවත් මං ඒ SMS එක ඩිලීට් කරන්නෙ නෑ.......

"  තෑග්ගක් දුන්නම ඒ තෑග්ග නෙමෙයි, ඒ තෑග්ග දෙන කෙනයි වැදගත්....... "

ඔයා මට ඒක කිව්වෙ විහිලුවකටද නිකම් කතාවකටද මං දන්නෙ නෑ.

ඒත්..........................

ඔයා මට කිව්ව ඒ කතාව මං කවදාවත් අමතක කරන්නෙ නෑ.....................!

--------------------------------------------------------------------

Comments

  1. ඇත්ත චාරු! මේක මට ගොඩක් දැනුන දෙයක්!

    ReplyDelete
  2. තැග්ගක වටිනාකම තීරණය වෙන්නේ තැග්ග ගන්න වැය කරපු මුදල අනුව නෙවෙයි. තැග්ග දෙන කෙනා කොච්චර කැමැත්තකින්, උවමනාවකින් ඒ දේ දෙනවාද කියන එක අනුවයි.
    මම දන්නවා මාධව ඔයා ‍මේ ගැන කොච්චර දුක් වුනාද කියලා. එයා ඒ තැග්ග එපා කිවිවේ මයා ගැන අහිතක් හිතලා නෙවෙයි කියලා මයා දන්නවා......

    ReplyDelete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

ප්‍රජනන කුට්ටං!