තවත් ටෙක් කතා.... හයි ස්කූල් එකේ කෙල්ලෝ, කිඹුලෝ සහ තවත් කතා...


මේ කියන කතා සේරම නුවර  වයි. එම්. බී. ඒ. ටෙක් එකේ වෙච්ච සිද්ධි.




ම්ම්ම් මෙන්න ගේම් කතාවක්. අපේ සුදු නංගි දවසක් අසංකයගෙන් ගේම ඉල්ලුවා. ඒ ඇයි? අපේ අසංකයගේ අඩත් තේට්ටම් ඉවසා ගත නොහී ඈ ගත්ත තීරණයක්! ඉතිං මේකට මමයි ලක්ෂිතයි ලොකු ඔට්ටුවකුත් ඇල්ලුවා.මං අසංකයා දිනුම්! ලක්ෂිත නංගි දිනුම්! ඉතිං එක පාරක් මේ දෙන්නා බාත් රූම් එකේ දොර ලගදි ඇවිලුනා! අන්තිමට කොහොම හරි ගැටුම සමතයකට පත් උනා. මේ ගැටුම ඇත්තෙන්ම හුදු විහිලුවකට එහා ගියේ නෑ. ඒක විනෝදයටම පමණක් සීමා වූ ගැටුමක් වෙලා තිබ්බේ! ඉතිං අපිත් කලේ මුං දෙන්න එකට ඉන්න තැන් වලදි දෙන්නව අවුස්සන එක. එතකොට උං නියමෙට බැනගන්නවා.මුං දෙන්නා කෙල ගන්න වීඩියෝ එකක් මං ලග තියනවා! ඒක් ඒක දාන්න මට අන්ලිමිටඩ් කනේක්ෂන් නෑනේ! ම්ම්ම්ම්!..
අසංක හා නංගී අතර ගැටුමේ අවස්ථාවක්! ( PIX by මාධව )



ආයේ දවසක් මැඩම් ඇවිත් අපිට දේශනයක් තියනවා! මේ ටෙක් එකේ ඉන්නකොට ටෙක් ඇදුමෙන් ආදරය හෝ ඊට ආසන්න දේවල් තහනම්! යකෝ මේක මාර වැඩක්! අපිට තව දුරටත් ආරංචි උනා මෙහෙම කියන්න හේතුව!! අසංක වගේ උස කොල්ලෙක් එක්ක නදී වගේ එච්චර උස නැති දෙන්නෙක් බෝගම්බර පැත්තෙ ඉදලා තියන විත්තියක්! මට හිනා යන්න ආවා! නදී බෝගම්බර යන්න තියා ඒ හතර මායිමක යන්නේ නෑ! ඒකි යන්නේ ඔරලෝසු කනුව ළගටනේ! අසංකයා ඉතිං ටෙක් එක ඇරපු ගමන් දම්වැල ලිහපු බල්ලා දුවන්නා වගේ කෙලින්ම දුවන්නෙ වයිට් හවුස් එකටනේ! ඉතිං මුං දෙන්නා මොන ලව්ද? බලද්දි ඒක අපේ බියුටි කචල් එකේ එකෙක් ඒකේ මැඩම්ට දීපු ලනුවක් කියලයි අපිට ආරංචි උනේ! අසංකට ඔය සිද්ධියට 84000ට නැගල හිටියේ! මොකද ඌ වගේ ඇල් වතුරත් නිවලා බොන එකෙක් ඔහොම කරාවිද? කොහොම හරි ඒක එච්චර දුර ඇදුනේ නෑ!


මේක නම් හිනා යන්නේ නෑ! අපේ නදී දවසක් ටෙක් එකේදි අසනීප උනා! ඇත්තටම අපේ කොල්ලෝ කට්ටිය මේකිගේ පිටිපස්සෙ පෝලිමේ නේ (නංගිගේ අත් දෙකට තඩි බෑමේ පහසුව නිසා) ඉන්නේ! ඉතිං අපිට ඒකිගේ මූන පේන්නෙ නෑනේ!. අපි හිතුවෙ ටිකක් වෙලා යද්දි මේකි සද්ද නැති නිසා අසනීපෙ හරි ඇති කියලා! ඉතිං මං පොඩි විහිලුවක් කලා මේකිට "බොරුවට ගෙදර යන්න නේ ලෙඩ දැම්මෙ" කියලා! මේකි සද්ද නෑ!ඉතිං මං නැගිටලා ගිහින් මේකි දිහා බලද්දි තමයි දැක්කේ! ඇස් වල කදුලු පිරිලා! ඒකි කදුලු එක්කම නොහඩා ඉන්න ෆ්‍රල් ට්‍රයි එක! ඒ එක්කම මං කියපු කතාවට හිනා වෙන්නත් උත්සහ කරනවා. එතකොට තමයි මං දැන ගත්තේ මේකි සෑහෙන්න අමාරුවෙන් ඉන්නෙ කියලා. ඇත්තටම එවෙලෙ මට ගොඩක් දුක හිතුනා. මං ඒ විහිලුව කරද්දි දැනං හිටියේ නෑ කෙල්ලට එච්චර අමාරුයි කියලා! ෂිට්! ඉතිං අපි ටක් ගාලා මැඩම්ට කියලා පොරගේ ගෙදරට පණිවිඩේ දුන්නා! ඒ කරලා කිඹුලගේ කඩේ තිබ්බ යෝගට් එකක් ගෙනත් දුන්නා බඩේ අමාරුවට හොදයි කන්න කියලා! අසංක තමයි සල්ලි දුන්නේ යෝගට් එකට!! ඉතිං නදී එදා අසනීප වෙලා ගිය පාර ආයේ ටෙක් ආවේ සතියක් විතර පස්සේ!


අපේ ලක්ෂිත මරු මරු කතා කියනවා. ඕක කිව්වොත් මොකක් හරි කතාවක් ඒකේ තේරුන් දෙකයි. අපිට ඇති වෙන්න හිනා වෙන්න පුලුවන්! ඔන්න මං කියන්නං මේකා කියපු කතා ටිකක්..

ඔන්න අපේ ලක්ෂිතගේ කෙල්ල දවසක් දැකලා මූ හඩ්ඩා වගේ කොට කලිසමත් ඇදන් ජන්ද පෝස්ටර් අලවනවා. කෙල්ල මූට ඒවට යන්න එපා කියලා කීප පාරක්ම. ඒත් මූ ගිහින්! ඉතිං කෙල්ල මූ එක්ක තරහා වෙලා. මූ අපිට ඇවිත් කියනවා අඩෝ කෙල්ල තරහ උනානේ බං කියලා. අපි ඇහුවා ඇයි කියලා. මූ කියනවා පෝස්ටර් අලවන්න යද්දි මාට්ටු වෙච්ච සීන් එකක් නිසා බං කියලා. අපිට හොදටම හිනා.

මූ දවසක් මුගේ මැෂින් එකේ තිරය දිහා බලාන හිනා වෙනවා! චොක්කානන්ද චොක්කානන්ද කිය කිය! අපිටත් ඕක ඇහෙද්දි හිනා ගියා. බලද්දි ඒක අපේ ලංකාවේ ප්‍රසිද්ධ, ක්‍රිකට් ගහන කෙනෙක්ගෙ නමක කෑල්ලක්! මූ ඒක ESBN එකෙන් හොයාන තියෙන්නේ. චොක්කා නන්ද! ඒක අපිට කියව ගන්න පුලුවන් විදිය තමයි ඕය කිව්වේ!ඇත්තටම නම කියවෙන්නේ වෙන විදියකට වෙන්න ඇති!


අපේ ටෙක් එකේ  කැන්ටිම කරපු එකා මහ ******ක්! ඕකත් එක්ක කොල්ලෝ තරහයි! ඉතිං ටෙක් එකේ කට්ටියගෙන් ඌට වැදුන කාඩ් එක තමයි කිඹුලා! ඒත් ඇත්තටම කිඹුලගේ කඩේ ඉන්න ගෝලයෝ (සේවක පිරිස) නම් ඇත්තට එල. අපිට ගොඩක් උදව් කලා! අපි එක්ක එලටම හිටියා! අපි 90ක් දීලා ගන්න බත් එකට 150ක විතර බත් මාලු පුරවලා දුන්නා! එහෙම බත් ගත්ත දවසට අපි ඔක්කොටම ඒක ඇති කන්න! ඒත් කිඹුලා බත් පාර්සලේ හදපු දවසට එකෙක්ට මදි බත් එක!!!




අපි කට්ටිය කෑම කනවා! ( PIX by මාධව )


අපේ නදී හයි ස්කූල් එකේ හිටිය කෙල්ලෙක්නේ. අෆ්ෆා බලන්න එපායැ තියන ආඩම්බරේ ඒක මතක් කරනකොට. ඔන්න ඔය ආඩම්බරේ බැස්ස කතාව මෙන්න මේකයි....

මම හැමදාම අපේ නදීව බයිට් එකට ගන්නෙ ඔය හයි ස්කූල් එකේ කතා ඇදලා අරන්! ඔය එක එක විකාර කතා ඇදලා ගත්තම මේකිත් උත්තර දෙනවා වලියෙන්ම. ඉතිං ආතල්! ඔන්න ඔහොම ඒ ගැන වාදෙ යනවා අපි දෙන්නා අතරේ. ඉතිං දවසක් අපේ ටෙක් එකේ කස්ටියට දේශනයක් තියන්න මානව හිමිකම් එකේ සර් කෙනෙක් ආවා! ඇත්තටම දේශනේ ගොඩක් රසවත්, හරවත්, වැදගත් එකක්! අපි ගොඩක් දේවල් ඉගෙන දැන ගත්තා මේ දේශනෙන්! ඉතිං ඔහොම ඒ දේශනේ කරගෙන යද්දි කතාව අවුරුදු 18ට අඩු කෙල්ලන් එක්ක පැනලා යන සිද්ධි පැත්තට හැරුනා. ඉතිං ඔහොම දේශනේ ගලාන යනවා. ඒක වැරදියි. මෙහෙම දඩුවම් ඒ වැරැද්දට තියනවා.. බ්ලා බ්ලා! අරවා මේවා. ඔන්න එක පාරටම ඒ සර් කියපි නුවර හයි ස්කූල් එකේ කෙල්ලෝ තමයි ඕක වැඩියෙන්ම කරන්නෙ, ස්කෝලෙ කෙල්ලෝ වැඩියෙන්ම පැනලා යන්නෙ ඉස්සරහ තියන ත්‍රී වීල් පාක් එකේ කොල්ලෝ එක්කයි කියලා. මට හිනා යන්න ආවා. මට ඒක ඇහෙද්දිම අපේ නදීව තමයි මතක් උ‍නේ. ඒකයි මට හිනා යන්න ආවේ! එළ කිරි! ඒකිට දැන් බේත දෙන්න මීට වඩා සාක්ෂියක් තවත් ඔනි නෑනේ! ඉතිං මං හිනාව තද කරන් හෙමීට අපේ කෙල්ල ඉන්න පේලිය දිහා බැලුවා. මෙන්න මේකිත් මං දිහා හොරෙන් බලාන හිනා වෙනවා. එදා ඉදං නදී හයි ස්කූල් එක ගැන මාත් එක්ක වාද කරන්න ආවොත් ටෙක් එක පහල තියන ත්‍රී වීල් පාක් එක පෙන්නුවම ඇති... කෙල්ල මීක් නෑ!!


ඉතිං තව ටෙක් කතා එක්ක හම්බෙමු! ඉස්සරහටත්! දිගටම මං එක්ක ඉන්න! සුභ රාත්‍රියක්!!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හික් හික්!! මරු කතා ටික

    ReplyDelete
  2. නියම කතා ටිකක්..බයිට් කරන එව්වයි, බයිට් වෙන එව්වයි තමයි කොච්චර කාලයක් ගියත් මතක හිටින්නෙ

    ReplyDelete
  3. ස්තූතියි බ්ලොග් ගඩොල් & වෙනීට! ම්ම්ම්! ඇත්තටම ඒ මතක ලස්සනයි! විනෝදයි!

    ReplyDelete
Previous Post Next Post

Contact Form