ටෙක් එකේ සිද්ධි... කැලෑ ගිනි තැබීමෙන් වළකිනු සහ තවත් කතා......




මාධව කලින් පෝස්ට් එකේදි කිව්වනේ ආයෙ ටෙක් එකේ කතා වලදි වැල්වටාරම් නෑ කියලා. ඉතිං කෙලින්ම බහිමු කතාවලට...........



මේක උනේ මහනුවර ටෙක් එකේ ඉන්නකොට. ඔන්න දවසක් මාධවලෑ ටෙක් එකේ තිබ්බ කුණු ගොඩක් කවුදෝ ගිනි තියලා. මේක ටික ටික ඇවිලිලා කැලේ මාන පදුරු පැත්තට පැතිරුණා. දැං මහ ගිනි ජාලාවක් එතන. කට්ටියට මාර ආතල්! ඉතිං මාධවලා ඉගෙන ගන්න එක පැත්තක දාලා එලියට රොක් උනා මේ ගින්න බලන්න. දැං පහල සංගමේ (YMBA) කස්ටිය උඩ පැන පැන වතුර ගගහා ගින්න නිවනවා. මෙලෝ රහක් නෑ. මහා ලැව් ගින්නක් වගේ එකක් බාල්දි වලින් නිවන්නයැ? ඒත් අර ලේනා මුහුද ඉස්සා වගේ මුං වතුර අදිනවා. ඉතිං ඕක දැකපු ක්ලාස් ඒකේ  රිකාස්ටත් මොකක්ද එකක් ගැන හිතක් පහල උනා. ඒ තමයි ගින්න නිවන එවුන්ට වතුර සැපයීම. ඉතිං මූ දුවං ගියා බාත් රූම් එකට. ගත්තා පුරවලා වතුර එකක්! කෙලියා ඒක  සංගමේ (YMBA) කළමණාකාරයට. ඌ රිකාස්ගෙ අම්මව කිඹුහුම් යන තත්වයට පත් කර කර ගින්න නිවන්න ෆුල් ට්‍රයි එක. ඒ අස්සේ එකා තව දෙතුන් පාරක්ම වතුර සප්ලයි කලා උන්ට. අරූ (කළමණාකාරයා) අම්මා මූ නැතුව බැන බැන ගින්න නිවනවා.  ඒක දැකපු මාධවට සහ  ලක්ෂිතටයට මැරෙන්න හිනා....!

-------------------------------------------------------------------------

ඔන්න තව දවසක් නදීයි (YMBA එකේ) මාධවයි දිග කතාවක හිටියේ. අනික් එවුන් ලැබ් එකේ වැඩ. මාධවයි නදියි කතා කර කර ඉන්නකොට (නෝට් වගයක් ලිය ලිය හිටිය ගමන් ) එතන බුද්ධි මැඩමුත් හිටියා. ඉතිං කතා කර කර ඉන්නකොට මාධවට ට මතක් උනා කලින් දවසේ ඒයාලෑ ගෙදරට යන පාරේ ආච්චි කෙනෙක්ගේ මල ගෙයක් තිබුන විත්තිය. ඉතිං මාධව එක පාරට කිව්වා නදීට මෙන්න මෙහෙම...

අඩේ බං, ඊයෙ හවස ගෙදර යනකොට 7ට විතර ඇති. ඒ යද්දි ගෙවල් පාරේ ආච්චි කෙනෙක් යටියන්තොට ගිහිල්ලනේ බං!

නදී - තනියමද ගිහිං තියෙන්නෙ? ඇයි ඉතිං ගිහින් තියෙන්නෙ?

මාධවට  මැරෙන්න හිනා. මාධව කිව්ව කතාව බුද්ධි මැඩම්ට නම් තේරිලද මංදා ලාවට හිනා උනා.

මාධව  කිව්වා " අඩේ මචං නදී ඒ ආච්චි මැරිලා කියලයි  කිව්වෙ " කියලා.
ඒ පාර මේකි අහපි " එහෙනං යටියන්තොට ගියා කිව්වෙ....."
ඔන්න මාධවට  තවත් හිනා. ඉතිං  පැහැදිලි කලා...මෙන්න මෙහෙම...
" යකෝ යටියන්තොට =  වැලිගම =  වැලිමඩ  =  මැරිලා "
එතනින් එවෙලෙම උංගේ කතාව ඉවරයි........

-------------------------------------------------------------------------

තව පාරක් ටෙක් ඒකේ ඉංග්‍රීසි මැඩම් පොරක්ගෙන් (නම දාන්නෙ නෑ) මෙහෙම ඇහුවා....

පුතා ඔයා සිගරට් බොනවද? නැද්ද? බොනව නේද........?
මෙන්න අදාල පොර සද්ද නෑ.... කට්ටියටත් ඒක ගානක් නැතුව ගියා. මෙන්න මූ එක පාරටම නැගිටලා බාත්රූම් එකට ගියා. අපොයි. අනික් උන්ටත් හිතා ගන්න බෑ. ඉතිං ගියා බලන්න මොකද උනේ කියලා. මෙන්න මූ අඩනවා. සින්ක් එකට ඔලුව ගහං අඩනවා. අපොයි.. අඩන්න හේතුව මැඩම් අරෙහෙම අහපු එක...

ඉතිං ඕක අඩන්න දෙයක් යැ. බිව්වත් නෑ කියපං, නැතත් නෑ කියපං. මාධවයි අනික් එවුන් දෙන්නයි මූව සනසන්න ට්‍රයි එක. (අනික මූ සිගරට් බොන එකෙක් තමයි. එහෙම නැත්තං ඇඩුවත් කමක් නෑ) ඒත් මූ වලහා වගේ අඩනවා. යකෝ මාර වැඩක්නෙ මේක.... කොහොම හරි එදා ඉදලා ඉංග්‍රීසි මැඩම් මූගෙන් මෙලෝ දෙයක් අහන්නෙ නෑ. A අකුර පෙන්නලා ඒක A අකුර නේද කියලවත් ඇහුවෙ නෑ මැඩම් එදායින් පස්සේ. මේක උනෙත් YMBA එකේදිමයි.
-------------------------------------------------------------------------

මාධවලා හැම පාඩමක්ම ඉවර වෙලා ඇගයීම් කරනවනේ. ටෙක් ඒකේ අසංකයා ගොඩක් දක්ෂයි. ඒත් මූ කලබලේටම කෙලව ගන්නවා. ඔන්න ඔහොම මූ දවසක් එක්සෙල් වල ඇගයීම කලා. නියමෙටම ලේසියි. කට්ටිය සේරටම ඒක අමාරු වුනේ නෑ. ඒත් බලද්දි එකම එක මග හැරීමක් නිසා අසංකයගේ මුලු ඇගයීමම චකබ් බ්ලාස්ට්... මේකට කලබලේටම දශම තිතක් මිස් වෙලා. ඉතිං අහන්න දෙයක් නෑනේ. මූ දවසම බැන බැන හිටියා.....

-------------------------------------------------------------------------

මෙන්න මේ ෆොටෝ ටික බලන්න. මේක මාධවලා කරපු තවත් ආතල් වැඩක්. කොලු කමට කරපු වැඩේට මේක ටෙක් මැඩම්ලා දැක්කම කේන්ති ගන්න එකක් නෑ කියලා මාධව  හිතනවා.මේක කලෙත් YMBA ලැබ් එකේදිමයි.  අයි ටී ලැබ් එකට අල්ලපු කාමරේ තමයි බියුටි කචල් එකත් තියෙන්නේ. ඉතිං ඒ ක්ලාස් එක නිවාඩු දවස් වලට මාධවලා  ඒකෙ පිස්සු නටනවා. මේ කියනකල් ඒක ටෙක් මැඩම්ලා නම් දන්නෙ නෑ මාධව  හිතන්නෙ..









ඉතිං ඔහොම දවසක් කට්ටිය කොල්ලෝ හවස වැඩ අඩු වෙලාවක ඕකෙ පිස්සු කෙල කෙල ඉන්නකොට මාධවගේ  උතුම් මොලයට ආවා නියම අදහසක්. ඒ තමයි කිස් කරන බෝනික්කෝ..



ඉතිං මාධව අදහස කිව්වා ලක්ෂිතට. අනික් එවුන් දෙන්නත් ලග ඉන්නවා බලාන. ඒ කියන්නෙ අසංකයි, රිකාසුයි. කොන්ඩ මෝස්තර දාන්න තියන බෝනික්කංගේ ඔලු දෙකක් එක ලගට අරන් හයි කලා. අහෝ සුන්දරයි. බෝනික්කෝ තොල් සිප ගන්නා දර්ශනය (18+ )... මේක හදන කොට අසංක ඒක මාධවගෙයි උගෙයි ෆෝන් දෙකෙන්ම වීඩියෝ කලා. මෙතන  ඒවා දාන්නෙ නෑ. මොකද ඒවා අප්ලෝඩ් කරන්න දැන් කනෙක්ෂන් එක අන්ලිමිටඩ් නෑනේ. ඉතිං ෆොටෝ විතරක් දෙන්නං. දැං මේක සෙට් කරලා හරව හරව ෆොටෝ ගත්තා. ඒත් අතට, මේත් අතට.. මෙන්න එහෙම කර කර ඉන්නකොට එක පාරටම එතනට ආපි ක්ලාස් එකේම දිනේෂා. මලා. හංගන්න විදියකුත් නෑ. මොනා කරන්නද කට්ටිය පාඩුවේ හිටියා. මේකි අතින් කට වහගෙන හිනා වෙලා යන්න ගියා..

-------------------------------------------------------------------------

මේකත්  YMBA සිද්දියක්. මාධවයි අනික් කොල්ලෝ තුන්දෙනයි ඉන්නෙ පිටිපස්සෙම පේලියේ. හැම මජර වැඩේම කරන්න ඕනම ක්ලාස් එකක තැන තියෙන්නෙ එතනනේ. ඉතිං උන්ට ඉස්සරහින් හිටියේ නදීයි, සුදු නංගියි, දිනේෂයි... මේ කියන සුදු නංගි ලස්සනයි මහතයි. අත් දෙක අලි අත් දෙකක් වගේ. චතූට විතරයි සෙකන්ඩ් වෙන්නෙ. ඒ කියන්නෙ චතූගේ අත් කොහොම ඇද්ද ෆස්ට් වෙන්න නම්.... ඉතිං මාධවයි අසංකයයි මේකිට කතා කරන්නෙ ගහලා. මාධව දකුණු අතට චටාස්. අසංක වම් අතට චටාස් ..          " අඩෝ බතලි.... " අසංකයා එහෙමයි කියන්නෙ...

මේකිත් හැමදාම අඩ අඩ, ඒ ගමන් පිටුපස උන්ටත් බැන බැන ගුටි කකා මාස 6ක් හිටියා. මාස හය ඉවර වෙලා යද්දි ඒකි‍ට ප්‍රතිඵල ලැබිලා තිබ්බා මේ ගුටි කෙලි වල. මේකිගෙ අත් දෙකම වැලමිටයි උරහිසයි අතර ගලක් වගේ ෆිට් වෙලා. කොල්ලොන්ගෙන් ගුටි කාලම.........

-------------------------------------------------------------------------

අද ටෙක් කතා මෙච්චරයි. තව ගොඩක් තියනවා. ලස්සන කතා ටිකක්! ඒවා ටික ටික දාන්නම්. ඉතිං ආයෙත් හම්බුවෙමු. ආ... ලොලීටා කතාවත් ඉක්මණටම ආපහු දාන්නම්. ඒක පරක්කු වෙන එකට සමාව ඉල්ලනවා.. තව දවසක් දෙකක් යාවි කතාව ආපහු පිලිවෙලක් වෙන්න. එහෙනම් දිගටම මාධවත් එක්ක ඉන්න.
 
සුභ රාත්‍රියක්.....

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හික් හික්!! සිරා කතා ටික මචෝ

    ReplyDelete
  2. අනිවා මචං! ඒත් මේක දැම්ම වගේ නෙමෙයි අපේ මැඩම්ල එහෙම දැක්කොත් ආයෙ ටෙක් එකට යන්න නෙමෙයි වැස්සකටවත්!

    ReplyDelete
  3. ඒ මාස 06 ට අවුරැදු 06 ක දේවල් වුනා නේද? :) අපි කරපු කියපු දේවල් ලියන්න මේ blog එකත් මදි වේවි නේද මාධව. ඇත්තටම ඒ කාලේ ජිවිත කාලයටම අමතක වෙන එකක් නැ......

    ReplyDelete
Previous Post Next Post

Contact Form