ටෙක් ජීවිතයේ ගෙවී යන තත්පරයක්ම.......... දෙක කොටස


ඉතිං මං කලින් පෝස්ට් එක නැවැත්තුවේ ඩිප්ලෝමා එකකට ආව කියලනේ.
කලින් පෝස්ට් එක කියවලා නැත්තන් ගිහින් බලන්න මෙතන කොටන්න. ඔන්න එතන ඉදන් මං අවුරුද්දක කාලයක් ආයෙත් ටෙක් එකේ සතුටින් නිදහසේ වැඩ කරන්න උනා. පරණ සෙට් එක වගේම අලුත් කට්ටියත් ගොඩක් එළට සෙට් උනා. නුවර ටෙක් එකට වඩා පේරදෙණියේ ටෙක් එකේ කට්ටිය ගොඩයි. ඒ නිසා ඇත්තටම ගොඩක් සිදුවීම් තිබ්බා මේ පේරාදෙණිය ටෙක් එකේ. මෙහෙ පාඨමාලා වර්ග හයකට කට්ටිය හිටියා. මෙන්න මේවයි ඒ පාඨමාලා...

1. CISCO පරිඝණක ජාල කරණ පාඨමාලාව
2. NDICT ඩිප්ලෝමා පාඨමාලාව
3. CISCO A+ පරිඝණක දෘඩාංග පාඨමාලාව
4. වායු සමීකරණ හා ශීත කරණ පිළිබද ඉංජිනේරු පාඨමාලාව
5.ප්‍රමාණ සමීක්ෂණ ඉංජිනේරු පාඨමාලාව
6. රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව

ඉතිං මං හිටියේ  NDICT  ක්ලාස් එකේ. ඔන්න ඔය විදියට පාඨමාලා කීපයක් තිබ්බට අපි සේරම (ප්‍රශ්න නැතුව නෙමෙයි) විනෝදෙන් ටෙක් එකේ ජීවිතේ ගෙව්වා. ටෙක් එකේ නීති පද්ධතිය ටිකක් ඉස්කෝලේ කාලේ වගේම නිසා අපිට ඕකට ආයෙත් පුරුදු වෙන්න උනා. ඉතිං ඔහොම මං ටෙක් එකේ  මගේ  දෙවෙනි අවුරුද්ද ගත කරනවා. ඉතිං මං අපේ ඩිප්ලෝමා එකේ කස්ටිය අදුන්වලා දෙන්නම්.

සුදු අක්කා තමයි අපේ පංතියේ ඉන්න ලොකුම එක්කෙනා.ඊලගට උත්තරා අක්ක, දුමින්ද, ලක්ෂිත - කන්දේ, යමුනා, කල්..., හිරෝ, බජට් අක්කා, මධූ, අයිෂා එක්ක මං තමයි අපේ ඩිප්ලෝමා එක හොලවන් හිටියේ. එතකොට CISCO පරිඝණක ජාල කරණ පාඨමාලාවේ හිටියා සමීර, සුගී අක්කා, ඇලන්, අධිකාරි, ඇතුලු හෙන සෙට් එකක්.  CISCO A+  එකේ අවුරුද්දට බැජ් 2ක් ඉන්නවා. ඒක මාස 6ක පාඨමාලාවක් නිසා. ඉතිං උන්ගේ පළවෙනි එකේ හිටියා ධනපාලයා -  එරංග, රජිත, පෙරේරා, රජික ඇතුලු සෙට් එක.ඒකෙ කෙල්ලෝ නෑ. ඉතිං දෙවෙනි එකට කෙල්ලෝ දෙන්නෙක් එක්කම හිටියා අපේ සුපුන්, මලිත්, යසස්, බොරලුගොඩ & විමලා ( ආදර යුවලක් ) , නිල්මිණි නංගි (අෆ්ෆා මාර කටක්) , නන්දනයා, තව තව එවුන්..... ඔන්න ඔහොම තමයි අපේ IT එකේ කට්ටිය හිටියේ.





බියුටි කචල් එකේ කට්ටිය නම් නම් වලින් කියන්න ගොඩක් මතක නැතත්(පේෂලා අක්කා, එයාගෙ නංගි, බට්ටි, වාසනා, ඇගපත (උගේ නම දන්නේ නෑ. ඒත් උට තිබ්බ සද්දන්ත අත පය නිසා එහෙමයි කිව්වෙ) තව තව අය) අපි එක්ක ප්‍රශ්න තිබ්බෙ නෑ. අපිත් පුලු පුලු වෙලාවට ගිහින් අපිව බියුටි කරගත්තා. ඒ අය අපිව ලස්සන කරලා දුන්නා. ඒ.සී එකේ රුවන්ගේ ඉදලා එළම කොල්ලෝ ටිකක් හිටියා. උන් නියමයි. බොක්කෙන්ම ටෙක් එකට වැඩ කරපු කොල්ලෝ ටිකක් හිටියේ. පොඩි අවුලක් ගියේ ප්‍රමාණ සමීක්ෂකයෝ එක්ක තමයි. ඒත් ඒක උන්ගෙ ආඩම්බර කම නිසා මිසක් වෙන අවුලක් නිසා නෙමෙයි.උන්ගේ කෙල්ලෝ කොහොමත් හිටියේ පොළවේ ඉදන් අඩියක් දෙකක් උඩින්..

ඉතිං එන්න ඔහොම අපි ටෙක් එකේ තවත් අවුරුද්දක් ගෙව්වා. ඒ අතරේ අහම්බෙන් මේ කාලේ අපේ නුවර සෙට් එකේ දෙන්නෙක් අපේ පේරාදෙණියෙ ඔෆිස් එකේ ට්‍රෙනිං ආවා. ඒ අපේ චතුයි, ෂානියි. ඉතිං ඒ නිසාම අපේ පරණ කට්ටිය එක්ක සෙට් වෙන්නත් පුලුවන් උනා ඒ අතර තුරේදි..

ඉතිං අපි අපේ ටෙක් එකේ අවුරුදු උත්සවය, වාර්ෂික පිරිත් දේශනාව වගේ දේවල් වලට වැඩ කලා. අපි සේරම කණ්ඩායමක් වගේ හිටියා. ඔන්න ඔහොම අවුරුද්දක් ගෙවිලා ගියා. අපේ ඩිප්ලෝමා එකත් විසිරුණා. අපේ ඩිප්ලෝමා කට්ටිය එක එක ට්‍රෙනිං වලට වැටුනා. හිරෝ දුරකතන සමාගමක මේ දවස් වල. කල් - කල්රුක්ෂි ලංවිම එකේ. මධු එක්සෑම් ලියන්න ගියා. ඔන්න ඔහොම කාලය ගෙවෙන අතරේ මම CISCO පරිඝණක ජාල කරණ පාඨමාලාව කරන්න සෙට් උනා.


අන්න මේ කාලය තමයි මේ දැන් ගෙවෙන්නේ. මේ මගේ ටෙක් ජීවිතේ 3 වෙනි අවුරුද්ද. ඉතිං අර වගේ නොහිතපු විදියට ටෙක් එකෙන් යන්න උනා කිව්වම මගේ හිතට ලොකු දුකක් හැගීමක් දැනුනා.


ටෙක් එකට එන්නේ ජීවිතේ මොකක් හරි තැනකදි ගොඩක් අසාර්ථක උන ගත්ත කට්ටිය කිව්වට වැරැද්දක් නෑ. ගොඩක් අය, උ/පෙල (මං වගේ) ෆේල් වෙච්ච අය තමයි අපේ ඩිප්ලෝමා එකට ආවේ..ඒ වගේම සා/පෙළ අසමත් වෙච්ච සෑහෙන කට්ටියක් මේකෙ හිටියා. ඇත්තටම අපිට අපේ අසාර්ථකත්වය ගැන තිබ්බ හැගීම් මේ ටෙක් එකේදි නැති උනා. අපි කවදාවත් කොන් උනේ නෑ. ජීවිතේ හැම කට්ටක්ම කාපු කොල්ලෝ මේ ටෙක් එකේ ඉන්නවා. ඒ වගේම සැපට හැදුනු කොල්ලෝ කෙල්ලොත් මේකේ ඉන්නවා. ඒත් ටෙක් එකේදි ඒවා වැඩක් නෑ. මොකද අපි හැමෝම එකා වගේ වැඩ කරද්දි එහෙම වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං අපිට අත්දැකීම් ගොඩක් ලැබුනා. සමහර අත්දැකීම් කැම්පස් එකකට ගියා කියලා, වෙන වෙන ආයතනවල ඉගෙන ගන්න ගියා කියලා ලැබෙන ඒවට වඩා ගොඩක් වෙනස් උනා. අපි කට්ට කෑවා. ඒ වගේම අපිට ජීවිතය දැනුනා ටෙක් එක ඇතුලෙදි. ඒ වගේම අපි සතුටින් හිටියා ටෙක් ජීවිතය ඇතුලේ...








ටෙක් එකේ වැරදි ගොඩක් තිබ්බා. ගුරු හිගය ප්‍රධාන අවුලක් උනා. අපිත් එහෙම කට්ටක් කෑවා මාස 3, 4ක්ම. ඒ වගේම තව වැරදි, ශිෂයන්ට අවශ්‍ය සම්පත් වල ප්‍රශ්න තිබ්බා. මොන දේ උනත් අපි ඒවා පිරිමහගෙන අපේ වැඩේ කර ගන්න උත්සහ කලා. අපි ඒ වගේ ප්‍රශ්න එක්ක ටෙක් එකේ වැඩ කලත් අපිට ටෙක් එක අප්පිරියා උනේ නෑ. කවදාවත්.........

ඉතිං මං ටෙක් එකේ විස්තරය මෙතනින් නවත්තනවා. මේක ටෙක් එකේ රස කතා වලට පෙරවදනක් කියලා හිතන්න. මං අනික් පෝස්ට් එකේ ඉදං මේ වගේ වැල් වටාරං නෑ. කෙලින්ම ටෙක් එකේ ජොලි වැඩ වලට බහින්නං. ඒ ගැන විස්තර පෝස්ට් වල දාන්නම්.

ඉතිං මේ විදියට අපිට ටෙක් එකෙන් යන්න උනාට අපි ටෙක් එක දාලා යන්නේ ගොඩක් දුකින්. ඉතිං අපි පුලුවන් වෙලාවට ආපහු ටෙක් එකට එනවා. ඒ ලස්සන අපි ගොඩක් ආදරේ කරන ටෙක් එක කවදාවත් අමතක කරන්නෙ නෑ අපි. මොකද අපි එතන ඉගෙන ගත්ත නිසා.ඒ වගේම අපිට එතනින් ජීවිතය ගැන ඉගෙන ගන්න පුලුවන් උන නිසා......

 


2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අපේ ටෙක් ජිවිතය මේ අවුරැද්දෙන් ඉවරයි කියන එක මතක් වෙනකොටත් මහ පුදුමාකාර දුකක් දැනෙන්නේ. අපි මේ කාලය ඇතුලත හුගාක් අත්දැකීම් ලබා ගත්තා.

    ReplyDelete
  2. aththa chathu dr! mmm ape life 1 godak wenas una kalayak meeka! mm hoda naraka dekama + wela ......

    ReplyDelete
Previous Post Next Post

Contact Form