එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ..........




ඔබෙ සිහින වල මා හිදී.. මගෙ සිහින වල ඔබ හිදී.. එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ..........  = )



ඇත්ත.. මේක ගොඩක් ඇත්ත කතාවක්.. ආදරේ කරන හැමෝම නැතත් ගොඩක් අය, බහුතරයක් ජීවත් වෙන්නෙ සැබෑ ලෝකෙ නෙමෙයි.. සුන්දර සිහින ලෝකයක. ඒ ලෝකෙ තියෙන්නෙ ලස්සන, සතුට, ආදරය විතරයි. ඇත්ත ලෝකයේ තියන ප්‍රශ්න, දුක් කරදර මේ සිහින වල නෑ. ඇත්තටම මේ සිහින ලෝකය කොච්චර සුන්දරද? ඇත්ත ලෝකයත් මේ වගේ ලස්සන එකක් උනානම්!














ඒත් ඇත්ත ඒක නෙමෙයි. මාධව කලින් දාපු බ්ලොග් පෝස්ට් වල ඒ ගැන දාලා තියනවා. ඇයි මේ ආදරේ කරන අය මේ තරම් හීන වල ජීවත් වෙන්න කැමති? මාධවලග ඒකට උත්තර නෑ! ඒත් මාධවත් හීන දකිනවා ඕන තරම්!මාධව හීන වලට බනින්නෙ නෑ! ඒත් මාධවට ඕනි හැබෑ ලෝකයේ ජීවත් වෙන්න. 

ගෙදර වැඩට ඉන්න කොල්ලත් එක්ක ලුණුයි බතුයි කන්න හිතාගෙන පැනලා යන පෝසත් කෙල්ලො, රස්සාවක් නැතුව ඉන්න දුප්පත් කොල්ලො එක්ක පැනලා යන කෙල්ලො ආපහු එන්න ඇයි? හීන නිසා නෙමෙයිද? කාලයක් තිස්සෙ මවපු හීනය ඇත්ත උනා කියලා හිතාගෙන පැනලා ගිය කෙල්ල ආපහු එන්නෙ ඇත්ත තේරුං අරන්. ඒත් එහෙම ආපහු ඇවිත් ආදරේට වෛර කරන එක වැරදියි. ඇත්ත තේරුණ් අරන් සැබෑ ලෝකයේ ඉදන් ආදරය කරන අයට ඔය ප්‍රශ්න නෑ.

මාධව විශ්වාස කරන දේ තමයි ජීවිතයට ආදරය එකතු කර ගන්න ඕනි! ඒත් ආදරේ ජීවිතය කර ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි! අපි ආදරය කරන්න ඕනි සැබෑ ජීවිතයේදි මිසක් හීන වල ඉදන් නෙමෙයි.

ආදර හීන වල ජීවත් වෙන්නෙ කවුද? ඇත්තටම ගොඩක් මේ වගේ සිහින වල ජීවත් වෙන්නෙ අහිංසක කොල්ලො කෙල්ලෝ මිසක් වෙන කවුද? මේ අකීකරු සමාජයත් මේකට වග කියන්න ඕනි. අනිවාර්යයෙන්ම මාධව ඒකෙ වගකීම සමාජයත් පටවන්න බය වෙන්නෙ නෑ.

අද බස් එකක ගියත් ඉන්න ලස්සන ආදරවන්තයෝ අතරින් ගොඩක් අය පාසල් යන නංගිලා මල්ලිලා තමයි! එයාල ඉන්න විදිය දැක්කම වෙලාවකට දුකයි! ඇත්තටම! මොකද එයාලා දන්නෙ නෑ ජීවිතේ තියන වගකීම! ගොඩක් දුර යන්න ඉන්න මේ අහිංසකයෝ මේ ඇත්ත දන්නෙ නෑ!එයාලා හීනයේ ජීවත් වේවි! කවදා හරි එයාලා ඇත්ත තේරුම් ගන්නකොට ගොඩක් පරක්කු වෙලා! = ( ඒකට වග කියන්න ඕනි එයාලට ඒ හීන මවන්න උත්තේජක සපයන මේ සමාජය නෙමෙයි නම් වෙන කවුද?

මාධවගේ පෝස්ට් එකේ දාන්න ගොඩක් දේවල් තියනවා! ඒත් මාධවට හිතෙන්නෙ නෑ! මොකද මේවා බ්ලොග් එකක කිව්වා, ලිව්වා කියලා මේවා හැදෙන්නෙත් නෑ!

ඒත් තව ඒකම එක පාරක් මාධව දෙයක් කියන්න කැමතියි! ඒ තමයි .......

ජීවිතයට ආදරය එකතු කර ගන්න. ඒත් ආදරේ ජීවිතය කර ගන්න එපා. අපි ආදරය කරන්න ඕනි සැබෑ ජීවිතයේදි මිසක් හීන වල ඉදන් නෙමෙයි.

අන්න එතකොට හොයන ආදරේ ඔයාලට දැනේවි!

සුභ දවසක්.........................................

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form