Posts

Showing posts from August, 2011

තවත් පාසල් කතා.... කාඩ කතා සංගමය හා තවත් කතා.....

Image
මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් පැද පැද හිටියා. ඉස්කෝලේ ඇතුලටත් පැදගෙන ගිහින් පිට්ටනියටත් දාලා ඒකෙත් හොදට රවුම් රවුම්, ලොකූ අටවල් ඇදලා ආපහු  චම්පිකා අක්කගෙ කඩේ පැත්තෙන් ඒකෙ ඉන්න කෙල්ලට සීන් (අපේ ප්‍රශාට නෙමෙයි) පාරක් දාගෙන ආපහු ගෙදර එනකොට තමයි දැක්කේ මෙච්චර වෙලා පාරෙ ඇවිත් තියෙන්නෙ රිම් එකෙන් කියලා. හුලං යෑමේ  සිදුවීම පිළිබදව පශ්චාත් පරීක්ෂණයකින් පසුව හිස ලොකු අල්පෙනිත්තක් ඇනී ඉදිරිපස රෝදයේ හුලං ගිය බව සොයා ගත් අතර ඒ අල්පෙනිත්ත ගලවා ඉවත් කල පසු පයින් නිවාසය කරා පැමිණීමට මාධවට සිදු වී ඇත. (මහා බයිසිකල් රාජයා කර මතින් තබාගෙන). ඊට අමතරව ඒ අල්පෙනිත්ත පාරේ හෝ පාසල තුල දාලා ආව එකාගේ ***ට හා මුලු පරම්පරාවටම කිඹුහුම් කෝටියක් යන පද වැලක් දෙකක් පඹැදීමටද මාධව අමතක කලේ නැත( දන්නා හොදම වචන භාවිතා කල බව සතුටින් සිහිපත් කරමි).........

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඉතිං මං මේක පටන් ගන්නම් අපි එකොලහ ශ්‍රේණියේ ඉන්නකොට කරපු වැඩකින්ම....

මම එකොලහේද…

තවත් ටෙක් කතා.... හයි ස්කූල් එකේ කෙල්ලෝ, කිඹුලෝ සහ තවත් කතා...

Image
මේ කියන කතා සේරම නුවර  වයි. එම්. බී. ඒ. ටෙක් එකේ වෙච්ච සිද්ධි.


ම්ම්ම් මෙන්න ගේම් කතාවක්. අපේ සුදු නංගි දවසක් අසංකයගෙන් ගේම ඉල්ලුවා. ඒ ඇයි? අපේ අසංකයගේ අඩත් තේට්ටම් ඉවසා ගත නොහී ඈ ගත්ත තීරණයක්! ඉතිං මේකට මමයි ලක්ෂිතයි ලොකු ඔට්ටුවකුත් ඇල්ලුවා.මං අසංකයා දිනුම්! ලක්ෂිත නංගි දිනුම්! ඉතිං එක පාරක් මේ දෙන්නා බාත් රූම් එකේ දොර ලගදි ඇවිලුනා! අන්තිමට කොහොම හරි ගැටුම සමතයකට පත් උනා. මේ ගැටුම ඇත්තෙන්ම හුදු විහිලුවකට එහා ගියේ නෑ. ඒක විනෝදයටම පමණක් සීමා වූ ගැටුමක් වෙලා තිබ්බේ! ඉතිං අපිත් කලේ මුං දෙන්න එකට ඉන්න තැන් වලදි දෙන්නව අවුස්සන එක. එතකොට උං නියමෙට බැනගන්නවා.මුං දෙන්නා කෙල ගන්න වීඩියෝ එකක් මං ලග තියනවා! ඒක් ඒක දාන්න මට අන්ලිමිටඩ් කනේක්ෂන් නෑනේ! ම්ම්ම්ම්!..




ආයේ දවසක් මැඩම් ඇවිත් අපිට දේශනයක් තියනවා! මේ ටෙක් එකේ ඉන්නකොට ටෙක් ඇදුමෙන් ආදරය හෝ ඊට ආසන්න දේවල් තහනම්! යකෝ මේක මාර වැඩක්! අපිට තව දුරටත් ආරංචි උනා මෙහෙම කියන්න හේතුව!! අසංක වගේ උස කොල්ලෙක් එක්ක නදී වගේ එච්චර උස නැති දෙන්නෙක් බෝගම්බර පැත්තෙ ඉදලා තියන විත්තියක්! මට හිනා යන්න ආවා! නදී බෝගම්බර යන්න තියා ඒ හතර මායිමක යන්නේ නෑ! ඒකි යන…

ටෙක් එකේ සිද්ධි... කැලෑ ගිනි තැබීමෙන් වළකිනු සහ තවත් කතා......

Image
මං කලින් පෝස්ට් එකේදි කිව්වනේ ආයෙ ටෙක් එකේ කතා වලදි වැල්වටාරම් නෑ කියලා. ඉතිං කෙලින්ම බහිමු කතාවලට...........




මේක උනේ මහනුවර ටෙක් එකේ ඉන්නකොට. ඔන්න දවසක් අපේ ටෙක් එකේ තිබ්බ කුණු ගොඩක් කවුදෝ ගිනි තියලා. මේක ටික ටික ඇවිලිලා කැලේ මාන පදුරු පැත්තට පැතිරුණා. දැං මහ ගිනි ජාලාවක් එතන. අපිට මාර ආතල්! ඉතිං අපි ඉගෙන ගන්න එක පැත්තක දාලා එලියට රොක් උනා මේ ගින්න බලන්න. දැං පහල සංගමේ (YMBA) කස්ටිය උඩ පැන පැන වතුර ගගහා ගින්න නිවනවා. මෙලෝ රහක් නෑ. මහා ලැව් ගින්නක් වගේ එකක් බාල්දි වලින් නිවන්නයැ? ඒත් අර ලේනා මුහුද ඉස්සා වගේ මුං වතුර අදිනවා. ඉතිං ඕක දැකපු අපේ රිකාස්ටත් මොකක්ද එකක් ගැන හිතක් පහල උනා. ඒ තමයි ගින්න නිවන එවුන්ට වතුර සැපයීම. ඉතිං මූ දුවං ගියා බාත් රූම් එකට. ගත්තා පුරවලා වතුර එකක්! කෙලියා ඒක  සංගමේ (YMBA) කළමණාකාරයට. ඌ රිකාස්ගෙ අම්මව කිඹුහුම් යන තත්වයට පත් කර කර ගින්න නිවන්න ෆුල් ට්‍රයි එක. ඒ අස්සේ අපේ එකා තව දෙතුන් පාරක්ම වතුර සප්ලයි කලා උන්ට. අරූ (කළමණාකාරයා) අම්මා මූ නැතුව බැන බැන ගින්න නිවනවා.  ඒක දැකපු මටයි ලක්ෂිතටයි මැරෙන්න හිනා....!

----------------------------------------------------…

ටෙක් ජීවිතයේ ගෙවී යන තත්පරයක්ම.......... දෙක කොටස

Image
ඉතිං මං කලින් පෝස්ට් එක නැවැත්තුවේ ඩිප්ලෝමා එකකට ආව කියලනේ.කලින් පෝස්ට් එක කියවලා නැත්තන් ගිහින් බලන්න මෙතන කොටන්න. ඔන්න එතන ඉදන් මං අවුරුද්දක කාලයක් ආයෙත් ටෙක් එකේ සතුටින් නිදහසේ වැඩ කරන්න උනා. පරණ සෙට් එක වගේම අලුත් කට්ටියත් ගොඩක් එළට සෙට් උනා. නුවර ටෙක් එකට වඩා පේරදෙණියේ ටෙක් එකේ කට්ටිය ගොඩයි. ඒ නිසා ඇත්තටම ගොඩක් සිදුවීම් තිබ්බා මේ පේරාදෙණිය ටෙක් එකේ. මෙහෙ පාඨමාලා වර්ග හයකට කට්ටිය හිටියා. මෙන්න මේවයි ඒ පාඨමාලා...

1. CISCO පරිඝණක ජාල කරණ පාඨමාලාව
2. NDICT ඩිප්ලෝමා පාඨමාලාව
3. CISCO A+ පරිඝණක දෘඩාංග පාඨමාලාව
4. වායු සමීකරණ හා ශීත කරණ පිළිබද ඉංජිනේරු පාඨමාලාව
5.ප්‍රමාණ සමීක්ෂණ ඉංජිනේරු පාඨමාලාව
6. රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව

ඉතිං මං හිටියේ  NDICT  ක්ලාස් එකේ. ඔන්න ඔය විදියට පාඨමාලා කීපයක් තිබ්බට අපි සේරම (ප්‍රශ්න නැතුව නෙමෙයි) විනෝදෙන් ටෙක් එකේ ජීවිතේ ගෙව්වා. ටෙක් එකේ නීති පද්ධතිය ටිකක් ඉස්කෝලේ කාලේ වගේම නිසා අපිට ඕකට ආයෙත් පුරුදු වෙන්න උනා. ඉතිං ඔහොම මං ටෙක් එකේ  මගේ  දෙවෙනි අවුරුද්ද ගත කරනවා. ඉතිං මං අපේ ඩිප්ලෝමා එකේ කස්ටිය අදුන්වලා දෙන්නම්.

සුදු අක්කා තමයි අපේ පංතියේ ඉන්න ලොකුම එක්…

ටෙක් ජීවිතයේ ගෙවී යන සෑම තත්පරයක්ම......................

Image
ටෙක් ජීවිතය තුල ගෙවෙන තත්පරයක්ම  දැන් දුකින් පිරිලා. අපිට ටෙක් එකෙන් යන්න කාලය ඇවිත්. මේ මං ගොඩක් දුකින් ලියන පෝස්ට් එකක් මේ. ආයේ කවදාවත් අපිට ටෙක් එකේ ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙද්දි ගොඩක් දුකයි. සමහර විට මං ටෙක් එකේ ඉන්න ගමං ටෙක් එක ගැන ලියන අන්තිම පෝස්ට් එක මේක වෙන්න පුලුවන්! ඊට පස්සෙ මට ටෙක් කතා වල ලියන්න වෙන්නෙ පරණ මතකයන් ගැන විතරයි. ටෙක් එකෙන් එලියෙ ඉදං තමයි ටෙක් එක ගැන ලියන්න වෙන්නෙ. ඒත් ආයෙත් අපි ටෙක් යන්නෙ නැති නිසා ලියන්න කියන්න අලුත් රසවත් ලස්සන කතා නැති වේවි. ඒ ගැන මතක් වෙද්දි මාධවගේ හිතට දුකයි. ගොඩක්. ඇත්තටම..

මාධව ටෙක් එකට ආපු විදිය ගැන කලිං කිව්වා. මෙන්න මෙතන කොටලා බලන්න. මේකේ තියනවා අහම්බෙන් මාධව ටෙක් එකේ තොරතුරු තාක්ෂණ පාඨමාලාව කරන්න සෙට් උන විදිය.ඒ වගේම මාධවගේ යාලු සෙට් එක ගැන. තාමත් අපි ටික දෙනෙක් හරි ඉදලා ඉදලා හරි හම්බෙනවා. එස් එම් එස් වලින් හරි, මිස් කෝල් එකකින් හරි අපි තාමත් යාලුවෝ කට්ටිය එකිනෙකා ගැන හොයනවා. දැන ගන්නවා. ඒ වගේම කරදර උන වෙලාවලදි අපි එකිනෙකාට පුලු පුලුවන් විදියට උදව් කර ගන්නවා.. විශේෂ අවස්ථා වලදි කෝල් කරලා සුභ පතනවා. තාමත් (මං අද නදීට සුභ පැතුව…

ලොලීටා................................ 03 - සුදු මල් පොකුරු අතැතිව

Image
ඉතින් කතාව ආයෙත් ගලාගෙන යන්න පටන් ගන්නවා. කොල්ලනේ කෙල්ලනේ අහන් ඉන්න සිහිනයක් වූ ඇත්ත ආදරයක් ගැන ආවර්ජනයක්! හැගීම් පිරුණු ආදරය............


ඉතින් පුංචි ලෝ....... ඔයා මං ඉදිරියේ ඉන්නවා..... මට හීනයක් වගේ දැනුනත්. ඒක හීනයක් නෙමෙයි. මාධව ඒක ඇත්තටම විද ගත්තා. තත්පර කීපයක සොදුරු මොහොත. ඉතින් අසාපල්ලා මෙන්න තවත් ටිකක් ඒ ආදරේ වෑහෙන කතාවෙන්. ඒක හදවතක විතරයි පැහැදිලිවම ඒ ආදරේ, ඒකි මට ආදරේ කරේ නෑ. ඒක මං දන්නවා. මං වගේ කොල්ලෙක් දිහා ආදරෙන් බලන්න හ්ම්ම්! ඔයා වගේ පුංචි සෙව්වන්දියක්.... නෑ කෙල්ල ඔයාට ඒක සුදුසු නෑ. කෙල්ලේ ඔයාට ගැලපෙන කොල්ලෙක් මේ ලෝකෙම ඉන්නවද දන්නෙ නෑ. ඔය ලස්සන ඇස් වලට ආදරේ කරන, ඔය රෝස තොල් වලට ආදරය පිරුණු හාදු දෙන්න පුලුවන්, ඔය දෑතට ජීවිතය දෙන්න පුලුවන්, ඔය ලස්සනට ගැලපෙන කඩවසම් කොල්ලෙක්, මගේ ලොලීටට! අපොයි නෑ මං හිතන්නෙ නෑ! ඒ තරම්ම ඔයා ලස්සනයි කෙල්ලේ....



මීදුමක් වගේ පා වෙලා ආපු ඔයා දැන් මං ඉස්සරහින්ම පාරේ අනික් පැත්තේ ඉන්නවා. මටත් පාර පැනලා එයා ලගට යන්න හිතුනා. ඒත් මං තාම හිටපු තැනම ගල් ගැහිලා වගේ.. මං හුස්ම ගන්න හැම වාරයක්ම මහා බරක් නිදහස් වෙනවා මට දැනුනා. මං හොය හොය ඉදපු, මං ආසාවෙන්…

පාසල් කතා තව ටිකක්! ඔන්න එහෙනම්! කියවලා බලන්න!

Image
ඔන්න මං මගේ බ්ලොග් එකට ලස්සන පෙනුමට තියන ටෙම්ප්ලේට් එකක් එහෙම දාලා ටිකක් මොඩ් කලා. මං ස්තූති වන්ත වෙනවා මගේ පරණ බ්ලොග් ටෙම්ප්ලේට් එකට. මෙච්චර කල් මගේ බ්ලොග් එක ලස්සන කරලා දුන්නට. මං ඒ ටෙම්ප්ලේට් එක මාරු කලේ ඒකේ තිබ්බ අවලස්සනක් නිසා නෙමෙයි. ඒ ටෙම්ප්ලේට් එකේ පොඩි ඉඩ මදි ගතියක්, ඒ වගේම සමහර ඔප්ශන්ෂ් වලදි පොඩි ගැටලු තත්වයත් ඇති වුන නිසා. ම්ම් අලුත් පෙනුම හිතට අල්ලන එකක් කියලා මට නම් හිතෙනවා. ඔයාල -  කියවන ඔයාල ඒ ගැන මොකක්ද හිතන්නෙ.......?
ඉතිං මං අද මේ පැත්තෙ ආවේ ඊයේ රෑ මට මත්ක් උන ඉස්කෝලේ සිද්ධි ට්කක් දාන්න හිතුන නිසයි. මේ ලියන දවසට කලින්දා රෑ මට නින්ද ගියේ නැති නිසා ( ඒකට හේතුව වෙන  කිසිම දෙයක් නෙමෙයි, නිදිමත නැති කම......) මං ඔහේ ඇදට වෙලා කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපි ඉස්කෝලේ කාලේ කරපු තවත් අංඩපාල වැඩ ටිකක්!.සිද්ද වෙච්ච ලස්සන ආතල් වැඩ ටිකක්!.. මට මේවා කලින් දාන්න හිතුනත් කුණුහරුප කේස් කියලා අවුල් හිතුන. ඒත් ඇත්ත කතා නිසා ගනන් ගන්න එපා. අපි කාටත් මේ වගේ අත්දැකීම් තියනවානේ. ආයේ ඉතිං ඒ ගැන හංගන්න ඕනි නෑ. ඔහෙනම් මේන්න කතා ටික. කියවලා, හිනා යනවනම් හිනා වෙන්නකෝ...
ඔන්න අපි උසස් පෙල ක…

ලොලීටා.................... 02 - මල් පිරුනු පුංචි ගවුම

Image
-----------------------------------------------------------------------------


කොල්ලනේ, කෙල්ලනේ. මේ මුලු කතාවම ඇත්ත. මේ මහ පොලවේ වැලි කැට ගණන තරම්ම මේකෙ ඇත්ත පිරිලා. මං මේ කියන්නෙ ඇත්තම ඇත්ත! මේ හුදකලා වූ සිතක ඇතිවූ ඇත්තම ඇත්ත ආදරයේ කතාව. සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත කතාව........

ඉතින් මං ආයේ පටන් ගන්නම්! සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත ආදරයක වර්තමාන මතකය........

එදා ඒකි මං ලග කිව්වට මං අඩි තුන හතරක් ඈතින් හිටියේ! මට ඒකිට ලං වෙන්න ඕනි උනා. ඒ සුන්දරත්වයට වශී වෙන්න තව තවත්. මෙන්න එදා ඇයගෙන් මා දුටු ලස්සන. කොල්ලනේ, කෙල්ලනේ, මම කවියෙක් නෙමෙයි. මං කතා කාරයෙක් නෙමෙයි. මට නිසදැස් ලියන්න බෑ. මං එලි සමය අදුනන්නෙ නෑ. මං එදා දැක්ක ලස්සන ගැන කියන්න මට මහා වචන නෑ. මං දන්න සිංහලෙන් කියන්නම්. ඇත්තම ඇත්ත ලස්සන.

සෙව්වන්දියගේ සුන්දරත්වය........ මං දැකපු ඇත්තම සුන්දරත්වය..................

ලා නිල් පාට අත් කොට ගවුමකින් ඇය සැරසිලා හිටියා. ඒ ලස්සන ගවුමේ චූටි මල් වැටුන රටා තිබ්බා. ඇගේ ලස්සන සුදුම සුදු දනහිස් ඒ ගවුම ඇතුලෙන් යාන්තමට පෙනුනා. ඇත්තටම ලස්සනයි. මාව මත් වෙලා ගියා. සුදෝ සුදු රෝස පාට පා පතුල් වලටම ගැලපෙන ලස්…

My 50th Blog Post..... මගේ 50 වැනි බ්ලොග් ලිපිය....

Image
මං මගේ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර. ඇත්තටම කියනවනම් ඒක නිවැරදිව ලියන්න පටන් අරන් අවුරුද්දක් විතර වෙලා. මං බ්ලොග් එක හැදුවට ඒක නොලියා ඉන්න හේතු ගොඩක් තිවුනා. මං අද විශේෂ පෝස්ට් එකක් දාන්නම්! හැම දෙයක්ම ගැනම ලියලා. ඒත් නොලියවුනු, නොකියවුනු දේවල් ගැන සමාව ඉල්ලනවා. එහෙම වෙන්න කලින්ම.

 මං බ්ලොග් එකක් හැදුවෙ මං එක්තරා දුරකතන සමාගමක තාවකාලික පුහුණුවක් ලබන කාලයේ. ඒ කියන්නෙ දැනට අවුරුදු දෙකක් විතර ඇති. ඒත් මං දැනන් හිටියේ නෑ කොහොමද බ්ලොග් ලියන්නෙ කියලා. මං ඒ ගැන තේරුමක් තිබ්බෙම නෑ. ඉතිං මං ඒක නිකං පෙනුම විතරක් ඩිසයින් කරලා ඔහේ තිබ්බා. මාස ගාණක් නිකං...

ඉතිං මං ඒ කම්පැණි එකේ ට්‍රේනිං ඉවර කරලා පාරට වැටුනම, ඇත්තටම වැටුනෙ ආපහු ටෙක් එකට. ඩිප්ලෝමා එක කරන්න ඕනි නිසා මං ආයෙත් ටෙක් එකට ගියා. ටෙක් එකේ මාස 2 තුනක් නිකංම ගෙවුනා. ඔහේ වැඩ කටයුතු එක්ක ගෙවෙන්න ගත්තා. මං මූනු පොතට ඇබ්බැහි වෙලා හිටියත් ඒකත් එපා වෙලා තිබ්බ කාලයක් මේක. දැනුත් මං මූනු පොතින් ඒ හැටි වැඩක් ගන්නෙ නෑ. මං මූනු පොතින් ඈත් වෙන්න විදියක් හෙව්වා.

ඔහොම කල් ගෙවෙද්දි මං අහම්බෙන් දැක්කා මූනු පොතේ තියනවා අනුරාධගේ බ්ලොග් කියලා ෂෙයා…

ලොලීටා................. රතු පාට හැන්දෑව

Image
එක දවසක එක හවසක! මට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. මං කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්තම ආදරයක කතාව ..... 
මමත් සෙව්වන්දියකට පෙම් කලෙමි.......
මේක ආදරය විතරමයි. සිහින මෙතන නෑ. සිතුවිලි පිරුණ ඇත්තම ඇත්ත ආදරයක කතාව. සිතුවිලි හා ඇත්තම සිදුවීම් පෙළක එකතුව.එහෙනම් අහපල්ලා මේ පපුව පිරෙන්න ඒක පාර්ෂ්විකව මවිසින් කලා වූ ආදරයක කතාව.....
උඔලට ඒක දැනේවි! 
මමත් සෙව්වන්දියකට පෙම් කල අරුමය..............
එක දවසක ....  මමත් පුංචි කෙල්ලෙක්ට ආදරේ උනේ අහම්බෙන්. මේ කියන කාලයේ ඒකිට වයස 14ක් විය යුතුයි. ඒකි ලස්සනයි. ගොඩක්. තාම ඉස්කෝලෙ යන චූටි එකියක්. ඒකි දගකාරද මං දන්නෙ නෑ.ඒකි දක්ෂයිද මං දන්නෙ නෑ. ඒකි නපුරුද මං දන්නෙ නෑ. මං කිසි දෙයක් ඒකි ගැන දන්නෙ නෑ. මං ඒකිට ආදරේ වුනා කියලා විතරයි මං දන්නෙ.. මට දැනුනෙ ඒ හැගීම විතරයි.මට හැගීමක් දැනුන. ආදරේද ඒ? මට තේරුන් ගන්න බැරි වුනා. මං ඒ හැගීමට අලුත්. මෙන්න මං එක පාරටම සෙව්වන්දියකට පෙම් කරන්නෙක් වෙලා.......
මට කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනි. මගේ පපුව ඇතුලෙන් එන ඇත්ත ලියන්න ඕනි. මං ඒකි ගැන හිතපු හැම දේම. කිසි පිළිවෙලක් නෑ. මං හිතුව හැමදේම මං කියනවා. ඒකි ගැන…

ග්‍රීස් යක්කු ගැන තවත් කතා..........

Image
(මේ කියන්නා වූ සියලූම කතාවන්ගේ සත්‍ය අසත්‍ය බව සම්බන්ධව ලියුමකරුගේ හෝ මේ අදාල චරිත වල කිසිදු වගකීමක් නොමැති අතර ඒ සියල්ල මෙම ලියුම් කරු හට හා මෙම චරිත වලට අසන්නට ලැබුනු කට කතා පමණක් බව සලකන්න)

මෙන්න තවත් යක්ෂ කතා.. අහිංසක ග්‍රීස් යක්කුන්ගේ කතා. මේ කතා ඇහෙද්දි මට හිතෙන එක දෙයක් තියනවා. ඒ තමයි ලංකාවේ මේ තරම් පිස්සෝ ඉන්නවද කියන එක??? ඇත්තටම එහෙම පිස්සෝ ගොඩක් ඉන්නවනම් මේක මල විකාර සමාජ ප්‍රශ්නයක් වේවි! අපොයි.... ග්‍රීස් යක්ෂ සංචිතයක් ඇති වෙලා වගේ  බලන් යද්දි. ඒ තරම්ම යක්කු.........

මට මේ පෝස්ට් එක දාන්න හිතුනෙ අපේ සුරංගි, චතූ, හිරෝ සහ අපේ අම්මා මට කිව්ව කතා ටිකක් නිසාමයි...

මං පටන් ගන්නම් අපේ අම්මා මට කිව්ව කතාවකින්ම.
අපේ අම්මා වැඩ කරන ඔෆිස් එක තියෙන්නෙ එක්තරා උසාවියකට අල්ලපු වැටේ. මොකද අපේ අම්මලටත් උසාවි එක්ක වැඩ කරන්න වෙන නිසා. ඉතින් ගිය සතියේ එතන මහා කලබලයක් තිබ්බලු. මිනිස්සු එකතු වෙලා කැ ගහල එහෙම. බලද්දි මේ කියන ජාතියෙන් එකෙක් අල්ලන් උසාවි දාන්න ගෙනත්! ඒ කොල්ලගෙ අල්ලපු ගමේ එවුන් ඌට නෙලන්න තමයි උසාවිය ලගට ඇවිත් තියෙන්නෙ.
පසුව දැන ගත් පරිදි ඒ යකා, යකෙක් නොව හොර ගෙඩියෙක් බව ( අහිංසක ග්‍…

Gift.............. තිළිණය..............

Image
මං අද උදේම මං ගොඩක් කැමති මගේ යාලුවෙක්ට කතා කලා. ඊයෙ එයාව හම්බ උනාම මට වෙච්ච අමතක වීමක් ගැන එයාට කියන්න ඕනි නිසා. ඒත් මං එයාට කෝල් කරලා ඒ කතාව නොකියා හිටියනම්, මං ගොඩක් අවුලෙන් මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතන්නෙවත් නෑ. හැබැයි එයා මට කවදාහරි එහෙම දෙයක් කියන්න හිතාගෙන හිටියනම් ඒක අදම කියපු එක ගොඩක් හොදයි.


මෙන්න මෙහෙම මං ලියන්නම් කතාව..........................


මං ගොඩක් කැමති යාලුවෙක්ට, මං ගොඩක් කැමැත්තකින් පුංචි උපන්දින තෑග්ගක් හොයල හොයල අරන් තියාගත්තෙ ගොඩක් ආසාවෙන්. ගොඩක් ලස්සන නැති උනත් එයාට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුන දෙයක්. මහ ලොකු වටින දෙයක් නෙමේ. කොහොම උනත්.......





මං ඒක ගැන කිව්වම එයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කලා. ඒක මට ගොඩක් අවුල් උනා. මං එයාට කෝල් කලේ මං ඒ ගත්ත තෑග්ග ඊයෙ එයාට ගේන්න අමතක උනා කියල කියන්න. ඒත් මට හිතුනා කෝල් නොකලනම් කොච්චර හොදද කියලා. මට මේ වගේ හිත් රිදීමක් ඇති වෙන්නෙ නෑ එහෙම කෝල් නොකර හිටියනම්.


කමක් නෑ. එයාට ඒක දෙන්න කලින්ම එයා ඒක ප්‍රතික්ෂේප කරපු එක ගැන මං මොකුත් හිතන්නෙ නෑ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවනම් මං මොනා කරන්නද? මං කෙනෙක්ට ගොඩක් ආසාවෙන් ගත්ත තෑග්ගකින් මට කිසිම වැඩ…

ටෙක් කතා - බැට් ෆයිල්ස්! සමග බැට් බයිට්ස්!

Image
මේ කතා ටෙක් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්න කොට (මහනුවර YMBA ) කරපු ආතල් කේස් එකක්! මේක IT  වලට සම්බන්දයි! ඒත් ඇත්තටම ඇති දෙයක් නෑ! බැට් ෆයිල් වලින් ගත්ත ආතල් කතා ටිකක් තමයි මේකෙ දාන්න යන්නෙ මං! මේක දාන්න මට හිතුනෙ ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් එකේ පොර බැට් වලින් කරපු වැඩක් ගැන දාපු පෝස්ට් එකක් & අපේ ඉසංක මල්ලි එයාගෙ බ්ලොග් එකේ දාපු ආතල් බැට් කෝඩ් වගයක් දැකපු නිසයි.

ඔය බැට් ෆයිල් සංකල්පය මට අලුත් නෑ මේ කියන කාලෙ වෙද්දි! මොකද පරිඝණක සගරාවෙ කීප සැරයක්ම මේ බැට් ෆයිල් වලින් කරන්න පුලුවන් එක එක වැඩ ගැන සදහන් කරපු ලිපි මං කියෝලා තිබ්බ නිසා.
ඒ නිසා අපේ ටෙක් එකේ කට්ටියට වඩා මට ඒ ගැන දැනුම ටිකක් වැඩියෙන් තිබ්බා. අන්න ඒ නිසයි මං බැට් වලින් ආතල් ගන්න මාර චාන්ස් ආවේ! ඒත් ඒවා ලියන්න කලින් බැට් කියන්නෙ මොනවද? මොනාද මේ බැට් වලින් කරන්න පුලුවන්? බැට් වලින් එන බයිට් වලින් ගැලවෙන විදි ටිකක් ඉස්සෙල්ලම කියලා ඉන්නම්........
බැට් ෆයිල් කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ තියන ඩොස්  (Windows Xp, windows Vista, Windows 7 වලදි නම් ඇසසරීස් වල කමාන්ඩ් ප්‍රොම්ප්ට්) උදව් කරගෙන හදන්න පුලුවන් සරල වැඩසටහනක් කියලා කියන්න පුලුවන…

ඉස්කෝලේ කතා - මේවා අමිල ගැන!!!

Image
මේ අමිලයාම සහ අනිකුත් කට්ටියගේ බලවත් ඉල්ලීම උඩ දමන පාසල් කථා ටිකකි!




අපේ ටොමියා ඉස්කෝලේ යන කාලේ හෙන පොර! මායි ටොමියයි සෙට් උනේ 1 ශේණියේ ඉදලමයි! මට මතකයි මූ ඉස්සෙල්ලම අපේ ක්ලාස් එකට ඇවිත් බුම්මගෙන ඉදපු හැටි! ඒත් පොර එළටම සෙට් උනේ ජානකයා එක්ක තමයි මුල් කාලේ!! පස්සෙ තමයි අපි එක්ක සෙට් උනේ...

මූ ආපු දවස් වල ඉදලා නියම වැඩ කරු. ඉංග්ලිෂ් එහෙම සුපිරි.මැඩම්ලත් ආදරෙයි. වරදක් නෑ. පොරයි මමයි සෙට් වෙන්නෙ මෙහෙමයි. මට ඒක අමතක වෙන්නෙ නෑ, මොකද මට ඒක තාමත් මතක් වෙද්දි අවුලක් හිතට දැනෙන නිසා........

අමිලගෙ අම්මා, පොර පොඩි එකා කාලේ ඉදන් හිටියේ පිට රට. ඉතින් මූ අම්මා එවන එක එක ලස්සන බඩු අපිට ගෙනත් පෙන්නනවා. හිටපු ගමන් බැට් මෑන්, අරුන් මුං වගේ සෙල්ලම් බඩු, අරවා මේවා!ඔන්න එහෙම දවසක් පොර ගෙනාවා පැන්සල් උල් කරන ලස්සන කටර් එකක්. ඒක උඩ අශ්වයෙක් වගේ එකෙකුත් හිටියා. ඒක ලස්සනයි. අපි ඒක අත ගගා බලනකොට බඩු ටකස්! මගෙ අතින්!!

මට අවුල්! මං පාඩුවේ හිටියත්, කොහොම හරි ඕක මාව ඉස්කෝලෙ එක්කන් එන අපේ පුංචි, අපේ අම්මට සිද්ධිය කියලා!! පුංචි මූව හොදට දන්නවා! මොකද මූ දහම් පාසලේ හුරුබුහුටි කොල්ලනෙ! අනික මුගෙ නැන්දයි අපේ පුංචිලයි හොද…

නදී, චතූ, හිරෝෂි සමග භූතයෝ...................

Image
මෙන්න බහු බූත කතා හෙවත් මෝඩ චූන් භූතයින්ගේ කතා!

(කියවන්නාගේ අවධානය පිණිසයි, කරුණාවෙන් සලකන්න - මේ කියන්නා වූ සියලූම කතා ලියුම්කරුට හා මේ චරිත වලට අසන්නට ලැබුණු කට කතා පමණක් වල අතර ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පිළිබද වගකීමක් ලියුම්කරු සතුව හෝ මේ චරිත සතුව නොමැති  බව කරුණාවෙන් සලකන්න!)

අපි පටන් ගමු අපේ නදී කියපු කතා වලින්! මේ නදි නුවර කිට්ටුව ටවුමක ඉන්න ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්...... නුවර නවෝදය බී.ඒ.ක්ලාස් එකේ ඉන්න අහිංසකම (අපි නොදන්න :- o ) කෙල්ල කිව්වත් හරි............

මෙන්න නදීගේ භූත කතාව!

නදීට මං ඊයෙ කෝල් කරපු වෙලේ පොරට කට වැරදුන නිසයි මේ කියන දේ මං දැන ගත්තෙ. මං එයාට කෝල් කලේ පොඩි වැඩකට. කතා කරලා ඉවරවෙලා ෆෝන් එක තියන්න යනකොට මං කිව්වා " පරිස්සමින් ඉන්න නිලූ පුංචි " කියලා. ඒතකොටම මෙන්න මෙයා කියනවා "ඔව් ඔව් මාධව මේ පැත්තෙත් දැන් බූතයෝ ඉන්නවා " කියලා!

අන්න නදීගෙ ඥාව්වා පැන්න දොට්ට!!

ෂා මරුනේ! මාත් ආසයි ඔය වගේ කතා වලට! මං කලින් පෝස්ට් වලත් බූත කතා ගැන දාලා තියනවනේ! ඉතින් මං තව ටිකක් බිල ගියාවේ කියලා විස්තර ඇහුවා.

බලද්දි මේ කියන්නෙ ග්‍රීස් යක්කු ගැන. එයාලගෙ ගම පැත්තෙ දැන්…