දුං - බලයා සහ තවත් පාසල් කතා!

මාධවලා 12 ශ්‍රේණියේ ඉන්න කොට තමයි ශිෂ්‍ය නායක ඉල්ලන්න කියලා සර්ලා, මැඩම්ලා පණිවිඩ එවන්න ගත්තෙ. මාධවලාට හොද චාන්ස් එකක් කියලා අපි ඔක්කොම ඉල්ලුවා!



අන්තිමට ඉන්ටර් වීව් කරලා මාධවලාව  තේරුණා!  දැන් සතුටුයි! මොකද පොරවල් වගේ ඉන්න පුලුවන් නිසා!

මෙන්න තේරුණ කට්ටිය කීප දෙනෙක්!

අමිල,  (මාධව), දිමුතු, රුක්ෂාන්,ශිවන්ත,බටුවත්ත, බුද්ධි(හෙඩා!), අර්ජුන ඇතුලු තව තව කට්ටිය! (හැමෝම මතක නැති එක ගැන සොරි වෙන්ඩ ඕනි!) කෙල්ලෝ නම් -  ප්‍රශා, දීපශිකා, (හෙඩ්ලා දෙන්න විතරයි මතක) ඔන්න ඔහොමයි! ඉතිං මේ ගත්ත  ශිෂ්‍ය නායක කම ඉල්ලන් කෑමක් උනේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මාරු කරලා අලුත් කෙනෙක් ආවට පස්සෙ! අයියෝ ..............................

ඉස්සර  8.30ට විතර තමයි මාධව ඉස්කෝලෙ එන්නෙ! පාඩුවේ රැස්වීම් එහෙම ඉවර වෙලා උගන්නන්න පටන් ගන්නකොටම මේ මාධව පංතියේ ඉන්නවා! (ගෙදර ඉදන් විනාඩි 2යි ඉස්කෝලෙට) හොර පාරවල් වලින් එහෙන් මෙහෙන් දාලා වෙලාවට  ක්ලාස් එකේ!

ඒත් අලුත්  ප්‍රින්සිපල්  ආවට පස්සෙ සියලූම නායකවරු 7ට ඉස්කෝලෙට එන්න ඕනි! එක එක ශිෂ්‍ය නායක  කණ්ඩායම් වලට එක එක වැඩ මුර!! පරණ ප්‍රින්සිපල් ඉන්න කාලේ වගේ අයිස් ගැහිලි බෑ!

ශිෂ්‍ය නායකයින්ට අන්තිමට කිව්වෙ හු*ජ කොල්ලෝ කියලා! ඒ තරමටම අලුත් ප්‍රින්සිපල් මාධවලාට ආදරෙන් හිටියේ!!!

ඒ උනත් කට්ටිය අමාරුවෙන් ශිෂ්‍ය නායක කම කරගෙන ගියා! අවුලක් උනේ නෑ! නැත්තෙත් නෑ!!

-----------------------------------------------------------------------

ඉස්සර මාධවලා 11 ඉන්නකොට ක්ලාස් එකේ හිටියා රණංජය , පුබුදු කියලා කොල්ලෝ දෙන්නෙක්! උං දෙන්නා ඉන්න තැන මරුම ආතල්!

ඔය දෙන්නම නාවලපිටියේ එවුන් නිසා උන් ටිකක් අමුතුයි!! ඒ උනාට එළ! මාර කථා කියන්නේ!
රණා නම් මාධවලා එක්ක උ/පෙළ වෙනකල්ම හිටියත් පුබුදුවා අ/පො/ස කරලා ආපහු ආපු දිහාටම ගියා! ඒ කියන්නෙ ගොරකඔය පැත්තටම!

මෙන්න රණා සහ පුබුදුගේ සිද්ධි!

ඔය පුබුදුලා ත්‍රී වීලර් එකක් ගත්ත මුල් දවස් වල මූ එකසිය ගාණට ඒ ගැන තෙලක් බෙදුවා! ඒ ගැන කියලා වැඩක් නෑ! ඔන්න එක දවසක් මූ මාධවලාට කිව්වා ත්‍රී වීලර් එකේ ටයර් වලට හුලං ගහන්න ඉන්දියාවෙ යවන්න ඔනි! ලංකාවේ බෑ කියලා! මාධවලත් ගොන්නු වගේ අහගෙන ඉන්නවා! ඒත් රණා මේකෙ ඇත්ත දන්න නිසා ඌ කෑ ගහලා අරූට කින්ඩිය දානවා! එතකොට තමයි මාධවලාට තමන් ගිල්ල ලනුව තේරුණේ!

තව පාරක් මේ පුබුදුවා මාධවට කිව්වා ඌ අල්ලපු මයිනෙක් ගැන! මාර ටෝක් දුන්නේ! රණා ඕක නිසා ඌට (පුබුදුවට) ගැහුවා මයිනා කියලා කාඩ් එකක්!

ඒ මදිවට ඉස්කෝලේ තිබ්බ මාර්ග (traffic) මාර්ග ..මාර්ග මාර්ග .. ! නම මතක නෑ! (ඉස්කෝලේ ඉවර උනාම කහඉර මැද ඉදන් පාර මාරු වෙන්න උදව් කරන එවුන් කණ්ඩායම) , traffic කියමුකෝ! අන්න ඒ traffic කණ්ඩායමට බැදුන එවුන්ගෙන් මුං දෙන්නා තමයි නියම ගේම ගැහුවේ!

හැමදාම මැඩම්ට හරි සර්ට හරි  traffic  වලට කියලා මුං ඉස්කෝලේ ඉවර වෙන්න පැය 1/2 කට විතර කලින් පනිනවා! හැබැයි මුං යන්නේ  traffic  වලට  නෙමෙයි! ගෙදර! මුං කවදාවත්  traffic  වලට  කහ ඉර උඩ ඉන්නවා පාසලේ කවුරුත් දැකලා නෑ!

තව දවසක් මෙවුං  සමාජ අධ්‍යයනය කරන්න ආව සර්ට හැදුවා නියම නමක්! එතකොට මාධවලා නමයේ!
ඒ නම හදන්න හේතුව ඒ සර්  කෝට්ටක් රැල් වෙනකල් අපේ පංතියටම නෙලුව එක!!

ඒ ආව සර්ගෙ නම .......................... දැන්ම කිව්වම වැඩක් නෑනේ!!
මේක විසදලම හොයා ගන්නකෝ!

මුං දෙන්නා හැදුවේ මරු තුන් තේරවිල්ලක්! ඒක උන් දෙන්නගේ දක්ෂ කම!

ඒක විසදුවම සර්ගෙ නම හොයා ගන්න පුලුවන්!!

මෙන්න මේකයි තේරවිල්ල


" ගිනි කරවල  "

උත්තරේ පහල තියනවා!

මාධවලා ඒදා සර් ක්ලාස් එකෙන් යන කල්ම ගිනි කරවලයා ගිනි කරවලයා ගගා මුමුණ මුමුණ හිටියා!

-----------------------------------------------------------

මයිනා කියද්දි මතක් උනේ! වවුලෝ ගැනත් තියනවා කථා ටිකක්! ඒ ටික ඊ ළග එකෙන් දාන්නම්! අද ඩිලයිට් ඉවරයි! එහෙනම්! සුභ රාත්‍රියක්!

-----------------------------------------------------------
ගිනි = දුං  (දුම - smoke)

කරවල = බලයා

ගිනි කරවල = දුං බලයා

ඒක අනික් පැත්තට =  සර්ගෙ නම!!
-----------------------------------------------------------

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form